ධනය හා කීර්තිය මහපටැඟිල්ලෙන් දැන ගනිමු

ඔක්තෝබර් 20, 2023

මහපට ඇඟිල්ල ගැන සම්බන්ධ කරුණු රාශියක් පසුගිය සතියේ ඉදිරිපත් කරන ලද අතර තවදුරටත් ඒ සම්බන්ධව සාකච්ජා කරමු.

මහපට ඇගිල්ලේ හැඩයද පුද්ගලයකුගෙන් පුද්ගලයකුට වෙනස්ය. එසේම ඇඟිල්ලේ හැඩය වෙනස් වන ආකාරය අනුව පුද්ගලයාගේ ස්වභාවයද වෙනස් වේ. නියම හැඩයක් නැති අර්තාපල් අල ගෙඩියක් වගේ පෙනුම ඇති මහපට ඇඟිල්ල ප්‍රාථමික මහපට ඇඟිල්ලක් ලෙස හැඳින්විය හැකිය. දුර්වල ක්‍රියාකරකම්වලින් යුක්ත බුද්ධි හීන පුද්ගලයන්ගේ මෙවැනි ඇඟිලි පිහිටා ඇත. ඇඟිලි පුරුක් සහ සන්ධි වෙන්ව නොපිහිටයි. හිස් මනසකින් යුත් යමක් අවබෝධ කර ගැනීමේ ශක්තියක් නැති මනුෂ්‍ය ගති සිරිත් බෙහෙවින් පහළ මට්ටමක පවතින තිරිසන් සතුන් වැනි මිනිසුන්ගේ මහපට ඇඟිලි මේ ආකාරයට පිහිටයි.

එසේම කැපී පෙනෙන ආකාරයේ ප්‍රබල ලෙස වැඩි ඇති නියපොතු පැත්තෙන් බැලු විට අනෙත් ඇඟිලි වැසීමට තරම් හැකියාවක් ඇති ඇඟිලි පුරුක් දෙකම හොඳින් වර්ධනය වී පළලට සෞඛය සම්පන්නව පිහිටා ඇති නම් එම මහපට ඇඟිල්ල ප්‍රබල දියුණු මහපට ඇඟිල්ලක් ලෙස හඳුනා ගත හැකිය. මෙවැනි මහපට ඇඟිල්ලක් සහිත පුද්ගලයන් දැඩි අධිෂ්ඨාන ශක්තියක් ආත්ම විශ්වාසයක් ඇති අතර තර්කානුකූලව ජීවත්වේ. ජිවිතයෙහි හමුවන කරදර බාධක මැඩ පවත්වාගෙන ඔවුහු සාර්ථකව ජිවත් වෙති. එසේ යම් කිසි පුද්ගලයකුගේ මහපට ඇඟිල්ල කෙටිව නිය පුරුක ඉතා දුර්වලව පිහිටා ඇත් නම් ඔහු බයාදු ගතියෙන් කටයුතු කරයි. ඔවුන්ට එදිනෙදා හමුවන දහසකුත් ප්‍රශ්නවලට මුහුණ දීමේ හැකියාවක් නොමැත. ස්නායු ක්‍රියාකාරිත්වයෙන් පමණක් පුද්ගලයා ක්‍රියාකාරි වේ. මේ නිසා මානසික ආබාධ ස්නායු දුර්වලතා ඇතිවිය හැකිය. මොවුන් බුද්ධිමත් වීමට පුළුවන. නමුත් අධිෂ්ඨාන ශක්තියක් නොමැති කම නිසා ක්‍රියාකාරි අතින් දුර්වලය.

