වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
මල් පරවී ගිය කලඉඟුරු පඳුර උගුල්ලුනු ලැබේ. ඊට පසු අස්වැන්න නෙළාගත හැක. ඉන්දියාව, චීනය, ඉන්දුනීසියාව , දකුණු කොරියාව, ජපානය, නේපාලය ලොව ඉඟුරු...
2019-10-03 18:30:00
දේශීය වෛද්‍ය ක්රමයේ අප්රකටව භාවිතා වන ඖෂධ ද්‍රව්‍යයක් වන ඉල්ල බොහෝ දෙනා හොඳින් හඳුනන ශාකයක් නොවේ. මෙයටම ඊල්ල යන නාමය ද, හකුරු විල්ල යන නාමය ද ව්...
2019-10-03 18:30:00
උද්භිද විද්‍යා නාමය - ඕචජධනච ර්ධදදඪඥපච (තඪදද නඥදදඥත) කුලය -ඉජපධනඩභතචපඪචජඥචඥ හෙවත් කටුකරෝසන කුලයයි.සංස්කෘත බසින් - බ්රාහ්මී, මණ්ඩුක, මණ්ඩුකී, මතස්...
2019-09-26 18:30:00
ජනවහරේ අපි අසා තිබෙනවා දුටුගැමුණු රජ්ජුරුවෝ යුද්ධෙ ඉවර වෙලා (දුටුගැමුණු – එළාර යුද්ධය, විජිතපුර සටන) සෙබළුන්ගේ තුවාලවලට කිතුල් පැණි වලින් සෑදු කැවුම්...
2019-09-19 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්රමයේ බොහෝ සෙයින් ඖෂධ සඳහා යොදා ගනු ලැබුවේ තුරුලතා වලින් ලබා ගත් විවිධ කොටස් ය.වර්තමානය වන විට අධික...
2019-09-19 18:30:00
පිපාසය සංසිඳුවන මුත්‍රාදැවිල්ල පහකරන කොලෙස්ටරෝල් අඩුකරන හෘද රෝග වළක්වන කොමඩු ශරීර පැහැය වැඩිකිරීමේ ඖෂධීය ගුණයකින් යුක්ත වේ. මළ බද්ධය දුරුකිරීමේ ප්...
2019-09-12 18:30:00
රෝග ගැන නොතකා පිපාසය සංසිඳුවා ගැනීම සඳහා විවිධ ඔසු වර්ග තම්බා පානය කිරීමට බොහෝදෙනකු පුරුදුව සිටිති. වර්තමාන සමාජයේ ගෘහණියන්ට ඇති අවිවේකී තත්ත්වය නිසා...
2019-08-29 18:30:00
කෙසෙල් ගෙඩියක් ආහාරයට ගන්නා විට එහි ඇති ප්‍රණීත රසය නිසා ආහාරයට වඩාත් පි‍්‍රය උපදවන බව අමුතුවෙන් පැවසිය යුතු වන්නේ නැහැ. කෙසෙල් ගෙඩියක් අමුවෙන්...
2019-08-22 18:30:00
කොත්තමල්ලි වතුර මුවේ නිතර තුවාල සෑදෙන අයට ගුණදායකය.ත්‍රිපලා, ෆ්ලූ, උණ සෙම්ප්‍රතිශ්‍යාව පැතිරෙන කාලයට පානය කරනවා නම් ප්‍රතිශක්තිය ඉහළ නැංවී ඒ රෝගවලින්...
2019-08-15 18:30:00
ආයුරේවේදය මූලික පරමාර්ථ 2කින් යුතු බව බොහෝ දෙනා දනිති. ඒ අතුරින් එක් පරමාර්ථයක් වනුයේ ස්වස්ථ පරායණය හෙවත් නිරෝගී පුද්ගලයෙක්ගේ නිරෝගී බව රැක ගැනීමයි....
2019-08-08 18:30:00
කිරිබත් සෑදීමේදි කිරිබත් ක්‍රම කීපයකට සෑදීමට හැකි අතර විශේෂිත සහල් වලින් සාදන ලද කිරිබත් විවිධ ගුණයෙන් හා රෝග රැසක් සුව කිරීමටද සමත් වේ. ඊට අමතරව...
2019-08-01 18:30:00
වෙරළු ස්නායු වර්ධනය කරයි. හිසට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය බාධාවකින් තොරව ක්‍රියා කරයි. හිසකෙස් වර්ධනය කරයි .ආහාර දිරවීම පහසු කරයි.මීට අමතරව වෙරළු කොළ...
2019-07-25 18:30:00
මිනිසා නිරෝගීව තම ජීවිතය පවත්වා ගෙන යාම සඳහා ආහාර පානවලින් ලබා ගන්නේ මහත් වූ සහායකි. එදිනෙදා ගනු ලබන ආහාර අතුරින් බොහෝමයක් නිරෝගී බව රැක ගැනීමට සහ...
2019-07-18 18:30:00
ඔබට පහසු ප්‍රතිකාරය ඔබම තෝරාගන්නපාරම්පරික වෙදකමෙන් අද ඉදිරිපත් කරන්නේ ඔබගේ පහසුව අනුව ඔබටම කරගත හැකි අම්ලපිත්ත රෝගවලින් පීඩා විඳින සැමට මෙම ප්‍රතිකාර...
2019-07-11 18:30:00
ආයුර්වේදයට අයත් මූලික පරමාර්ථ දෙක වනුයේ රෝගී පුද්ගලයාගේ රෝගී බව තුරන් කිරීමත්, නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව රැකගැනීමත්ය. මේ කරුණු දෙක අතුරින් රෝගී...
2019-07-04 18:30:00
අමුකහප්රබල විෂබීජ නාශකයකි. හමේ රෝග සඳහා තම්බා හම සේදීම මඟින් තුවාල වියලී යයි. හම පිරිසුදු කරයි. එසේම තැල්මට අමුකහ, බැලතණ, පොල් සමඟ කොටා බැඳීමෙන්...
2019-06-27 18:30:00