ජුනි 24 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 24, 2023
 
ඉර උදාව - පෙ.ව. 05.57 
ඉර බැසීම - ප.ව. 06.28 
 
රාහු කාලය- පෙ.ව. 09.04 සිට පෙ.ව. 10.39 දක්වා 
 
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ
වැඩකටයුතුවලට යම් යම් බාධා ගෙන දෙන අතර සිතේ තරමක චංචල බවකින් යුතුව කටයුතු කරන දිනයකි. නිතර නිදිමත ගතියක් පෙන්නුම් කරන අතර උද්‍යෝගය, උනන්දුවද අඩුව යනු ඇත. ඔළුවේ පවතින තද උෂ්ණ ගතිය නිසා ඔළුවේ අමාරු, ඇස්වල අමාරු ඇති වීමට ද ඉඩ තිබේ. 
 
වෘෂභ 
ගමන් බිමන්වල නිරත වීමට සිදුවන දිනයක් වන අතර, ඉක්මන් කේන්ති යන ගතියක්ද ඇතිවේ. රැකියා කටයුතුවල ගැටලු ඇති වීමේ අවදානමක් පවතින අතර බඩේ අමාරු ආහාර නොදිරවීමේ අපහසුතා නිසා පීඩා ඇතිවනු ඇත.
 
මිථුන 
ආගම දහම කෙරෙහි භක්තියකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර ලැබීමටද යහපත් වේ. දරුවන් සිටීනම් ඔවුන්ගේ වැඩ කටයුතුවල යම් ප්‍රමාදවීමක් දක්නට ලැබේ. දානමානාදී කටයුතුවල නිරත වීමටද අවස්ථාව ලැබෙන දිනයකි. 
 
කටක 
කම්මැළි, අලස බවකින් යුතුව කටයුතු කරන අතර හුදෙකලාව තමාගේ පාඩුවේ පැත්තකට වී කටයුතු කිරීමටද බලනු ඇත. සෙනසුරු ග්‍රහයාගේ අෂ්ඨම ඒරාෂ්ඨක අපල තත්ත්වයක්ද පවතින බැවින් හදිසි අනතුරුවලින් පීඩා ගෙන දිය හැකි අතර පපුවේ සෙමගතිය ඇතිවීමෙන් කරදර ඇතිවීමටද පුළුවන.
 
සිංහ 
සහෝදරාදින් සමඟ මතභේද ඇතිවිය හැකි දිනයක් වන අතර වියදම් ද අධික වනු ඇත. අන් අයට යටත්ව කටයුතු කිරීමට අකමැති දිනයකි. 
 
කන්‍යා 
තම කතාව නිසා අන් අය සමඟ සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති අතර ලැබීමටද යම් යම් බාධා ගෙන දෙනු ඇත. ගෙදර දොර මතභේද ඇතිවන දිනයකි. 
 
තුලා 
අධික නිදිමත ගතියක් හෝ නිතර ඈනුම් යන ගතියක් පෙන්නුම් කරන අතර බලාපොරොත්තුවක් කඩවීම මත සිත් තැවුලක් ඇතිවනු ඇත. 
 
වෘශ්චික 
ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළයුතු දිනයක් වන අතර හිතට දුක් ඇතිවන කරුණු යෙදෙනු ඇත. ඥාතීන්ගෙන් වුවත් පිහිටක් බලාපොරොත්තු විය නොහැකි දිනයකි. 
 
ධනු 
ලැබීමට යහපත් දවසක් වන අතර මිල මුදල් යොදවා කරන කටයුතුවලින් ලාභ ලැබිය හැකි ය. ආලය පිළිබඳ කටයුතුවලින් හිතට දුකක් ගෙනදෙන දිනයක් වේ. 
 
මකර 
බලාපොරොත්තු නොවූ අයුරින් වියදමක් දැරීමට සිදුවන අතර ගෙදර දොර කටයුතුවලටද බාධා ගෙනදෙනු ඇත. පපුව සම්බන්ධ පීඩාකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතු ය. 
 
කුම්භ 
හිතේ නොසන්සුන් බවක් ඇතිවන අතර නිදිමත ගතියක්ද ඇතිවේ. එකතැනකට වී සිටීමට පවා සිත් නොදෙන අතර ඉක්මන් කේන්ති ගෙන කටයුතු කරනු ඇත. 
 
මීන 
ආගම ධර්මයට ළැදිව කටයුතු කරන, ආගමික නායකයන් හා ආශ්‍රය කරන දිනයක් වන අතර පාදවල පීඩාකාරී තත්ත්වයක් ද ඇතිවේ. කොන්දේ අමාරු සෙම් අමාරු නිසා පීඩා ගෙන දෙනු ඇත. 
 
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.