වර්ෂ 2025 ක්වූ February 07 වැනිදා Friday
පෙර පාසල් දරුවන්ට දන්ත සායනයක්
![](https://www.subasetha.lk/sites/default/files/styles/article_details__770xauto_/public/field/image/sub-08-30-dr-04-msa.jpg?itok=m5d6f7tf)
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව, මහවැව මහජන පුස්තකාලය මූලිකත්වයෙන් සංවිධානය කළ පෙර පාසල් දරුවන්ගේ සායනයක් හා මව්වරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසු ගියදා මහවැව ශාන්ත ආනා පෙර පාසල් පරිශ්‍රයේදි පැවැත්විණ .
එය වෛද්‍ය නිලධාරිණී චාමලී ප්‍රනාන්දු මහත්මිය මෙහෙයවිය. පෙර පාසල් පාලිකා සජීවි පෙරේරා, පුස්තකාල අධිපතිනී චමිලා ප්‍රනාන්දු සහ පෙර පාසල් සහයිකාවන් වන කුමුදුනී දබරේරා ලක්මාලි වික්‍රමසිංහ, මාධවී නයනතාරා, රුවන්තිකා රංගනී අෂානි අප්සරා, මෙෂියා රෝෂනී , චතුරානි ජයසූරිය මෙනෙවියන්ද මෙයට එක්වූහ.
විමලසේන නම්මුනි ද සිල්වා නාත්තන්ඩිය සමූහ