සඳුගෙන් යෙදෙන ශුභ ග්‍රහ යෝග

දෙසැම්බර් 11, 2020

ග්‍රහ ලොව මව් වශයෙන් හඳුන්වන සඳුට එක රාශියක් පසු කිරීමට ගත වන්නේ දින දෙකයි පැය හයක් පමණයි. මේ නිසා සඳුට රාශි දොළහම පසු කිරීමට ගතවන්නේ මසකටවත් අඩු කාලයකි. මේ හේතුව නිසා සඳුගෙන් උදාකරන යෝග විරල නොවේ.

සඳුගෙන් උදාකරන සමහර යෝග ජන්මීන්ට ශුභ පලදීමටත් සමහර යෝග අශුභපලදීමටත් හේතුවේ.

ඒ අනුව සඳුගෙන් උදාවන ශුභ යෝග කීපයක් පිළිබඳව විමසා බලමු.

 

කුලීර යෝගය

සඳු තම වාසභවනය වූ කටක රාශියේ යම් ජන්මපත්‍රයක තැන්පත් වී සිටීමෙන් කුලීර යෝගය යෙදේ. මෙම යෝගයට වෙනත් ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි එල්ලවූයේ නම් එහි ශුභඵල තව තවත් වැඩිවනු ඇත. මෙම යෝගය යෙදී තිබියදී එහි පල නියමාකාරයෙන් භුක්ති විඳීමට නම් ජන්ම පත්‍රයේ අනෙක් ග්‍රහ පිහිටීම්ද යහපත් ලෙස තිබිය යුතුය. එසේම නොමැතිවුවහොත් මෙම යෝගය නමට පමණක් සීමාවේ.

 

සස යෝගය

වෘෂභ රාශිය සඳුගේ උච්ච රාශියයි. සඳු එහි තැන්පත් වූ විට සස යෝගය උදාවේ. මෙම යෝගයේ ප්‍රතිඵල ද කුලීර යෝගයේ මෙනි. මෙම යෝග දෙකේම ප්‍රතිඵල ලෙස ජන්මියා පි‍්‍රයමනාප අයකුවීම කාරුණික කෙනෙකුවීම උපන් තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට යාමට හැකිවීම අන් අයගේ වැඩි ඇල්මකට ලක්වීම ආදිය සිදු වේ. කාන්තාවකගේ මෙම යෝග ජන්මපත්‍රයේ පිහිටියොත් ඇය සියුමැලි ළඳක් වේ.

තුලා ලග්න හිමියන්ට පුර සඳුගෙන් උදාකරන කුලීර යෝගය අති විශිෂ්ට එකක් වේ. පුර සඳු පාප ග්‍රහ සංයෝග හෝ දෘෂ්ටි නොලැබුවේ නම් ජන්මියාට රාජ යෝගයකට සමාන පල ලැබෙනු ඇත.

ගජ කේෂරී යෝගය

ගජකේෂරී යෝගය සඳුගෙන් යෙදෙන තවත් බලවත් යෝගයකි. සඳුගෙන් කේන්ද්‍රගතව ගුරු පිහිටීමෙන් මෙම යෝගය යෙදේ. ඒ හේතුවෙන් ජන්මියාට තියුණු බුද්ධියක් ආර්ථිකයේ දියුණුවක් වාසනාවන්ත ජීවිතයක් උදාකරයි. මෙම යෝගය ශුභඵල දීමට නම් එය යහපත් ස්ථානයක පිහිටිය යුතුයි. ගුරු සඳු සම සප්තමව පිහිටි විට මෙම යෝගයේ උපරිම පල ලැබේ.

 

චන්ද්‍ර මංගල යෝගය

මෙයද සඳුගෙන් යෙදෙන වැදගත් යෝගයකි. මෙය සඳු සහ කුජ එක්ව හිඳීමෙන්ද එකිනෙක සම සප්තමව හිඳ පූර්ණ දෘෂ්ටියට ලක්වූ විටද චන්ද්‍ර මංගල යෝගය උදාවේ. මෙම යෝගය නරකට යෙදුණොත් ජන්මියා නොමගට යොමුවේ. මෙම යෝගය ශුභව පිහිටීමෙන් ජන්මීන් ආර්ථික තත්ත්වයෙන් ඉහළට යනු ඇත.

 

සුනඵා යෝගය අනථා යෝගය

සඳුගෙන් දෙවැන්නේ රවි, රාහු හා කේතු හැර වෙනත් ග්‍රහයකු තනි තනිව හෝ එක්ව තැන්පත්වීමෙන් සුනඵා යෝගය යෙදේ. මෙම යෝගයේ කර්තෘ ග්‍රහයා අනුව යෝග ඵල ඇති කරයි.

