දිනපතා ජලය හොඳින් පානය කළ යුත්තේ ඇයි

මාර්තු 4, 2022

ඔබත් වකුගඩුවල නිරෝගීතාව අපේක්ෂා කරන්නේ නම් මෙම ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න. ඔයාලා හැමෝම දන්නවා වකුගඩුවල ප්‍රධාන කාර්යය රුධිරය පෙරා හැර අපද්‍රව්‍ය එනම් විස ද්‍රව්‍ය, මැරුණු සෛල, අමතර ජලය ආදිය ශරීරයෙන් මූත්‍ර ලෙස බැහැර කිරීම බව.

විශේෂඥයන්ට අනූව ඔබ ලබාගන්නා තරලවල ස්වභාවය ශරීරයෙන් පිට කරන තරලවල ස්වභාවයට බලපානවා. ඒ නිසයි වකුගඩු සම්බන්ධ රෝග විනිශ්චයට මුත්‍ර සාම්පල පරීක්ෂාව බහුල වශයෙන් යොදා ගන්නේ.

“ දිනපතා හොඳීන් ජලය පානය කරන්න ” මේ කියමන ඔබ ඕනෑ තරම් අසා ඇති. මෙයට හේතුව නම් විජලනය (ච්ඥඩරඤපචබඪධද) වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට හේතුවීමයි. නැවත සජලනය (අඥඩරඤපචබඪධද) මගින් වකුගඩුවල පූර්ණ ක්‍රියාකාරීත්වය නැවත ඇති කළ හැකි යැයි විශ්වාසයක් පැවතුණ නමුත් නූතන පරීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා විජලනය නිදන්ගත වකුගඩු රෝගය (ඛ්ඩපධදඪජ ම්ඪඤදඥර ච්ඪඵඥචඵඥ) ඇතිවීමට හේතුවන බව. මෙලෙස වකුගඩුවල නිරෝගී ක්‍රියාකාරීත්වය සඳහා ජලය අවශ්‍ය වුවත් ජල මූලාශ්‍ර ලෙස මෘදු පානයන් (ඉධටබ ච්පඪදඬඵ) භාවිතා කිරීමද නුසුදුසුයි. ෆෘක්ටෝස් - ග්ලූකෝස් බහුල සෝඩා (ජ්පභජබධඵඥ - ට්තභජධඵඥ, අඪජඩ ඉධඤච) වකුගඩුවලට ඉතා හානිකරයි. නවතම පරීක්ෂණයකින් තහවුරු කරලා තියෙනවා රසකරන ලද මෘදු පාන (ඉධටබ ච්පඪදඬඵ) භාවිත කිරීම නිදන්ගත වකුගඩු රෝගය සඳහා ඇති අවදානම වැඩි කරන බව. දැන් අපි විමසා බලමු වකුගඩුවලට හානිදායක විය හැකි ඔබ තුළ පවතින පුරුදු මොනවද කියලා.

දුම්පානය

සිගරැට් සහ අනෙකුත් එවැනි ද්‍රව්‍ය (දුම් රහිත දුම්කොළ - ඉථධඬඥතඥඵඵ ඊධඡචජජධ) භාවිතා කිරීම වකුගඩුවල ක්‍රියාකාරීත්වය අඩාල කරනවා.

ඖෂධ අධි භාවිතය

මෙය ඔබ විශේෂයෙන් මතක තබාගත යුතුය. ර්‍ණඊට් ඒඵනපඪද, ඒජඥබචථඪදධනඩඥද, ධ්ඡභනපධටඥද වැනි ඖෂධ ඍජුවම වකුගඩුවලට හානිකරයි.

අධික ව්‍යායාම

අනවශ්‍ය ලෙස ව්‍යායාම කිරීමද වකුගඩු ආබාධ ඇතිවීමට තදින්ම බලපානවා. මේ නිසා අවශ්‍ය වෛද්‍ය උපදෙස් අනූව ශරීර යෝග්‍යතා ව්‍යායාම කළ යුතුය.

දුර්වල නින්ද

පර්යේෂණ මගින් තහවුරු කර තිබෙනවා පැය 06 කට වඩා අඩු නින්ද වගේම පැය 10 කට වඩා වැඩි නින්දක් ඇති පුද්ගලයන්ට මුත්‍රාවල අධික පෙරීමක් ඇති බව (අඥදචත ඩ්රනඥපටඪතබපචබඪධද) මෙය වකුගඩු ආබාධ ඇතිවීමේ පෙර අවදානමක්.

පමණට වැඩි ප්‍රෝටීන්

අඥදචත ඩ්රනඥපටඪතබපචබඪධද තත්ත්වය ප්‍රෝටීන් අධික ආහාර ගැනීම නිසාත් ඇති වෙනවා. විශේෂයෙන් මාංස බහුල ආහාර නිතර ගැනීමෙන්.

පමණට වැඩි සීනි

මෙමගින්ද ඉහත අහිතකර ප්‍රතිඵලයම ඇතිවෙනවා. මේ නිසා ඔබ චොකලට්, රසකැවිලි ආදිය පමණට වඩා භාවිත නොකළ යුතුය.ඕනෑම දෙයක් සීමාව ඉක්මවා නොකිරීම සෞඛ්‍යසම්පන්න ජීවන සැලැස්මක මූලික ගුණාංගය.

(ඊඩඥ ඩ්ඥචතබඩ ඇසුරෙන්)

සටහන - රඹුක්කන කීර්ති එස් කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.