විෂ්ණු දෙවියන්ට බට කොළ කැවූ හෙනහුරා

ජුනි 21, 2019

විෂ්ණු දැන හිටියා. සෙනසුරාගේ විමානය නුග බව. විෂ්ණු එදා සිට බටකැලේ හැංගිලා අර නුග ගහට පහන් දැල්ලුවා. බට කොළ කෑවා බඩගින්නට.

අසරණ සරණ බුදුන් වහන්සේටත් හතුරු වූ බ්‍රහස්පති ගැන ලිව්වනේ. ප්‍රතිචාර ගොඩයි. ස්තුතියි. පුෂ,අනුර. උත්‍රපුටුප යන නැකැත් හිමි මේ ග්‍රහයා දෙවැනි වන්නෙ සිකුරුට විතරයි. සෙනසුරු දසාව ඔක්කොම අවුරුදු 19 යි.

මකර, කුම්භ, රාශි දෙකේ හිමිකාරය ගමේ ගොඩේ මිනිසුන් නම් කියන්නෙ මකර, කුම්භ රාශි දෙකේ පවුලේ තාත්තා කියලා. සාමාන්‍යයෙන් පවුලේ තාත්තා හතුරු වුනාම දරුවො වන මකර , කුම්භවලට ජීවිත හානිය දෙන්නෙ නැහැනේ. ඒ මතය අනිත් රාශි ඔක්කොටම හරි, මේ දෙක හැර මකර, කුම්භ නරක් වුවහොත් මේ ශනි ජීවිත හානිය පවා දෙන්න මැලිවන්නෙ නැහැ. විශේෂයෙන් මකර රාශියට, ඒකත් අද දැනගන්නකො.

මේෂ රාශියට සෙනසුරා නීචයි. මේෂය අයිති ලේවලට අධිපති අඟහරුට. මේෂ ලග්න හිමියන්ට ශරීරයේ පහළ කොටසේ රෝගයක් වන අර්ශස් ආවොත් ටිකක් වැඩියෙන් පරිස්සම් වන්න. විඳින්නම වේවි. සෙනසුරා බටකොළ කැවූ කතාව එක එක විදියට කොච්චරවත් ඔබ අසා ඇති. මේ ලෝකය මැව්වේ දෙවියන් වහන්සේ කියනවා , එක කොටසක්. අල්ලා දෙවියන් මැව්වා කියනව නව කොටසක් බුදු දහමට අනුව මහ බ්‍රහ්මයා කියල තමයි විශ්වාසය. කරුණු කොහොම වුවත් ඇත්ත තත්ත්වය තමයි, ඇතිවීම, පැවැත්ම හා නැතිවීම. මේවා හේතුකොටගෙන හැම දෙයක්ම එසේම සිදුවනවා. දේව කතාවලට අනුව මහබඹා නැත්නම් මහ බ්‍රහ්මයා මැව්වා.

