ජාතිය ගොඩනැඟීමට එකමුතුකම අවශ්‍යයි

ජනවාරි 17, 2020

රට, ජාතිය, ආගම යන අංශ තුන අප ජීවිතයට ළංකර ගත යුතු සුවිශේෂ අංශ තුනයි තම වැදූමව හා සමානව රටට ආලය කරන පිරිස වෙත්නම් එම රටට කොතරම් වාසනාවක්ද

ජාතියට ආගමටද එසේම සැලකීම අප කාගේත් යුතුකම වන්නේ ය. කලක් රටට ආදර කරනවා වෙනුවට රට විකුණන් කන ප්‍රතිපත්තිය සිතාගත් පිරිසක් නිසා බොහෝ ව්‍යසනවලට ජනතාව මුහුණ දුනි. එම ප්‍රතිපත්තිය නිසා ජාතියටද ආගමට ද වූවේ කුඩම්මාගේ සැලකිලි ය. එහි ප්‍රතිවිපාක අද අපට විඳින්නට සිදු වී තිබේ. කෙසේ හෝ නව සංස්කෘතියකට ආරම්භයක් ලෙස 2020 වසරේ සිටවත් අප එකාමෙන් අත්වැල් බැඳ ගත යුතුව ඇත. සිංහල, මුස්ලිම්’, ද්‍රවිඩ හෝ බර්ගර්වේවා ඒ ඒ අයට සිය ජාතිය, ආගම කුමක් වේවා නිදහසේ තම සිතැඟි පරිදි ඇදහීමට ජීවත්වීමට කිසිදු බාධාවක් නැත.එවන් පසුබිමක එකට අත්වැල් බැඳ ගැනීමටද කිසිදු බාධාවක් ඇතිවීද නැත. කෙසේ හෝ කිසිදු බටහිර රටකට ගැති නොවී තම රට තුළ සියලු බලවේගයන් ක්‍රියාත්මක කරමින් ලොවේ උතුම්ම රට ලංකාව යන විරුදාවලිය යළි ස්ථාපිත කරන්නට අපට හැකි වී තිබීම සතුටට කරුණකි. උස්මිටිකම් ඇති හැකිකම් නැතිබැරිකම් පසෙක දමා කවුරුත් එකාමෙන් නැගී සිටීමට අප අරමුණු කර ගනිමු. පාසල් යන කුඩා දුවා දරුවාගේ පටන් තරුණ මහලු සැම කෙනෙක්ම සිතට ගතයුතු කරුණ නම් අප සැම දෙනෙක්ම මැරෙන මිනිසුන්ය යන අදහසයි. සැමදා ජීවත් වන පිරිසක් නොමැති ලොවේ අපටම කියා සදාතනික දේවල්ද නැතිබව සිතට ගත යුතුව තිබේ.

එසේ සිතුවොත් නිකරුණේ ධනය, බලය එක්රැස් කරන සුරාව සූදුව හොරකම, වංචාව එදිරිවාදිකම කොහෙත්ම ඇති නොවනු ඇත. බුදුදහම වේවා, ක්‍රිස්තු දහම, හින්දු හෝ ඉස්ලාම් ආගම යන කෙබදු ආගමකින් වුවද කියැවෙන මිනිස්කම එකම වන නිසා අපට එකාමෙන් අත්වැල් බැඳ ගැනීමට කොහෙත්ම අවහිරතාවක් නොමැත. බුදු දහමට අනුව නැවත ඉපදීමේ සංකල්පය දෙස බැලූ විට ඡ්‍යොතිෂයට අනුවද එම සංකල්පය විශ්වාස කරන නිසා පෙර පිං පව් අනුව ඉපදී අද ජීවත් වන පිරිස මතුවටද හොඳ හෝ නරක ආත්ම භව ලබා ඉපදෙන නිසා මතු ආත්ම භවයේ සුගතිය පතා කටයුතු කිරීම ඉතා උචිත වනු ඇතැයි මගේ විශ්වාසයයි. අද මත්කුඩු ව්‍යාපාරයට වේවා වෙනයම් ව්‍යසනකාරී මිනිසුන් නසන ව්‍යාපාරකයින්ට නතුව අපේ ජාතියේ කොඳු නාරටිය බිඳ දමන අතළොස්සක් පිරිස නිසා අද පමණක් නොව මතුවට ඉපදීමට සිටින අනාගත පරපුරටද බොහෝ විනාශකාරී තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබේ. තණ්හාව, ආශාව නිසා ඇතිවන සුඛ විහරණය පතා ක්‍රියා සිදුකරන මෙබඳු මිනිසුන් තමාටම පමණක් නොව තම අනාගත ඥාති පරපුරටද කරන්නේ කොතරම් අතවරයක්ද?

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.