වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 24 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 24, 2023
ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය- පෙ.ව. 09.04 සිට පෙ.ව. 10.39 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
වැඩකටයුතුවලට යම් යම් බාධා ගෙන දෙන අතර සිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. නිතර නිදිමත ගතියක් පෙන්නුම් කරන අතර උද්‍යෝගය, උනන්දුවද අඩුව යනු ඇත. ඔළුවේ පවතින තද උෂ්ණ ගතිය නිසා ඔළුවේ අමාරු, ඇස්වල අමාරු ඇති වීමට ද ඉඩ තිබේ.
වෘෂභ
ගමන් බිමන්වල නිරත වීමට සිදුවන දිනයක් වන අතර, ඉක්මන් කේන්ති යන ගතියක්ද ඇතිවේ. රැකියා කටයුතුවල ගැටලු ඇති වීමේ අවදානමක් පවතින අතර බඩේ අමාරු ආහාර නොදිරවීමේ අපහසුතා නිසා පීඩා ඇතිවනු ඇත.
මිථුන
ආගම දහම කෙරෙහි භක්තියකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර ලැබීමටද යහපත් වේ. දරුවන් සිටීනම් ඔවුන්ගේ වැඩ කටයුතුවල යම් ප්‍රමාදවීමක් දක්නට ලැබේ. දානමානාදී කටයුතුවල නිරත වීමටද අවස්ථාව ලැබෙන දිනයකි.
කටක
කම්මැළි, අලස බවකින් යුතුව කටයුතු කරන අතර හුදෙකලාව තමාගේ පාඩුවේ පැත්තකට වී කටයුතු කිරීමටද බලනු ඇත. සෙනසුරු ග්‍රහයාගේ අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්ත්වයක්ද පවතින බැවින් හදිසි අනතුරුවලින් පීඩා ගෙන දිය හැකි අතර පපුවේ සෙමගතිය ඇතිවීමෙන් කරදර ඇතිවීමටද පුළුවන.
සිංහ
සහෝදරාදින් සමඟ මතභේද ඇතිවිය හැකි දිනයක් වන අතර වියදම් ද අධික වනු ඇත. අන් අයට යටත්ව කටයුතු කිරීමට අකමැති දිනයකි.
කන්‍යා
තම කතාව නිසා අන් අය සමඟ සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති අතර ලැබීමටද යම් යම් බාධා ගෙන දෙනු ඇත. ගෙදර දොර මතභේද ඇතිවන දිනයකි.
තුලා
අධික නිදිමත ගතියක් හෝ නිතර ඈනුම් යන ගතියක් පෙන්නුම් කරන අතර බලාපොරොත්තුවක් කඩවීම මත සිත් තැවුලක් ඇතිවනු ඇත.
වෘශ්චික
ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළයුතු දිනයක් වන අතර හිතට දුක් ඇතිවන කරුණු යෙදෙනු ඇත. ඥාතීන්ගෙන් වුවත් පිහිටක් බලාපොරොත්තු විය නොහැකි දිනයකි.
ධනු
ලැබීමට යහපත් දවසක් වන අතර මිල මුදල් යොදවා කරන කටයුතුවලින් ලාභ ලැබිය හැකි ය. ආලය පිළිබඳ කටයුතුවලින් හිතට දුකක් ගෙනදෙන දිනයක් වේ.
මකර
බලාපොරොත්තු නොවූ අයුරින් වියදමක් දැරීමට සිදුවන අතර ගෙදර දොර කටයුතුවලටද බාධා ගෙනදෙනු ඇත. පපුව සම්බන්ධ පීඩාකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය.
කුම්භ
හිතේ නොසන්සුන් බවක් ඇතිවන අතර නිදිමත ගතියක්ද ඇතිවේ. එකතැනකට වී සිටීමට පවා සිත් නොදෙන අතර ඉක්මන් කේන්ති ගෙන කටයුතු කරනු ඇත.
මීන
ආගම ධර්මයට ළැදිව කටයුතු කරන, ආගමික නායකයන් හා ආශ්‍රය කරන දිනයක් වන අතර පාදවල පීඩාකාරී තත්ත්වයක් ද ඇතිවේ. කොන්දේ අමාරු සෙම් අමාරු නිසා පීඩා ගෙන දෙනු ඇත.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
සැප්තැම්බර් මස 19 වැනි බ්‍රහස්පතින්දා දින පෙ.ව. 06.03 හෝ 11.28ට ඉඳුල් කටගෑම සඳහා උතුරු දිශාව බලා ශුභයි.පෙ.ව. 10.18 ට උතුරු දිශාව බලා හිස කෙස් කැපීම...
2024-09-19 18:30:00
ප්‍රබල සරස්වතී යෝග දෙකක් සැප්තැම්බර් මාසයේ සහ ඔක්තෝබර් මාසයේ යෙදීමට නියමිතය.ඒ අනුව සැප්තැම්බර් මස 25 වැනි බුධ දින උදේ 06.06ට නැඟෙනහිර බලා අකුරු...
