අවුරුදු සිරිත් විරිත් හා බුලත් අත

අප්‍රේල් 8, 2022

 

ආගමික, ජාතික සමාජ උත්සව පැවැත්වීම මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිට පැවති බව මානව විද්‍යාඥයෝ කියති. එදා සිට අද දක්වා ඉදිරියට පවත්වා ගෙන යන උත්සව රාශියක් මේ පරයේෂණවලින් අනාවරණය වී තිබේ. ඒ නිසා මූලික වශයෙන් මෙවැනි උත්සවවලින් බලාපොරොත්තු වන පරමාර්ථ කීපයක් ගැන නිගමනවලට එළඹීමට හැකිව තිබේ.

 

ගෝත්‍රයක ජාතියක අඛණ්ඩභාවය ආරක්ෂා කර ගැනීමටත් සුහදතාවය පළකර ගැනීමටත්, එහිදී ඔවුන්ට අවස්ථාව සැලසෙන ආරවුල් නිරාකරණය කර ගැනීමටත්, විවාහ සම්බන්ධකම් තීරණය කර ගැනීමටත්, පාලන නායකත්වයට පුද්ගලයින් පත් කර ගැනීමටත්, සුළු මිනිස් කොටස්වල ජාතික හා සමාජමය උත්සව අවශ්‍යතාවක් කරගන්න. විශේෂයෙන් විවිධ ආගමික විශ්වාසයන් දැරූ මොවුන්ගේ ආගමික පූජාදිය උත්සව විලාශයක් ගන්නා ලද බව පෙනේ.

පොදු යහපත හා සුබ සිද්ධිය මුඛ්‍ය පරමාර්ථ කොට ගත් බැවින් ද සියල්ලන්ගේම භක්තිය ඒකාකාරව දැඩි වූ බැවින් ද සිංහලයින්ගේ සහභාගිත්වය ලැබෙන පරිදි මහත් උත්සවාකාරයෙන් මෙම පූජා පිළිවෙත් ඉටු කරන ලදී. සෑම දියුණු ආගමික කොට්ඨාශයක් විසින්ම මෙම උත්සව වාරිත්‍ර තම පිළිවෙත්වලට ඇතුළු කිරීම අමතක නොකරන ලදී.

ඇතැම් විචාරකයින් කියන පරිදි සිංහලයන්ගේම යයි බෞද්ධ ජනයාගේමයයි කිව හැකි උත්සව නැති තරම් වුවත් අලුත් අවුරුදු උළෙල සිංහලයන්ගේ යයි කිව හැකිය. ඊට හේතු සාධක කොතෙකුත් තිබේ. සිංහල අලුත් අවුරුදු උත්සවය දේශ දේශාධිපති රාවණ අධිරාජයාගේ කාලයේ සිට පැවතෙන බව පෙන්වා දිය හැකිය. රාවණා මහ රජු සූර්ය වන්දනාව කළ කෙනෙකි. එතුමා සූර්ය්‍ය දේවාලයක්ද සාදා හිරු දෙවියන්ට පුද පූජා උත්සව කළ බව ප්‍රාග් ඉතිහාසයෙන් පෙනේ. එතුමා සූර්යයා වන්දනාව කළා නම් අප විසින් පවත්වාගෙන එන අවුරුදු උත්සවයේ ආරම්භය එය බව කිව හැකිය.

සිංහල අවුරුදු උත්සවය සූර්යය දිව්‍ය රාජයා මුල්කොට නැකැතට ද මුල් තැනක් දී කරනු ලබන එකම මහා උළෙල ලෙස නම් කළ හැකිය. මෙය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස ද හඳුන්වනු ලැබේ. මෙය අපගේ ප්‍රධාන ජාතික උත්සවයයි. එක් දිනක් හෝ දින කීපයක් යොදා ගෙන මේ උත්සවය පවත්වනු ලැබේ.

