වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඇවිදින විට කකුල්වල වේදනාව දහඩිය දැමීම පපුවේ වේදනාව හා පිපාසය දැනේ නම් කොලෙස්ටරෝල්
බොහෝවිට ඇවිදිනවිට කකුල්වල අමාරුවත් එක්ක හතිය දැනෙනවා නම් ඒ සමඟම පපුවේ වේදනාවක් හටගන්නවා නම් එය කොලෙස්ටරෝල් පවතින බවට පෙන්නුම් කරන ලක්ෂණයකි. නමුත් මෙහි ඇති විශේෂත්වයක් වන්නේ කොලෙස්ටරෝල් හැදෙන විට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වීමයි. මෙහි ඇති භයානකකම වන්නේ කොලෙස්ටරෝල් හෘදයාබාධ සෑදීමට හේතුවන ප්‍රධාන අවදානම් සාධකයක්වීමයි. කොලෙස්ටරෝල් වැඩි බොහෝදෙනෙකුගේ නිශ්චිත රෝග ලක්ෂණ දැකිය නොහැකි ය. සමහර විට කොලෙස්ටරෝල් වැඩි අයගේ හමට යටින් ඒවා තැන් තැන්වල තැන්පත් වී තිබෙනු දැකිය හැකි ය. මුහුණේ ඇසට ආසන්නයේ නාසය දෙපස ඉහළට එසවුණු ලප ලෙස ඒවා දිස්වේ. සමහර අයගේ ඇසේ කලු ඉංගිරියාව වටේ සුදු පැහැති රවුමක් ලෙසද දැකිය හැකි ය.
කොලෙස්ටරෝල්වලදී එකක් දෙකක් නොව බොහෝ රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ. ක්ලාන්තය, දාහය, පිපාසය, සිහි නැතිවීම, පපුවේ වේදනාව, බෙල්ලේ වේදනාව, බෙල්ලේ හටගත් එම වේදනාව වම් අත පුරා පැතිරයාම, උදරයේ වේදනාව, අධික ලෙස දහඩිය දැමීම, මේ රෝග ලක්ෂණ ඇති වූ විගස රුධිර පරීක්ෂණයක් කර ගැනීම අවශ්‍යමය. ඒ සඳහා පැය දාහතරක්, දොළහක් පමණ කාලයක් නිරාහාරව සිට පසුදා උදෑසන රුධිර සාම්පලයක් පරීක්ෂාකරවාගත යුතු ය. ලිපිඩ් ප්‍රොපයිල් (ඹ්ඪනඪඤනපධ ටඪතඥ) පරීක්ෂාව වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන පරීක්ෂණයයි. ශරීරයට හිතකර කොලෙස්ටරෝල් සහ ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් යනුවෙන් වෙන වෙනම පරීක්ෂා කෙරේ. අපේ ශරීරයේ මේද වර්ග අනුව සංතෘප්ත මේදය ලෙස ට්‍රයික්ලීසරයිඩ්ස් (ඊපඪඨතරජඥපඪඤඥඵ) නමින් ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් ද අසංතෘප්ත මේදය ලෙස හයිඩෙන්සිටිලිපො ප්‍රොටීන් යනුවෙන් ශරීරයට හිතකර කොලෙස්ටරෝල් පවතී. කොලෙස්ටරෝල් යනු ශරීරයට අවශ්‍ය කරන දෙයකි. සිරුරේ වර්ධනයට එය අවශ්‍ය වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>