අනඵා යෝගය

සඳුගෙන් දොළොස්වැන්නේ රවි, රාහු සහ කේතු හැර වෙනත් ග්‍රහයකු තැන්පත් වීමෙන් මෙම යෝගය උදාවේ. මෙහිදී සඳුගෙන් දොළොස්වැන්නේ බුධ , ගුරු, සිකුරු , ශනි, කුජ යන ග්‍රහයන් තනි තනිව හෝ එක්ව සිටීමද යෝග පලදීමට හේතුවේ.

 

ධුරා ධුර යෝගය

සඳුගෙන් දෙපස එනම් සඳුගෙන් දෙවැන්නේ සහ දොළොස්වැන්නෙ රවි, රාහු , කේතු හැර වෙනත් ග්‍රහයකු වෙන වෙනම හෝ එක්ව තැන්පත් වීමෙන් මෙම ධුරාධුර යෝගය උදාවේ. මෙම යෝගය යෙදීමේදී පාප ග්‍රහයන් වන කුජ සහි ශනි නොසිට බුධ , සිකුරු , ගුරු වැනි ශුභ ග්‍රහයන් වන කුජ සහ ශනි නොසිට බුධ ,සිකුරු , ගුරු වැනි ශුභ ග්‍රහයන් වන කුජ සහ ශනි නොසිට බුධ , සිකුරු , ගුරු වැනි ශුභ ග්‍රහයන් සිටීමෙන් යෝගය වඩා ක්‍රියාකාරි වේ. පාප ග්‍රහයන් දෙපස සිටීමෙන් සඳු පාප කර්තරී යෝගයකට හසුවේ. මෙම යෝගය හේතුවෙන් ජන්මීන්ට අලංකාර නිවාස දේපළ ආදිය හිමි වේ.

 

කුලදීපක යෝගය

කුලදීපක යනුවෙන් අදහස් කරන්නේ කුලය දීප්තිමත් කිරීමයි. මෙම යෝගය උදාවන්නේ සඳු සහ ගුරු ගෙනි. එනම් ගුරු ග්‍රහයා ලග්නයෙන් තුන්වැන්නේ සිටින විට සඳු ග්‍රහයා ලග්නයෙන් එකොළොස්වැන්නේ සිටීමෙන් මෙම යෝගය යෙදේ. මෙහිදී ගුරු ග්‍රහයාට සඳු පූර්ණ දෘෂ්ටියෙන් දැකීම අවශ්‍ය වේ. වෘෂභ ලග්න හිමියකුට මෙම යෝගය යෙදීම ඉතා හොඳයි. එනම් වෘෂභ ලග්න හිමියකුගේ තුන්වැන්න කටකයයි. එහි ගුරු උච්ච වේ. සඳු ගුරුගේ රාශියක් වන මීනයේ නිසා එකිනෙකා රාශි මාරු කිරීමෙන් ගුරු සහ සඳු අතර පරිවර්තනයක් සිදුවේ. මෙහිදී බුධ වැනි ග්‍රහයකුගේ දාෂ්ටියට ලක්වුවොත් යෝගය බලවත් වේ.

 

චන්ද්‍රාධී යෝගය

සඳුගෙන් හයවැන්න, හත්වැන්න, අටවැන්න යන ස්ථානයක බුධ, සිකුරු , ගුරු යන ග්‍රහයන් තැන්පත් වූ විට මෙම යෝගය යෙදේ. මෙම යෝගය නිසා ඉහළ තනතුරු ලැබීමට වාසනාව ඇත. සඳුගෙන් හයවැන්නෙහි, හත්වැන්නෙහි සහ අටවැන්නෙහි තැන්පත් ග්‍රහයන් නෛසර්ගික ශුභ ග්‍රහයන් වුවොත් මෙම යෝගය වඩාත් බලවත්ය. එනම් එම ස්ථානවල බුධ, ගුරු, සිකුරු සිටීම විශිෂ්ට පල ඇති කරයි.

 

අමලා යෝගය

ලග්නයෙන් හෝ සඳුගෙන් දසවැන්නේ බලවත් ශුභ ග්‍රහයකු තැන්පත්වීමෙන් මෙම යෝගය ඇතිවේ. මෙම යෝගය හේතුකොටගෙන ජන්මියාට උසස් රැකියාවක් ලැබේ. තවද සඳුගෙන් දසවැන්න අධිපති ග්‍රහයා බලවත්ව ලග්න කේන්ද්‍රයේ කේන්ද්‍ර ස්ථානයක හෝ ත්‍රිකෝණ ස්ථානයක සිටියේ නම් ජන්මියාට උසස් රැකියාවක් ලැබේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.