වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
දෙවියන්ට වශී ගුරුකම් කළ හැකිද?
ඕගොල්ලන්ගේ දුරකතන කෝල් හින්දම මේ ගැන ලියන්න හිතුණා. ආදි කාලේ මිනිහා දෙවියන් ඇදහැව්වේ හරි පුදුම විදියට. ඉඩෝරයට වනාන්තරයේ ගස් වේලිලා වේලිලා ගස් දෙකක් එකට ඇතිල්ලිලා ගින්නක් හටගත්තාම මිනිහා කිව්වේ වන දෙවියෝ කෝප වෙලා කියලා. ගිනි කන්දක් පුපුරා ගියාම මිනිහා හිතුවේ ගිනි දෙවියෝ කෝප වෙලා කියලා. කොටින්ම කිව්වොත් විහාර මහා දේවින් ලංකාවට ආවේ මුහුද කෝප වෙලා කියලනේ. සුනාමියක් නිසා නොවෙයිනේ. ඒ කිව්වේ රටේ රජ්ජුරුවොත් හිතුවේ ඒ විදියට. තාක්ෂණය කියන එක බිංදුවටම බැහැලනෙ තිබුණේ. රටේ රජ්ජුරුවොත් එහෙම හිතුවා නම් රටවැසියා ගැන මොන කතාද?
රට කොරවපු රජවරු වැඩි දෙනෙක් ආවේ ඉන්දියාවෙන්. ඒ අය ලංකාවේ පන්සල් හදාගෙන ඒකේ ඇතුළේ බුදුරුවට ලොකු තැනක් දීලා වන්දනාමාන කළා. ඒ වුණාට ඒ අයගේ ස්ථිර බිසවුන් වැඩි දෙනෙක් ඇදහැව්වේ හින්දු ආගම. ඒ අයට වෙනම තැනක් හදා දෙන්ට රජවරු බය වුණ නිසා අර බුදුගෙය ඇතුළේ එක් පැත්තක දේව රූප තබලා එයාලට වන්දනා කරන්න සැලැස්සුවා. ඊට පස්සේ එක එක අවශ්‍යතාවයන් මත ඊට ආසන්නව දේවාල කුටි හැදුවා. අදත් පැවැත්ම ඒකම තමයි. වර්තමානයේ ඇතැම් චීවරධාරී වෙස්ගත් අය ඒක ව්‍යාපාරයකට හරවාගෙන කරගෙන යනවා.
කතරගම දෙවියන්ට වල්ලිමාතාව මිත්‍ර කරගන්න ඕන වුණාම වශී මන්ත්‍ර කිව්වේ නැහැ. පොඩි මල්ලි කුමාර (ස්කන්ධ කිව්වේ පසුකාලෙක) ලොකු අයියා ගණ දෙවියන්ට කියලා අලි වෙසක් මවා වල්ලි මෝනව බය කරල භාර්යාව කර ගත්තා. ඕනෑම කෙනෙක් මිනිස් කටහඬක් නොඇසෙන පාළු කැලයක අතරමංවෙලා තදින් බය වුණාම වැද්දෙක්ගේ හරි කරේ එල්ලෙනවා. දෙවියො කියන්නෙ අපි හිතනවට වඩා දියුණුූ භක්තිමත් ශක්තියක්, මිස ඔය විදියේ සත්ව රූප තිබෙන භයංකර පෙනුම තිබෙන කටින් ලේ ගලන අය නොවේ. ඒක නිසා බුදුහාමුදුරුවො ඉස්සෙල්ලම ප්‍රශ්න විමසුවෙත් දෙවියන්ගෙමනේ. මංගල කරුණු දේශනා කළා මතකනේ. නමුත් භයානක රූප මවලා අපේ මිනිසුන්ව මුළා කළේත් අපේම කපු මහත්වරු. එහෙම කරපු කපු මහත්තුරු වැඩිදෙනෙක් මැරෙන හැටි බලන්න විඳවලානේ. මනුෂ්‍යයා පූජනීයයි. ප්‍රධානයි. ඒක බුද්ධ වචනය.
