බාර හාර වෙන්න පඬුරු ගැටගහන්නේ මෙහෙමයි

මැයි 6, 2022

 

සිංහල ජන සමාජය අනුගමනය කරන බෞද්ධ බාරහාර සම්ප්‍රදායේ දී යම්කිසි බාරයක් වනු පිණිස කිසියම් සංකේතාත්මක භෞතික මාර්ගයක් උපයෝගි කරගන්නා බව හඳුනාගත හැකි විය. බෞද්ධ සම්ප්‍රදායට අනුව පිං පැමිණවීමක් හෝ සෙත් පැමිණවිමක් සඳහා දෑත් එක්කර වැඳීම,ගෞරව බුහුමන් දැක්වීම හා පාලි ගාථා පාඨ හෝ හැඟුම් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් කොට සැලකේ. නමුත් පඬුරු හෝ බාර සිදුකිරිමේ දී මේ සම්ප්‍රදාය ප්‍රමාණවත් නොවන බව පැහැදිලි වේ.

දරු උපතක් ප්‍රාර්ථනා කිරීමේ සිට නීරෝගි දරු ප්‍රසූතිය ද ඉතික්බිතිව ප්‍රසූත දරුවා අතුරු ආන්තරා ලෙඩදුක් කරදර වලින් වළක්වා ගැනීම ද අරමුණ කරගෙන බාරවීම ප්‍රකට බාරහාර සම්ප්‍රදායකි.

 

 

 

සිංහල ජන සමාජය අනුගමනය කරන බෞද්ධ බාරහාර සම්ප්‍රදායේ දී යම්කිසි බාරයක් වනු පිණිස කිසියම් සංකේතාත්මක භෞතික මාර්ගයක් උපයෝගි කරගන්නා බව හඳුනාගත හැකි විය. බෞද්ධ සම්ප්‍රදායට අනුව පිං පැමිණවීමක් හෝ සෙත් පැමිණවිමක් සඳහා දෑත් එක්කර වැඳීම,ගෞරව බුහුමන් දැක්වීම හා පාලි ගාථා පාඨ හෝ හැඟුම් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් කොට සැලකේ. නමුත් පඬුරු හෝ බාර සිදුකිරිමේ දී මේ සම්ප්‍රදාය ප්‍රමාණවත් නොවන බව පැහැදිලි වේ.

දරු උපතක් ප්‍රාර්ථනා කිරීමේ සිට නීරෝගි දරු ප්‍රසූතිය ද ඉතික්බිතිව ප්‍රසූත දරුවා අතුරු ආන්තරා ලෙඩදුක් කරදර වලින් වළක්වා ගැනීම ද අරමුණ කරගෙන බාරවීම ප්‍රකට බාරහාර සම්ප්‍රදායකි.

 

 

එසේම, ගොවිතැන හෝ වෙනත් වෘත්තීන් හි නිරත වන විට වෘත්තීය අභිවෘද්ධිය අරමුණු කරගෙන බාරහාර වේ. මේ සියලු තැන්හි බාරයක් වීම සඳහා බෞද්ධ සංස්කෘතික සංකේත භාවිතයට පුරුදු වී තිබේ. එය මෙරට බෞද්ධ සම්ප්‍රදාය ආරම්භ වු තැන් පටන් අද වනතුරු පරපුරෙන් පරපුරට විකාශනය වු ද්‍රව්‍යාත්මක සංස්කෘතික සම්ප්‍රදායකි. එම නිසා අපහසුවකින් තොරව ලබා ගත හැකිය. අනෙක් අතට පූජා මෙවලම් ලෙසට සමාජීය ගෞරවයක් හිමි ද්‍රව්‍යයන් පමණක් මෙයට තෝරා ගෙන තිබෙනුයේ ද බොදුනු පිළිවෙත්වලට අනුව ශූද්ධ සංකල්පවලට අනුව මුල්තැනක් දෙමිනි. අනෙක් අතට බාරහාර වීම සඳහා භාවිතා කරන අමුද්‍රව්‍යයන් ජිවන සම්ප්‍රදාය හා තදානුබද්ධ වූවකි. එය කාලානුරූපව වෙනස් වී ඇති බව හඳුනාගත හැකිය.

සිංහල බෞද්ධ ජන සමාජයේ ව්‍යවහාරිකව පවතින බාර හා පඬුරු සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍යන් පහත අයුරින් වර්ගීකරණයට ලක්කල හැකිය.

