අඟන ගුණ රුව සිව් ආකාර වර්ග කිරීම

ජනවාරි 3, 2020

දේහ ලක්ණ විද්‍යාවේ ස්ත්‍රී පුරුෂ වර්ග කිරීම් කීපයකි. එයින් පුරුෂ ලක්ෂණ මීට කලින් ලිපියෙන් ඉදිරිපත් කළෙමි. මෙම විද්‍යාවේ හැටියටද බොදු ග්‍රන්ථවල හැටියටද ස්ත්‍රී වර්ග සතරක් දක්නට ලැබේ. පහත සඳහන් සිලෝවෙන් ඒ බැව් කියවේ.

පද්මිණී තදනු විචිත්‍රිණීං තතඞ

ශංඛිනිං තදනු හස්තීනිං විදුඞ

උත්තමා ප්‍රතම භාෂිතා තථො

නියතෝ යුවති රුත්තරොත්තරම්

මෙහි තේරුම නම් පද්මිණි, චිත්‍රිණි, ශංඛිණි, හස්තිනි ආදී වූ නාරිලතාවන් හතර වර්ගයක් වේ. ඉනික්බිති අනුක්‍රමයෙන් ගුණාංගද වඳ වෙති. හීන වෙති. පළමුවෙන් සඳහන් වන පද්මිණි වර්ගයේ අයගේ ශරීරය ඉතා මෘදු වන අතර සිනිඳු රෝම නෙළුම් කැකුලක් සේ පැහැපත් දෙඇස් අග රත් පැහැ පියයුරු කුඩා වටකුරු බෙලි ගෙඩියක් වන් අලංකාර ලෙස හට ගත් ළඳක් වන්නීය. ඇගේ දහඩිය ගඳක් නැත. ඇය පිරිසුදු බව අගේ කොට සලකන්නීය. තම කටයුතු අතපසු නොකොට ඉතා පිළිවෙළකට කරන්නීය. කරුණාවන්ත නෑදෑයින්ට මිතුරු මිතුරියන්ට ලැදි මව්පිය, ගුරුවරුනට ගෞරව පුද කරන ගුණ යහපත් කතක් වන්නීය. සැමියාට දැඩි සෙනෙහසක් දක්වන අතර බොහෝ දෙනාගේ මහත් ගෞරවාදරයට පාත්‍රවන බවද කිව හැකිය. කෙස් කළඹ දිලිසෙන කළු පැහැයෙන් යුතු රැළි සහිත දිග කෙස් වැටියක් ඇත්තීය. එය ඝන නොවේ. මෘදු දිය දහරසේ ගලා හැලෙන සුළුය. ලා රත් පාටින් යුත් අල්ලද, සිහින් දිග ඇඟිලිද, රත් පැහැ පටු නියද, සිහින් ඉණද, වට මට සිලුටු අලංකාර බඩ ද, පිරිපුන් පියකරු නිතඹද ඇත්තීය. පිරිපුන් දිග කෙණ්ඩ ද ඉලිප්පී නැති නහරවලින්ද යුත් ඇය මධ්‍යම ප්‍රමාණ සිරුරින්ද යුතු වන බව කිව හැකිය. සිහින් පි‍්‍රය නාද සහිත කටහඬ ද මිහිරි ස්වරයෙන් පි‍්‍රය තෙපුලින් අනුන්ගේ සිත් දිනා ගන්නා ආගම දහමට ලැදි පින්වත් ළඳක් වන්නීය. ඒනිසා දෙවියන්ගේ රැකවරනය පවා ඇයට හිමිවන බව කියනු ලැබේ.

පද්මිණි සුදු ඇඳුම් පි‍්‍රයකරන , සිනිඳු මෘදු ආහාරවලට රිසි අඩුවෙන් ආහාර ගන්නා සෞඛ්‍ය සම්පන්න පින්වතියක් වන්නීය. ඇය උසස් ඉගෙණුමට වාසනා මහිමය ඇත්තීය. සුවිශේෂ ග්‍රහ බලපෑමකින් එය අහිමි වුණොත් සමාජයෙන් විවිධ දේ ඉගෙන ලැබු අත්දැකීම්වලින්ද ජීවිතය අනාගතය එළිය කර ගන්නට සමත් වන්නීය. ඇය බෙහෙවින් පරිසර හිතකාමිවේ. මල් පලතුරු වෙනත් ප්‍රයෝජනවත් ගස් වැල් වැවීම විවිධ ගොවිතැන් වැඩට කැමති එවැනි ව්‍යාපාරවලට සුදුසු දක්ෂ ළඳක් වන්නී. ශරීරය නිරාවරණය නොවන ඇඳුම් පැළඳුම් වලට කැමති රූපශි‍්‍රයෙන් අනූන අභිමානවත් බවක් දැක්වෙන එහෙත් ආඩම්බර නැති ගුණවත් රූමත් ළඳක් වන බව පෙන්වා දිය හැකිය. ලලිත සුළලිත යහපත් ගමන් විලාසයක් උපතින්ම හිමිවේ. ඇගේ ගමන් විලාසයෙන් අංග ප්‍රත්‍යංග ළෙලදීමට ලක් නොවන ගමන් ලතාවක් දිස්වේ. මන්ද වු කම්පනයකින් පමණක් විනීත ලෙස අඟ පසඟ සැලෙන්නට හරින්නේය. දකින නුවන් පුබුදු කරන්නීය. නිසල දිය රැලි මතපිහිනන හසඟනක් මෙන් කොමල ලලිත බවක් ඇත්තීය.

දුටුවන් නෙත් සිත් පැහැර ගන්නා පද්මිණිය කායික තෘප්තිය නොව අචල පිවිතුරු පේ‍්‍රමය උසස් කොට සලකන්නීය. තම පි‍්‍රයතමයා වෙනුවෙන් සියලු දේ අත්හැර දමන්නට වුව ඇගේ අකමැත්තක් නැත. නිතර බලාපොරොත්තු වන්නේ පිරිසුදු ආදරයයි. ඒ මතම දිවි ගෙවන්නට ඇය සූදානම් වන්නීය. ලද පමණින් සතුටු වී වාසනාවන්ත නිවසක ජීවත්වීම ඇගේ ඒකායන අරමුණය. මලක් නොතලා සියුමැලි ලෙස සිප ගන්නාසේ විවාහ සතුට විඳීමට ද පතන කතකි පද්මිණිය. එහෙයින් විවාහය සඳහා ශශ පුරුෂයෙකුට ඇය හොඳින් ගැළපෙන බව කිව හැකිය.

අති විශේෂ ග්‍රහ යෝග යෙදී නැත්නම් වෙනත් විශේෂ දේහ ලක්ෂණ නොවන්නේ නම් මාතු බිරිඳක් වන්නීය. මවකසේ සැමියාටද දූ පුතුන්ටද ආදරය දක්වමින් වැඩ කටයුතු සිදු කරන්නීය. එයින් සතුටු වන්නීය.ඇය නිවසේ මවද මිතුරියද මිස අධිපතිනිය නොවන නිසා සාමයෙන් පිරි ගෙයක් නිමකර ගැනීමට ඇයට අපහසු නොවනු ඇත. සැබෑ පතිනියක වන ඇය පිරිසුදු සාමකාමි වාසනාවන්ත ජීවිතයක් ගත කරන බව කිව හැකිය.

චිත්‍රිණි

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.