විවාහයට පෙර පිරික්සිය යුතු සරාගී සහ නටාංශක යෝග

ජුනි 2, 2023

යෝගයක් කිව්වේ එකකට තව එකක් මිශ්‍රවීමක් කියන එක. ශරීරයේ කිසියම් කොටසක් පරීක්ෂා කළාම ඉදිරි කාලයෙදි හැදෙන රෝගයක් හෝ රෝග ගැන දියුණු වෛද්‍ය විද්‍යාවෙන් කියනවා. ජන්මියෙකුගේ නියම ග්‍රහ පිහිටි කේන්ද්‍රයක් ග්‍රහයෝ පිහිටීම පරීක්ෂා කළාම ඉදිරියෙදි සිදුවන සැපත - සතුට හෝ අයහපත, අසතුට විපත ගැන ඡ්‍යොතිෂයෙන් කියනවා.

ශරීරයේ කොටස් අල්ලන්නෙවත් නැතුව, මෙතරම් උතුම් විද්‍යාවකට අද තිබෙන තැන ගැන කනගාටුයි.

 

සමහර විට ඒ ඡ්‍යොතිර්වේදීන් නමින් මේ විද්‍යාව විකුණාගෙන කන හොර ඡ්‍යොතිෂකාරයින් නිසා වන්න ඇති ද මම දන්නෙ නැහැ.

කෙනෙක් ඉපදුණු විට බලන්න ඕනෑ පරීක්ෂා කරන්න ඕනෑ බාලාරිශ්ඨ යෝග ගැන. ඒ, කිව්වේ ලෙඩදුක්, ආයුෂ ගැන. ඊට පසසේ ශිල්ප යෝග, තරුණ වයසට පැමිණියාම ජීවිතය එකට ගැටගසාගෙන යන විවාහය ගැන හොඳින් දැනගන්න ඕනෑ. මෙතැන වැරදුණොත් ඉවරයෙටම ඉවරයි. විවාහපේක්ෂක දෙපාර්ශ්වයම නිවැරැදිව දැන ගන්න ඕනෑ මේ විවාහ යෝග ගැන. දෙදෙනා යසෝධරා, සිද්ධාර්ථ, සාලිය අසෝකමාලා වෙන්න ඕනෑ. දස්කොන්, ප්‍රමිලා වගේ වෙන්න බැහැ. පටාචාරා හතර පාරක් විවාහ වෙලත් ජීවිතය වැරදුණා. මේ විදියට ජීවිතය වරදින්නෙ ඇයි? වර්තමානයේ විවාහවනවාට වඩා වේගයෙන් වෙන්වෙනවනේ. මොකද ජන්ම පත්‍ර පරීක්ෂා කළේ නැද්ද? පරීක්ෂා කරල ඡ්‍යොතිර් මාමාට අහුවුණේ නැද්ද? ජොතිර් මාමගේ බෝඩ් එක විශාල වෙලා බැහැ. දැනීම ලොකු වන්නට ඕනෑ.

විවාහය දීර්ඝව පවතින්නෙ සරාගී සහ නටාංශක යෝගමත. ඒ වගේම දේහ ලක්ෂණවලිනුත් සමහරු ඒ ගැන කියනවා. ඇස්දෙක පුංචි කරල කැටයම් කතාවට වාල්වෙලා විවාහ වුණාට කලින් කේන්දරය බැලුවේ නැද්ද?

විවාහවෙලා වසර 5යි. ගැහැනි නම් ගිනි කිකිළි වගේ. මිනිහ නම් බිබී ඉන්නවා. අපේ දුවට නම් දරුවෙක් හදාගන්න හරි ආසාවෙන් ඉන්නෙ. කෝ බෑණට කිසිම ඕනකමක් නැහැනේ. මත්වතුර බිබී ඉන්නවා මිසක්. එයාට ඕන කරන්නෙ බොන්නයි නිදියගන්නයි. නෝනා ගැන කිසිම වුවමනාවක් නැහැ. දරුවෙක් හදාගන්න නම් කිසිම ඕනෑකමක් නැහැ. මේ එක පාර්ශ්වයකින් එන අඳෙීනාවක්. බඳින්න කලින් දෙදෙනාගේ පොරොන්දම් බලන කොට 80%ක් හොඳයි කිව්වා. ලකුණු නම් හොඳයි තමයි. ඒත් පිරිමි කේන්දරයේ 12 වැනි රාශිය හතුරු වෙලා. රාහු ග්‍රහයා නීච නම්, අඟහරුවත් නපුරට නම් ඉන්නෙ ඒ කේන්ද්‍ර හිමියා මත්වතුර නාන කෙනෙක් බව දැන හිටියේ නැද්ද? කවුරුවත් කිව්වෙවත් නැද්ද? එහෙනම් අද දැන ගන්න කෝ. එච්චරත් නොවේ මත්පැන් නාන අය ගැන තව තිබෙනවා.