සූර්ය ග්‍රහ මණ්ඩලයේ ආධිපත්‍ය දරන්නාවූ ද ලොව පැවැත්මට මූලාධාර වන්නාවූ ද හිරු දෙවි මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම මුල් කර ගෙන උත්සව පැවැත්වීම අනාදිමත් කාලයක සිට විශේෂයෙන් පෙරදිග රටවල පැවත ගෙන එයි. විශ්වයේ ජීව අජීව සියලු දෙය ඇති කිරීමේත් පවත්වා ගෙන යාමේත්, විනාශ කිරීමේත් අසමසම ලෝක පියා වූ හිරු නොමැතිව අපට සුළු මොහොතක් හෝ ජීවත් විය නොහැකිය. ලෝකයේ සියලු දෙය පැවැත්මට හිරු දෙවිඳු මුල් වෙයි. හිරුට නම් රාශියක් තිබේ.

අර්ක ආදිච්ච ,රවි, භානු,භාෂ්කර , දිවාකර, සචිතු, අග්නිදේව, මාර්තණ්ඩ යනුවෙන් කීපයකි. ඇසේ පෙනීමට ලක්වන අසීමිත බල ඇති හිරු දෙවි පිදීම ලෝකයේ මුලින්ම ඇතිවු ආගම ලෙස සැලකිය හැකිය.

දඩයම් යුගය, එඬේර යුගය පසු කළ මිනිසා ගොවි යුගයට අවතීර්ණ විය. ඒ ආදිකාලීන මිනිසාගේ ගොවිතැන් දියුණු කර ගැනීමට හිරු සඳු දෙදෙනාගේ පිහිටාධාරය සෙවීය. ගොවිතැනට අවශ්‍ය වැසි ලැබෙන කාලය ද, අස්වැන්න නෙළීමට වියළි කාලය ද තීරණය කර ගැනීමට ඔව්හු ඉගෙන ගත්හ. අස්වැන්නේ අග්‍රවූ කොටසින් හිරුදෙවි පිදූහ.

ඡ්‍යොතිෂයේදී හිරු පියා ලෙසත් සඳු මව ලෙසත් බුධ පුතු ලෙසත් කිවි දියණිය ලෙසත් සලකනු ලබන න්‍යාය අනුව ඉර සඳ පායන මේ ලෝකයේ ජීවන භාවාන්විත සරු කරන ඍතුවක යෙදීම නිසා බක් මාසය මඟුල් මාසය ලෙස නම් කර තිබේ. බක් හෙවත් මංගල මාසේ කතුන් තරුණ තරුණියන් මඟුල් ගන්නා කාලයයි ද නම් කරති.

මේ සියලු කාර්යයන්ට මුල් වන හිරු දෙවිඳුට පුද පූජා කිරීමට කෘතවේදි මිනිස්සු දේවාල තැනූහ. මෙසේ ඉදිකරන ලද මුල් දෙවොල බැබිලෝනියාවේ ඉදි කළ බව සඳහන් වේ. ඒ කිට්ටුවම හෝ ඊටත් කලින් ලංකාවේ රාවණා අධිරාජ්‍ය මුන්නේශ්වරමේ හිරු දේවාලයක් සාදන ලද බව කියනු ලැබේ. හිරු දේවාල සාදා පුද පූජා කිරීම අරාබිය, මිසරය, පර්සියාව, රෝමය ඉන්දියාව වැනි රටවලද පැතිරී ගියේය. ප්‍රාග් ඓතිහාසික සමයේම හිරු දෙවි මුල් කොට ඡ්‍යොතිෂ ශාස්ත්‍රයද බිහිවු බව පෙනේ. ක්‍රි.පූ. 2000 දී බැබිලෝනියාවේ ප්‍රථම අවුරුදු උත්සවය පවත්වන ලද බව කියනු ලැබේ. මීට ආසන්න කාලයේ මිසරයේ නයිල් නදිය උතුරා යන සමයේ අවුරුදු උත්සව පැවැත්වු බව ප්‍රසිද්ධ කරුණකි.

