ජාතික ගීය ජාතික පුෂ්පය හා ජාතික වෘක්ෂය

පෙබරවාරි 4, 2022

ශ්‍රී ලංකාවේ නිල වශයෙන් පිළිගන්නා දේශාභිමානී ගීතයක් නිර්මාණයකොට ගායනා කිරීමෙන් රටවැසියා තුළ තම රට පිළිබඳව ඇතිවන්නේ මහත් භක්තියක් මෙන්ම මහත් සතුටකි. නමුත් පසුකාලීනව ආනන්ද සමරකෝන් මහතා විසින් රචනා කරන ලද නමෝ නමෝ මාතා ගීතය එකදාස් නමසිය පනස් එකේ නොවැම්බර් මස විසි දෙවනදා කැබිනට් මණ්ඩලය මඟින් අනුමතකොට ගායනා කරන ලදී. එහෙත් ගීතයේ මුල්වචනවල නමෝ නමෝ මාතා හි යම් දෝසයක් ඇතිබවට තහවුරුවීම නිසා එකදාස් නමසිය පනස්නමයේ දී එය වෙනස්කොට ශ්‍රී ලංකා මාතා යනුවෙන් සංශෝධනය කොට ගායනා කරන ලදී.

ජාතික ධජය

රටේ ස්වෛරීභාවය පිළිබිඹුවන ජාතිකකොඩිය නිසි ගෞරවය දැක්වීම රටවැසියාගේ පරම යුතුකමක් මෙන්ම වගකීමකි. ජාතික කොඩියේ විශේෂාංග කහපාට සාමය අවිහිංසාව සත්‍යය හා බුද්ධිමත් බවයි. රතුපාට බුද්ධිගෝචර අවිහිංසාවාදී සමාජය බෝපත් සතර මෙත්තා කරුණා, මුදිතා, උපේක්ෂා, යන සතර බ්‍රහ්ම විහරණ, සිංහයා ආත්ම ශක්තිය ආත්මවිශ්වාසය ප්‍රෞඪත්වය, සිංහවර්ණය එඩිතරබව දහමට අනුව විනයානුකූලව හැසිරීම කේශරමාලාතුන තෙරුවන් පිළිබඳ විශ්වාසය, ශ්‍රමය, සෘජුබව, ශක්තිමත් බව නාසය නිවැරදි විනිශ්චය, අයාගත් මුඛය නිර්භීත බව ප්‍රකාශ කිරීම දිව සත්‍යවාදී බව, ඇස ජනතා ප්‍රශ්න දෙස බැලීම, කේසර රැළි විසිහතර, චතුර්විධ ක්ලේශ සතර, අගති භෝග විනාශ මුඛ සදිසාවන් සතර සංග්‍රහවස්තු හිස වලිගය දෙසට අක්ෂගතවීම පාලත පාලිත සමානාත්වය, වලිගය ස්ථාන දෙකකින් නැමීම ශ්‍රමය, ධනය කැපවීම වලිගයේ කේෂර කැරලි අට ආර්ය අෂ්ටාංගික මාර්ගය, පාද සතර උට්ඨාන සම්පදා ආරක්ෂක සම්පදා කල්‍යාණ මිත්‍රතා සම ජීවිකතා අසිපත අසාධාරණයට එරෙහි සටනටයෑම කඩුව අල්ලාගත් ඇඟිලි සතර චතුරාර්ය සත්‍යය කඩුතලය දසරාජ ධර්මය, කොළපාට තීරුව මුස්ලිම් ජනතාව, තැඹිලිපාට දමිල ජනතාව රතුපාට සිංහල ජනතාව ජාතික දින හා ජාතික වැදගත්කමක් ඇති උත්සවවලදී ජාතික කොඩිය ඔසවනු ඇත.

