විස්මිත පිරමීඩයක ගුප්ත බලය

සැප්තැම්බර් 29, 2023

මෙම පෘථිවි ධරණී තලයේ ආසියා, අපි‍්‍රකා යුරෝපා මහාද්වීප තුනට මධ්‍යගතව පෘථිවියේ කේන්ද්‍රස්ථානය ලෙස විරුදාවලිය ලත් ඊජිප්තුවේ කයිරෝහි ගීසා නගරයේ සමාන පිරමීඩ නවයක් පිරිවර කොට ස්ථාපිත මහා පිරමීඩය අද්විතීය වෙයි. අක්කර 13ක සමතලා බිම්කඩක මෙය පැතිර පවතියි. එහි ඇති මේ ගල් ප්‍රමාණය ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් වටා තාප්පයක් බැඳීමට තරම් ප්‍රමාණවත්ය. තැනීමට යොදා ඇති දැවැන්ත ගල් ප්‍රමාණය විසිහය ලක්ෂයකි.

එය අතිදැවැන්තය. විස්මයාර්භයය. ආහ්ලාදජනකය. ගුප්තමය ගූඪ බවක් දනවයි. එය මසැසින් දැකීමටත් එහි අනුභූතිය විඳීමටත් මම භාග්‍යවන්ත වීමි. එය පාරාවෝ රජුන්ගේ රජ කුටි අගබිසව් කුටි, ගබඩා කාමර, ආලින්ද, රාජ්‍ය සභා ශාලා ආදී සියල්ලගෙන් සමන්විතය. රත් පැහැයෙන් යුතු රජ කුටියේ ග්‍රැනයිට් ඵලකය බර ටොන් හයසීයකි (600) එක් ගලක බර ටොන් දෙකේ සිට ටොන් හැත්තෑව දක්වා වන අතර, විශාලම ගලේ දිග අඩි 27කි. පළල අඩි 7කි. උස අඩි 5කි. මෙහි පුදුමයක මහත වනුයේ මේ ගල් කොතනකින් ගෙන ආවේද යන්නයි. ඊට හේතු වනුයේ මේ පිරමීඩ ස්ථාපිත තැන් සිට සැතැපුම් පන්සීයක (500) මෙහා කිසිදු ගල් තලාවක් නොමැති බැවිනි. අනෙක් විශේෂත්වය නම්, මේ මහා පිරමීඩය තුළ කිසිම “මමියක්” (මළ සිරුරක්) තැන්පත් කර නොතිබීමයි. පිරමීඩයේ සම්පූර්ණ උසින් පිරමීඩ පත්ලෙහි සිට (1/3) ක් උස් වූ ස්ථානයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 68කි. එය නීරෝගි මිනිස් සිරුරට අවශ්‍ය ආරක්ෂක උෂ්ණත්වයකි. (මේ උෂ්ණත්වයේදී බැක්ටීරියාවන්ට බෝ වීමට නොහැකිය පිරමීඩයේ ප්‍රධාන දොරටුව උතුරු දිසාවෙන් පිහිටා ඇත. මහා පිරමීඩය තුළට ආලෝකය සහ වාතාශ්‍රය සැපයෙනුයේ උතුරින් සහ දකුණින් පිහිටි කවුළු හතරක් තුළිනි. පාරාවෝ රජුන්ගේ කුටියට විශ්ව ශක්තීන් ලබා දීමේ අටියෙන් උතුරු කවුළුවලට ඔරියන්, අල්නිටක්, තුවාන්, ඩ්‍රාකෝ සහ ප්‍රධාන උර්ස, තරුද අගබිසවගේ කුටියට සීරියස් තාරකාව හා උර්සා තාරකා වළල්ලද, පිරමීඩයේ මුදුනට ප්ලිඩියස් තාරකාවද එල්ලවන සෙයින් තනා ඇත. එකල මෙය නිර්මාණය කර ඇත්තේ විශ්වයේ පවතින සැබෑ තත්ත්වය හොඳින්ම හඳුනාගෙන ඒවා දත්තයන් ලෙස උපයෝගී කරගෙන බව විද්වතුන්ගේ අදහසයි.

