වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
විහාර චිත්‍ර හා මූර්ති කරණයේ පුරෝගාමී වූ ඇම්. සාර්ලිස් මහා කලාවේදියාණන්
වර්ෂ 1880 ජුනි මස 25 වැනි සිකුරාදා අ. භා. 2.17 ට අම්බලන්ගොඩ ඇහැදොළදී උපන් ඇම් සාර්ලිස් මහා චිත්‍ර කලාවේදියාණන් කුඩා කළ සිටම චිත්‍රකලාවට ඇල්මක් දක්වන ලදී.
මෙතුමාගේ ජන්ම පත්‍රයේ ග්‍රහ හැසිරීම් අනුව නිරීක්ෂණය කරන විට පුණ්‍යස්ථාන ගතව රවි, ශුක්‍ර, සංයෝගයෙන් පෙර කරන ලද පින් අනුව මෙලොව උපත ලබා චිත්‍ර කලාවටත් පෙරදිග භාෂාවන්ට දක්ෂයෙක් විය.
කවියෙකි ගීත නිබන්ධකයෙකි. ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යා විශාරදයෙකි. තරුණ වියේ යුග දිවියට ඇතුළත් වී කෙටි කලකින් සිය බිරිඳ මෙලොව අතහැර ගියා ය. විවිධ දුෂ්කරතා මැද චිත්‍රකලාව හා මූර්ති කලාව හදාරා පසුව අගනුවරට පැමිණ ටවර්හෝල්හි එවකට තිර නිර්මාණය කරමින් සිටි දක්ෂ සිත්තරෙකු වූ හෙන්රි කස්ශූරීන්ගේ වේදිකා නාට්‍ය තිර නිර්මාණ කරණය හදාරන ලදී. පසුව 1906 දී කොළඹ විද්‍යෝදය මහ පිරිවෙන් විහාර ගෙයි චිත්‍ර හා මූර්ති නිර්මාණ කරණයේ යෙදින. තිඹිරිගස්යාය අශෝකාරාමය හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාමය දෙමටගොඩ වේලුවනාරාමය, පොතුපිටියේ පූජාරාමය, ඊරියවැටියේ සුදර්ශනාරාමය, තිස්සමහාරාම විහාරය, ඉඳුරුවේ යාලගම මහ විහාරය, සහ බෙම්මුල්ලේ ශ්‍රී වර්ධන පිරිවෙන් මූල මහා විහාරය ආදී විහාර මන්දිර තුළ චිත්‍ර හා මූර්ති කරණයේ යෙදින.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>