සෞරග්‍රහ මණ්ඩලය

පෙබරවාරි 11, 2022

 

සූර්යයා

අප සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන තාරකාව සූර්යයාය. තාප ශක්තිය තත්පරයකට ටොන් හතළිස් ලක්ෂයක් (4 00 0000) වෙයි. මෙයින් පෘථීවියට ලැබෙන්නේ තත්පරයකට රාත්තල් 04 ක් පමණි. එයින් පෘථීවියේ ජීවශක්තිය රඳා පවතී. සූර්ය ගෝලයේ විෂ්කම්භය සැතපුම් අටලක්ෂ හැටහතර දහසක් (8,64000) වෙයි. මතුපිට උෂ්ණත්වය 6000ට0 කි. අභ්‍යන්තර උෂ්ණත්වය අංශක දෙකෝටියකටත් අධිකය. ආකර්ෂණ ශක්තිය පෘථිවියේ මෙන් 28 ගුණයකි. සූර්යයා තත්පරයකට සැතපුම් එකසිය පනහක වේගයෙන් චක්‍රවාටය වටා ගමන් කරයි. චක්‍රවාටය එක් වරක් තරණය කිරීමට අවුරුදු විසි අට දහස් අටසීයක් (28800) ගත වෙයි යනුවෙන් දැනගෙන තිබේ. සූර්ය ගෝලය අංශක 07 යි, කලා 10 ක් ඇලවී ගමන් කරයි. පෘථිවියේ මෙන් ගණ ද්‍රව්‍යයන් සූර්යයා තුළ නැත. තමා වටා එක් වාරයක් කරකැවීමට දින 24, පැය 10 ක් ගත වෙයි. සූර්ය රශ්මිය පෘථිවියට වැටීමට විනාඩි 08 ක් පමණ ගත වෙයි.

සූර්යයාගෙන් නිකුත් වන විවිධ ආකර්ෂණීය බලය හා ආලෝකය පෘථීවියේ සියලු වස්තූන් කෙරෙහි විවිධාකාර ලෙස බලපායි. සූර්යය ග්‍රහණයකදී පොළොවේ ඇති රත්රන් දුර්වර්ණ වී සැහැල්ලු වී ගුණ හීන වී යනු ඇත. ඒවා නැවත බරෙන්, වර්ණයෙන් හා ගුණයෙන් සම්පූර්ණ වන්නේ සූර්යයා සිංහ රාශි ගත වූ විටය. පරමාණු භූතාත්මකව නිර්මාණය වී ඇති සූර්ය ගෝලයේ රන්, රිදී,තඹ, යකඩ, ඊයම්, ජලකර හා අංගාර ආදී දේවලින් සංයුක්ත වී ඇත. මේ නිසා සූර්ය රශ්මිය රතු, නිල්, කහ, කොළ , විළිකුන්, රතුනිල්, කලුනිල් යන සප්ත වර්ණයකින් බැබළෙන්නේය.

යමෙකුගේ ජන්ම කේන්දරයේ හිරු දුර්වල වී සිටියේ නම් තේජස් හීන ගති ඇතිව පිත් කෝප වී රෝග ආදියට ගොදුරු විය හැක. පුද්ගලයාට රවි විවිධාකාර ලෙස බලපායි. ආත්ම ශක්තිය, දේශපාලන බලය, මහේශාක්‍ය ගතිය, වීර්යය, එසේම උෂ්ණය , පූජනීය ස්ථාන, ඔටුනු පලඳවන ස්ථාන, පිරිස් බලය, රාජ්‍ය සේවාව, විහාර දේවාල ආදී ස්ථානවලට ද රවීගේ බලය යොමු වී ඇත. රක්ත වර්ණයටත්, පද්මරාගයටත් රවීගේ බලය පැතිරී ඇත. රවි දුර්වල වූ විට සොර හිත, චංචල ගති, නිවට නියාලුකම, ප්‍රධානත්වය නොලැබීම, පහත් තත්ත්වයට ඇද දැමීම ආදි දේ සිදුවිය හැක. රවි හෘදය වස්තුවට අධිපතිය. ඇස්, රක්ත, නාඩි, පිත, රුධිර ධාවනය, මොළය, ස්නායු ආදියට රවි බලපායි. රවි පීතෘ කාරකයි. පුරුෂ ග්‍රහයෙකි. ඡ්‍යොතිෂ්‍යයේදී රවි පාපයෙකි.

