2023.10.02 සඳුදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 2, 2023

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 06.02
රාහු කාලය - උදේ 07.28 - 08.59
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

හදිසි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. නිතර විවේකය අඩුවන අන්දමේ කරුණු කීපයක් යෙදේ. වෙනදාට වඩා සිතේ අවුලෙන් කටයුතු කරන දිනයකි.

වෘෂභ

වගකීම් බහුලවන දිනයකි. වෙනදාට වඩා පවුලේ කටයුතු අධිකවන බවක් පෙනේ. දරුවකුගේ කටයුතු නිසා ශාරීරික වෙහෙසීම් ඇති කරයි. මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

මිථුන

ශාස්ත්‍රීය කටයුතුවලින් ප්‍රශංසා හිමි කරයි. විශ්වාසය බිඳවැටෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත. ඉක්මන් කෝපය තමාට අවාසි සහගත තත්ත්වයක් ඇති කරයි.

කටක

ගතට සිතට සුවදායක දිනයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. නිතර ඇතිවන දණහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

සිංහ

පවුලේ සුබසිද්ධිය වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ. එමෙන්ම ඥාතීන් අතර සුහදතාවයට හේතු සැලසෙන බවක් පෙනේ. හදිසි තීරණ තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

කන්‍යා

ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ. කල්ගත වූ ණය මුදලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

තුලා

සෙම් රෝග බහුල කරන අතර නිතර ජලයෙන් පරිස්සම් විය යුතු බවක් පෙන්නුම් කරයි. දේපළ ගැටලුවකට මුහුණපාන දිනයකි. වෙනදාට වඩා පදිංචියෙන් පිට වාසයට කරුණු උදාකරයි.

වෘශ්චික

අවිවේකි වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බවක් පෙනේ. ගතට සිතට සැනසිල්ල අඩුකරන දිනයකි. වරින්වර ඇති කරන වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

ධනු

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. නිතර දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇති බවක් පෙනේ. නොසිතූ ලෙස හදිසි වියදමක් සිදුකරයි. දරුවකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ.

මකර

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදාකරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර සිතේ චංචල බවකින් කටයුතු සිදු කරයි. රැකියාවේ ගැටලුවක් ඇතිවිය හැකි දිනයකි.

කුම්භ

වැඩ කටයුතු අධික වන බවක් පෙනේ. විවේකය අඩුකරන අන්දමේ කටයුතු කීපයක් සිදුවිය හැකිය. ශාස්ත්‍රීය කටයුතුවලින් වාසි සැලසෙන දිනයකි. සමාජයේ ප්‍රසිද්ධියට කරුණු ඇති කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න.

මීන

වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු සැලසෙන බවක් පෙනේ. පවුලේ වගකීමක් තමාපිට පැවරීමට ඉඩ ඇත. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.