2023.08.09 බදාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 9, 2023
 
ඉර උදාව - පෙ.ව. 06.05 
ඉර බැසීම - ප.ව. 06.28 
රාහු කාලය - දවල් 12.16 - 01.49 
සුබ දිශාව - දකුණ 
 
මේෂ 
වගකීම් බහුල කරයි. නිතර ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. දරුවකුගේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්විය යුතු දිනයකි. හදිසි ආදායම් මාර්ගයකටද හිමිකම් ඇති බවක් පෙනේ. 
 
වෘෂභ 
උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු බවක් පෙනේ. පුණ්‍ය කටයුතු කෙරෙහි වෙහෙසෙන දිනයකි. සෙම් රෝග බහුල කාලයක් වන බැවින් එදිනෙදා කටයුතුවලින් පරිස්සම් වන්න. 
 
මිථුන 
ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. පවුලේ අය අතර ප්‍රසිද්ධියට පත්වීමට හේතු ඇති කරයි. දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙනේ. 
 
කටක 
වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. නිතර ප්‍රභූ පක්ෂය හා ඇසුරට කටයුතු සැලසෙන දිනයකි. දරුවකුගේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළයුතු බවක් පෙනේ. විශේෂ උත්සව අවස්ථාවකට සම්බන්ධ වීමට කටයුතු උදාකරයි. 
 
සිංහ 
අලුත් ඥාති සබඳතාවලට හේතු ඇතිකරයි. පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. වෙනදාට වඩා සැනසිලිදායක බවක් ඇති කරන දිනයකි. 
 
කන්‍යා 
හදිසි ලැබීම්වලට ඉඩකඩ ඇති කරයි. විශ්වාස බිඳ වැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. පී‍්‍රතිමත් ගමනක් වෙනුවෙන් කටයුතු  සූදානමක් ඇති කර ගනී. 
 
 තුලා 
දුර ගමන් බහුල කරන දිනයකි. හදිසි තීරණයක් හේතුවෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. කලකින් නොදුටු හිතවතකුගේ මුණ ගැසීමක් සිදුකරන දිනයකි.  
 
වෘශ්චික 
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. පවුලට අලුතින් සම්බන්ධ වූ ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. වෙනදාට වඩා සිතේ චංචල බවකින් කටයුතු කරයි. ආගමික කටයුතු කෙරෙහි වෙනදාට වඩා නැඹුරුතාවයක් දක්වන දිනයකි.
 
ධනු 
සහෝදර මතභේදයකට හේතු යෙදෙන දිනයකි. නිතර දරුවකුගේ කටයුතු කෙරෙහි විමසිල්ලෙන් පසුවන්න. ශාරීරික වෙහෙස ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. සමිති සමාගම්වල මුලසුන ගෙන කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. 
 
මකර 
උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන දිනයකි. පැවැති ආදායම් මාර්ගවලට  අවහිරතා මතු කරයි. ළඟින් ඇසුරු කරන කෙනකු සමඟ සිත් නොහොඳකමකට කටයුතු සැලසේ. උගුර සම්බන්ධ ආබාධයකට හේතු ඇති කරන දිනයකි. 
 
කුම්භ 
යොදා ගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට අවස්ථාව උදාකරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරන දිනයකි. නිතර සමාජ සේවා කටයුතු කෙරෙහි නිරතවන බවක් පෙනේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. 
 
මීන 
පැවැති අවිවේකී බව මඟහැරී යයි. පවුලේ වගකීම් කීපයක් තමාපිට පැවරේ. හදිසි තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. 
 
ධම්මිකා රාජපක්ෂ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.