ජාතික පුෂ්පය - නිල් මානෙල්

මංගල ලකුණු එකසිය අට අතර පූජනීයත්වයට පත් නිල්මානෙල් මල දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍යක්‍රමයේ දී යොදා ගන්නා ප්‍රබල ඖෂධයක් ද වේ. දීර්ඝ ඉතිහාසයක් ඇති නිල්මානෙල් ක්‍රි.ව. පස්වන සියවසේ දී කාශ්‍යප රජු විසින් ගොඩනගන ලද සීගිරියෙහි ඇඳි චිත්‍රවල නිල්මානෙල් මල් අතින්ගත් සීගිරි ලලනාවියන්ගේ දක්නට ඇත. හංස සන්දේශය, සැළලිහිණි සන්දේශය හා පරෙවි සන්දේශය යන කාව්‍යවල නිල්මානෙල් මල ලලනාවියන්ගේ ඇසට උපමාකොට ඇත. අපේ ජාතික පුෂ්පය වන නිල්මානෙල් මල සත්‍යයේත් පාරිශුද්ධත්වයේත් සංකේතයක් ලෙසත් සැළකේ. ඉංගී‍්‍රසි භාෂාවෙන් වෝටර්ලිලී (එචබඥප තඪතර) උද්භිද විද්‍යාත්මකව ව්රථනඩචඥච ඉබඥභචබච යන්නයි ඉහළ ඖෂධීය ගුණයකින් යුත් නිල්මානෙල් මලෙහි කඳ දළ, මල් බීජ හා නටු, මල් රේණුද ඇතුළු සියලු කොටස් ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොදා ගනිති. මුත්‍ර රෝග, සිරුරේ උෂ්ණාධික බවට, අතීසාරයට ආදී රෝග සඳහා ද ගනු ලබන එම ඖෂධය උෂ්ණාධික තෛල්ය ඇතුළු ඖෂධ රැසකටම ගනු ලබති. නිල් මානෙල් අල චන්දනාදී චූර්ණයට ඇතුළු බෙහෙත් නිෂ්පාදනයට එක්කර ගනී.

අපේ ජාතික වෘක්ෂය නාගස

බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන පූජනීය වෘක්ෂයකි. වැඳුම් පිදුම් ලබමින් පවතින නාගස බෞද්ධ හින්දු පූජනීය ස්ථානවල රෝපණය කර ඇත. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් පරිදි අටවිසි බුදුවරුන්ගෙන් මංගල, සුමන, රේවත හා සෝභිත යන බුදුවරුන් නාගසයට දී බුද්ධත්වයට පත්වීම නිසා නාගස පූජනීයත්වයට පත්ව ඇත. කොළ දිග්ව වැඩෙන රෝස පැහැති සුදු පාටැති පෙති හතරකින් යුත් සුවඳැති මල් ප්‍රසන්නතාවයකින් යුතුව දක්නට ලැබේ. නාගසාරියුම් යන ව්චඨචඵඵචපඪභථ යන උද්භිද විද්‍යත්මක නාමයෙන් හඳුන්වනු ලබන නාගස මනා පි‍්‍රයමනාප වෘක්ෂයකි. අප්‍රේල් හා ජුනි මාසවලට මල් හටගන්නා අතර, එහි සුවඳ මාසකීපයක් පුරාවටම පවතී. ආයුර්වේද ඖෂධ සඳහා යොදා ගන්නා නාමල් රේණු ප්‍රබල ඖෂධීය ගුණයකින් යුක්ත වේ. නාමල් ගසේ බෙහෙවින්ම යොදා ගනු ලබන්නේ පිරිත මණ්ඩපවල උඩු වියන්වලට හා දේවාල කෝවිල්වල සැරසිලිවලටය.

සූවිසි බුදුවරුන් අතරින් නා වෘක්ෂයට පිටදී බුද්ධත්වය ලැබ බුදුවරුන් නිසා මහත් පූජනීයත්වයට පත් වූ ජාතික වෘක්ෂය මතුබුදුවන මෛත්‍රී බුදුන් නා වෘක්ෂයට පිටදී බුදුවන බවටද විශ්වාසයේ පවතී.

 

 

බත්තරමුල්ල පැළවත්ත

රාජපුරවෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

 

 

සටහන - මාධ්‍යවේදී,

බී.ඇල්. ප්‍රේමරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.