වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ප්‍රබල ඖෂධ ශාකයක්වන මුරුංගා ගැන එතරම් සැළකිල්ලක් නොදක්වන බව ගෘහණියන් වෙළඳ පොළට ගොස් එළවළු මල්ල රැගෙන එන විට පෙනේ. ඒ මුරුංගා වල ඇති ඖෂධීය ගුණාංග...
2019-11-28 18:30:00
මිනිසාට වැළඳෙන විවිධ වූ රෝගාබාධයන් ගැන සලකා බලන කල අපට පෙනී යන්නේ මේ රෝග සියල්ලම පාහේ ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුව වා පිත් සෙම් යන තුන්දොස් වල වෙනස්...
2019-11-21 18:30:00
තක්කාලි අමුවෙන් සලාද ලෙස ගන්නා විටදී විදුරුමසින් ලේ ගලන අයට, කොලෙස්ටරෝල් ඇති අයට ඉතා සුදුසුයි. දත් ශක්තිමත් කිරීම, ලේ වැඩීම තක්කාලි ආහාරයට ගැනීම නිසා...
2019-11-21 18:30:00
සුදු පැහැයට දිස්වන, වටකුරු ඵල දරන ඖෂධීය එළබටු වේ. මෙය වියළි කලාපයේ කැලෑ බිම්වල හෝ හේන් වගාව ආශි‍්‍රතව දකින්නට ලැබේ. මේ වන විට වඳවීමේ තර්ජනයට ලක්වී ඇත...
2019-11-14 18:30:00
මුකුණුවැන්න දේශීය මෙන්ම ආයුර්වේද බෙහෙත් සඳහා මුල් කොළ කඳ ආදී වශයෙන් අනෙකුත් ඖෂධ සමඟ යොදාගනිති. හිසේගානා තෙල් වර්ග සර්ප විෂට අවශ්‍ය බෙහෙත් සඳහා...
2019-11-14 18:30:00
දේශීය ආහාර අතර ඔසු ගුණයක් දෙන කැබැල්ල දළු, මේ තුළින් රෝග කිහිපයක් සුව කිරීමටත් වස විස නැති දේශීය ව්‍යංජනයක් වශයෙන්ද නම් කළ හැකි අතර කැබැල්ල ගෙඩි...
2019-11-07 18:30:00
අප ජීවත් වන මේ පොලෝ තලයේ දක්නට ලැබෙන විවිධ ශාක අතුරින් ආහාරමය වටිනාකමකින් යුතු ශාක ඇති අතර ඖෂධීයමය වටිනාකමකින් යුක්ත වන ශාකද ඇත. එසේම ආහාර සහ ඖෂධීය...
2019-11-07 18:30:00
මිනිසාගේ සුවසෙත උදෙසා තුරුලතාවන්ගෙන් ඉටුවෙත මෙහෙය සුළුපටු නොවේ.මේ මිහිපිට සත්ත්ව සංහතිය ආරම්හ වූ දා සිටම තුරුලතාවලින් මිනිසා බොහෝ ප්‍රයෝජන ලබා ගත්හ....
2019-10-31 18:30:00
සමේ රෝග සුවකරන සම පැහැපත් කරන ධාරන ශක්තිය ඇතිකරන ඇස්වලට හිතකර දැවිලි ගති නැතිකරන ආයුෂ වර්ධනය කරන කුෂ්ඨනසන හිසරදය කැරකැවිල්ල, දුරුකරන ගොටුකොළ...
2019-10-31 18:30:00
අප ජීවත්වන පරිසරය වඩාත් අලංකාර වී ඇත්තේ අප අවට දක්නට ලැබෙන තුරුලතා නිසාය. අප අවට පරිසරයේ ඇති තුරුලතා මෙන්ම විවිධ සත්ත්ව කොටස් ද පරිසරයේ අලංකාරය තව...
2019-10-24 18:30:00
ඇලියම් සැටියම් (Allicum satium) යන උද්භිත විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන සුදුලූණුවලට ඉංගී්රසි බසින් Garlic ගාලික් ලෙසද සිංහල භාෂාවෙන් සුදුලූනු...
2019-10-24 18:30:00
කොච්චි මිරිස් වර්ග රැසක් ඇති අතර එයින් ඉතා ඉහළ ගුණයක් ලබාගැනීමට හැකි බව පාරම්පරික දේශීය වෙදකම තුළින් පෙන්නා දිය හැකිය.කොච්චි මිරිස් සැර මිරිස්...
2019-10-17 18:30:00
උද්භිද විද්‍යා නාමය - ස්ට්රීවනස් නක්ස් වොමිකා (Streevanus nux vomica)කූලය - කාරස්කර කූලයට අයත් ය.සංස්තෘත බසින් - විෂ නින්දුක, කුපිලු, කාක, නින්දුක,...
2019-10-17 18:30:00
අප ජීවත්වන පරිසරයේ ඇති ඖෂධ පැළෑටි අතුරින් ඔබ අප හඳුනන පැළෑටි ප්‍රමාණය ඉතා සීමිතය’ එයට හේතු වනුයේ ඒ පිළිබඳව දක්වන ඇල්ම සහ අවධානය අඩුවීම නිසා ඖෂධ...
2019-10-17 18:30:00
මතභේද සහිත එක් ශාකයක් ලෙස මුරුවා ශාකය හැඳීන්වීමට පුළුවන. ලතාවක් හෙවත් වැලක් ලෙස බොහෝදෙනා මෙය හඳුනාගෙන ඇති නමුත් මේ පිළිබඳව නොයෙක් මතභේද දක්නට ලැබේ....
2019-10-10 18:30:00
මල් පරවී ගිය කලඉඟුරු පඳුර උගුල්ලුනු ලැබේ. ඊට පසු අස්වැන්න නෙළාගත හැක. ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව , දකුණු කොරියාව, ජපානය, නේපාලය ලොව ඉඟුරු...
2019-10-03 18:30:00