බුද්ධාගම කිව්වට එය පැහැදිලි නිවැරැදි දර්ශනයක් පෙන්වාදීමක් මිස ආගමක් නොවේ. ආගම කිව්වේ නීති රීති මාලාවක් ඇතිව කරගෙන යන සමාගමක් වගේ. දෙවියන් ළඟ බුදුන් ළඟ ‘වශිය’ නැත්තෙ නැහැ. ඒ ඔවුන්ගේ සත්‍යතාවයට මිනිහා සතා සිවුපාවා වශී වෙලා මිස දේවාල ඇතුළේ කරන වශී නොවේ. රහතන් වහන්සේ වෙලත් බුදුහාමුදුරුවන්ට වක්කලී වශී වෙලා උන්වහන්සේගේ ශරීරය දිහා සැමවිටම බලා සිටියේ. ක්‍රිස්තුස් වහන්සේ අන්තිම දවස වෙනකම් තම මිත්‍රයින් එකොළොස්දෙනා වශී වෙලා උන්වහන්සේ ළඟම හිටියේ. ඒකත් වශීයක් තමයි. විශේෂයෙන් කපු මහත්තුරු කියන විදිහේ වශි ගුරුකම්, තව කෙනෙකුට හිරිහැර කිරීම් ඔය දේවාල තුළ නැහැ.
වශී ගුරුකම් කිව්වාම මතක් වන්නෙ “වලපනේ” පැත්තේ කුටි තුළ තිරයෙන් වැසුණු දේවාල තිබෙනවා. යහපත් ගුරුකම් අයහපත් ගුරුකම් ඔය දෙකම කරන්නෙ ඔය දේවාල තුළ තමයි. මේ දේවාල තුළ විදුලි බුබුළු දමලා. ලස්සන තිර රෙදි ඇදලා වෙසක් තොරන් වගේ. එක පැත්තක හොඳ දෙවියො අනිත් පැත්තෙ නරක දෙවියොලු. මේ දෙගොල්ලො රණ්ඩු කර ගන්නෙත් නැහැ. හරි පුදුමයි. එක කාලයක් මේ අඳුරු දේවාල කුටිවල බබාලා නැති අයට දරුවො ලබාදෙන ‘ශිව දෙවියො” ගැන කීවත් දැන් ඒ ගැන වැඩිය කතා නැහැ.
ඒ දවස්වල බබාලා නැති අම්මණ්ඩිලා දේවාල ඇතුළට ගිහිල්ලා මොකද්දෝ පූජාවක් කළාම දරුවො ලැබුණලු. දැන් ඒ පූජාව නැහැ වගේ.
සමහර අය දෙහි කපනවා. කපන කපන ගෙඩියේ රතු ලේ වැගිරෙනවා. හරි පුදුමයි. ඒ කපු මහත්තය “කාලි“ මෑණියන්ගෙ වරමින් කැපුවාමලු එහෙම වන්නේ. ඔය දෙහි කපන්න ඉස්සෙල්ලා ගිරේ තලේ වදමල් ඉස්ම ගාලා වේළෙන්න හරිනවා. ඊට පස්සේ දෙහි කපන කොට දෙහි ඉස්ම එක්ක වදමල් ඉස්ම මිශ්‍ර වුනාම ලේ වැගිරෙනවා තමයි. ඉතින් කොඩිවිනය කැපුණා කියනවා.
දෙවියො ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි. එනම් අල්පේශාක්‍ය මහේශාක්‍ය කියලා. විෂ්ණු – කතරගම – සුමන සමන් - පත්තිනි වගේ දෙවිවරු වෙනස් වන්නෙ නැහැ. මහේශාක්‍ය දෙවිවරු – බුදුවරු බණ කිව්වේ ඒ අයට දැඩිමුණ්ඩ, කඩවර, සූනියම් අල්පේශාක්‍ය දෙවියො. දෙවියො වශී ගුරුකම් කරන්නෙ නැහැ.