චන්ද්‍ර

සූර්යයා ළඟට පෘථීවියට බලපාන ප්‍රධානතම ආකාශ වස්තුව චන්ද්‍රයාය. සූර්යයා විශ්වශක්තීන් පෘථිවියට ලබාදෙයි. සඳු ආපෝ බලයෙන් ඒ පදාර්ථ සංවිධාන ශක්තිය ලබාදෙයි. හිරු රැස් මඟින් පොළොවේ ඇති කරන වියළි ගතිය රාත්‍රියේදි සඳු ආපෝ බලයෙන් තෙත් කොට, සිසිල් කොට වස්තූන්ගේ වැසීමට යොමු කරයි. මේ අනුව සෑම ක්‍රියාකාරි හේතුවකටම අවශ්‍ය ශක්තිය සූර්යයාගෙන් ලැබෙන අතර, සියලු වස්තූන්ගේ පැවැත්මට අවශ්‍ය පරිදි ශක්තීන් හසුරුවනු ලබන්නේ චන්ද්‍රයා විසිනි. මේ නිසා සූර්යයා ග්‍රහමණ්ඩලයේ පියා ලෙස ද, චන්ද්‍රයා මව හැටියට ද සලකනු ලැබේ.

පෘථිවිය සූර්යයා වටේ ගමන් කරයි. චන්ද්‍රයා පෘථීවිය වටා ගමන් කරයි. පෘථිවියේ සිට චන්ද්‍රයාට ඇති වැඩිම දුර සැතපුම් දෙකෝටි පනස් දෙලක්ෂ හත්සිය දහය (2 52 710) කි. මධ්‍යම දුර සැතපුම් 2 35 000 ක් වෙයි. අඩුම දුර සැතපුම් 2 25 462 කි. චන්ද්‍රයාගේ විෂ්කම්භය සැතපුම් 2160 කි. පෘථීවියේ කොටසක් කැඩීයාමෙන් චන්ද්‍රයා සෑදී ඇතැයි පිළිගෙන ඇත. පෘථීවිය වටා එක් වරක් ගමන් කිරීමට දින 27, පැය 07, විනාඩි 43 ක් ගත වෙයි. ස්වකීය අක්ෂය වටා ගමන් කිරීමේදී මෙපමණ කාලයක් ම ගත වෙයි. චන්ද්‍රයාගේ ආකර්ෂණය හේතු කොට ගෙන වඩදිය බාදිය ඇති වෙයි. පෘථිවියේ සියලු වස්තූන්ගේ නිර්මාණයට හේතු වී ඇත්තේ චන්ද්‍රයාගේ අයෝමය බලය වෙයි. චන්ද්‍රයා මිනිසා කෙරෙහි විවිධ බලපෑම් ඇති කරයි. ස්ත්‍රීන්ට ස්වභාවයෙන්ම ඇති වන මාසික ඔසප් වීමට චන්ද්‍රයාගේ බලපෑම ඇත. ස්ත්‍රී කේන්දරයක 2,4,5,7,8,9,12 යන භාව වලට සඳු පැමිණි කල කුජ විසින් දකිනු ලැබේ නම් එකල ස්ත්‍රියගේ ඍතුවීම සිදු වෙතැයි සලකා ඇත. මිථුන, කන්‍යා, තුලා, ධනු ප්‍රවෘධීයේ හා කුම්භ යන රාශි වලින් එකක් වී චන්ද්‍රයා එහි සිටි කුජගේ දෘෂ්ටියට ලක් වේ නම් සුදුසු වයසට පත් යෞවනියන්ගේ මල්වරය සිදු වෙතැයි කියා තිබේ. චන්ද්‍රයා සිතට අධිපතිය. යම් කෙන්ද්‍රයක සඳු පාප දෘෂ්ටි සංයෝග වන කල අපිරිසුදු කිළිටි සිත් ඇති වෙයි. සඳුගේ ආකර්ෂණයෙන් තොර වූ අයට කිසිවක් කළ නොහැකිය. චන්ද්‍රයා ස්ත්‍රී ග්‍රහයෙකි. මාතෘ කාරකය. එඩිතර ගතියෙන් හීනය. මොළොක් ගතියෙන් යුක්තය. එහෙත් චන්ද්‍රයාට ද සූර්යයාට මෙන් රජකම ලැබෙන අවස්ථා ඇත.