2024-09-19 18:30:00
විශ්වයෙහි ඇතැම් රාජ්‍යයනට ද විද්‍යාමාන වනු ලබන “වළයාකාර” සූර්ය ග්‍රහණයක් ඔක්තෝබර් 03 වැනි දින මධ්‍යම රාත්‍රී 12.16ට ඥානකාරක බුධ හිමි කන්‍යා රාශිගතව...
2024-09-19 18:30:00
සැප්තැම්බර් 18 වැනි දින සවස 02.01 ට සිකුරු තම ස්වක්ෂෙත්ර භවන වන තුලා රාශි ගත වීමත් සමඟ මාලවී නම් මහාපුරුෂ යෝගය උදා කරමින් සකල කලාව මෙන්ම...
2024-09-19 18:30:00
සැප්තැම්බර් මස 16 වැනි සඳුදා උදේ 10.43ට දකුණු දිශාව බලා දරුවන්ට අකුරු කියවීම සුබයි.මෙදින දෙනට නැකැත පුර තෙළෙස්වක තිථිය පවතින අතර දෙනට, සිත, මුවසිරස,...
2024-09-12 18:30:00
බුධ ග්‍රහයා බලවත් ලෙස කන්‍යා රැසෙහි ගෝචර වන සැප්තැම්බර් මස 23 වැනිදා සිට ඔක්තෝබර් මස 10 වැනිදා දක්වා කාල සීමාව තුළ ඉතා විශිෂ්ට නැකැත් කිහිපයක් අධ්...
2024-09-12 18:30:00
මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට පංචමහා පුරුෂ යෝග අතරින් භද්‍රා නම් විශිෂ්ට යෝගයෙන් මහත් දියුණුව, බුද්ධිමත්බව, කීර්තිය, ධනය ආදි...
2024-09-12 18:30:00
ලග්න තුනකට සුබපල අත් කර දෙමින් සහ ලග්න නවයකට මිශ්‍ර පල දෙමින් සැප්තැම්බර් 16 සඳු දින රාත්‍රී 07.43 සිට ඔක්තෝබර් 17 වැනිදා දක්වා රවි ග්‍රහයා බුධ...
2024-09-05 18:30:00
මේ මස 15 වැනි රවි දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් එදින පෙරවරු 6.15ට හෝ 7.02ට හෝ 7.11ට දකුණු දිශාව බලා පිටත්වීම සුබ වනු ඇත.
2024-09-05 18:30:00
ග්‍රහලොව සුරතලිය ලෙස සලකනු ලබන සිකුරු ග්‍රහයා මේ මස 18 වැනි දා දහවල් 1.57 ට තුලා රෘශියට සම්ප්‍රාප්ත වන්නේ ය. සිකුරු තමන්ට වඩාත් බලවත් රාශිය වන තුලාවට...
2024-09-05 18:30:00
අගෝස්තු 30 වැනිදා සිකුරාදා පෙරවරු 9.07 සිට 9.19 දක්වා උතුරු දිශාව බලා පොල් පැළ සිටුවීම සුබදායක වෙයි.ඉහළ පලදාවක් ලැබේ.
2024-08-29 18:30:00
ලග්න එකොළහකට සුබපල උදා කරමින් සැප්තැම්බර් 04 වැනිදා බදාදා දින උදේ 11.40ට බුධ ග්‍රහයා සිංහ රාශිගතවන අතර සැප්තැම්බර් 23 දක්වා බුධ සිංහයේ ගමන් කරයි.මේ...
2024-08-29 18:30:00
පතළ නැණ ගුණ මහරු තෙද බල පිරුණු ගණ දෙවි රදුන් සසොබන නිමල විදු නැණ සතර අධිපති සරස්වති මෑණියන් කුලුණෙන අපල බාධක දුරැර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු...
2024-08-29 18:30:00
ඡ්‍යොතිෂවේදී, කේ.එච්. ධනපාලඡ්යොතිෂවේදී, සෝමපාල විජේසූරියආනන්දාදී අටවිසි මහා යෝග ගණයට අයත් අමෘත යෝගය අගෝස්තු මස 28 වැනිදා උදා වේ. ඒ අනුව ඕනෑම සුබ...
2024-08-22 18:30:00
ඉරිදා මුලින් ප්‍රයෝජන ගන්නා වූ ගස්වැල් ආදියද, සඳුදා, කඳින් ප්‍රයෝජන ගන්නා ගස් වැල් ආදියද අඟහරුවාදා හා සෙනසුරාදා කොළවලින් ප්‍රයෝජන ගන්නා ගස්...
2024-08-15 18:30:00
අගෝස්තු 31 සෙනසුරාදා දින පෙරවරු 7.28ට යෙදෙන සුබ මොහොතින් ධන ලක්ෂ්මී නැකැතක් උදාවේ. මේ සුබ මොහොතට ලක්ෂ්මී රූපයක් තබා පූජාවන් තැබීම සුබය. වාලම්පුරි,...
2024-08-15 18:30:00