වශී ගුරුකම් කරවන්නෙ ගුරුකම් කරන කට්ටඬියා කිසියම් අන්තර්භවයක සැරිසරන පාපකාරි දිෂ්ටියක් ලවා. ඔය එක දිෂ්ටියක් වත් විදුලි බුබුළු දමලා සුවඳ දමලා තිබෙන තැන්වලට දිෂ්ටි හෙලන්නෙ නැහැ. දිෂ්ඨිවලට වරම් දී ඇත්තෙ වෙසමුණි රජ්ජුරුවො කියල තමයි පැරණි මන්ත්‍ර පොතේ තියෙන්නෙ. මිනිසුන්ට වඩා මනුෂ්‍යත්වය ප්‍රබලයි. අනුරාධපුරයෙ රත්නමාලිට ගහෙන් බහින්න කිව්වාම බැහැ කිව්වා. රජතුමා අවශ්‍ය සෑය හැදුවේ නැද්ද. ඒ දේවතාවිට අවශ්‍ය පුද පඬුරු දුන්නාම වැඩේ කෙරෙනවා. දිෂ්ටිය කරන්නෙත් ඕකමයි.” දේවො වස්සතු කාලේන” සුදුසු කාලයට වැසි වසීවි. මිස දෙවියො වැස්ස ඇති කරන්නෙ නැහැ. හැබැයි ග්‍රහ කිරණ සත්‍යයයි. ඒක නිසාම තමයි සෙනසුරාගේ නරක කාලයට ගේදොරකඩ නුග පැළ සිටවන්නෙත්. රාහුගේ අපල කාලයට වැටකෙයියා පැළ සිටවන්නෙත්. ඒක විද්‍යාත්මක මතයක්.
තමන්ට දරා ගත නොහැකි ප්‍රශ්නවලට නේ දේවාලවලට යන්නේ. එතකොට වශී ගුරුකම් කරන කපු මහත්තුරු ගිය මනුෂ්‍යයාගේ මානසික තත්ත්වය විකෘති කරනවා. යටි මනසට (ඵභඡ ජධදජඪධදඵ) ඇතුළු වූ දෙයක් /අදහසක් ඉවත් කරන්න ටිකක් අමාරුයි. නිර්භයව දේවාලයට ගිය කෙනාව බය කරන්නෙත් දේවාලය ඇතුළතින්මයි. කෙසේ හෝ එහෙම නූණොත් කියනවා මෙයාගේ ශරීරයේ බලවත් දිෂ්ටියක් තිබෙනවා කියලා. මේ සිද්ධිය මට වෙලා තිබෙනවා.
වශී ගුරුකම කිව්වේ කිසියම් හෝ ප්‍රාණි දෘෂ්ටියකට මන්ත්‍ර භාෂාවෙන් යමක් ආරූඪ කර ඒ වෙනුවෙන් පුද පූජා දී දිෂ්ටි/ජප මන්ත්‍රවලින් ගෙන්වා අවශ්‍ය කාරණාව ඉටුකර ගැනීමක්. හරියට පිල්ලි යැවීම වගේ. වශී ගුරුකම කරල ඒක පාන්දර කිරි දල්ලකට හෝ කයිල දල්ලකට ඇල්ලුවාම ඒ දල්ල තම දෙසට හැරෙනව නම් ගුරුකම හරි. නැත්නම් තව මතුරන්න ඕනෑ.
අනික තමයි නොමිලේ කරන ගුරුකම්. මේවාට රැවටෙන්න එපා. කෑම දිරවන්න ගුරුකම් කරන්නෙ නැහැ. ඔබ මානසිකව වැටෙන්න එපා. ඔය දේවාලවල ඇති කරන ශබ්දවලට කොණ්ඩේ කඩාගෙන නැටුවට ඔබ නටන්න එපා. මනුෂ්‍යයා ප්‍රධානයි. ශාස්ත්‍රය රවටන්න ඉඩ දෙන්න එපා. එහෙම වුණොත් ශාස්ත්‍රය පිරිහේවි.
ඔය දෙහි කපන්න ඉස්සෙල්ලා ගිරේ තලේ වදමල් ඉස්ම ගාලා වේළෙන්න හරිනවා. ඊට පස්සේ දෙහි කපන කොට දෙහි ඉස්ම එක්ක වදමල් ඉස්ම මිශ්‍ර වුනාම ලේ වැගිරෙනවා තමයි. ඉතින් කොඩිවිනය කැපුණා කියනවා.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී,
මීපේ ගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න