සෙම් බහුලකම, සියුම් ඉන්ද්‍රී, මොළය , සිරුරේ තෙතමනය, මේදය, ආමාශය, මුත්‍රාශය, උගුර, ස්ත්‍රින්ගේ පයෝදරය, කාසය, ඇදුම, වලිප්පුව, සන්නි රෝග, පෙණහලු රෝග, මානසික ආබාධ, ග්‍රහණිය, ඇපෙන්ඩිසයිටිස්, (උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය) කලු නහර මතු වීම, ඇස් රෝග, වකුගඩු රෝග, අපස්මාරය, බෙල්ල මහත්වීම, පක්ෂාගාත රෝග යනාදිය චන්ද්‍රයා නරක්වු විට සෑදෙන ඒවාය. එසේම චන්ද්‍රයා බලවත්ව සිටී නම් කරුණාව, මෛත්‍රිය, ජනහිතකාමී බව,අනුකම්පාව, අනුන්ට සැලකීම ආදී ගුණාංග පිහිටන බවත් සඳු නරක් වූ විට ප්‍රතිවිරුද්ධ තත්ත්වයන් උදා කරන බවත් කියා තිබේ. පුර පක්ෂයේ චන්ද්‍රයා සුබ වශයෙන් ද, අව පක්ෂයේ චන්ද්‍රයා අසුබ වශයෙන් ද සලකනු ලැබේ. චන්ද්‍ර ග්‍රහණයකින් පසුව ශරීරයේ අභ්‍යන්තර හා මතුපිට සිදුවන අනිටු බලපෑම චන්ද්‍රයා කටක රාශි ගත වූ විට මඟ හැරෙයි.

කුජ

කුජ පෘථීවියට එක් දිශාවකින් ළඟින්ම ඇති ග්‍රහයායි. සූර්යයාගේ සිට කුජ ග්‍රහයාට මධ්‍යම දුර ප්‍රමාණය සැ. 14 20 00000 කි. අඩුම දුර සැ. 3 50 00000 කි. වැඩිම දුර සැ. 24 70 00000 කි. කුජගේ විෂ්කම්භය සැ. 2415 කි. ඝනත්වය පෘථීවි ඝනත්වයෙන් 1/10 කි. තම අක්ෂය වටා වරක් කරකැවීමට පැය 24 මිනි. 378 තත්. 22 ක් ගත වෙයි.

හිරු වටා එක් දිනක් යෑමට දින 687 ක් ගත වෙයි. වේගය තත්. සැත. 15 කි. කුජ ග්‍රහයා වටා ගමන් කරන චන්ද්‍රයෝ දෙදෙනෙක් ඇත. පුරුෂ ග්‍රහයෙකි. ඡ්‍යොතිෂ්‍යයේදි කුජ පාපියකු ලෙස ගැනේ. “භූමි පුත්‍ර” යන නමින් ද පුරාතනයේ කුජ හැඳින්වූහ.

මිනිසාගේ ධෛර්යය, එඩිතරකම, සටන්කාමී බව, අලුත් දේට පි‍්‍රය වීම, අමුතු අදහස් පහළ කරවීම, ආත්ම විශ්වාසය, කාමාශාව වේගවත් කිරීම, වාද විවාදවලට පෙලඹවීම ආදී තත්ත්වයන් කුජ විසින් ඇති කරනු ලබයි. එසේම කඩිසර බව, නායකත්වය, පාලන බලය, සතුරන් මර්දනය කිරීම ආදි ලෞකික බලවේගයන් කුජගේ බලපෑම නිසා ඇති කරයි. යමකුගේ කේන්ද්‍රයෙහි කුජ දුර්වල නම්

ප්ලූටෝ

සූර්යයාට ඇති දුර සැ. කෝටි 400 කි. විෂ්කම්භය සැ. 37000 කි. හිරු වටා වරක් යෑමට අවු. 247 මාස 07 ක් ගත වෙයි. මතුපිට පවතින උෂ්ණත්වය පැරන්හයිඩ් අංශක 400කි. එක් රාශියක ගමන් කරන කාලය අවුරුදු 21 කි. ප්ලූටෝ සොයාගනු ලැබුයේ 1930 ජනවාරි 23 දින “බොම්බෝ” නම් තාරකා විද්‍යාඥයා විසිනි. කලියුගයේ අවසාන කාලයේදී ප්ලූටෝ ග්‍රහයාගේ බලපෑම වැඩිවන බවත්, එය පෘථීවියේ විනාශයට හේතුවන බවත්, දැනගෙන තිබේ. පැරැන්ණන් “යම” ග්‍රහයා යනුවෙන් ප්ලූටෝ හඳුන්වා ඇත.

ඉන්ද්‍ර, වර්ණ යම යන ග්‍රහයින් තිදෙනා සූර්යයාට ළං වූයේ පෘථීවියේ ස්වභාවික තත්ත්වය විකෘති කිරීම යි. (මොවුන්ගේ බලපෑම පොදුවේ ඇති කරන බැවින් කේන්ද්‍රයට සටහන් කිරීම ප්‍රයෝජනවත් නැත) එය ධම්ම නියාමයට අනුකූලය. කේන්ද්‍රයේ එක් එක් රාශිවලට මෙම ග්‍රහයින් යොදා ප්‍රතිඵල කීමට උත්සාහ කිරීම අසාර්ථක ප්‍රයත්නයකි.