සැම හිමිදිරි උදෑසනකම මහා පිරමීඩයේ අභ්‍යන්තරයෙන්ද මුදුනෙන්ද නින්නාද වන දෝංකාරය හා රශ්මි ධාරාව හටගන්නේ කෙසේදැයි මේ නූතන අභ්‍යවකාශ තරණය කරන යුගයේ පවා නොවිසඳී පවතී.

මේ පිරමීඩය ලොව ප්‍රචලිත පුදුම හතෙන් එකක් ලෙස සංරක්ෂණය වෙමින් ඇති මිනිසා විසින් නිර්මාණය කළ එමෙන්ම මුළු මහත් මානව සංහතිය පුරාම අවධානයට ලක්වුණු පිරමීඩය හැර වෙනත් වස්තුවක් මේ මිහිපිට නොමැති තරම්ය.

මේ පිරමීඩයන් හා එහි ඇති බලශක්තීන් ප්‍රභවයන් පිළිබඳව ලොව පර්යේෂණ කර ඇත්තේ සීමිත පිරිසකි. ඒ අතර 1930දී ප්‍රංශ ජාතික බොවිස්, පවසනුයේ ගීසාහි මහා පිරමීඩය තුළ මිය ගොස් සිටි සතුන්ගේ මළ සිරුරු මෙන්ම, බළල් මළ සිරුරක් කුණු වී ගොස් නැති බවත්, දුගඳක්ද එහි නැති බවත්ය.

ඉතා ඉක්මනින් නරක් වන මස්, මාළු, බිත්තර වැනි ආහාර වර්ග පිරමීඩය තුළත් පිටතත් තබා කරන ලද පර්යේෂණවලින් තහවුරු වූයේ, පිරමීඩය තුළ තැබූ ආහාර නරක් නොවී පැවැති බවයි. පිටත තැබූ ආහාර සියල්ල නරක් වී තිබිණි.

පසුකාලයේදී යුරෝපීය රටවල් කිරි කල් තබා ගැනීමට ශීතකරණයේ පිරමීඩ හැඩයෙන් යුතු බහාලුම් භාවිත කිරීම, ඉතාලියෙන් ඇරඹී තිබුණි.

චෙකොස්ලෝවැකියානු ඉංජිනේරුවරයකු වූ කාල්ඩ්‍රැබල් විසින් එවකට කොමියුනිස්ට් රටවලට හොඳ වානේ බ්ලේඩ්තල (Razors) නොතිබීම විශාල ප්‍රශ්නයක්ව තිබිය දී, රුසියානු සොල්දාදුවන්ට ලැබෙන බ්ලේඩ් තලයක් දෙවරකට වඩා රැවුල් කැපීමට නොහැකිවිය. (මුවහත මොට්ට වන බැවිනි) එබැවින් කාල්ඩ්‍රැබල් සෙන්ටිමීටර් 6 ය6 ප්‍රමාණයේ පිරමීඩ ආකෘතියක් තනා ඒ තුළ රැඳවූ බ්ලේඩ් තලය මුවහත් වන බවත් එකම බ්ලේඩ් තලය වාර 200කට වඩා භාවිත කළ හැකි බව පෙන්වා “චියෝප්ස් පිරමිඩ් රේසර් බ්ලේඩ් මුවහත්ය” යන චෙක් පේටන්ට් බලපත්‍රයද හිමිකර ගනී. එයින් වනුයේ රැවුල බෑමේදී මොටවන තලයේ ක්‍රිස්ටල් ව්‍යුහය පිරමීඩයේ ඇතිවන ගුප්ත ශක්තියෙන් නැවත පණ ගැන්වීමයි නියාවයි. පිරමීඩයක් තුළට වී භාවනා කිරීමේදී කිසියම් ගුප්ත බලයක් තමාගේ සිරසේ සිට පාදාන්තය දක්වා ගමන් කළ බව පිරමීඩ ගවේෂකයකු වන කාල් වල්ඩන් (carl Waldon) දක්වා ඇත. පිරමීඩයෙන් විශ්ව අන්තරීක්ෂ සැබැඳියාවක් බලයක් (Cosmic power connection|) ඇති කරන බව විද්වතුන්ගේ මතයයි.