“හිරු සඳු ඒ දෙදෙන සමඟින් එක් වුන - සෙනසුරු තොරවද සුබ ග්‍රහ දැක්මෙන - කෙඳුරෙයි හිටියොත් ඒ යෝගේ උපන් දන - සුරපැන් පානෙහි යෙදුමැති අයවෙන”

මේවා නටාංශක යෝග. මේ අයට විවාහය හෝ දරුවන් හදන්න ඕනකමක් නැහැ. ඒ ශක්තියත් නැහැ. නටාංශක යෝග කියල ලොකු වචනයෙන් කිව්වට මේව ලිංගේන්ද්‍රය හකුළුවන යෝග. දැන් ලෙහෙසියෙන් අවබෝධ කර ගන්න හැකිනේ. එක් පාර්ශ්වයක් මේ විදියට කියන කොට තව පාර්ශවයක් මේ විදියට කියනවා.

“අපේ දුවගේ මංගල්ලෙ ලස්සනට ගත්තා. පෝරුවෙ තියල තමයි කේක් කැපුවේ. දැන් අවුරුදු 3ක් වනවා. ඔන්න දැන් රණ්ඩු කරනවා. එයා තව කෙනෙක් තියාගෙන ඉන්නවලු. පුංචි පුතෙකුත් ඉන්නවලු. එයා වගේමයිලු” ඇත්ත තමයි ඔහුගේ හෝ ඇයගේ කේන්දරයේ 8 අධිපති ලග්නෙ හෝ විවාහක ස්ථානයේ නම් ගෝචර කාලයෙදී අනියම් ඇසුරක් පවත්වන බව කිව්වේ නැද්ද? ග්‍රහයෝ ඔබට පෙන්නුවා ගණන් ගත්තෙ නැහැ. එක දියණියක් අපොස සාමාන්‍ය පෙළ දෙවැනි වර ලිව්වා විතරයි ප්‍රතිඵල එන්නත් ඉස්සෙල්ලා මෙන්න ගෙදරින් ගිහිල්ලා. පොලිසියේ පැමිණිල්ලකුත් දමලා ආගිය අතක් නැහැ කියලා. කේන්දරය පරීක්ෂා කළා. දෙවැන්නාධිපති 11 වැන්නෙ නම් ලග්නාධිපති 10 වැන්නෙ නම් හෝ 2 වැන්නාධිපති 11 වැන්නෙ නම් 11 වැන්නාධිපති දෙවැන්නෙ නම් ඉක්මන් විවාහයක් සිදුවන බව මල්වර පලාඵල බලද්දී කිව්වා දැන් අමතකද? මේවා සරල කරුණු වුණත් ටිකක් පරීක්ෂාවෙන් හිටියොත් හොඳයි. ඔබට පාසල් යන දරුවො ඇතිනේ. මේකත් අහගන්න කෝ. දරුවා විභාගය කරන කාලෙට ඒ කිව්වේ අධ්‍යාපනය කරන කාලෙට තත්කාල කේන්දරයේ සිකුරු උච්ච වුණොත් හෝ දසා අන්තර් දසා හිටියොත් විරුද්ධ පාර්ශ්වය සමඟ ඇසුරක් පවත්වා අධ්‍යාපනය කඩා ගන්නවා. ඒ වගේම විවාහ වන කාලෙට ගුරු නැත්නම් බ්‍රහස්පති උච්ච වුණොත් හෝ දසා අන්තර් දසා ආවොත් ඒ විවාහය හෝ විවාහ යෝජනාව කඩනවා. මේ දෙදෙනාට තමයි කියන්නෙ සුරගුරු හා අසුරගුරු කියලා. මේ දෙදෙනා නෛසර්ගික හතුරෝ කියලයි ශ්ලෝකයේ කියන්නේ. මේ කාලෙට “නවනාථය” යන්ත්‍රය නොදා බේරාගන්ට බැහැ.