රාහු – කේතු

රාහු කේතු යනු පෘථිවිය කෙරෙහි බලපාන ප්‍රබලතම බලවේග දෙකකි. ඒවා ග්‍රහලෝක නොවෙයි. සමහරු ඡායා ග්‍රහයින් ලෙස හඳුන්වා ඇතත් එය ද මිථ්‍යා විශ්වාසයකි. තේරුම් ගැනීමට අපහසු ග්‍රහයෝග නොවන මෙම අරුම පුදුම රාහු කේතු යන දෙදෙනාටම ඡ්‍යොතිෂයේ ඉහළම තැනක් දී ඇත. මේ දෙදෙනා දැන ගත හැක්කේ ගණිත ක්‍රමයෙන් පමණි. වස්තූන් නොවන බැවින් ප්‍රත්‍යක්ෂ නොවේ.

වසර 18කදී රාහු කේතු දෙදෙනා රාශි චක්‍රය වටා වරක් ගමන් කරනු ඇත. පෘථීවියේ ස්වභාවික තත්ත්වය ගොඩනැඟීම පෘථිවිය විසින්ම ඇති කරනු ලබන අන්ත දෙකක බලපෑම රාහු – කේතු යනුවෙන් හැඳින්වෙයි. මෙම අන්ත දෙක පෘථීවියේ උත්තර ධ්‍රැවයෙන් හා දක්ෂිණ ධ්‍රැවයෙන් මතු වෙයි. උතුරින් මතුවීම රාහු වශයෙන් ද, දකුණින් මතුවීම කේතු වශයෙන් ද සැලකේ. පෘථීවියට එළඹෙන සියලු විශ්වශක්තීන් හසුරුවනු ලබන්නේ මෙම දෙදෙනා විසිනි. රාහුගේ වෙනස +(ධන) වශයෙන් ද කේතුගේ වෙනස - (ඍණ) වශයෙන් ද සැලකේ. + හා – බලපෑම විදුලිය ශක්තිය නිපදවීමට ඉවහල් වෙයි. තවදුරටත් පැහැදිලි කරතොත් ධ්‍රැව රේඛාව උතුරින් අහසට නැඟ චන්ද්‍ර කක්ෂය කැපෙන ස්ථානය රාහු ලෙස ද ස්ථානවල රෝග සෑදීම බුධ නිසා සිදු වෙයි. එසේම බොරුව, වංචාව, රැවටිලි, ප්‍රයෝගකාරි ගතිය, හොර අත්සන් තැබීම, බැංකු – ගෙවල් බිඳීම, රහස් කුමන්ත්‍රණ ආදිය බුධ නරක් වූ විට පහසුවෙන් කළ හැක. දිව , පෙණහලු, නාසය, හිස, නහර ආදියට බුධ බලවත් වෙයි.

ගුරු

ග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයාය. සූර්යයාට ඇති දුර ප්‍රමාණය සැ. 483500000 කි. සූර්යයාගේ සිට වැඩිම දුර සැ. 56000000 කි. පෘථීවිය මෙන් 318 ගුණයක් විශාලය. සූර්යයාට ළං වූ විට දුර සැ. 4 60 00000 කි. තම අක්ෂය වටා වරක් ගත වෙයි. බ්‍රහස්පති වටා ගමන් කරන චන්ද්‍රයෝ 16කි. මතුපිට පවතින උෂ්ණත්වය පැරන්හයිට් අංශක 200 ක් පමණ වෙයි. ගුරු ලෝකයෙන් පෘථීවියට ලැබෙන ශක්තිය මිනිසාගේ සදාචාර ගුණ දියුණු කිරීමට ඉවහල් වෙයි. මිනිසාගේ අභ්‍යන්තර හා බාහිර සංවර්ධනය, ඇසුරට පි‍්‍රය උපදවන, කුළුපග බව, ඥානය , අනුකම්පාව, විශ්වාසවන්ත බව, කලබල නොවන ගතිය, ගෞරවය, නීති ගරුක බව ආදි ගුණාංග ගුරුගේ ශක්තිය මත ගොඩනැඟේ. මේ නිසා ගුරුට සුරගුරු යැයි ද නමකි. ගුරු පුත්‍ර කාරකය. ධන කාරකය. ඉෂ්ට කාරක බුධගේ දෘෂ්ටිය ගුරුට වැටීම ඥාන යෝගයකි.

ගුරු, කුජ දෙදෙනාගේ සංයෝගය කටයුතු අවුල් වීමට ද අධික වියදම්වලට ද, හේතු වෙයි. ගුරු ලෝකෝත්තර ඉෂ්ට ග්‍රහයෙකි. ශරීරයේ තෙල හා ස්ථූල බව, මස්පිඬු , පෙණහැල්ලේ ජල සිවිය යන ස්ථානවල ගුරු අධිපති වෙයි.