ලංකාවේ රාවණා රජු, පුරාණ ගී‍්‍රසියේ ප්ලේටො, ඉන්දියාවේ පරාශර වරාහමිහිර පෘථුයශස් ආදි පඬිවරු සූර්යය වන්දනාව කළ බැව් පුරාවෘතවල සඳහන් වේ. එහෙයින් හිරු දෙවි උදෙසා කරන උපහාර උත්සවවලට එකී මහ පඬිවරුන්ගේ අනුග්‍රහය ලැබෙන්නට ඇතැයි කිව හැකිය. ඉහත සඳහන් පරිදි ඇරඹුන හිරු වැඳීම සහ බැඳි අලුත් අවුරුදු උත්සවය ඡ්‍යොතිෂ් ශාස්ත්‍රානුකූලව විවිධ අංගයන් එකතු විය. එහෙයින් මෙය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වූ බව ඓතිහාසික සාධකවලින් පෙනේ.

පර්සියාව, ඉන්දියාව වැනි රටවලින් අවුරුදු උළෙල පැවැත්වීමේ සිරිත වෙනත් පෙරදිග රටවලට ද ව්‍යාප්ත විය. වෛද්‍ය ඡ්‍යොතිෂ ශාස්ත්‍රවල කෙළ පැමිණි රාවණා රජතුමාගේ කාලයේ සිට අවුරුදු උත්සවය ලංකාව් පැවතුණ බවට කිසිදු සැකයක නැත. පසු කාලයේ මේ පිළිබඳ සිරිත් විරිත් විවිධාකාරයෙන් ඇතිවි පැවත ගෙන එන බව කිව හැකිය. එම කාලයේ සිට යයි කිව හැකි ස්ථීර කාල නිගමනයකට බැස නැති අති පැරණි හිරු දේවාලයක නටබුන් මුන්නේශ්වරම් ප්‍රදේශයෙන් හමුව තිබේ. තිරුකෝනේශ්වරම් තිරුකෝතිෂ්වරම් දේවාලද එසේ හැරූ දේවාල ස්ථානය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය සමඟ බුදු සමය හා සංස්කෘතික අංග ද අප රටට ලැබුණි. මෙම කාලයේ සිට අවුරදු උත්සවයට බෞද්ධ සිරිත් විරිත් ද සංකලනය වී විධිමත් ලෙස අද දක්වා පැවතෙන බව කිව හැකිය. පොදු මහජනයා විසින් පැවැත්වූ අවුරුදු උත්සව වැනි දෑ පිළිබඳ විස්තර මහාවංසය ආදි පොත්වල ඇතුළත් වී ඇති බවක් නොපෙනේ. හිරු දෙවි මුල් කොට ඇතිවූ අවුරුදු උළෙල බුදු සමයට වඩා හින්දු ආගමට වඩාත් කිට්ටු වන නිසා මහාවංසය දීපවංසය ආදි පොත්වල වු විස්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඒවා පිළිබඳ එතරම් තැකීමක් නොකළ නිසා බව කිව හැකිය.