පිරමීඩ තිර දිශාවන්ට යටත්ව නිශ්චිත උසකින් සහ පළලකින් යුතු වූ ගණිතමය සංකල්පයකට යටත්ව සකසන ලද උසස් නිර්මාණයක් වෙයි. එය වඩාත් ශක්ති සම්පන්නය.” ප්‍රබලමය.

මේ ඊජිප්තුවේ කයිරෝහි ගීසා නගරයේ මහා පිරමීඩය සහ අනෙකුත් පිරමීඩ පිළිබඳව විවිධ පර්යේෂණ තවමත් නොනැවතී අඛණ්ඩවම පවතී. ඒ අතර Lora Lee camp. Anne mary Ingram  චිත්‍රපට සුප්‍රසිද්ධ නිළි Gloria Swanson  යන පිරිස පිරමීඩ තුළ දී විවිධ අද්භූත අත්දැකීම් සමුදායන් විඳ ඇත. ඔරිගන් (Oregam) හි TennyHale  පවසනුයේ සතියක කාලයක් පිරමීඩයක් තුළ උපවාසයකින් සහ භාවනා කිරීමෙන් උසස් මානසික දියුණුවක් ලැබූ බවය. එමෙන්ම Florida හි මනෝවිද්‍යාත්මක ගවේෂකයන් වන Rev.Ron Oesterbro සහ Roe stepnens මැතිනිය යන දෙදෙනා පිරමීඩයක අභ්‍යන්තරයේ මාසයක කාලයක් ගත කර ඇත. භාවනාහු යෝගීව කල්ගත කරමින් පලතුරු යුෂ පමණක් ආහාරයට ගෙන මාසය අවසානයේ එළියට පැමිණි ඒ දෙදෙනා වාර්තා කළේ ඔවුන්ට දැනුන ශාරීරික සැහැල්ලු ස්වභාවයත් දැනුමත් වර්ධනය වූ බවත්ය. එමෙන්ම Shul petit   නමැත්තා සතියකට දින දෙක බැගින් වසරක කාලයක් පිරමීඩයක් තුළ ගත කර ඇත. එතුමන් පවසා ඇත්තේ මෙමඟින් නීරෝගීවූ බවත්, ශක්ති වර්ධනයට ඉවහල් වූ බවය. මේ වන විට පිරමීඩ මෙගා නගරයක් ජපානයේ ඉදිකිරීමට ඒ තුළ හත්ලක්ෂ පනස් දහසක් (7 50000) ජනයාට ජීවත්වීමට හැකි පරිදි සැකසීමට මූලික කටයුතු සැලසුම් සකස් කරමින් පවතියි.

එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයකු වූ ජොර්ජ් වොෂින්ටන්ද අමෙරිකානු රාජ්‍ය ලාංඡනයට (Great seal)  ද ඩොලරයේ නෝට්ටුවටද පිරමීඩ සංකේතය යොදා ඇත. එම අමෙරිකානු ඩොලරය තම මුදල් පසුම්බියෙන් එළියට නොගෙන දින 100ක් එක දිගට රඳවා තබා ගැනීම මුදල් ගුණකයක්(money multiplier) ලෙස පසුම්බියට මුදල් රැඳීමට හේතුවක් වන බව විශ්වාසයයි. එමෙන්ම අමෙරිකානු ඩොලර් 2 කොළයක් තම පසුම්බියේ දින 100වත් රඳවා තබා ගැනීම වාසනාව උදාහරණ බවට විශ්වාසයක් පවතියි. මෙමඟින් අපට පෙනෙනුයේ විශ්ව ශක්තීන් සිවු දිසානතිකවද පෘථිවි ශක්තිය මහ පොළොවෙන්ද, දිව්‍යමය ශක්තිය ඉහළ මුදුනින්ද ලබා ගත හැකි ලෙස නිර්මිත පිරමීඩ සැබැවින්ම විශ්මය ජනක බවය. ලංකාවේ කේන්ද්‍රීය ස්ථානයක් ලෙස සැලකෙන මාතලේ නාලන්දා ගෙඩිගෙය ප්‍රදේශයේ විශාල පිරමීඩයක් ඉදිකිරීමට විද්වතුන්ගේ අවධානය යොමු වන්නේ නම් මැනවි. එම දැවැන්ත පිරමීඩ ආකෘතිය තුළ විවිධ පර්යේෂණ ක්‍රමවේදයන් දියත් කිරීමට හැකි වනු ඇත.

