2020 දෙමව්පියන්ට කොහොමද?

ජනවාරි 3, 2020

2020 නව වසර ආරම්භ වන කොටම චන්ද්‍රයා ඉන්නෙ කුම්භයේ. කුම්භය කිව්වේ ශ්‍රී ලංකා කේන්දරයේ ලග්නය බව කිව්වනේ. එහෙනම් අලුත් අවුරුද්දේ ඡ්‍යොතිෂයේ අම්මා ඉන්නෙ කුම්භ රාශියේ.

ඕනෑම පවුලක අම්මා තාත්තා තමයි දෙමව්පියෝ කිව්වේ. ඒ දෙදෙනාගේ පැවැත්ම පවුලට පවුලේ දරුවන්ට බලපානවා. ඒ දෙන්නගේ පැවැත්ම ප්‍රථමයෙන් දරුවො දැකීම ඒ පවුලට සිරියාව හෝ කාලකන්නි කම ගෙනෙනවා.

එවිට දරුවෝ දැකීම උඩ යහපත් බවත් හෝ අයහපත් බවක් ඇතිවන බව නැවත කියන්න ඕන නැහැ. අනික පවුලේ පාලනය වගේ දේවල් ගැන ටිකක් ක්‍රමානුකූලව බැලුවොත් තමයි හොඳ. ගොඩක් උදවිය අනුන්ව හදන්න හෝ රට හදන්න තමයි උත්සාහය. ඊට කලින් තමුන් හැදුනාම මුළු රටම හැදෙනවා අපි මේ ගැන ඡ්‍යොතිෂ ඇසින් බැලුවොත් තමයි හොඳ. අපේ ශ්‍රී ලංකා ඡ්‍යොතිෂ පවුලේ නැත්නම් සෞරග්‍රහ මණ්ඩලයේ අම්මා කිව්වේ චන්ද්‍රයාට බවත් තාත්තා රවි නොහොත් ඡ්‍යොතිෂ භාෂාවෙන් අර්ක කිව්වෙත් එකමයි. ඉතින් මේ දෙදෙනාගේ හැසිරීම් රටාව මුළු රටටම බලපානවා. අපි ඉස්සෙල්ලා අපේ රටට බලපාන හැටි බැලුවොත් හොඳයි. සාමාන්‍යයෙන් මේ ඡ්‍යොතිෂයේ අම්මා එක වසරකට රාශි හතරකට හතුරුයි. රාශි පහකට මිත්‍රයි. එක රාශියකට උච්චයි. ඒ වෘෂභයට එක රාශියකට උච්ච නම් ඉන් හත්වැන්න නීච බව දන්නවනේ. ඒක ශාස්ත්‍ර නීතිය. එනම් එකකට නීචයි. ඒ අඟහරුවට අයත් වෘශ්චික රාශියට කටකය ඉතින් චන්ද්‍රයගේ නිවහන නේ. ඒ වුණාට 2020 මුලින්ම ලංකාව අද දකින හැටි කොහොමද බලමු.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.