අවුරුදු උත්සවය පිළිබඳ සියලු කටයුතු කරන්නේ නැකැත් වේලාවන් අනුව ඡ්‍යොතිෂයට මුල් තැන දෙමිනි. පෙර සිට පැවත එන අවුරුදු සිරිත් අනුව මුලින්ම යෙදෙනුයේ අභිනව වර්ෂය සඳහා සඳ බැලීමය. මිනිස් සිතට ඇති සඳුගේ බලපෑම කොපමණදැයි අමුතුවෙන් කිව යුතු නොවේ. සඳු දෙවි කෙනෙක් ලෙස සැලකෙන කල්හි නම් සඳ බැලීමෙන් කරනු ලබන්නේ එම දෙවිඳුගේ ආශිර්වාදය ලබා ගැනීමය. යම්කිසි වැඩක ආරම්භය හොඳ වු විට එහි මැද අග කොටස්ද යහපත් වන්නේ මෙසේ වසරක් ආරම්භයේදි සුබ නැකැත් අනුව යමක් කිරීමෙන් මුලු වසරම යහපත් ඵල උදාකරන බව පිළිගත යුතුය. සිත හොඳ නම් ජීවිතයක් සැපවත් වෙයි. දුක් අඩුවෙයි. සත්වයාගේ සිතට බොහෝ සෙයින් බලපාන සෞම්‍ය ග්‍රහයා සඳු වේ. සඳු මෙන්ම සිත ද වේගයෙන් වෙනස් වේ. ගමන සිඝ්‍ර වේ.

පුර සඳ රැස් මිහිතලය මත පතිත වෙද්දි සිත් තුළ පී‍්‍රතිමත් අදහස් පහළ වේ. අවපස සඳු නරක සිතුම් පැතුම් ජනිත කරවයි. සොරකම්, ස්ත්‍රීන් කෙළෙසීම, විවිධ අපචාර සිදුවීම අව පසට වැඩිවෙයි. මෙස් බලන විට මිනිස් සිතුම් පැතුම් හා ක්‍රියාවලට තදින්ම බලපාන සඳු දෙස බැලීම නැකැත් වෙලාවට බලා පහන් සිතක් පවිත්‍ර සිතක් ඇති කර ගැනීමෙන් මුලු වසරෙහිම සුබ ප්‍රතිඵල ලැබීමට එම චිත්ත තරංග උපයෝගී වේ.

අනාදිමත් කාලයක සිට ඉතා නොදියුණු මෙන්ම දියුණූ මනුෂ්‍ය සමාජවල එදා සිට අද දක්වා පවත්වා ගෙන එන උත්සව රාශියකි. ජාතික, ආගමික හා සමාජ උත්සව වශයෙන් ඒවා නම් කළ හැකිය. මෙවැනි උත්සවවලින් බලාපොරොත්තු වන සුහදතාවය පලකර ගැනීමටත් එහිදි ඔවුන්ට ඉඩ සැලසුණේය. ආරවුල් අඩදබර විසදා ගැනීමටත් විවාහ සම්බන්ධකම් තිරණය කර ගැනීමටත් පාලන නායකත්වයට පුද්ගලයින් පත්කර ගැනීමටත් සුළු මිනිස් කොටස්වල ජාතික හා සමාජයිය උත්සව අවශ්‍යතාවයක් කර ගත්හ. අවුරුදු උත්සවය ද එවැන්නකි. එය දැන් හඳුන්වන්නේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය යනුවෙනි.

මෙම අලුත් අවුරුදු උත්සවයේ බුලතට බුලත් හුරුල්ලට මුල් තැනක් ලැබේ. බුලත් අත සීලාචාර කමේත් මිත්‍රතාවේත් ගුරුත්වයේත් සංකේතයක් ලෙස සලකන අතර අපගේ සෑම වැදගත් සුබ කටයුත්තකදීම පෙරට එන ජාතික සංස්කෘතික ආගමික වු උත්සව පුද පූජා අවස්ථාවන්හිදි බුලතට මුල් තැන ලැබේ. එකී කාර්යයන් සඳහා බුලත් අත්‍යාවශ්‍ය වේ. මුල් ගල් තැබීම , විවෘත කිරීම්, දේශපාලන සාහිත්‍ය ආගමික රැස්වීම් උත්සව ආදියට පැමිණෙන අමුත්තන් පිළිගන්නේ බුලත් අතක් දීමෙනි. මඟුල් කටයුතුවලට ආරාධනා කරන්නේ බුලත් දීමෙනි. බණට පිරිතට දානයට ආරාධනා කරන්නේ භික්ෂූන් වහන්සේලාට බුලත් අතක් දීමෙනි. මෙකි නොකී බොහෝ කටයුතු සඳහා අවශ්‍ය වන බුලත් අපේ ජීවිතය හා තදින් බැඳී පවති.