වී-බුද්ධ බෝග, පවිත්‍ර වස්තු

කැකුළු සහල් - පවිත්‍ර වස්තු

ජලය - පිරිත් පැන්, ශුද්ධ වස්තු

පොල් - ශූද්ධ වස්තු - බාර

කොළ අතු - අතු සාත්තු දීම, -ගෞරවාර්ථ වස්තු

මල් – යැදිම, ගෞරවාර්ථ වස්තු

පලතුරු - පූජා වට්ටි, පැහැදුං පිදීම, ශූද්ධ වස්තු, දේවබාර

පිදවිලි - දැකුම්දීම, ශුද්ධ වස්තු - දේවබාර

පිනිදිය පනම් - ශූද්ධ වස්තු, දේවබාර

ඇප නූල් - සෙත්කම් බාර

කළස් - සෙත්කම් බාර

අඩයාලම් - ප්‍රාණ බාර රෙදි තිර හා කොඩි - ශූද්ධ වස්තු, දේවබාර කාසි පඬුරු, පූජා සත්කාර, පවිත්‍ර වස්තු

 

වී සහ බාරහාර

 

 

මෙරට සිංහල බෞද්ධ ගොවි සමාජයේ වී හඳුන්වනුයේ බුද්ධ බෝග ලෙසය. කමත ශූද්ධ භූමියක් කොට එහි නෙළා ගනුලබන අස්වැන්න බුද්ධ බෝග ලෙස සැලකීම සිරිතකි. මේ අයුරින් ඒ සඳහා ඉහළ සමාජීය ගෞරවයක් ලබා දී තිබෙනුයේ එය ශූද්ධ වස්තුවක් ලෙස බුහුමනට ලක්වන බැවිණි. ඒ නිසාම යම් අරමුණක් සඵල කරගැනීම පිණිස බාරයක් වන විට වී පතක් ගැටගසා එය ශූද්ධ වස්තුවක් ලෙස කිසියම් උඩක එල්ලා බාරවනු දැකගත හැකිය. මෙහි දිගුවක් ලෙස මෙරට සියලුම කුඹුරු යායවලින් යල - මහ දෙකන්නයේ වී අස්වනු නෙළාගන්නා විට ඒ ඒ ගොවීන් නෙළාගන්නා වු අස්වැන්නේහි මුදුන් බැතින් දෝතින් වී වෙන් කරනුයේ “අක්යාල” ලෙසිනි. එය බාරවීමකි. දෙවියන් උදෙසා සිදුකරන පඬුරු බැඳීමකි.

මෙයට අමතරව ගෙවිලියන් ගෘහාශ්‍රිතව බාරහාර සිදුකරන විට ද කිසියම් නැවුම් මුට්ටියකට හෝ පිරිසිදු රෙදිකඩකට වී බිස්සෙන් නොඑසේ නම් ඉඳුල් නොකළ තැනකින් වී මිටක් හෝ යම් ප්‍රමාණයක් රැගෙන බාරහාර වීමේ සම්ප්‍රදායක් දැකගත හැකිය.

 

පඬුරුබැඳීම

 

අප රටේ බෞද්ධයන් මෙන්ම හින්දු භක්තිකයින් ද තමන්ට කරදරයක් වූ විටත් නිවෙසේ කිසිවකු අසනීප වු විටත් දෙවියන්ට පඬුරු බැඳීම අතීතයේ පටන් සිදු කරන්නකි.

යම් කරදරයක් වු විට දි පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන රිදී කාසියක් නැතිනම් සාමාන්‍ය කාසියක් කහදියරයෙන් පිරිසිදුකර දෙහි ගසක මෙම පඬුරු ගැටගසා තම ප්‍රාර්ථනය මුදුන් පත් කර දෙන ලෙස දෙවියන් හමුවේ බාර වීම නිවසේ සිටම සිදුකිරීමට අපේ රටේ ඇත්තන් පුරාණයේ පටන් හුරු වී තිබේ.

මෙයට අමතරව සරම්ප (පැපොල රෝගය) යම් අයකුට වැළදුණු විට නිවැසියන් පත්තිනි මැණියන්ට පඬුරු ගැටගසා බාර වෙන අතර රෝගියා සුව වු විට දි ගැටගැසු පඬුරත් රැඟෙන දේවාලයට ගොස් බාරහාර ඔප්පු කිරීම සිදු වන්නකි.

අප රටේ ජනයා නව රථයක් ගත්විට හා හා පුරා කියා සිදු කරනුයේ රථය සෝදා පිරිසිදු කර ප්‍රථමයෙන් පඬුරක් සුක්කානමේ ගැට ගැසීමයි. සිය වාහනයේ ප්‍රථම ගමන ලෙස කතරගම නැත්තම් වෙනත් පුදබිමක් වෙත යන අපේ රටේ ඇත්තන් කතරගම දේවාලයකට ගොස් රථයට ආශිර්වාදය කර අලුත් දෙහි ගෙඩි හතරක් රෝද හතරට තබා තලා බැස යන ජල පහරකට දමති.

පසුව දේවාලයෙන් ලබා දුන් පඬුරක් නැවත රථයේ ගැටගසා රථය ආරක්‍ෂා කර දෙන ලෙස දෙවියන් වැඳීීම අදත් දැකිය හැකි සම්ප්‍රදායකි.

