නිදන ඉරියව්වෙන් ඔබේ ගතිගුණ කියන්න පුළුවන්

සැප්තැම්බර් 24, 2021

සුබ සිහින මවමින් අනාගතය සරු කරගන්නට කැමති නම් හොඳම නිදන ඉරියව්ව තෝරාගන්න ලොව පුරා පර්යෙෂණ වල නියැලී සිටින මනෝ චිකිත්සකයන්ගේ පර්යේෂණ රැසක තොරතුරු පසුගියදා අඥඤඥපඵ ච්ඪණඥඵබ සඟරාවක සටහන්ව තිබිණි. ආසියාතික මෙන්ම බටහිර රටවල පුද්ගලයන් ඇතුළුව විවිධ රැකියාවන් හි නිරත වූවන් 120,000 ක් කාන්තා හා පිරිමින් සමව මෙම පර්යේෂණ වලට යොමු කරගෙන තිබූ අතර ජාතියක, ආගමක තරාතිරමක පුද්ගලයෙක් පිළිබඳ වූවද තමුන් නිදාගන්නා සුපුරුදු (ආවේණික)ඉරියව්ව තුළින් ඔහුගේ හෝ ඇයගේ ගති පැවතුම්, සිතුම් පැතුම්, චිරිතය හා ගතිගුණ හා පිටස්තරයන් පිළිබඳව සිතන කරන දේ ගැනත් ප්‍රසිද්ධියේ හෙළි නොකරන තොරතුරු පවා පැවසීමට පහසු බව මනෝ විද්වතුන්ගේ අදහසයි.

අංග ලක්ෂණ විශේෂඥයන්ගේ විශ්ලේෂණ වලට අනුවද බොහෝ පුද්ගලයන් (ගැහැණු පිරිමි දෙපිරිසම) නිදාගන්නා ඉරියව් පිළිබඳව කරන ලද සමීක්ෂණ වලින්ද තහවුරු වී තිබෙන්නේ ඇතැම් පුද්ගලයන් කොතරම් “ මානසික ආතතියකින් ” පෙළෙමින් තම ජීවිත ගතකරනවාද යන්නයි.වැදගත්ම තොරතුර වන්නේ නිදා ගැනීමේ ඉරියව් තුළින් සෑම පුද්ගලයෙක්ම තමන් සතු සුක්ෂ්ම ඥානය මෙන්ම රහසිගත ගති පැවතුම් බාහිර ලෝකය වඩාත් සමීපව ඇසුරු කරන්නට කැමති ආකාරය පවා ඔප්පු කර පෙන්වන බවයි. බැලු බැල්මට ජේත්තු කාරයෙකු, අසංවර කෙනෙකු, අනුන් කෙරෙහි උණු නොවන සිතක් ඇත්තෙකු, බොරු පුරසාරම් කාරයෙකු සේ අප දකින බොහෝ දෙනා තම සිත තුළ තෙරපෙන අපමණ දුක් කම්කටොලු සහ සිත් වේදනාවන් සිත පතුලේ සඟවාගෙන ජීවත්වනවාදැයි ඔවුන් නිදාගන්නා ඉරියව් නිරීක්ෂණයෙන් කිව හැකි මනෝවෛද්‍යවේදීන් අප සමාජයේ විරල නැති බව ද කිව යුතුයි.

බලන්න කියවා විමසිල්ලෙන් මෙහි සඳහන් නිදන ඉරියව් මගින් හෙළිවන තොරතුරු ඔබටත් ඔබේ සමීපතමයන්ටත් ගලපා ඒවා කෙතරම් දුරට සත්‍යදැයි කියා දෑත් දෙපසට විහිදුවා උඩු බැලි අතට නිදාගැනීමේ ඉරියව්ව ඉතාම සුවදායි නින්දකට හිමිකම් කියන අය මෙම ඉරියව්වෙන් නිදාගැනීමට ස්වයංක්‍රීයව හුරුවෙනවා.