ගුරු නරක් වූ කල ශරීරය මහත්වීමෙන් සෑදෙන රෝග, ලේ විෂ වීම, පෙණහලුවල දිය පිරෙන ප්ලූරසි නම් රෝගය, විදුරුමස් දියවීම, පීනස, බඩ පුරවා දැමීම, සෙංගමාලය, මුත්‍ර සමඟ ධාතු පිටවීම, දියවැඩියාව, සන්නිපාත උණ ආදි රෝග වැළඳීමට ඉඩ ඇත. ධෛර්යය හීන ඔතෑනි අයෙකි. කුජ නරක් වූ විට උෂ්ණ රෝග, හදිසි අනතුරු, රණ්ඩු දබර ආදියට පෙලඹෙයි.

නළල, නාසය, රහස් ඉන්ද්‍රිය, ලේ, මස් පිඬු යන ශරීර අංගවලට කුජ අධිපති වෙයි. ශරීරයේ ලේ ධාතුව, ලේ නහර, වකුගඩු හා හන්දිවලට ද කුජගේ බලපෑම එල්ල වේ. ආයුධ තුවාල, වස විෂ, අනතුරු, මුත්‍ර අඩස්සිය, රක්තවාතය, වසූරිය, සරම්ප, පැපොල, ගබ්සා වීම කුජ නරක් වීම නිසා සෑදෙයි. ඉඩම්වලට ද භූමියට ද කුජ බලවත් වෙයි. පාට රතුය, කුජ ලෝකයෙන් නිකුත් කරන ශක්තියෙන් පෘථිවි ජීවින්ගේ ශක්තිය ආරක්ෂා කරයි. ප්‍රජා වර්ධනයට අවශ්‍ය බලපෑම් කුජගෙන් ලැබේ. ගස වැල් ආදියේ මල් ඵල හට ගැනීමට ද මිනිසා තුළ කාමච්චර සිත් දියුණු කිරීමට ද, ස්ත්‍රින්ගේ ප්‍රථම රජසට ද ඍතුවීමට ද, දරු ප්‍රසූතියට ද කුජ බලපෑම් ඇති කරයි. කුජ සියලු කේන්දරවලට සහෝදර කාරකය. ස්ත්‍රී කේන්දරවලට පමණක් පුරුෂ කාරකය.

බුධ

බුධ ග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහයා වෙයි. විෂ්කම්භය සැ. 3000 කි.තත්. සැ. 23 ක වේගයෙන් හිරු වාට කරකැවෙයි. හිරු වටා එක් වරක් යෑමට දින 88 ක් ගත වෙයි. සූර්යයාගේ සිට වැඩිම දුර සැ. 436 00000 කි. අඩුම දුර සැ. 28600000 කි.සෑමදාම එක් පැත්තක් අඳුරුයි. ඥාන කාරකයි. ද්වි ස්වභාවයක් ඇත්තෙකි. රවිට ආසන්නම ග්‍රහයා බුධයි. නපුංශක ග්‍රහයෙක් ලෙස සලකයි. සිසිපුන් යනු ද නමකි. බුධ ලෝකය අංශක 07 ක් ඇල වී ඇත.

නුවණ අධිපතිය. කාව්‍ය කරණය, න්‍යාය ශාස්ත්‍රය, විදුලිය, තැපැල් දුම්රිය ආදි අංශවලට යොමුවීමට බුධ බලපෑමෙන් සිදුවෙයි. පාපියෙකු සමඟ එක් වූ කල බුධ පාපී ග්‍රහයෙකි. සුබයෙකු සමඟ එක්වූ කල සුබ ග්‍රහයෙකි. වාග් ශක්තිය, ගණිතය, කවටකම, පොතපත් කියවීම, සිල්වත් කම, කථිකත්වය, චිත්‍ර කර්මය හා සියුම් කර්මාන්ත ආදිය පිළිබඳ දක්ෂතා ඇති කිරීමට බුධගේ බලපෑම ඉවහල් වෙයි සමාජය කථාවෙහි වශී කරන්නෝද, රස ආහාර වෙළෙන්දෝ ද සනීපාරක්ෂක ද්‍රව්‍ය වෙළෙන්දෝ ද නීතිවේදියෝ ද යන්ත්‍ර මන්ත්‍ර කරන්නෝ ද, බුධගේ බලය ලද්දෝ වෙති. බුධ නරක්වූ විට ගොලු බව , සිහිකල්පනාව අඩුවීම, ඉගෙනීම දුර්වල වීම ආදි අනිටු ඵල උදා වෙයි.

