වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ආයුර්වේදය හා දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව රෝග ඇතිවීමට ප්‍රධාන හේතුව වනුයේ දෝෂ විෂමතාවයයි. එනම් වාතය, පිත සහ සෙම යන තුන්දොස් වල වෘද්ධි හා ක්ෂීණ බවයි.මේ...
2020-02-20 18:30:00
අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතරින් ඉතා අධික පැළෑටි ප්‍රමාණයක් විවිධ රෝග සඳහා ප්‍රයෝග කරනු ලබන බව හොඳින් දන්නා නමුත් තවත් සමහර පැළෑටි පිළිබඳව...
2020-02-13 18:30:00
ඈත අතීතයේ මහා රාවණා යුගයටත් පෙර මහාර්ෂි පුලස්ති ඍෂිවරයාගේ පාලන කාලයේදී ඉතා දියුණු වූ දේශීය වෛද්‍ය ක්‍රමයක් දරු පල නැති කාන්තාවන්ට තිබූ බව අනාවරණය වේ...
2020-02-06 18:30:00
නිශාදි තෛලය – සඳහා මී තෙල් යොදාගනු ලබන අතර පීනස් රෝගවලදී මෙම තෛලය නස්‍ය අන්යංග ආදියට ගනු ලබයි. මෙයට අමතරව තවත් තෙල් වර්ග කිහිපයකදී ම මී තෙල් යොදා...
2020-02-06 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්රමයේ විවිධ වූ රෝගාබාධයන් රාශියකට ගුණදෙන අගනා ඖෂධීය ශාකයන් ලෙස දියමිත්ත ශාකය හැඳීන්විය හැකිය. පාඨා...
2020-01-30 18:30:00
ලංකාවේ සෑම පළාතකම වැවෙන පැළයක මූණමල් හදවතට ඉතා හිතකරය. මුඛ රෝගයන්ට ඉතා ගුණදායකය. ඖෂධ සඳහා යෙදිය හැක්කේ ශාකයේ පොතු, ගෙඩි හා බීජයන් ය.මූණමල් සුගන්දවත්...
2020-01-30 18:30:00
සමහර ඖෂධ පැළෑටි පිළිබඳව විවිධ මතභේද පවතී. එසේම එකම ශාකය විවිධ නාමයන්ගෙන් දක්වයි. ඒ නිසා ඖෂධ ශාක නිවරදි ලෙස හඳුනාගැනීමේ යම් යම් අපහසුතා ඇතිවිය හැකි ය...
2020-01-23 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්රමයේද ගනු ලබන අගනා වටිනා ඔසුවක් වශයෙන් ලුණුවිල හැඳීන්විය හැකිය. බුද්ධිය වඩන ධාරණ ශක්තිය ඇති කරන කටහඬ...
2020-01-16 18:30:00
කෘතීම රසකාරකවලින් රසවත් කළ ආහාරපාන වලින් ඔබත් ඈත්වී ඔබේ දරුවනුත් ඈත්කරවන්න ඔබ කටයුතු කළොත් ඔබේ මුළු පවුලම නිරෝගි වන බව සහතිකයි. ගෙදර හදන කෑම බීම අපේම...
2020-01-09 18:30:00
අප නිරෝගීව ගතකිරීමට අවශ්‍ය සියලු පෝෂණ ද්‍රව්‍ය අප රට තුළ වැවෙන ශාක තුළ ගැබ්ව ඇත. එසේම ඉන්ද්රිය ක්‍රියාකාරිත්වය නිසි අයුරු ඉටු කිරීමට උපකාරී වන දෑ...
2019-12-26 18:30:00
අප ජීවත් වන පරිසරය තුළ දැකිය හැකි තුරුලතා අතර බොහෝ ප්‍රමාණයක් ආහාරමය වශයෙන් වැදගත් වන අතර තවත් බොහෝ ප්‍රමාණයක් ඖෂධීය වශයෙන් වැදගත් වේ. එසේම ආර්ථික...
2019-12-19 18:30:00
කොත්තමල්ලි ග්‍රෑම් සීයයි, සූදුරු ග්‍රෑම් විසිපහයි. ගම්මිරිස් ග්‍රෑම් විසිපහයි, වියළි කරපිංචා කොළ ග්‍රෑම් පනහයි, වියළි මින්චි ග්‍රෑම් විසිපහයි, වියළි...
2019-12-12 18:30:00
කොත්තමල්ලි අවුරුදු 4000 පෙර භාරතයේ සහ ශ්‍රී ලංකාවේ රාවණා යුගයට පෙර සිට මහාර්ෂි පුලස්ති ඍෂිවරයාගේ කාලයේ භාවිතය කර ඇති බවට සාක්ෂි දරයි. ඒ ගැන ලියල ඇති...
2019-12-05 18:30:00
ප්‍රබල ඖෂධ ශාකයක්වන මුරුංගා ගැන එතරම් සැළකිල්ලක් නොදක්වන බව ගෘහණියන් වෙළඳ පොළට ගොස් එළවළු මල්ල රැගෙන එන විට පෙනේ. ඒ මුරුංගා වල ඇති ඖෂධීය ගුණාංග...
2019-11-28 18:30:00
මේ මිහිතලය මත ජීවීන්ගේ වාසය ආරම්භ වීමත් සමඟ ඔවුන් තමන්ට වැළඳෙන රෝගාබාධයන් සඳහා තම වටපිටාවේ තිබෙන සම්පත් උපයෝගී කර ගැනීමට හුරුපුරුදු විය. මෙම ජීවින්...
2019-11-28 18:30:00
පලා වර්ගවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ රැසක් පවතී. යකඩ, කැල්සියම්, පොස්පරස්, මැංගනීස්, පොටෑසියම්, සින්ක් වැනි ඛනිජ ද්රව්යයන්ගේන්ද පලා වර්ග පොහොසත් ය.මෙරට...
2019-11-28 18:30:00