ලංකාව, ඉන්දියාව, නේපාලය, බුරුමය ආදි රටවල බුලත් සැපීම බහුලව පවතී. බුලත් විට හා බුලත් අතට දුම්කොළ ආදේශ වූයේ ලංකාවට පෘතුගීසි ජාතිකයන්ගේ පැමිණීමෙන් පසුවය. එතෙක් දුම්කොළ භාවිතයක් නොවූ අතර අපේ පැරණි මුතුන්මිත්තෝ බුලත්විට කෑවේ පස්පලවතිනි. බුලත්, පුවක්, එන්සාල්, හුණු, පැඟිරිකොළ එම පස්වගය වේ. සංස්කෘතික වශයෙනුත් සෞඛ්‍යය අතිනුත් බුලත්විට බලන විට බුලත් කෑමේ කිසිම දොසක් නැති නමුත් දුම්කොළ යොදා ගැනීම නිසා බුලත්විට කෑම මුඛ රෝගවලට හේතුවෙයි. දුම්කොළ හුණූ මිනිස් සිරුරට හිතකර නොවන බව විශේෂයෙන් මතක් කර දිය යුතුව තිබේ. මේ තත්ත්වය නිසා බුලත් විට අවතක්සේරුවට ලක්ව තිබේ. බුලත් හුරුල්ලේ ගෞරවණීය තත්ත්වය ද හීනවී තිබේ. ඉන්දියාවේ විට වර්ග සිය ගණනක් තිබේ. බුලත් පුවක්, කස්තුරි ස්වර්ණභෂ්ම (රන්කුඩු) ඇතුලු දුර්ලභ ගණයේ වන ඔසු රාශියක් අඩංගු සුපිරි බලත් විටක් රු. 10,000/-ක් පමණවේ. රුපියල් පහේ සිට දස දහස දක්වා විවිධ ගණන්වලට ඕනෑ තරම් මදුරාසිය, බොම්බාය, බැංගලෝර් , දිල්ලි ආදි නගරවල තිබේ. ඇතැම් විටවලට දුම්කොළ නොදමන නිසාත් ශරීරයට හිතකර ඔසු යොදන නිසාත් බෙහෙවින් ගුණදායකය.

බුලත්වල තිබෙන ගුණ හොඳ තත්ත්වයන් ද පෙන්වා දිය හැකිය.

කාමං ප්‍රදීපයහි රූපමභි ව්‍යනකති

සෞභාග්‍යමාවහති චක්ත්‍රසුගන්ධිතාංච

ඌර්ජං කරොති කම්ජාංශච නිහන්තිරොගං

සතාබබුල මෙවම පරාංශච ගුණාන් කරොති

බුලත් සෞභාග්‍ය ගෙනදීම, රූප ශොභාව ඇති කිරීම, කාමය දැල්වීම, සුවඳ හා ශරීර බලය ගෙනදි රෝග නැතිකිරීම යන ගුණ හා අන්‍යවූ ගුණ ද ඇත්තේය යනු ඉහතකී සකූ සිලෝවේ අරුතයි. එහි රස වශයෙන් බලනවිට කුළු රසද තියුණු උෂ්ණ බව ද මුඛය ශුද්ධ කරන බවද ඇත්තේය. වායුව හා සෙම වාත නැසීම ද, පිත වැඩීම ද මිදීමද ස්වර වර්ධනය ද අග්නිය ඇති කිරීම ද කෙරෙයි.