සරාගි හා නටාංශක යෝග තිබුණොත් විවාහයකට තෝරා ගන්ට එපා. අනික තමයි ඔය කෙනාගෙ සෙනසුරා විවාහක ස්ථානයේ දුර්වල වුණත් මිතුරු වුණත් ලිංගික අවයව හකුළුවනවා. සාමාන්‍යයෙන් කේන්ද්‍රරයක හත් වැන්නෙ හා 12 වැන්නෙ පාපයෝ ඉන්නවා නම් පුත්‍රස්ථානයත් දුර්වල නම් එයාට විවාහ නොසෙව්වට කාරි නැහැ. තවත් පුංචි අසුබයක් කියන්නම් කෝ. ඔබ යහපත් සහකාරියක් හොයනවා නම් හොරෙන් බලන්න ඇයගේ කේන්දරයේ සිකුරුයි, අඟහරුයි ලග්නෙ හෝ 5 වැන්නෙ හෝ 7 වැන්නෙ හෝ 9 වැන්නෙ ද කියලා. එහෙම නම් ඇය රෝගී කාන්තාවක්. වැඩිපුරම ඈ ජාන අමාරුකාරියක්. මේවා ඉවත්කරලා යහපත් සහකාරියක් හොයාගන්න බලන්න ඕනෑ.

මේ විවාහය ගැන පුන පුනා කියන්නේ මේක ජීවිතයේ ප්‍රධානතම සන්ධිස්ථානය නිසා. වැරදුණොත් හදා ගන්න බැහැ. ඔබ පොරොන්දම් බලන කොට ලකුණු කීයක් වැඩිවුණත් ලිංග පොරොන්දම යෝනි පොරොන්දම, වෘක්ෂ පොරොන්දම දුර්වල නම් දරු සම්පත් දුර්වලයි. පොරොන්දම විතරක් බලලා බැහැ. නටාංශක යෝග සරාගි යෝගත් බලන්නට ඕනෑ. ඔබ විවාහ වී යහපත් දූ දරුවො බිහි කරන්න ඕනෑ. ගෙදර ගෘහිනිය එක දවසක ශශ, චිත්‍රණි, හස්ථිනි, මෘග, පද්මිනි භාර්යා නොවිය යුතු යි.

මේ ග්‍රහ කිරණ පිහිටීම කියන්නෙ අවශ්‍ය පරිදි දේහ ශක්ති විශේෂයක් ඒකරාශි කරනවා කියන එකයි. පොරොන්දම් පමණක් බලලා විවාහය තීරණය කරන්ට ප්‍රථම කලින් කිවි යෝග පරීක්ෂා කරන්න. මොකද ඔය යෝග වැඩ කරන බව තේරෙන්නෙ විවාහවෙලා වසරක් වත් ගියාට පස්සේ. එතකොට පසුතැවිලි වන්ට එපා. “කණ කොක් සුද පෙනෙන්නෙ ඉගිලී යන විටලු” අහල ඇතිනේ. අපි දැන් ගොඩක් ලිව්වේ නරක පිහිටීම් ගැනනේ. හොඳ පිහිම් ගැනත් ලියන්නම් කෝ.

විවාහයකට කුල කාන්තාවක් හොයන කොට හැකි තරම් ඇගේ 7 වැනි රාශියේ සුබ ග්‍රහයෝ, සුබ ග්‍රහ දෘෂ්ටි තිබුණොත් හොඳ කේන්දරයක්. අනික පාපාංශක අඩුවන තරමටම හොඳයි. මේ කවියත් කියවා තේරුම් කර ගන්න.

“සුබයන්ගේ දැකුමෙන් -

යෙදුමෙන් සරුව

සත හිමි සිටිය කල

බලයෙන් පියකරුව

සිතු පැතු සැපත් වෙති

ඕ හට නිරතුරුව

කතකුත් ලැබුම ඇති

විලසින් රන්තරුව“

ඔය කිව්වේ හත හිමියා බලවත්ව යහපත්ව සිටියොත් හොඳ බවනේ. ඒක හොඳයි. ඒත් කවදාවත්ම හත හිමියා පවිටෙක් හෝ පවිටෙක්ට දෘෂ්ටි හෙළනව නම් පවිටෙක් මැද ඉන්නව නම් ගන්ට එපා. ඈ රෝගියෙක්. ඒ වගේම පසුව ලියන කවිය හැකිනම් තෝරාගන්න. ඒක ටිකක් නපුරු එකක්.

“සත්වැන්නෙහි කුජ හෝ සෙනසුරු වේද

සත හිමියා ඉන් එකෙකුගෙ රැසේ වේද

කත ඔහුගේ ගනී සොර සැමියන් වැද්ද

නැතහොත් වෙසඟනක් වෙයි රට පරසිද්ද

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.