 

සිකුරු (ශුක්‍ර)

පෘථිවියට ආසන්නම අනෙක් ග්‍රහයා සිකුරුය. සූර්යයාගේ සිට දුර සැ. 67270000 කි. විෂ්කම්භය සැතපුම් 77000 කි. හිරු වටා යන සාමාන්‍ය වේගය තත්පරයකට සැ. 22 කි. තම අක්ෂය වටා වරක් ගමන් කිරීමට දින 30 ක් ගත වෙයි. හිරු වටා එක් වටයක් යෑමට දින 225 ක් ගත වෙයි. සිකුරු ග්‍රහයා ගුරුගේ පුත්‍රයා ලෙස හැඳින්වෙයි. ස්ත්‍රි ග්‍රහයෙකි. කාමාවචර සිත් ඇති වීමට සිකුරුගේ බලය මුල් වෙයි. සිකුරු ලෝකය සුදු හිම වළාවකින් වැසී ඇත. සත්වයාගේ කාමාවචර සිත් ඇති කරණ හෙයින් ශුක්‍ර යන නමින් හඳුන්වා ඇත. කාමාවචර බව වායුවේ රළු ගතියෙන් ද,ආධ්‍යාත්මය වායුවේ සියුම් බවින් ද ඇතිවේ.බුධ ශක්තියෙන් වායුව සියුම් කරයි. සිකුරු ශක්තියන් වායුව බර කරයි. බුධ සිකුරු සංයෝගයෙන් ජීවින්ගේ උත්පත්ති බලය ගොඩ නැඟීමට ඉවහල් වෙයි. කුජ, ශනි දෙදෙනාගේ ශක්තිය සමඟ එය ගැටීම නිසා වේගවත් වෙයි.අවිද්‍යාවෙන් අවිද්‍යාවන් භව තෘෂ්ණාවත් ඇති වීමට මූලික වෙයි. මේ තත්ත්වය සුමඟට යොමු කරනු ලබන්නේ ගුරුගේ ශක්තියෙනි. මිනිසාගේ ශෝභන ශක්තිය, මතය හා ලෞකික කුසලතා ආදියට සිකුරු අධිපතිය. පිරිසිදුකම, පී‍්‍රතිය, පේ‍්‍රමය,කරුණාව, යහපත් විවාහය, කෙළි සෙල්ලම් වලට ආශාව, අධික වියදම්, සංගීතයට පි‍්‍රය වීම, සාහිත්‍ය රසය ස්ත්‍රිපුරුෂ පි‍්‍රය ඇසුර, සිකුරුගේ බලපෑමෙන් සිදුවෙයි.

මොහුගේ බලය ආදරය සොය සොයා යන්නක් සේ වෙයි. සිකුරු ලෞකික ඉෂ්ටතම ග්‍රහයෙකි. දහවල් උපනුන්ට සිකුරු වෙයි.ස්ත්‍රි කාරකය. සැහැල්ලු ආහාර තරුණ පෙනුම, පි‍්‍රයංකර කථාව, කාම සහභෝගී විවාහ සිකුරුගේ බලය යෙදවීමෙන් වෙයි.

සෙනසුරු (ශනි)

තෙතමනය අඩුම ග්‍රහලොව සෙනසුරුය. විෂ්කම්භය සැ. 75000 කි. උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය තෙක් අඩුම දුර සැ. 67000 කි. ශනි සිට රවි ග්‍රහයාට දුර ප්‍රමාණය සැ. 88 70 00000 කි. වැඩිම දුර සැ. 84 10 00000 කි. පෘථීවිය මෙන් 95 ගුණයක් විශාලය. හිරු වටා යෑමට අවුරුදු 29 1/2ගත වෙයි. තත්පරයකට සැ. 6 ක වේගයෙන් හිරු වටා ගමන් කරයි. ඝනතාවයට ජලයට වඩා අඩු බැවින් ශනි දකුණින් අහසට නැග චන්ද්‍ර කක්ෂය කැපෙන ස්ථානය කේතු ලෙස ද සැලකෙයි. මෙම ෂඩ් ස්ථාන නැවත හමුවන්නේ දින 563 කට පසුවයි. පෘථිවියේ භ්‍රමණ වේගයෙන් ඇතිවන බලපෑම් දෙකක් රාහු, කේතු යනුවෙන් හැඳින්වෙන බව මෙම කරුණු අනුව පැහැදිලි වෙයි. පෘථීවියේ උත්පාදක ශක්තියේ වේගය වැඩිවීම රාහුගේ බලපෑම මත ද, උත්පාදක ශක්තිය දුර්වල වීම කේතුගේ බලපෑම මත ද සිදු වන බව පෙනේ. කෘත යුගයේදී කේතුගේ බලපෑම ද, කලියුගයේ දි රාහුගේ බලපෑම ද වැඩිවෙයි.

