සශ්‍රීකත්වය උදෙසා සිදුකරන අක්කියාල් පූජාව

දෙසැම්බර් 11, 2020

තම අභිලාෂයන් සහ අභිමථර්ථයන් ඉටුකර ගැනීමේ බලාපොරොත්තුවෙන් කවුුරුත් විවිධ කටයුතු කරමින් හා දෙවියන් උදෙසා පුද පූජා තැබීමෙන් පිහිට පතා කටයුතු කරන බව පෙනේ.

එයින් ලබන ප්‍රතිඵලය අනුව තවත් දිරිමත්කම උදාවන බව ද පෙනේ. තමන් ජීවත්වන ප්‍රදේශවල විවිධ ඇදහිලි හා ප්‍රාර්ථනා කටයුතු සඳහා එක් එක් දෙවියන් තෝරාගෙන ඒ ප්‍රදේශයෙන් වෙන් කර ගැනීමක් ද සිදුව ඇති බවද පෙනේ.

දුක් කරදර, රැකියා, අධ්‍යාපනික ආදී දේ මෙන්ම ගොවිතැන් කටයුතු එයින් ප්‍රධාන තැනක් ගනී. මිනිසාත් දෙවියන් අතර බැඳීමත්, දෙවියන්ට කළ ගුණ සැලකීමක් ලෙසත් පූජාවක් ලෙසත්. වන්නි ප්‍රදේශයත්, අනුරාධපුරය අම්පාර, මැදවච්චිය , වවුනියාව ආදී ප්‍රදේශවල ජනතාව, ගොවිතැන් කර ප්‍රථම අස්වැන්න නෙලා ප්‍රථම කොටස වෙන්කර, ‘පුල්ලියාර් දෙවියන් උදෙසා තබන පූජාව විශේෂත්වයක් මෙන්ම වැදගත්කමක් ගනී.

මෙම පූජාව අක්කියාල් පූජාව ලෙස නම් කෙරේ. කපා කොටා ගත් අස්වැන්න නෙලා ගැනීමෙන් පසුව ප්‍රථමයෙන් ඇති පමණ කොටසක් වෙන් කරයි. එම වෙන් කිරීම ඊළඟ වර්ෂයේ සශ්‍රීකත්වයද අරමුණයි.

ඇතමෙක් වගාව ආරම්භයට පෙරද, අස්වැන්න නෙළීමට පෙර ද පඬුරු බැඳ බාරය වෙන් කරයි. කලට වැසි ලැබීම , වන සතුන්ගෙන් වගා පාළු නැතිකර ගැනීම කෘමි වසංගත සංහාරය ඉවත් කර ගැනීම සරුසාර අස්වැන්න හා පලදාව ලබා සශ්‍රීකත්වය ලබා සතුට බලාපොරොත්තුව ඉටුවීම නිසා කලගුණ සැලකීම ‘අක්කියාල්’ පූජාව ව්‍යවහාරය වෙයි.

එමෙන්ම මෙම පූජාවට එම ප්‍රදේශ අනුව විවිධ හැඳින්වීමක් අක්කියාලු පූජාව පුල්ලෙයාර් යනුවෙන් ගණපති දෙවියන් බවත් අයියනායක යනුවෙන් පුල්ලයාර් බවත්. මේ නම් දෙකෙන්ම නම් වන තැනැත්තා ගණපති දෙවියන් බවත් මෙයින් ප්‍රකාශ වේ. ඒ සඳහා තබන පූජාව අක්කියාලු පූජාව ලෙස ප්‍රකාශ වන බව ද පෙනේ.

සමහරෙකු මෙම පූජාව සඳහා ගන්නා අස්වැන්න නෙළා ගැනීමට පෙර කරල් තෝරා කපා ගැනීමෙන් ද කපාගත් අස්වැන්නෙන් ඇති තරම් වෙන්කර ගැනීමෙන් ද වෙන් කිරීමක් නොකර නම් කමතෙන් නිවස කරා ගෙන නොවන බව ගොවියන්ගේ ප්‍රථම කටයුත්ත බව පෙනේ.

