අනුගාමිකයන් ඇති දාර්ශනිකයකු බිහි කරන ග්‍රහයෝග

ඔක්තෝබර් 13, 2023

අප සමාජයෙහි ජීවත් වන ජනතාවගෙන් බහුතරයක් ලෞකික ජීවිතයක් ගත කිරීමට පි‍්‍රය අයවලුන් වෙති. සුළු පිරිසක් ලෞකික ජීවිතයේ නීරස බව අවබෝධ වීම නිසා පැවිදි ජීවිතයකට ඇතුළු වෙති.

ඒ අනුව එලෙස සුළු පිරිසක් පැවිදි ජීවිතයකට ඇතුළුවීමට හේතු භූත වන කරුණු පිළිබඳව ඡ්‍යොතිෂමය දෘෂ්ටි කෝණයකින් බලන කල, ජන්මියකුගේ ලෞකික ජීවිතය සුඛිත මුදිත කිරීමට මහෝපකාරීවන ග්‍රහයන් වන සඳු සහ සිකුරු යන ග්‍රහයන් රවි, ශනි, රාහු, කේතු යන ග්‍රහයන් වැඩි දෙනකුගේ දෘෂ්ටියෙන් සංයෝගයෙන් හෝ එකී ග්‍රහයන්ට මැදිව කර්තරී යෝගයකින් පීඩා වූ කල එවන් ග්‍රහ පිහිටීමක් ඇති ජන්මියා, මෙලොව ඇති වස්තු, සැප සම්පත්වලට, ඉඳුරන් පිනවීමට ඇති ආශාව හීන වීම නිසා පැවිදි බිමට යොමු වන්නේ ය.

එලෙස යට කී ග්‍රහයන්ගේ බලපෑමට ලක් වූ සඳු, සිකුරු යන ග්‍රහයන්ගෙන්, සඳු ග්‍රහයාට, චිත්ත ඒකට ග්‍රහතාවය, බණ භාවනා කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන, එමෙන් ආගම ධර්මය පිළිබඳව දැනුම අවබෝධය ලබා දෙන ගුරු සහ 9 වැන්නාධිපතිගේ දෘෂ්ටියකින් හෝ සංයෝගය ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති ජන්මියා අන්‍යයන්ට ආගම ධර්මය පිළිබඳ දැනමුතුකම් දිය හැකි පැවිදි උත්තමයෙක් බවට පත් වන්නේ ය. එමෙන් යට විග්‍රහ කළ පරිදි පැවිදි යෝග ඇති කේන්දරයක ගුරු ග්‍රහයා චන්ද්‍රයාට කේන්ද්‍රගතව, ගජකේශරී යෝගයක් සමඟ ගුරුහංස යෝගයක් උදා කර ඇති විටෙකදී ලග්න කේන්දරයේ කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයක ත්‍රිග්‍රහයෝගයක්, චතුර් ග්‍රහයෝගයක් යෙදී ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියා දෙස් විදෙස්හි නම පතළවන පැවිදි උත්තමයකු වන්නේ ය.

යට විග්‍රහ කළ කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් ආගමික නායකයන්ගේ කේන්දර සටහන් හතර අධ්‍යයනය කරමු.

පළමු උදාහරණ කේන්දරය වන්නේ ලංකාවේ ජනගහනයෙන් වැඩි පිරිසක් අදහන බෞද්ධ දර්ශනයේ නිර්මාතෘ බුදුරජාණන් වහන්සේගේ කේන්දරයයි.

