නව වසරක් ඇර‍ෙඹයි

ජනවාරි 7, 2022

"ගී‍්‍රක අදිරජය පැවැති කාලයේ ගී‍්‍රසියේ බලවත් දෙවියකු ලෙස සැලැකුණු ජානුස් නමින් හැඳින්වුණු දෙවියාගේ නමින් හැඳින්වෙන සේ ජානු ආරි යන්න මුලට ගැනීමට වුවමනා වූ බලවතකු එම මාසය මුලට ගෙන එතැන් සිට වසර සකසා ගෙන ඇත."

 

2022 ජනවාරි පළමු වැනිදායින් තවත් නව වසරක් ඇරඹෙයි. වසර යනු වටයක් සැරීම යන අරුත දෙයි. එය අවුරුද්ද නො වේ. වටය කොතැනින් හෝ ඇරඹිය හැකි යි. දැනට භාවිත වන දින දක්නයේ හැටියට වසර ද එක් එක් බලවතුන් එක් එක් කාලසීමාවලදී තමනට වුවමනා හැටියට ඇරඹුම්පළ වෙනස් කැර ඇති බවට සාධක ද නැත්තේ නොවේ.

 

මුලදී මේ වසර මාරතු මසින් ඇරඹී ඇත. සැප්තැම්බර, ඔක්තෝබර . නොවැම්බර, දෙසැම්බර යන මාසවලින් ඒ බව පැහැදිලි වෙයි. ඉඥනබඥථඡඥප යනු හත් වැනි මස යන අරුත ද ,ර්‍ණජබධථඡඥප යනු අට වැනි මස යන අරුත ද ව්ධමඥථඡඥප යනු නම වැනි මස යන අරුත ද ච්ඥජඥථඡඥප යනු දස වැනි මස යන අරුත දෙ දෙයි. ඒත් දැන් ඒ මාස හතර නම වැනි, දස වැනි, එකොළොස් වැනි, දොළොස් වැනි තැන්වලට වැටී ඇත. ගී‍්‍රක අදිරජය පැවැති කාලයේ ගී‍්‍රසියේ බලවත් දෙවියකු ලෙස සැලැකුණු ජානුස් නමින් හැඳින්වුණු දෙවියාගේ නමින් හැඳින්වෙන සේ ජානු ආරි යන්න මුලට ගැනීමට වුවමනා වූ බලවතකු එම මාසය මුලට ගෙන එතැන් සිට වසර සකසා ගෙන ඇත.

ඒ වාගේ මැ ජුලියස් සීසරයන් ගී‍්‍රසියේ අගරජ වු සමයේ ජූලි මසට දින 31 කැර ගැනුමට පෙබරවාරියෙන් දිනයක් අඩුකැර ජූලි මසට එකතු කැර ඇත. ඉන්පසු ඔගස්ටස් සීසරයන් රජ වූ කාලයේ ඔහු ගේ නමට සබඳ වන අගෝස්තු මසට ද දින 31 ක් ඇවැසි යැයි කියා පෙබරවාරියෙන් තව දිනයක් අඩු කැර අගෝස්තු මස ද දින තිස් එකේ මසක් කැර ඇත. මේ තතු නොදත් ඇතැමුන් සුබ කටයුත්තකට පෙබරවාරි මාසයේ දිනයක නැකැත් ගන්නට ද කැමැති නැත. පෙබරවාරිය හඳුන්වන්නේ අඩු මාසය යන නමිනි. එය මුලාවකි. පෙබරවාරි මාසයේ සඳු අඩුවෙන් ගමන්කරන්නේ නැත. බටහිර ලොවේ බලවතුන් ඔවුන් ගේ රිසි පරිදි දින දක්නයේ දින ගණන් වෙනස් කැර ගෙන ඇතත් ග්‍රහයන් ඔවුන් ගේ රිසි පරිදි ගමන් කරන්නේ නැත. එ හෙයින් පෙබරවාරිය අඩු මාසයක් ලෙස සැලැකීම මුලාවකි.

තවත් සමහරු වසර ද අවුරුද්ද යන නමින් හඳුන්වති. එය ද බලවත් වරදකි. අවුරුද්ද යනු සිංහල ජාතියේ වෙසෙසි දිනය යි. එය වසර නොවේ. අ+වරු+දු යන කොටස් තුන එක්වී ඒ වදන සෑදී ඇත. ඉංගිරිසියෙහි ඒ අරුත දෙන වදනක් නුවූයෙන් ඉංගිරිසි පාලන කාලයේ එයට ද ව්ඥඹ රඥචප යන්න යොදා ගැනුණු හෙයින් සිදුවූ වැරැදීමකි.

අවුරුද්ද පිළිබඳ විස්තර පසු වැ පළකරමු. දැන් මේ ලබන වසර රටට යහපත් ද අයහපත් ද යන්න ජනවාරි මස පළමු වැනි දා ඉර උදාවට අදාළ කේන්දර සටහන අනුව සලකා බලමු. එ දින ඉර උදාව පෙරවරු 6.22 ට සිදුවන බව පංචාංග ලිතේ සඳහන් වැ ඇත. ඒ වේලාවට අදාල කේන්දර සටහන මෙසේයි.

දෙට නැකතේ දෙවැනි පාද යි. 22 වන දෙර්කාණාධිපති කුජ 64 වැනි නවාංසකය අදිපති– කුජ ලග්නාධිපති ගුරු, කුජ හිමි දෙනට නැකතේ සිව් වැනි පාදයේ යි. බලවත් කුජ ගේ බැල්මෙන් ද ගුරු පීඩා වී ඇත. ලග්න ඒරාෂ්ටක අපලය ද යෙදී ඇත. එහෙයින් උදාවන නව වසර රටට එතරම් යහපත් විය නොහැකි ය.

 

හේමසිරි කුමාරණතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.