අතීතයේ දී සිදු වු බාර හාර ක්‍රමවේදයන් යම් විදිහකින් වර්තමානයේ වෙනස් වී තිබේ. අතීතයේ දී වී,සහල් ආදි කෘෂි ද්‍රව්‍ය උපයෝගී කර ගෙන නැත්නම් පොල් ගෙඩියක් උඩ පඬුර බැඳ බාර වීම අද වන විට දැකිය නොහැකිය.

මෙම පඬුරු ගැටගැසීම සම්බන්ධව අපේ රටේ ඇත්තන් වැරැදි සිදු කරන බවක් පෙනේ. දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කර ගැනීමට තමන්ගේ දුක් කම්කටුලු දෙවියන් හමුවේ බාරයක් වී කියා සිටිීමට නම්, තමන්, වරු 03 ක්වත් මේ සඳහා කැප වී මස් මාංශයෙන් තොරව පේවිී සිටිම වැදගත්ය. තවද ජන සම්මත කිළිවලින් වැළකීිම වැදගත්වේ.

මෙයට අමතරව පන්සිල් ගෙන සිත සන්සුන්ව තබා ගත යුතුය. දුගී මගීි යාචකයින්ට ආහාර වේලක් ලබා දී දෙවියන්ට පිං අනුමෝදම් කිරීම ද සිදු කළ යුතුයි. පංච ශීිලයෙන් ආරක්‍ෂා වී අඳුර වැටුණු පසුව දෙවියන් වෙනුවෙන් නිවසේ හෝ දේවාලයකට ගොස් නැත්නම් පන්සලකට ගොස් බෝධියක් අසල දෙවියන් වෙනුවෙන් පඬුරු ගැට ගැසීම සිදු කරනු ලැබුවොත් තමන්ට නිසැකව ප්‍රතිඵල ලබා ගත හැකිය.

කතරගම දේවාලයට හෝ වෙනත් දේවාලයකට ගොස් පඬුරු බඳින්නේ නම් එවිට ද පළමුව පන්සිල් ගෙන සිත සංසුන්ව තබා ගැනීම වැදගත්ය. කතරගමට තමන් බාරයක් වන විට දී එක් බාරයක් වන්නේ නම්, එක් ගැටයක් පමණක් ගැටගැසිය යුතුය. බාර දෙකක් නම් ගැට දෙකක් ගැසීම ජන සම්මත පිළිවෙතයි. එහෙත් බාර තුනකට වඩා ගැටතුනක් ගසා පඬුරු වැලේ බදින විට දී බාර තුනකට වඩා එනම්, ගැට හතරක් පහක් ගසා එක් කාසියක් බැඳීම තහංචියකි.

අප පඬුරක් ගැට ගසන දිනයට පෙර දින පඬුරු බැදීම පිණිස පිරිසිදු වීම වැදගත් වේ. සිරිත් සම්මත පිළිවෙත නම් පුරපක්‍ෂයේ කුජ දිනයක ඉර නැගෙන්නට පළමුව හිමිදිරියේ කතරගම දෙවියන්ට පඬුරු බැඳීම සිදු කිරීමයි.

මෙයට අමතරව අපේ රටේ ඇත්තන් පඬුරු බදින විට දී තවත් වැරැද්දක් සිදුකරයි. මෙරට අවලංගු වු කාසි, තැලීගිය කාසි, පොට්ට වී ගිය කාසි, පඬුරු බැඳීම පිණිස භාවිතා කිරීමයි.

මේ සඳහා අප රටේ කාසි පමණක් බැඳීීම සිදුකළ යුතු අතර මෙම කාසි වර්ග 03 එක මත තබා බැඳීීම අවැඩක් සිදු කිරීමකි.

මෙලෙස පඬුරු බඳීනු ලබන්නේ බෞද්ධ සම්ප්‍රදායට අනුවයි. හින්දු සම්ප්‍රදාය මෙයට වඩා වෙනස් එකකි. බෞද්ධ පිළිවෙත ධර්මානුකූළය. එබැවින් පඬුරුලන කාසිය හිත් වත්කම් උපයාගත යුත්තේ ද ධාර්මිකවය. දෙවියන්ගෙන් පිහිට ඉල්ලන විට දි දෙවියන් පිළිබදව විශ්වාසය ධාර්මික චින්තාවෙන් ගොඩනඟාගන්නා වු ශක්තිය එකට කැටි කර ගැනීමක් ලෙස පඬුරු දැමීම පිළිගත හැකිය.

ඉහත සදහන් වු කරුණු අමතක කර රන් රිදීවලින් පඬුරු ගැට ගැසුවද පළක් නොවේ. යම් කැප කිරීමක් අනුව පඬුරු බැඳීීම තුළින් ප්‍රාර්ථනා ඉටු කර ගත හැකිය.

අතීතයේ ජනයා මෙම ක්‍රමවත් පිළිවෙත් සිදු කිරීම නිසා දෙවියන්ගෙන් බොහෝ දෙවල් ලබා ගෙන තිබේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.