කුමන බාධක පැමිණුනද මදකට සැලෙනමුත් තම අභිමතාර්ථයන් ජය ගැනීමට වෙහෙස නොබලා කටයුතු කරන අයයි මේ. දක්ෂ ලේඛකයන්, ක්‍රීඩකයන්, වෛද්‍යවරුන්,නීති විශේෂඥයන්, නීති සම්පාදකයන් වැනි පුද්ගලයන් මෙම ඉරියව්වෙන් නිදාගැනීමට නිතැතින්ම හුරුවෙන බවයි සඳහන් වන්නේ. අනුන්ට නින්දා අපහාස හෝ වෛර නොකරන මොවුන්ගේ සිත් ඉක්මණින් උණුවෙන සුළුයි. තම පවුලේ අයගේ දියුණුව වෙනුවෙන් කැපවී කටයුතු කරන සෙමෙන් තම දියුණුව පතන, උතුම් පිළිවෙත් ඇති, මවට පියාට සැමියාට බිරිඳට දරුවන්ට බොහෝ ආදරය කරන මොවුන්ගේ ජීවිතය සුවඳායි වේ.

ඔවුන්ගේ මරණය පවා අන් අයට කරදර නොදෙයි. මේ අය වඩාත්ම ආදරය කරන්නේ තමන්ටයි.

වකුටු වී නිදාගන්නා ඉරියව්ව

ජීවිතයේ බොහෝ දේ තුළ සුවපහසුව සොයන, උවමනාවට වඩා ඕනෑම දෙයක් ගැන සිතන, ලතවෙන අයයි වැඩි වශයෙන්ම වකුටු වී නිදාගන්නේ, එහෙත් නිතරම යුක්ති සහගතව කටයුතු කරන්නත් ආශ්‍රය කරන්නන් ඉතාම කුළුපගව ඇසුරු කරන්නත් මේ අය කැමතියි. ඒ වගේම නිතරම අන් අයගේ කිසියම් ආරක්ෂාවක් රැකවරණයක් පතන මෙවැනි කාන්තාවන් හා පිරිමින් සබඳතා ගොඩ නගන්නේ ඉතා සෙමෙන්. ඉතාම කරුණාවන්ත සිතක් ඇති මේ අය ලෝකය සුන්දරව දකින්නත් කැමතියි. ඒ වගේම සංවේදීයි. ලැජ්ජාශිලියි, තමන් මුහුණ දෙන දුෂ්කරතා සහ ජීවන ගැටලු වලදී මඳක් සැලුනත් ඒ ගැන බියක් ඇති කරගන්න මේ අය කැමති නෑ. ගමන හෙමින් ඒත් ෂුවර් බොහෝ කාන්තාවන් මෙම ඉරියව්වෙන් නිදන බව ඔබට ඔබේ බිරිඳගේ හෝ සැමියාගේ නිදන ඉරියව්ව පරික්ෂා කිරීමෙන් අනාවරණය කරන්න පුළුවන්.

