2023.09.16 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

සැප්තැම්බර් 15, 2023

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.10
රාහු කාලය - උදේ 09.03 - 10.34
සුබ දිශාව - දකුණ

මේෂ

තරමක් දුරට සැනසිලිදායක බව අඩු කරන දිනයකි. නිතර තමාට පාඩු සිදුකරන කටයුතු කීපයක් යෙදේ. පොත් පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. හදිසි තීරණයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

වෘෂභ

පැවැති ආදායම් මාර්ගයකට අවහිරතා මතු කරයි. යොදාගත් සැලසුමක් ප්‍රමාද කරන ලකුණු පෙන්නුම් කරයි. නොසිතූ ලෙස පවුලේ අය අතර නොසන්සුන්තාවයක් මතු කරයි. සිතේ චංචල බවකින් කටයුතු කරන දිනයකි.

මිථුන

පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. ප්‍රමාද වූ විවාහ යෝජනාවක් සාර්ථක වන දිනයකි. හදිසි මුදල් ලාබයකට හිමිකම් ඇති කරයි. නිවෙසින් පිට කරන කටයතු කීපයකට සැලසුමක් ඇති කර ගනී.

කටක

පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. නිතර වෙහෙස මහන්සි වී කරන කටයුතු අධික කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

සිංහ

අලුත් බලාපොරොත්තු ඇති කරන දිනයකි. වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ව්‍යාපාර කටයුතු සම්බන්ධ වාසි සැලසෙන බවක් පෙනේ. වාහන ගනුදෙනුවක් සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි.

කන්‍යා

නිතර ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ වෙහෙසීම් ඇති කරයි. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරන බවක් පෙනේ. හදිසි අජීර්ණ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගන්නා අතර, වෙනදාට වඩා ආහාරපාන ගැනීමේ දී සැලකිලිමත් වන්න.

තුලා

නිතර විනෝදයෙන් කටයුතු කරන දිනයකි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරයි. හදිසි ගමනකට කටයුතුª සූදානමක් ඇති කර ගනී. නිතර ආගම දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ.

වෘශ්චික

ලැබීම් අතින් යහපත් දිනයකි. එහෙත් වෙනදාට වඩා වැයපස අධික වන බවක් පෙන්නුම් කරයි. දරුවකු පිළිබඳ කල්පනාවෙන් කටයුතු කරන්න. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරන දිනයකි.

ධනු

පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. මෙතෙක් පැවැති පවුලේ අසහනකාරී බවක් මඟහැරී යයි. සහෝදර පක්ෂය සමඟ එකමුතුව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක බවක් ඇති කරයි.

මකර

නිතර මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. කණ්ඩායම් වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වෙනදා පැවැති උනන්දුව උද්‍යෝගය නැතිවී යන බවක් පෙන්නුම් කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි.

කුම්භ

සමාජයේ ප්‍රසිද්ධියට කරුණු සැලසෙන දිනයකි. නිතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු උදාකරයි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට නීති පිහිට පතයි. රාත්‍රී ගමන් බහුලවන දිනයකි. වෙනදාට වඩා කල්පනාවෙන් පසුවන්න.

මීන

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. නිතර පවුලට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. රැකියා ස්ථානයේ මතුවන ගැටලුවක් දුරදිග යාමට ඉඩ ඇත. නිතර පදිංචි ස්ථානයෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.