බුදුරජාණන් වහන්සේ

කේන්දරයේ අප මාතෘකාවට සම්බන්ධ සඳු ග්‍රහයා ලග්නාධිපති වෙමින් 4 වැන්නෙහි දිග්බලයෙන් සිටින අතර, එම සඳු, රවි, ශනි, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් කර්තරී යෝගයකට මැදිව, එනම් එකී ග්‍රහයන්ගෙන් කෙනෙක් වන රාහු සඳුගෙන් 12 වැන්නෙහි පතිතව සිටියදී ඉතිරි ග්‍රහයන්ගේ දෘෂ්ටිය සඳුගෙන් 2, 12 යන රාශින්ට වැටීමයි. එම ග්‍රහ පිහිටීම ලෞකික ජීවිතය නීරස කිරීමට හේතුභූත වන ග්‍රහ බලයකි. මෙහිදී 09 වැන්නාධිපති ගුරු ලග්නයෙහි උච්චව ගුරුහංස යෝගය උදාකරමින් ලග්නයේ දිග්බලව සිටිමින් බලවත් ගුරුගේ බලපෑම කේන්ද්‍රය දෘෂ්ටි තුළින් 4 වැන්නෙහි සිටින සඳුට පැවරීම, එකී ලෞකික ජීවිතය අත් හැරීම ධර්මය අවබෝධ කර ගැනීම සඳහා වූ බව පෙන්වදෙන ග්‍රහ බලයකි. අප මාතෘකාව සම්බන්ධ කම්සැප විවාහ සඳහා හේතු භූත වන ග්‍රහයෙක් වන සිකුරු මෙකී කේන්දරයේ 09 වැන්න වූ භාග්‍ය ස්ථානයේ උච්ච මහෞෂ ධ යෝගය උදාකර බලවත්ව ඇත. එසේ බලවත් වෙමින් 7 වැන්නෙහි පලය ක්‍රියාත්මක වන භාවය වන (භාවාත්භාවම් සංකල්පයට අනුව) ලග්නය දැකීම, ගුරු දැකීම, සහ විවාහ ත්‍රිකයට අයත් 3 වැන්න සහ එහි සිටි රාහු දැකීම යුග ජීවිතයට ඇතුළු වන බවත් පුහු ලාභ ලබන බව පෙන්නුම් කරන ග්‍රහ බලයක් වන නමුත්, එකී සිකුරු රාහු, කේතුගේ බලපෑමට නතු වීම සෙනසුරු, රවි යන ග්‍රහයන්ගෙන් කර්තරිත යෝගයක මැදිව සිටීම සහ 7 වැන්නාධිපති ශනි 8 වැන්නේ රාහු, කේතු, රවි යන ග්‍රහයන්ගෙන් කර්තරිත යෝගයක මැදිව සිටීම පසු කලෙකදී යුග ජීවිතය ප්‍රතික්ෂේප කරන ග්‍රහ පිහිටීමක් වන්නේ ය. එමෙන්ම යට කී පැවිදි යෝගයට සම්බන්ධ, අර්ධ යෝගකාරක ගුරු සහ ලග්නාධිපති සඳු කටක ලග්නයට ප්‍රබල යෝගකාරක ග්‍රහයා වූ 7 වැන්නෙහි සිටින රුචක යෝගය උදා කළ අඟහරුගේ කේන්ද්‍රය දෘෂ්ටියට සහ සප්තම දෘෂ්ටියට ලක්වීම උන්වහන්සේ තුන් ලෝකයටම ගුරු හෙවත් තිලෝගුරු බුදුපියාණන් වීමට හේතු වූ ග්‍රහ බලයක් වනවා සේම ලග්නාධිපති සඳු මුල් කොටගෙන යෙදුණුු බලවත් ගජකේශරී යෝගය උන්වහන්සේගේ නම අමරණීය වීමට වසර දෙදහස් පන්සියයකට වඩා පැවතීමට හේතු වූ ග්‍රහ බලයක් වන්නේ ය.

 

ක්‍රිස්තුන්වහන්සේ

 

උපත ක්‍රිස්තු පූර්ව 7 වැන සියවසයේ දෙසැම්බර් මස 25 සිකුරාදා රාත්‍රී 10.18 යුදා බෙත්ලහෙම් නගරයේදී සෙනසුරු හිමි උත්‍රපුටුප නැකතේ 2 පාදයෙන් වෘෂභ නවාංශකයෙන් උපත ලබා ඇති හෙයින් සෙනසුරුගේ මහ දශාව ඉදිරිය වර්ෂ 14 මා 00 දින 21 ශේෂව තිබුණි.