පිරමීඩයක ආකෘතියක් ඔබ නිවසේදීම සාදාගෙන ඉන් විස්මිත ප්‍රයෝජන රැසක් ලබාගත හැකිය. මෙය වාස්තු විද්‍යාත්මකව ගැඹුරින් කරුණු විග්‍රහයක් නොව සරලව එදිනෙදා භාවිත කළ හැකි සරල සුගම ක්‍රමයක් ලෙස හඳුන්වා දීම මේ ලිපියේ අරමුණයි.

අපි පිරමීඩ ආකෘතියක් සාදාගන්නා ආකාරය සොයා බලමු.

පළමුව සුදු පැහැති කාඩ්බෝඩ් කැබැල්ලක් ගෙන ත්‍රිකෝණ 4ක් ඇඳගන්න. නිදසුනක් ලෙස ඔබ සකසා ගන්නා ත්‍රිකෝණයේ පාදයක දිග මිලිමීටර් 200කි. එහි හරියටම මැදින් සිරස් අතට මිලිමීටර් 161ක් ලකුණු කර දෙපැත්ත යා කර ගන්නා මේ ප්‍රමාණයට පළමුව ත්‍රිකෝණ 4ක් කපා ගන්න. කිසියම් පෘෂ්ඨයක් මත මෙය තබා හොඳින් හේත්තු වන සේ තබාගෙන මූට්ටු ස්ථානයන් මත සෙලෝටේප් දිග අතට අලවාගන්න. කෙළවර කොටසෙහිද දිග අතට සෙලෝටේප් භාගයක් පමණක් අලවා නිම කරන්න. (විනිවිද පෙනෙන සෙලෝටේප් භාවිත කරන්නේ නම් වඩාත් මැනවි) මෙහි ඉතිරි කොටස යොදා, පිරමීඩය අලවා නිම කරන්න. ඔබ සැකසූ පිරමීඩ ආකෘතිය දැන් ස්ථානගත කළ යුතුය. එහිදී මාලිමා යන්ත්‍රයක් උපයෝගී කරගෙන පිරමීඩය තැබිය යුත්තේ ප්‍රධාන දිශා 4ට පාද 4 සිටින ලෙසටය. එවිට එහි මුළු 4 අනුදිශාවන්ට සිටියි. එහිදී ක්‍රියාත්මක වන විද්‍යුත් උපකරණ කිසිවක් එය අසල තැබීමෙන් වැළකිය යුතුය. එසේ තිබීම පිරමීඩ ශක්ති ගලනයට බාධාවක් වන බැවිනි.

දැන් අප මේ පිරමීඩ ආකෘතිය භාවිතයෙන් ලබා ගත හැකි ප්‍රයෝජන මොනවාදැයි සොයා බලමු.

 

පිරමීඩ ජලය

පිරමීඩ ආකෘතිය තුළ වතුර වීදුරුවක් රඳවා පසු දින එය පානය කරන්නේ නම් විවිධ රෝගාබාධ රැසක් සුව කර ගැනීමට එය පාදක කර ගත හැකිය. කිරිපණු රෝගය, මලබද්ධය, නිට්ටාවටම සුව කළ හැකිය. එම ජලය බීමට ගැනීමෙන් හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයකට මඟ පාදයි. කොණ්ඩය වැඩේ.

පිරමීඩය තුළ රඳවා තිබූ ජලය තුවාල සේදීමට පිලිස්සුණු තැන්වල ගැල්වීම තුළින් ස්වාභාවිකව එම තුවාල වු තැන සුවපත් වෙයි.