ගම්වැසි සියලු දෙනාම සාකච්ඡාවකින් පසුව දිනයක් නියම කර ගනී. එම ප්‍රදේශයේ පුල්ලියාර් කෝවිල් භූමියක් මේ සඳහා තෝරාගනී. තෝරාගත් ස්ථානයේ බිම පිරිසිඳු කර කහ පැන් ඉස කටයුත්තට සූදානම් වෙයි. මේ සඳහා කෝවිලේ ස්වාමි විසින් මල්පැල පහන් දල්වා දේව ස්තෝත්‍ර කන්නලව් කර මුඛ වාඩම් බැඳ වී කෙටීම ආරම්භ කර පිළිපන් කැකුළු සහල් ඇති ප්‍රමාණයට ගෙන ලිප තබයි. ඊට පොල් කිරි පමණක් යෙදීම විශේෂත්වයකි. කිතුල් හකුරු කිතුල් පැණි , රට ඉදි, රට කජු ,උඳු, මුං තල, මෑ ආදි අට වර්ගයන් ප්‍රමාණවත්ව යොදා ඉතා පිරිසිදුව පිළියෙල කරගන්න. මෙම දානයට ‘කිවාඩිය” යනුවෙන්ද නම් වෙයි.

‘අක්කියාල් ‘ පූජාව සකස් කර පිළියෙල කළ ස්ථානයේ සිට දෙවොල ළඟට දානය කදක් බැඳගෙන මුඛ වාඩම් පිට ගෙනවිත් පූජා ගොටුවලට වෙන්කොට රසමුසු කැවිලි පලතුරු ද තබයි.

අඹ , අන්නාසි, රත් කෙසෙල්, කෝලිකුට්ටු ‘කඳලි‘ ආදියත් දිවුල් බෙලි , උක් මිදි ද නාරං දෙළුම් වෙරළු, උගුරැස්ස ආදියත් කැවිලිවලට කැවුම් ,අග්ගලා, හබලපෙති, මෝදකන් උඳුවැල්, කළුදොළොස් , මී පැණි විලඳ ආදිය විශේෂයෙන්ම පූජාවට ගනී.

සකසා ගත් පූජාව දෙවොල පූජාසනය මත තබා දේව කන්නලව් කර මෙවැනි ස්තෝත්‍ර ශබ්ද නඟා කියා දේවාරාධනා කරයි. මෙවැනි ස්තෝත්‍ර එක් එක් ගුරු කුලවල පවතින ඒවා බව ඒ අය පවසයි.

සුවඳ දුම් අල්ලා කසපැන් කහ දියර පිනිදිය ආදිය ඉන් පූජාව ඔවුන් දන්නා ස්තෝත්‍ර කර යාදින්න කියා පූජාව කැප කරයි. කැපකර යාදින්න කීමේදී ගොවිතැන් හරකබාන, ගහකොළ රැකියා අසනීප උපද්‍රව ග්‍රහ දෝෂ දූ දරු අඹු සැමි ආදීන් කෙරෙහි ද සුවය හා බලාපොරොත්තු කරන අක්කියාල් පූජාවෙන් බාරයක් ඔප්පු කරයි.

ඉන්පසුව

ගුක්ලාං බරධරං විෂ්ණුම්

ශශිවර්ණම් චතුර භූජම්

ප්‍රසන්ත වදනම් ද්‍යායෙන

සව¢ විස්ණොප ශාන්තයෙන්

අගජානන පත්වාර්‍ක¡ම්

ගජාසන මහාර්නිශම්

අනෙක දන්තං භකතානාම්

එත දන්තං මුපාසමහෙ මේ ආදී ගණපති ස්තෝත්‍ර අෂ්ටක ආදින් කියා ශබ්ද නගමින් සතුටුවෙති.

“හරියොම් ත්‍රිපුර සංඛරා විග්නේශ් රූපාය

ඩං ඩං සරණං සරණං නෙය්‍යාම් නම්බි නේම් වා වා

ගණපති ඩිම් ක්ලිවුට් අං උං ගණපති මහා ගණපති

එන්නෙයි විලුම් මන දිල යම් නික්කසිටා”

මෙම ස්තෝත්‍ර කියා පොල් ගෙඩිය මත කපුරු දල්වා සියලු දෝෂ නිවාරණයි කියා සියල්ලෝම පොල් ගසා හමාරකර “කිවාඩ් දාන භුක්ති විඳිති. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.