දෙවෙනි උදාහරණ කේන්දරය අයත් වන්නේ ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් අදහන ක්‍රිස්තු ධර්මයේ නිර්මාතෘ ජේසුස් වහන්සේටය. ඒ කේන්දරයේ අප මාතෘකාවට සම්බන්ධ සඳු ග්‍රහයා 7 වැන්නේ ලෝකෝත්තර ග්‍රහයන් යුවළක් වන ශනි සහ ගුරු සමඟ සංයෝගව රවි, රාහු, කේතු යන ග්‍රහයන්ගේ බලපෑමට නතු වී සිටීම ලෞකික ජීවිතය තදින්ම ප්‍රතික්ෂේප කරන ග්‍රහ බලයකි. එමෙන්ම කම් සැප ගැන කියැවෙන 2 - 9 ව අධිපති සිකුරු ග්‍රහයා රාහු, කේතු, ශනි, ගුරු යන ග්‍රහයන්ගේ බලපෑමට ලක්ව සිටීමත් 7 වැන්නාධිපති ගුරු යුග ජීවිතය කම්සැප ප්‍රතික්ෂේප කරන ශනි, ගුරු රාහු, කේතු, රවි යන ග්‍රහයන්ගේ බලපෑමට නතු වී සිටීම, විවාහය කම්සැපයෙන් ඈත්වන බව පෙන්වාදෙන ග්‍රහ පිහිටීමකි. මෙහිදී ගුරු ග්‍රහයා ගුරුහංස යෝගය, ගජ කේශරී යෝගය උදා කරමින්, ලග්නය දැකීම, ආත්ම කාරක රවි, සඳු සහ ලග්නාධිපති බුධ සිටි රාශියේ අධිපති ගුරු වීම හේතු කොටගෙන ජේසු තුමාගේ නාමය සහ ධර්මය අමරණීය බවත් කලියුගය අවසන් වී ලෝකාන්තය දක්වා එකී ධර්මය සහ උන්වහන්සේගේ නාමය නොනැසී පවතින බව පෙන්නුම් කෙරෙන අති දුර්ලභ ග්‍රහ බලයක් වන්නේ ය.

 

ශ්‍රී රාම ක්‍රිෂ්ණ පරමාහම්ස මුනි

 

තුන්වෙනි උදාහරණ කේන්දරය අයත් වන්නේ හින්දු ආගමේ සාන්තුවරයෙක් වන ශ්‍රී රාම ක්‍රිෂ්ණ පරමාහම්ස මුනිවරයාටය.

ඉහත කුªම්භ ලග්න කේන්දරයේ අප මාතෘකාවට සම්බන්ධ සඳු ලග්නයේ පතිතව ගිහි ජීවිතය ප්‍රතික්ෂේප කිරීමට හේතු භූත වන රවි, ශනි, රාහු, කේතු, ගුරු යන ග්‍රහයන්ගේ බලපෑමට ලක්ව ඇත.

අප මාතෘකාවට සම්බන්ධ අනෙක් ග්‍රහයා වන සිකුරු එම කේන්දරයේ කුටුම්භය හෙවත් පවුල් ජීවිතය ගැන කරුණු හෙළිදරවු කෙරෙන භාවයක් වන දෙවැන්නේ උච්චව පියුමාකාර යෝගය උදාකර ඇත. එම ග්‍රහ බලය එතුමාට වයස අවුරුදු 23 දී යුග ජීවිතයට එළඹීමට හේතු වූ නමුත් එම විවාහාකාර කම් සැප කාරක සිකුරු ග්‍රහයා සෙනසුරු, ගුරු, රාහු, රවි යන ග්‍රහයන්ගේ බලපෑමට ලක්වීම හේතු කොට ගෙන පසු කලකදී යුග ජීවිතයෙන් වෙන්ව භාවනානුයෝගීව වැඩ සිට දෙවියන් දැකීය. මෙහි දෙවියන්ටත් ගුරු වූ සුරගුරු, බුද්ධි ස්ථානයේ සිට එනම් 5 වැන්නේ සිට දෙවියන් පිළිබඳව කරුණු හෙළිදරවු කෙරෙන භාවයක් වන 9 වැන්නේ සේනක යෝගය උදා කළ උච්ච ලග්නාධිපති සෙනසුරුට පූර්ණ දෘෂ්ටියෙන් දැකීම හේතු කොටගෙන රාම ක්‍රිෂ්ණ පඬිතුමා භාවනා සහ විවිධ දුෂ්කර ක්‍රියා මඟින් දෙවියන් දැක මොක්ෂගත විය.