ඡ්‍යෝතිෂමතානුකූලව බුලත ගැන කෙටි විස්තරයක් හෝ කළ යුතුව තිබේ. බුලත් කොළයට රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන නවග්‍රහයින්ගේ බලය ලැබෙන බව කියනු ලැබේ. බුලත් කොළයේ රේඛා හතක් තිබේ. ඒ හතට රාහු කේතු හැර ඉතිරි ග්‍රහයින් බලපාන අතර බුලතේ අග මුල කොටස් දෙකට රාහු කේතු බලපාන බවට මතයක් තිබේ. බුලත් නැට්ට රාහුටද අනෙක් කෙළවර කේතුට ද අයත් වේ. බුලත් විට කන විට අග මුල කඩා දමන්නේ එම පාප ග්‍රහයින්ගේ ආකර්ෂනය ඇති නිසා අශුභතාවත් විෂ සහිත වන හෙයිනි.

බුලත් කොළයේ දෙකොන පිළිබඳ තවත් මතයක් තිබේ. බුලත මනු ලොවට ගෙනාවේ නො ලොව සිට නාග රාජයෙක් විසිනි. නා රජු එය රැගෙන ආවේ බුලතේ අගින් අල්ලා ගෙනය. එනිසා එම කොටස විස සහිතයයි සලකන්නට ඇත. දේවාකර්ශන බලයක් සහ ඖෂධීය ගුණ රැසක් බුලතේ අඩංගු වේ. ආයුර්වේදයේ සඳහන් ලෙස බුලතේ ගුණ අතර කාම වර්ධනය, මුඛ සෞඛ්‍ය රැකීම ආදි ගුණ බොහෝය. ඒ බැව් ඉහත සඳහන් ශ්ලෝකයෙන් කියවේ.

මේ අනුව බලන විට බුලත මිනිසාගේ කළණ මිතුරෙකි. ඒ මිත්‍රයා සමඟ ගොස් පන්සලේ නායක ස්වාමින් වහන්සේ දෙමාපිය ගුරු උතුමන් වැඩිහිටියන් නැමද අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම ඒ අයගේ ආශිර්වාද ලබා ගැනීම ශුභයි. මේ අවුරුද්දේවත් ලංකාවෙන් ද, මුලු මහත් ලෝකයෙන් ද කොරෝනා වසංගතය සහමුලින්ම දුරුවී සුවසම්පත, සතුට දිගාසිරි ලැබ යුද බියද දුරුවී සෞභාග්‍යමත් වාසනාවන්ත කාලයක් උදාවේවා.

සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.

 

එකී කාර්යයන් සඳහා බුලත් අත්‍යාවශ්‍ය වේ. මුල් ගල් තැබීම , විවෘත කිරීම්, දේශපාලන සාහිත්‍ය ආගමික රැස්වීම් උත්සව ආදියට පැමිණෙන අමුත්තන් පිළිගන්නේ බුලත් අතක් දීමෙනි. මඟුල් කටයුතුවලට ආරාධනා කරන්නේ බුලත් දීමෙනි. බණට පිරිතට දානයට ආරාධනා කරන්නේ භික්ෂූන් වහන්සේලාට බුලත් අතක් දීමෙනි. මෙකි නොකී බොහෝ කටයුතු සඳහා අවශ්‍ය වන බුලත් අපේ ජීවිතය හා තදින් බැඳී පවති.