නැත්නම් ඇති කළා. විෂ්ණු ආරක්ෂා කරනවා, නැත්නම් පවත්වා ගෙන යනවා. ඊශ්වරයා විනාශ කරනවා. ඊශ්වරයාගේ නළලේ තිබෙන ඇසින් බලා විනාශ කරනව කියල මතයකුත් පවතිනවා. ඕවා ඉතින් දේව කතා. තමන්ගේ විශ්වාසය මත ඕන එකක් විශ්වාස කරන්න පුළුවන්. නමුත් මට හිතෙන්නෙ අතීතයෙත්, වර්තමානයෙත් ,අනාගතයෙත් සත්වයා කරන කියන යහපත් හෝ අයහපත් දෙයට අනුව හොඳ හෝ නරක පල විපාක ලැබෙනවා කියලා ඒක විශ්ව ශක්තිය මගින් ග්‍රහ කිරණ යොදවා සත්වයාට පල විපාක දෙනවා. මේ එකක් වත් එකෙක් වත් භූතයෙක් වත්, දෙවියෙක් වත් නොවේ. බලශක්ති විශේෂයක්. උදාහරණයක් වශයෙන් යමෙක් අකුණු ගහන වෙලාවක ගස්කොළං නැති විදුලිධාරා ඇති තැනක ජලය ස්පර්ශ කරමින් ඉන්නා අවස්ථාවක අකුණු වැදීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඔය විද්‍යා මතය. ඒ අවස්ථාවේ රවි ග්‍රහයා නරක්වෙලා නැත්නම් හතුරු වෙලාත් ඇති බොහෝදුර. පෘථග්ජන මනුෂ්‍යයාට විද්‍යා මතය වටහා ගන්න එච්චර අමාරු නැහැ. නමුත් ඡ්‍යොතිෂ කරුණු මත දැනුවත් වන්න ටිකක් අමාරුයි. මොකද පුරාණ අය විද්‍යා මතවලට වඩා දේව මත කෙරෙහි තද විශ්වාසය ඇති වුණා. අලුතින් උපදින දරුවා එහෙම නැහැ. විද්‍යා මතය හොයනවා. ඒක තාක්ෂණය උදාහරණ ඕන තරම්.අපි හිතමු එක්තරා ස්ථානයක පක්ෂීන් ඇතුළු සත්වයන් ජීවත් වනවා. එක පාරට උන් අපව හැරදා යනවා. අපි හිතනවා ඒක මහා අපලයක්, විනාශයක්. ළඟයි කියලා. ඒ දේව මතය අනුව. අපි හිතන්නෙ නැහැ. උන් ගියේ ඇයි කියලා අපි අපලයට අනුව පදිංචිය තාවකාලික ව හෝ වෙනස් කරනවා. නැත්නම් යාගහෝම කරනවා. උන් ගියේ අපලයකට නොවේ. සත්වයන්ට ඉව තිබෙනවා. මනුෂ්‍යයාට වඩා ඉදිරියේදි වන විනාශය උන් ඉවෙන් දැන ගත්තා. ඒක විද්‍යා මතය.

බලන්න සුනාමියට සතුන් යන්ට ගියා. මනුෂ්‍යා තව තවත් ළං වුණා. උනදේ මතකනේ. අපි සත්වයාගේ වත් උගේ හැසිරීමේ රටාව වත් හිතන්නේ නැහැ. සත්වයාට මනුෂ්‍යයාට වඩා ආශාව අඩුයි. හෙට දිනයට කියල තණ්හාධිකව එකතු කරන්නෙ නැහැ. ඌ බලන්නෙ බඩ පුරවාගෙන බයෙන් නොතෙමී ජීවත්වන්න විතරයි. මනුෂ්‍යයා වගේ අනුන්ගෙ එකත් එකතුකරගෙන වැඩිකරගෙන හෙටටත් ඉතිරි කරන සිරිතක් ඌට නැහැ. ඒකනේ කිව්වේ. මනුෂ්‍යයාගේ හැම තැනම විෂයි කියලා. සතා අපි ළඟට විත් මනුෂ්‍යයා මරා කන්නෙ නැහැ. ඒත් මනුෂ්‍යයා...

මනුෂ්‍යයාව පාලනය කෙරෙන්නෙ යම්කිසි බල ශක්තියකින්. ශක්තියක් නැත්නම් මනුෂ්‍යයෙක් ගෙන් වැඩක් නැහැ. විශ්වය ක්‍රියාකරන්නෙ විශ්ව ශක්තියෙන්. මනුෂ්‍යා ජීවත් වන්නේ මනුෂ්‍ය ශක්තියෙන්. විශ්ව ශක්තිය හැමවිටම සාධාරණව ක්‍රියාකළත් මනුෂ්‍යයා කාලීනව වෙනස් වනවා. විශේෂයෙන්ම තණ්හාව මත ග්‍රහලෝක වලින් පරාවර්තනය වන ග්‍රහ කිරණ නිසා, මනුෂ්‍යයාට නැත්නම් සත්වයාට ශුභ අශුභ ඵල ලැබෙනවා.