දිවැසිවර මොහොමඩ්තුමා

 

සිව්වැනි උදාහරණ කේන්දරය අයත් වන්නේ ඉස්ලාම් ආගමට අයත් දිවැසිවරයෙකු වූ දිවැසිවර මොහොමඩ්තුමාටය. එම කේන්දරය කුම්භ වීම එක් අතකට ලෞකික ජීවිතය තිරසර කිරීමට හේතු භූතවන සෙනසුරු අයත් ලග්නයක් වන හෙයින් දිවැසිවර මොහොමඩ් උපන් ලග්නය වන කුම්භ යම්තාක් දුරට පැවිදි ජීවිතයට යොමුවීමට හේතු භතූ වන ලග්න විශේෂයක් ලෙස අපට නිගමනයකට එළඹිය හැකිය. ඒ නමුත් යට විග්‍රහ කළ පරිදි සඳු ග්‍රහයා ලෞකික ජීවිතය නීරස කරන ග්‍රහයන්ගෙන් පීඩා වීම ප්‍රධාන වශයෙන්ම පැවිදි ජීවිතයකට යොමුවීමට හේතු වන අතර ඒ අනුව ඉහත කේන්දරයේ සඳු ස්ථිර රැසක් වන සිංහ රාශියේ පතිතව රාහු, කේතු, ශනි යන ග්‍රහයන්ගේ කේන්ද්‍ර දෘෂ්ටියට ද 9 වැන්නෙහි පතිත ගුරුගේ රාශි දෘෂ්ටියට ද ලක්වීම කේන්දර හිමියා ලෞකික ජීවිතයට වඩා පැවිදි ජීවිතය පි‍්‍රය කරන බව පෙන්වා දෙන ග්‍රහ බලයකි. එමෙන්ම දෙවියන්ට කාරක ගුරු ග්‍රහයා දේව ස්ථානය වන 9 වැන්නෙහි පතිතව ශක්ති ස්ථානය වන 3 වැන්න වූ මේෂ රැසයෙහි උච්ච බලය ලැබූ රවිගේ සප්තම දෘෂ්ටියට ලක්වීම සහ රවි 7 වැන්නේ සිටින සඳුට ත්‍රිකෝණගතව සිටීම මෝක්ෂගත වීමටත් දෙවියන් දැකීමට අවශ්‍ය බලවත් ආත්ම ශක්තියක් චිත්ත ශක්තියක් ලබා දෙන ග්‍රහ පිහිටීමක් වන්නේය. පැවිදිබව ලැබීමට අවශ්‍ය අනෙක් සාධකය වන සිකුරු ග්‍රහයා පිළිබඳව කරුණු පරීක්ෂා කර බලන කල සිකුරු සිව්වැන්න වූ වෘෂභ රැසෙහි ස්වක්ෂේත්‍රව දිග් බලව බලවත්ව සිටීම, නවාංශක ලග්නයේ මීන රැසෙහි උච්ච සිටීම, විවාහ සැප කම් සැප ලබන බව පෙන්වා දෙන ග්‍රහ බලයකි. ඒ අනුව මේ දිවැසිවරයා 7 වරක් විවාහ විය. ඒ නමුත් එකි සිකුරු රාහු, කේතු, ශනි යන ග්‍රහයන්ගේ බලපෑමට ලක්ව සිටීම දිවැසිවර මොහොමඩ්තුමා ධර්ම අවබෝධය සඳහා විවාහ සැප කම් සැප පසු කලෙකදී අත් හළ බව පෙන්වාදෙන ග්‍රහ බලපෑම වන්නේ ය.

මෙහිදී 9 වැන්නෙහි සිටින ධර්ම කාරක ගුරු උච්ච මයුරපාල යෝගය උදා කළ රවිගේ සප්තම දෘෂ්ටියට ලක්වීමත්, උච්ච බලය ලැබූ රවිට අයත් සිංහ රැසේ සිටින සඳුගේ පූර්ණ දෘෂ්ටිය ධර්මකාරක ගුරුට වැටීමත්, ධර්ම ස්ථානයේ අධිපති සිකුරු මහජනයා නිවේදනය කෙරෙන භාවයක් වන සිව්වැන වූ වෘෂභ රැසෙහි ස්වක්ෂේත්‍ර බලය ලබා මාලවී නම් පංච මහ පුරුෂ යෝගය උදා කරමින් සිටීම දිවැසිර මොහොමඩ් පඬිතුමාට මැද පෙරදිග ජීවත් වූ විශාල ජනකායක් ඉස්ලාම් ධර්මයට හරවා ගැනීමට හේතු වූ අතර, එම ග්‍රහ බලය ඔහු ප්‍රබල ඉස්ලාම් ආගමික නායකයකු කිරීමට ද හේතු වූ බව මම මෙහිදී අවසාන වශයෙන් සඳහන් කරමි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.