ලංකාව, ඉන්දියාව, නේපාලය, බුරුමය ආදි රටවල බුලත් සැපීම බහුලව පවතී. බුලත් විට හා බුලත් අතට දුම්කොළ ආදේශ වූයේ ලංකාවට පෘතුගීසි ජාතිකයන්ගේ පැමිණීමෙන් පසුවය. එතෙක් දුම්කොළ භාවිතයක් නොවූ අතර අපේ පැරණි මුතුන්මිත්තෝ බුලත්විට කෑවේ පස්වගකිනි. බුලත්, පුවක්, එන්සාල්, හුණු, පැඟිරිකොළ එම පස්වගය වේ. සංස්කෘතික වශයෙනුත් සෞඛ්‍යය අතිනුත් බුලත්විට බලන විට බුලත් කෑමේ කිසිම දොසක් නැති නමුත් දුම්කොළ යොදා ගැනීම නිසා බුලත්විට කෑම මුඛ රෝගවලට හේතුවෙයි. දුම්කොළ හුණුූ මිනිස් සිරුරට හිතකර නොවන බව විශේෂයෙන් මතක් කර දිය යුතුව තිබේ. මේ තත්ත්වය නිසා බුලත් විට අවතක්සේරුවට ලක්ව තිබේ. බුලත් හුරුල්ලේ ගෞරවණීය තත්ත්වය ද හීනවී තිබේ. ඉන්දියාවේ විට වර්ග සිය ගණනක් තිබේ. බුලත් පුවක්, කස්තුරි ස්වර්ණභෂ්ම (රන්කුඩු) ඇතුළු දුර්ලභ ගණයේ වන ඔසු රාශියක් අඩංගු සුපිරි බලත් විටක් රු. 10,000/-ක් පමණවේ. රුපියල් පහේ සිට දස දහස දක්වා විවිධ ගණන්වලට ඕනෑ තරම් මදුරාසිය, බොම්බාය, බැංගලෝර් , දිල්ලි ආදි නගරවල තිබේ. ඇතැම් විටවලට දුම්කොළ නොදමන නිසාත් ශරීරයට හිතකර ඔසු යොදන නිසාත් බෙහෙවින් ගුණදායකය.

බුලත්වල තිබෙන ගුණ හොඳ තත්ත්වයන් ද පෙන්වා දිය හැකිය.

කාමං ප්‍රදීපයහි රූපමභි ව්‍යනකති

සෞභාග්‍යමාවහති චක්ත්‍රසුගන්ධිතාංච

ඌර්ජං කරොති කම්ජාංශච නිහන්තිරොගං

සතාබබුල මෙවම පරාංශච ගුණාන් කරොති

බුලත් සෞභාග්‍ය ගෙනදීම, රූප ශොභාව ඇති කිරීම, කාමය දැල්වීම, සුවඳ හා ශරීර බලය ගෙනදි රෝග නැතිකිරීම යන ගුණ හා අන්‍යවූ ගුණ ද ඇත්තේය යනු ඉහතකී සකූ සිලෝවේ අරුතයි. එහි රස වශයෙන් බලනවිට කුළු රසද තියුණු උෂ්ණ බව ද මුඛය ශුද්ධ කරන බවද ඇත්තේය. වායුව හා සෙම වාත නැසීම ද, පිත වැඩීම ද මිදීමද ස්වර වර්ධනය ද අග්නිය ඇති කිරීම ද කෙරෙයි.

ඡ්‍යොතිෂමතානුකූලව බුලත ගැන කෙටි විස්තරයක් හෝ කළ යුතුව තිබේ. බුලත් කොළයට රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන නවග්‍රහයින්ගේ බලය ලැබෙන බව කියනු ලැබේ. බුලත් කොළයේ රේඛා හතක් තිබේ. ඒ හතට රාහු කේතු හැර ඉතිරි ග්‍රහයින් බලපාන අතර බුලතේ අග මුල කොටස් දෙකට රාහු කේතු බලපාන බවට මතයක් තිබේ. බුලත් නැට්ට රාහුටද අනෙක් කෙළවර කේතුට ද අයත් වේ. බුලත් විට කන විට අග මුල කඩා දමන්නේ එම පාප ග්‍රහයින්ගේ ආකර්ෂනය ඇති නිසා අශුභතාවත් විෂ සහිත වන හෙයිනි.

 

 

කලාභූෂණ ශාස්ත්‍රශූරී කාව්‍ය විශාරද කිවිපති

සාමවිනිසුරු, ඡ්‍යොතිර්වේදී

අමුවල අමරසේන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.