මහපට ඇඟිල්ල මුගුරක් සේ නොනැමෙන ලෙස පිහිටා ඇත්නම් සහ නියපොතු පටි ස්වභාවයේ නම් එවැනි පුද්ගලයන් බොහෝවිට දාමරිකයින් හෝ මිනීමරුවන් වේ. මෙවැන්නන් සමාජ වට පිටාවේ පෙලඹවීම මත අයහපත් අදහස් ක්‍රියාත්මක කිරිමට පෙලඹිය හැකිය. මහපට ඇඟිල්ල සමඟ අමතර ඇඟිල්ලක් පිහිටීමේ ප්‍රතිඵල මුඟුරු ඇඟිල්ලක් පිහිටීමේ ප්‍රතිපලවලට සමානය. මහපට ඇඟිල්ලේ දෙවැනි පුරුක මහතින් අඩුවී නිය පුරුක මහතට පිහිටා ඇතිනම් ඔවුහු සහජ දක්ෂතාවලින් පිරිපුන් සිරිත් විරිත් ගරු කරන හොඳ හැදියාවක් සහිත චර්යාවකින් යුත්ත අයෙකි. මොවුන්ට සමාජ සම්බන්ධතා පිළිබඳ හොඳ අවබෝධයක් ඇත. තවද ඔවුන්ට තමන්ගේ වාග් විලාශය සහ දක්ෂතාවය නිසා අන්‍යයන් වසඟ කර ගැනීමේ හැකියාවක් ඇත. ඔවුන් බුද්ධිමත් උසස් අදහස් ඇති ධනවත් පුද්ගලයන් වේ. මොවුනට අන්‍යයන් වැඩි අපහසුතාවයකට පත් නොකර තම අදහස් ඉෂ්ඨ කරගත හැකිය. අන්‍යයන්ද මෙවැනි මහපට ඇඟිලි සහිත පුද්ගලයන් ඇසුරු කිරීමට කැමැතිය.

මහපට ඇඟිල්ලේ පුරුක්වල පළල ගැන සලකා බැලීමේදී දෙවැනි පුරුකට වඩා පළමු පුරුක වඩා තරමක් පළලට තිබීම යහපත්වේ. එවැනි පුද්ගලයෝ හොඳ සංවිධාන ශක්තියකින් හෙබි දේශපාලන සහ සමාජ සංවිධානයේ දක්ෂතා ඇත්තෝ වෙති. දෙවැනි පුරුක පළලින් වැඩිනම් අනෙත් අය තේරුම් ගත නොහැකි අනුවණ පුද්ගලයෝ වෙති. ඔවුහු ඕනැම කාර්යයක් කර පසුව පසු තැවෙන්නෝ වෙති. එසේම පළමු පුරුක සහ දෙවැනි පුරුක දෙකම සම මහතකින් ඇති පුද්ගලයෝ රළු සැඩ පරුෂ ආදර අනුකම්පා සහගත හැඟීම්වලින් තොර තිරිසන් ගතිවලින් යුක්ත අය වන්නේය. පළමු සහ දෙවැනි පුරුක් හොඳින් වර්ධනය වි තිබුණත් කේතු ආකාර තුඩ සහිත මහපට ඇඟිලි සහිත පුද්ගලයා එම දක්ෂතා ප්‍රායෝගික බවට පත් කර ගැනීමට හැකි සාමන්‍ය දැනුමකින් තොර පුද්ගලයෙක් වේ. උල් වු තුඩ සහිත ඇඟිලි දැඩි සංවේදී බවක් සහ අනෙත් අයගේ හැඟීම්වලට හැඩගැසීමේ හැකියාවක් ද සහිතය. නමුත් කල්පිත ලෝකයක් සිහින දකිමින් සිටින නිසා ප්‍රබල මහපට ඇඟිලි සහිත පුද්ගලයෙකු වුවත් එමඟින් ප්‍රයෝජනය ගැනීමට නොහැකි වේ.ඇඟිලි තුඩ චතුරස්‍රාකාර නම් ඔහු ප්‍රායෝගිකය. තර්කනුකූලය. හොඳ අවබෝධයෙන් යුක්තව ද්‍රව්‍යමය ප්‍රතිලාභ ලබා ගනී. ඔවුන් නීතියට වැඩකරයි. නමුත් අනුන් සමඟ සමඟියෙන් වැඩකිරීමේ හැකියාව අඩුය.

