වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
සෙන්පති නීච වේ ලොව පුරා කාලගුණ විපර්යාස
ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ අඟහරු තමාට නීච රාශි භවන වූ කටක රාශියට 2019 ජූනි 22 වන ශනි දින රාත්‍රී 11.22 ට පිවිස බ්‍රහස්පතිට අයත් පුනාවස නැකතේ 4 වන පාදයෙන් සෙනසුරුට අයත් පුෂ නැකතේ සම්පූර්ණවත් බුධට අයත් අස්ලිස නැකතේ සම්පූර්ණවත් 2019 අගෝස්තු මස 9 වන කිවි දින පාන්දර 04.47 දක්වාම කටක රාශියෙහි නීචව අඟහරු ගමන් කරනු ඇත.
අප රටට මෙන්ම ලෝකයේ බහුතරයක් රටවලට අයහපත් වූ බලපෑම් ඇතිවන කාල වකවානුවක් වේ. අප රට කෙරෙහි අවධානය යොමුකිරීමේදී මෙම කාල වකවානුව තුළ සියලු දෙනාම ඉතා බුද්ධිමත්ව ඉවසීමෙන් අවධානයෙන් සිටිය යුතු කාලයක් වේ. ආරෝග්‍යශාලා කර්මාන්ත ශාලා මහජනයා රැස්වන ස්ථාන ගොඩනැගිලි ආශි‍්‍රතව අශුභ වූ සිදුවීම් ද හදිසි ගිනි ගැනීම්ද කඩා වැටීම් ද පිපිරීම් ද සිදුවන අතර යම් යම් පුද්ගල ගැටුම් ඇතිවීමක්
දේපළ හානිවීම්ද සිදුවන වකවානුවක් බැවින් සියලු දෙනාමත් ආරක්ෂක අංශක ද ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු කාලයකි.
වෛරස් උණ පැතිරයාමෙන් රෝහල් රෝගීන්ගෙන් පිරී යන කාලයකි. ප්‍රසිද්ධ නීති විශාරදයකුට මාරකද යෙදෙන කාලයක් වේ.
විදේශීය වශයෙන් රිට්ට මාපාංක 7 ඉක්මවූ ප්‍රබල භූ චලනයක් ඇතිවීමෙන් ජීවිත දේපළ හානියකට පත්වන කාලයකි.
ඡ්‍යොතිෂවේදී
රේණුක වික්‍රමසිංහ