ජුලි 10 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජූලි 9, 2023
  
ඉර උදාව - පෙරවරු 06.01 
ඉර බැසීම - ප.ව.  06.31 
 
රාහු කාලය - පෙ.ව. 07.34 සිට  09.09 දක්වා 
 
සුබ දිශාව - උතුර 
 
මේෂ
තමා සතු දේ නැතිවීමෙන් හෝ කැඩී බිඳී යාමෙන් පාඩු සිදු කරයි. අවුල් වියවුල් සහිත දිනයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙනු ඇත. බලාපොරොත්තු කඩවේ. ප්‍රමාණයටත් වඩා කතා කරන දිනයකි. 
 
කන්‍යා 
දියුණුව අඩුකම ගැන සිතන දිනයකි. මිතුරන් සමඟ සතුටු වීමට හෝ අමුත්තන්ගේ පැමිණීමක් බලාපොරෙරාත්තු විය හැකි බවක් පෙනේ. හිතවත් අයකුගේ භෝජන සංග්‍රහයක් වැනි දෙයකට සහභාගි වේ. 
 
මිථුන 
හිතවතුන්ගේ ආදර සංග්‍රහයක් ලැබෙනු ඇත. වියදම් අධික කරයි. අන් අය ගැන සැකයකින් යුතුව කටයුතු කරයි. කරදර සිත් තැවුල් සහිතව කාලය ගත වනු ඇත. අසනීප ගතියක් ඇතිවන අතර විශේෂයෙන් උදරාබාධ නිසා පීඩා ඇතිවේ. 
 
කටක 
භෝජන සංග්‍රහයක් හෝ දානමය කටයුත්තක් වැනි දෙයකට සහභාගිවීමට ලැබෙනු ඇත. විනෝදයෙන් කාලය ගතවන අතර කලකදී හමු නොවූ හිතවතුන් හමුවනු ඇත. සෙම් අමාරුවක් ද ඇති කරයි. 
 
සිංහ 
සිතේ පැවැති සැහැල්ලු බව අඩුව යනු ඇත. හුදකලාව කටයුතු කිරීමට බලයි. ආදර බන්ධන වැනි දෙයින් සිත්තැවුල් ඇති කරයි. පොරොන්දු ගිවිසුම් වෙනස් වේ. 
 
කන්‍යා 
හොඳ ආහාර පාන වර්ග ලැබෙනු ඇත. ස්ත්‍රී පක්ෂයේ අයගේ ආශ්‍රයක් ඇති වන අතර කලකින් හමු නොවූ පිරිසක් හමුවීම මත සිතේ සතුටක් ඇතිවේ. මතභේදයට තුඩු දෙන කරුණු ද ඇතිවනු ඇත. 
 
තුලා 
ශරීරයට අධික වෙහෙසකර ගතියක් හෝ දණහිසෙන් පහළ කොටසේ අමාරු ගතියක් ඇතිවේ. අධික වියදමක් යෙදෙනු අතර ණය වීමට පවා කරුණක් යෙදෙනු ඇත. ශුභ වැඩට නොබැසිය යුතු ය.
 
වෘශ්චික 
පිනට දහමට ආශාව ආගම් භක්තිය ඇති කරයි. වියදම් අධික දිනයකි. අමුතු දෙයක් ගැන හිතේ කැමැත්තක් ඇතිකරයි. කලකින් හමු නොවූ අයක් මුණ ගැසෙනු ඇත. අතීතය ගැන කතා බහ කිරීමටද සිදුවේ. 
 
ධනු 
ස්ත්‍රී පක්ෂයේ අය සමඟ එකට එකතු වී කරන කටයුතුවලට සිත යොමුවනු ඇත. ධෛර්යමත්ව කටයුතු කරන අතර ආගම දහමට ඇල්මක් ඇති කරයි. කම්මැළි අලස ගති නැතිව කටයුතු කරයි. හොඳින් කාලය ගතවේ. 
 
මකර 
දියුණුවට කටයුතු සැලසෙන අතර ඥාතීන් හෝ මිත්‍රයන් සමඟ පී‍්‍රතියෙන් ආශ්‍රය කිරීමට ඉඩ ලැබේ. ලාභ ප්‍රයෝජන ලැබෙන දිනයකි. සමාජ ආශ්‍රයට යොමුවේ. 
 
කුම්භ 
නොතේරරුම්කමින් හෝ වැරදීමෙන් පාඩු අලාභ හානි සිදුවනුු ඇත. එසේම අවුල් වියවුල්වලට අසුවීමට පවා ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතු ය. තමා අතින් යම්කිසි පාඩුවක් සිදුවිය හැකි අතර ඕපාදූප කතා ඇසීමටද සිදුවේ. 
 
මීන 
හිසේ, මුහුණේ පැවති උෂ්ණ ගතිය අඩු වී ශරීරය සිසිල් කරන බවක් පෙනේ. සිතුවිලි චංචල වනු ඇත. ගෙදර දොර සැප පහසුව ඇතිව කටයුතු කිරීමටද අවස්ථාව හිමිකරයි. ස්ථාන පිළිබඳ යම් වෙනසක් කිරීමටද සිත් දෙනු ඇත. ආගම දහම කෙරෙහි භක්තියෙන් යුතුව කටයුතු කරයි. 
 
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.