මෙම ග්‍රහයින් දෙදෙනා මිනිසා කෙරෙහි බලපාන ඉෂ්ට, අනිෂ්ට තත්ත්වයන් ගැන සලකා රාහුගේ ඔළුව නයි හිසකින් ද, ශරීරය මිනිසකුගේ මෙන් ද, නිර්මාණය කර ඇත. කේතුගේ හිස, මිනිස් හිසකින් ද ශරීරය නයි කඳක් මෙන් ද අදහස් වෙයි. රාහුගේ ප්‍රධාන ක්‍රියාව ඇවිද්දවීම වන අතර, කේතු අසනීප කොට හකුළුවා තබයි. ඔළුව නැති නිසා රාහු මිනිසාගේ මොළය අවුල් කරන අතර, කේතු සිහිබුද්ධිය ඇති කොට ඉගෙනීමට පොලඹවයි.

රාහු ලැබූ පසු ඉගෙනීම අවුල් කරයි. කේතු ඉගෙනීම දියුණු කරයි. රාහු වස්තුව දෙයි. කේතු වස්තුව නැති කරයි. රාහු පුද්ගලයා ප්‍රකට කරන අතර, කේතු පුද්ගලයා සඟවා තබයි. රාහු, මිථුන ,කන්‍යා, මේෂ, වෘෂභ, කටක, කුම්භ යන රාශිවලදී ප්‍රතිඵල දෙන අතර, කේතු ඊට ප්‍රතිවිරුද්ධ රාශිවල ප්‍රතිඵල දෙයි.

පෘථීවිය

සෞරග්‍රහ මණ්ඩලයට අයත් තුන්වන කක්ෂයේ ගමන් කරන ග්‍රහලෝකය පෘථීවියයි. සූර්යයාගේ සිට ඇති දුර සැ. 9 30 00000 කි. විෂ්කම්භය සැ. 7926 කි. සූර්යයා වටා වරක් ගමන් කිරීමට දින 365 පැය 6 ක් ගත වෙයි. ගමන් වේගය තත්පරයකට සැ. 18 1/2 කි. තම අක්ෂය වටා වරක් ගමන් කිරීමට පැය 24 ක් ගත වෙයි. නිරක්ෂයෙන් උතුර භූ අර්ධ ගේලය වශයෙන් ද, නිරක්ෂයෙන් දකුණ ජලාර්ධ ගෝලය වශයෙන් ද හැඳින්වෙයි. උතුරේ ක්‍රියාකාරි වේගය වැඩිය. දකුණේ ක්‍රියාකාරි වේගය අඩුය. පෘථිවියේ කැරකීම නිරක්ෂයේ පවතින වේගය පැයට සැ. 1000ක පමණ වන අතර, උතුරේ හා දකුණේ නිවර්තන ආසන්න ප්‍රදේශවල වේගය පැයට සැතපුම් 700 ක් පමණ වෙයි. සෑම මහා යුගයක් අවසානයේදීම පෘථිවිය විනාශ වෙයි. එය එක් වරම සිදුවන්නක් ද නොවේ. විවිධ ජාතින් අතර යුද ග්‍රහයා ජලයෙහි බහාලියහොත් දියමත පාවෙයි. දිරාගිය ලීයක් බඳුය. ශනි ලෝකයේ චුම්භකය දිරා ගොස් ඇත.

කාමාවචර සිත්වලින් තොර ආධ්‍යාත්ම බලයෙන් වැඩි චිත්ත වේග ඇති කිරීමේ ශක්තිය මොහු තුළ ඇත. ලෞකිකත්වය විනාශ කිරීමේ බලයක් ශනි ග්‍රහයා හිමි කර ගෙන ඇත. ශනි වටා දර්ශනීය වළලු 3 ක් ඇත. මේවා ශනි වටා ගමන් කළ චන්ද්‍රයින් තිදෙනකු විනාශ වී සෑදෙන්නට ඇතැයි විශ්වාස කරයි. දැනට ශනි වටා ඇති චන්ද්‍රයින් ගණන 17 කි. ශනිගේ වායූ ගෝලය සැතපුම් 15000ක් පමණ විහිදේ. මෙහි ඇමෝනියා, නයිට්‍රජන්, මීතේන් යන වායු අඩංගුය. ජල වාෂ්ප රහිත දූලි අංශු මෙම වායුගෝලයේ පැතිරී ඇත. විහිදෙන ශක්තිය ජීවින්ට අහිතකරය. කලි යුගයේදි ශනිගේ ශක්තිය වැඩිය. ශනි මිනිසාට කුසල කර්ම මෙන්ම අකුසල කර්ම ද බලවත් ලෙස ලබා දෙයි. කේන්ද්‍රයේ ශනි ඉෂ්ට කාරක වී ඉෂ්ට සමාන ගතවී නම් කුසල ආනිසංස ලබා දෙයි. ප්‍රතිවිරුද්ධ තත්ත්වය ද එසේමය. මුත්‍රාශය, පක්වාශය, දත්, ඇට, ඇල දිව, පිටකොන්ද යන ස්ථාන ශනිට අයත් වෙයි. ශනි නරක් වූ විට වම් පස බොහෝවිට බිඳේ. වාත රෝග, දත් දිරා යෑම, කන් බිහිරි වීම, උගුර යටි බඩ කොර වීම, පිළිකා ගෙඩි, ඔක්කාරය, පක්ෂාගාත රෝග ආදිය සෑදේ. බැලස්නින රෝගය, ගලපටල රෝගය, ශනිගෙන් සෑදෙන බව සොයාගෙන තිබේ. බළල්, වෘක, වළස්, බලු, ඔටු , කිඹුල් ආදී සතුන්ට ද වවුල් බකමුණු ආදීන්ට ද තල, මුං ආදී පැළෑටි වලට ද ශනි බලපායි.