මාපට ඇඟිල්ලේ පළමුවෙනි පුරුකේ ත්‍රිකෝණ සලකුණක් ඇත්නම් පුද්ගලයා විද්‍යාත්මක ක්‍ෂෙත්‍රයෙන්හි ඉගනීම් කටයුතුවලට යොමු වෙයි. එසේම ග්‍රිල් ආකාරයේ කොටු රාශියක් පෙන්නුම් කරන්නේ නම් සහකරුට හෝ සහකාරියට ඉතාමත් අනතුරුදායක බව මෙන්ම නියපොතු ආසන්නයේ ග්‍රිල් පිහිටා ඇත්නම් තමා විසින්ම සහකරුට හො සහකාරිය මරණයට පත් කිරීම හො මරණිය අනතුරක් කිරිමට පෙලඹිය හැකි පිහිටිමකි. එසේම පළමු පුරුකේ දක්ෂිණාවර්ත චක්‍රයක් ඇති විට පුද්ගලයා ඉතා වසනාවන්තය. නමුත් එය පිහිටා ඇත්තේ ගැහැණියකගේ මහපට ඇඟිල්ලේ පළමු පුරුකේ නම් සහ ඇඟිල්ලේ මැද කොටස විශාලව රවුමට පිහිටා ඇත්නම් අනාචාරයේ හැසිරිම සඳහා ඇයව යොමුවේ. පළමු පුරුකේ සිට ජීවන රේඛාවට රේඛාවක් ගමන් කර ඇත්නම් ලෝහමය ආයුධයකින් පුද්ගලයා මරණයට පත්වන බවට අනාවැකියකි. එම නිසා එවැනි පිහිටීමක් ඇති නම් ඉතාමත්ම පරෙසම් විය යුතුය. කතිර සළකුණක් පළමු පුරුකේ පිහිටා ඇත්නම් කාමයෙහි වරදවා හැසිරෙන පුද්ගලයෙක් බිහිවේ.

මහපට ඇඟිල්ලේ පළමු පුරුක සහ දෙවැනි පුරුක අතර සංධියේ හෙවත් පළමු සංධියේ ඇති රේඛාව යව ඇටයක් ලකුණ ඇත්නම් ධනය කීර්තිය සතුට පුද්ගලයාට හිමිවේ. එසේම ඔහු හෝ ඇය විසින් පවුලේ අන් සාමාජිකයින්ටද කීර්තිය ලැබීමට මඟ පාදනු ඇත. එසේම යව ඇටය රේඛාවකින් කැපි ඇත්නම් ඔහුට ධනය කීර්තිය ලැබෙන්නේ මහලු වියේදීය. එසේ නොවි පෙර පරිදි යව ඇට දෙකක් ඇතිනම් බොහෝ සෙයින් පුද්ගලයා ධනවත් භාවයට පත්වන සලකුණකි.පුරුක් සංධියේ පිහිටා ඇති යව ඇටය සම්පුර්ණ නොවි විවෘතව ඇති විට ඔහුගේ වියදම් ඉතා අධිකය. ණය ගැති භාවයෙන් මිදීමට කටයුතු කළ යුතුය.

මහපට ඇඟිල්ලේ දෙවැනි පුරුකේ සිරස් රේඛා දෙකක් හෝ කිහිපයක් ඇතිවිට හොඳ තර්කන ශක්තියක් පුද්ගලයාට ලැබේ. නමුත් කතිර සලකුණු ස්ථිර දර්ශනයක් නැති අතර අන්‍යයන්ගේ අවවාදවලට රැවටීම නිතරම සිදුවේ. දෙවැනි සන්ධියේ සිට ජීවන රේඛාවට රේඛාවක් ගමන් කර ඇත්නම් පුද්ගලයා ධනවත් චේ.

 

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.