පුරාණ මිනිසා මේ ග්‍රහ කිරණවලට ග්‍රහයා නැත්නම් දෙවියන් ලෙසින් ජීවය දුන්නා. මිනිසුන් දෙවියෝ. දැකලත් නැහැ තමයි. යමෙක් විශ්වාසය මත බැලුවොත් එය එලෙසින්ම දැනෙනවා පෙනෙනවා. ඒක ආත්ම විශ්වාසය. නැත්නම් හුදු විශ්වාසය. එකල හිටි ආගමික භවතුන් ඒ අයුරින්ම දැනුම දුන්නා. මිනිසුන් පිළිගත්තා. මනසට ඇතුල් වු කිසිම දෙයක් එය ඔප්පු කරල පෙන්වනතෙක් මනසින් ඉවත් කරගන්නෙ නැහැ. වැදු අම්මට වැඩි තැනක් හිමිවන්නෙ ඒකයි. නිවැරදි මතය දැනගත්තම ඒක වෙනස් වනවා බොහෝවිට. මේ සියලු කරුණු ආගම ධර්මය මූලිකව ඡ්‍යොතිෂය, ගුප්තවිද්‍යාව නිසා. බොහෝ දෙනා පරික්ෂණ කරල පෙන්වන්න කිසිම උත්සාහයක් අරගෙන නැහැ. එකම රටාවකට පවත්වාගෙන ගියා. මේ එකකවත් කිසිම වරදක් නැහැ. ඵලයට නිැවරදි දේ කරනවා. හේතුව හොයන්නෙ නැහැ. තාක්ෂණයෙන් දියුණු මිනිසා හේතුව හොයනවා. ඒක නිසා තමයි ලෝකය දියුණු වන්නේ. ඇපල් ගෙඩිය වැටීමේ කතාව බලන්න. පරීක්ෂණ කළ නිසානේ ගුරුත්වාකර්ෂණ බලය හොයා ගත්තේ. අපි නිවැරදිව දන්නා කරුණක් තමයි. සෙනසුරු හතුරු වෙලා තිබෙන කාලයට අවුරුදු 03 හා දින 03 ඇතුලත කාල වකවානුවට යටිබඩේ සිට ඇතිවූ මූලික රෝගයකින් ජන්මියාගේ ජීවිත හානිය සිදුවන බව. ඒ කාලයට නිවැරදි ශනි මෘතුංජය කියන යන්ත්‍රය නිවැරදි ලෙසට ප්‍රස්ථාර කර නිවැරදි වාර ගණන ජප මන්ත්‍රය ජපකර නිවැරදිව පැලැඳීමෙන් ජීවිත හානිය නැතිවන බව අදටත් පැහැදිලියි. ඒ වගේම තමයි අභිසම්භිධානය , මරණීය ලෙඩුන්ට දමනවා. යන්ත්‍රය ශරීරයෙන් ඉවත් කරනකම් හුස්ම යන්නෙ නැහැ. එදා සිට අද දක්වා මේවා කරනවා. ප්‍රතිඵලත් හරි. ඒත් ඒක සිදුවන්නෙ කොහොමද කියල දන්නෙ නැහැ. ඇයි කවුරුවත් ඒ ගැන පරික්ෂණ පැවැත්තුවෙත් නැහැ. පවත්වන්නෙත් නැහැ. ඉතින් ඒවා පාරම්පරිකව එනවා. පැවතෙනවා.

බොහෝ දෙනා හැම කරදරයකටම බෝධිපූජා කරනවා. බෝධිපූජා කිරීම නරක නැහැ. වැඩියෙන්ම ප්‍රතිඵල දෙන්නෙ බ්‍රහස්පති ග්‍රහයා නරක් වුණාම. ඒක ජනයාට තේරුම් කර දුන්නෙත් නැහැ. ජනයා දන්නෙත් නැහැ. ඡ්‍යොතිර්වේදියා ඒක කියාදෙන්න උත්සාහ ගත්තෙත් නැහැ. බ්‍රහස්පතිගේ විමානය බෝ දිශාව ඊශාන එහෙනම් බ්‍රහස්පති නරක් වූ විට ඊසාන දිසාව බලා බෝධිපූජාව කළාම වැඩි ඵල ප්‍රයෝජන ලැබෙනවා. කරල බලන්න.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ඡ්‍යොතිර්විද්‍යා සහතික

භාරත භාෂ්කර ශිරෝමනී සම්මාන

ගුප්ත විද්‍යාධාර මොරටුවේ පාරම්පරික

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.