එම ජලය ආහාර පිසීමට භාවිත කිරීමෙන් ඉවුම් පිහුම්වලට ගත වන කාලය අඩු කර ගත හැකිය. එම ජලය නොකඩවා පානය කිරීමෙන් නව ජවයක් අලුත් තාරුණ්‍යයක් ලබා දෙන අතර, සම පැහැපත් වෙයි. සමේ රෝග සුවපත් වෙයි. පිරමීඩ ආකෘතිය තුළ රඳවන ආහාර ශීතකරණයක් නොමැතිවම, කිරි, මාළු, මස් වැනි ඉතා ඉක්මනින් නෂ්‍ය වන දෑ වුවද නරක් නොවී කල් තබා ගත හැකි වෙයි.

පිරමීඩ ආකෘතියක් තම ගොවිපළේ රැඳවුවහොත් එහි අස්වනු ඵල සාර්ථක කරගත හැකිය.

පිරමීඩයට ඉහළින් කුඩා පිරමීඩයක් රඳවා ඒ එක එල්ලේ යටින් තැබූ පිරිසුදු ජල බඳුන අසලකටවත් මදුරුවන් නොවීය. මදුරු වසංගතය සම්පූර්ණයෙන්ම වළකාගත හැකි ක්‍රමවේදයකි.

නැවත පණ ගැන්විය යුතු සාමාන්‍ය කුඩා බැටරියක් ධන (+) අග්‍රය උතුරට සිටින සේ උතුර – දකුණු අක්ෂය දිගේ තබා පිරමීඩ ආකෘතියෙන් වසා තැබීමෙන් ඒවා නැවත නැවත භාවිතයට ගත හැකිය.

රැවුල කපන රේසරය හෝ බ්ලේඩ්තලයක් ඉහත දැක්වූ පරිදි එම අක්ෂය දිගේ පිරමීඩයේ 1/3 උසින් රැඳවීම් සිදු කර එම රේසරය සහ බ්ලේඩ්තල වාර 200ක් වුවද නැවත, නැවත මුවහත සකසා ගත හැකිය.

පිරමීඩය තුළ වර්ධනය වීමට ඉඩ සලස්වන පැළෑටි ඉතා ශක්ති සම්පන්නව වැඩෙයි.

ඔබේ බෙහෙත් ද්‍රව්‍ය කාඩ්බෝඩ් මෙවලමක බහා පිරමීඩයේ 1/3 කට ඉහළින් රැඳවීම කළහොත් එහි සුව කිරීමේ ඖෂධීය බලය දෙගුණ තෙගුණ වෙයි.

මළ බැඳුණු, නැතහොත් අවර්ණ වූ නාඩි, ස්වර්ණාභරණ, පෙර තිබූ පරිදිම දීප්තිය ගන්වයි.

පිරමීඩය අසල මේසය සහ පුටුව භාවිත කිරීමෙන් සෞඛ්‍ය සම්පන්නව සිටීමට එම උපකරණ උපයෝගී කර ගත හැකිය.

ඔබට යම් ලෙසකින් දත් කැක්කුම, කන් කැක්කුම, හිසේ කැක්කුම හෝ වේදනාවක් යම් ශරීරාංගයකින් සිදු වන්නේද එම ස්ථානයේ පිරමීඩ ආකෘතිය ටික වේලාවක් රැඳවීමෙන් වහාම සහනයක් ලැබෙනු ඇත.

පිරමීඩ ආකෘතිය හිස මත ටික වේලාවක් රඳවා තබා ගැනීම තුළින් අධ්‍යයන කටයුතු සහ මතක ශක්තිය දියුණූුවේ. වර්තමානයේදී මෙම පිරමීඩ වාස්තු විද්‍යාවේ පර්යේෂණවලින් නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල දෝෂ ඇති බව සොයා ගත් කල ඊට විවිධ වූ පිළියම් රැසකට ද භාවිතයට ගනු ලැබෙයි. පිරමීඩ ප්‍රතිකර්ම ඒ තරම් විස්මිත බවින් යුතුය.

 

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ /වාස්තු පර්යේෂක

ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි

ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය

අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි

ආචාර්ය විජය සමරසිංහ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.