නැප්චූන්

1846 දී නැප්චූන් ග්‍රහයා සොයා ගෙන ඇත. මෙහි විෂ්කම්භය සැ. 33000 කි. සූර්යයාට ඇති දුර සැ. 27970 00000 කි. තම අක්ෂය වටා වරක් යෑමට පැය 15 වි. 45 ක් ගත වෙයි. සූර්යයා සූර්යයා වටා එක් වරක් යෑමට අවු. 164 ක් ගත වෙයි. වේගය තත්පරයකට සැ. 3 1/2 කි. නැප්චූන් වටා ගමන් කරන චන්ද්‍රයෝ 2 ක් වෙයි. මෙම ග්‍රහයාගේ බලපෑම පෘථීවියේ සිටින ජීවින්ගේ විවිධ රෝග බෝවීම සඳහා ඉවහල් වෙයි. නිශ්චල කළ නොහැකි අති බිහිසුණු රහස් රෝග ඇතිවීමට හේතුව නැප්චූන්ගේ බලපෑමයි. තෘණ ලෝකයේ බීජනාශක තත්ත්වයක් ඇතිවීම, නිසා ගොවිතැන් පාළු වීමට ද ඉඩ ඇත. පුරාතනයන් නැප්චූන් ග්‍රහයා, “වරුණ” යන නමින් ද හඳුන්වා ඇත.

කෝලාහල, වසංගත රෝග, සුළි සුළං , වඩදිය, බාදිය, තර්ජන ඇතිවී උත්තරාර්ධ ගෝලය ජලයෙන් වැසී යනු ඇත.

දක්ෂිණාර්ධ ගෝලයේ භූමිය යළිත් වහා නැඟේ. පෘථිවි මධ්‍යයේ සැ. 400 ක විෂ්කම්භය ඇති ඝන ලෝහ ගෝලයක් ඇත. චුම්භක ශක්තිය ඇත්තේ එහිය. එය වටා සැ. 1900 ක ඝන ස්ථරයක් ඇත. එය පාෂාණයෙන් සෑදි ඇත. ඉන් පිටත සැ. 50 ක ඝනකම ඇති පාෂාණ වර්ග ඇති ස්ථරයකි. ඉන් ඔබ්බට සැ. 70 ක් පමණ වූ පෘථීවි පෘෂ්ඨය වෙයි. ගහකොළ, ගංගා, මුහුදු හා මිනිස් වාසය එය මතුපිට පවතියි. පෘථීවියේ ආයුෂ කාලය අවු. 432 0000000 කි. එයින් දැනට ගෙවී ඇති කාලය අවු. 197 249 00000 කි. පෘථිවි චුම්භක ගෝලයේ ශක්තිය මත එහි ක්‍රියාකාරි බලය හා ආයුෂ රඳා පවතියි. වායුගෝලයේ සංයෝග වන හයිඩ්‍රජන් හා ඔක්සිජන් නිසා උත්පාදන බලය වැඩි වෙයි. උත්පාදන ශක්තිය නිසා පෘථීවි ශක්තිය හීන වෙයි. ලෝහමය තත්වය අනුක්‍රමයෙන් විනාශ වෙමින් උත්පාදන ශක්තිය ඇති කරනු ලබයි. ලවණ ශක්තිය ඇති වෙයි. ලවණ සත්ව ජීවිතයේ පැවැත්මට අවශ්‍ය වේ. ලවණ පදාර්ථ අසීමිත ප්‍රමාණයක් ලද හොත් ශරීර ශක්තිය හීන වෙයි.ඕනෑම ග්‍රහ ලෝකයක එම ග්‍රහ ලෝකයේ න්‍යෂ්ටිය වටා ලෝහමය ද්‍රව්‍යයන්ගෙන් යුත් මාධ්‍යයක් වෙයි.

 

ඡ්‍යොතිෂ විද්‍යා විශාරද

දේශමාන්‍ය මහාචාර්ය

හේමපාල පතිරණ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.