එක් පසෙකට හැරී දෑත් ඉදිරිපසට විහිදුවා නිදන ඉරියව්ව

පුද්ගලයන් සියයක් ගත්තොත් 25 දෙනෙක්ම (25%) නිදාගන්නේ මෙම ඉරියව්වෙන් බවයි සමීක්ෂණ තොරතුරු තහවුරු කරන්නේ. සිහින මැවීමට ඉතාම රුචියක් දක්වන මොවුන් අනාගතය සරුසාර කරගන්න වඩාත්ම කැමතියි. ඒත් සමහර අවස්ථාවල තමා අනාගත සිහින ජය ගත යුත්තේ කෙසේදැයි නිවැරදිව එක්වරම තීරණය කළ නොහැකි බවකුත් මේ අයගෙන් ප්‍රකට වෙනවා.ජීවිතය දිනවන සිහින තුළ වැඩි කාලයක් ගතකරන මොවුන් හිටිගමන්ම තමන් යන මග වෙනස් කරනවා. තවත් කෙනෙකුගේ මග පෙන්වීම අවවාද උපදෙස් අනුව තමයි මේ අය ජීවිතය ජයගන්නේ උදේ පාන්දරින්ම අවදී වී ඉලක්කය හඹා යන්න හිතුවත් සවස් වෙනකොට කරපු දෙයක් නැති ගානයි. මෙවැන්නන්ට ජීවීතයේ උපරිම සතුට ලැබෙන්නේ කලාතුරකින්. පසුබෑම් මැද ජීවිතයට මුහුණ දීමේ ශක්තියක් හිමි මෙවැන්නන්ගේ ආයුෂ මධ්‍යස්ථයි.

මුනින් අතට හැරී දැත් හිසට සමාන්තරව තබා නිදන ඉරියව්ව

කාලය කළමනාකරණය පිළිබඳ මනා දැනුමක් තිබෙන අයයි මේ. තමන් කරන දේ ගැන ලොකු විශ්වාසයක් තිබෙන මොවුන් තම රාජකාරී කටයුතු පවා අමතක කර සතුට සොයන්නට වෙහෙසෙන අය බවද කිව යුතුයි. සිත චංචලයි. සෘංගාරයට කැමතියි. සංවේදි විරුද්ධ ලිංගිකයන්ට කැමතියි, තමන් ගැන අනුන් සිතනවානම් ගොඩක් කැමතියි. පුංචි පුංචි බොරු කරමින් අහිංසක සතුටක් ලබන්නත් කැමතියි. ඒත් කිසිවකුට හිංසාවක් කරන්න අකමැතියි. සුව නින්දක් ලබන්නට ටිකක් පින් මදි. රාත්‍රිය පුරා කඩින් කඩ අවදිවෙමින් වෙනත් ඉරියව්වකට මාරු වුණත් නැවතත් යන්නේ සුපුරුදු නිදන ඉරියව්වටමයි. සහකරුට සහකාරියට ඉතාම ආදරෙයි. ඒත් සිත වැනෙන සුළුයි. කීපවිටක්ම ප්‍රේමයෙන් පරාජය වේ. ඒත් විවාහය සිදුවන්නේ ප්‍රේම සම්බන්ධයකින්මයි. ජීවන තත්ත්වය යහපත් ලෙඩ දුක් අඩුයි.

සීරුවෙන් නිදන ඉරියව්ව

එක් ඇලයකට හැරී උඩු පැත්තේ අත සිරුර මත කෙලින් පහළට තබා ගෙන හා ශරීරය සෘජුව තබාගෙන දෑත් සිරුරට ගෑවෙන තරමට සෘජුව පහළට තබා හෝ නිදන ඉරියව් දෙකෙන්ම නිදන අය 30% ක් පමණ ඉන්න බවයි පර්යේෂකයන්ගේ අදහස. දැඩි සිත් ඇති පහසුවෙන් අනුන්ගේ බසට නොනැමෙන මොවුන් ඉතාම ආත්මාර්ථකාමියි, එඩිතරයි. අනුන්ට කරදර කිරීමෙන් සිත සතුටු කර ගන්නත් මොවුන් ඉතාම කැමතියි. නිදියහනේ දී තම සහකරුවා සහකාරියට වද දෙන්නත් කැමතියි. අහංකාරකම, උද්දච්චකම, තනි තීරණ ගැනීම නිසා අනන්තවත් පාඩු සිදු වුණත් ඒවා ඉවසීමට පුදුම ශක්තියක් මොවුන්ට හිමියි. මේ අය හුදෙකලා ජීවිත ගත කරන්නේ කැමැත්තකින් නම් නොවෙයි. සිතේ දුක සඟවාගෙනයි.

 

රඹුක්කන

කීර්ති එස් කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.