වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයේදී බොහෝ සෙයින් රෝග සමනය සඳහා යොදාගනු ලබන්නේ ඖෂධීය ශාකයන්ගෙන් ගනු ලබන ඖෂධ අංගයන්ය. මේ අයුරින් ඖෂධ සඳහා...
2020-07-09 19:30:00
අප සිටින පරිසරයේ දක්නට ලැබෙන ඖෂධ පැළෑටි අතුරින් ඔබ, අප දන්නා හඳුනන ඖෂධීය පැළෑටි ප්‍රමාණය ඉතාමත් අල්පය. අප අවට ඇති ගස් වැල් පිළිබඳව හොඳීන් පරික්ෂා කර...
2020-07-02 18:30:00
ආහාර ජීර්ණ පද්ධතියට සුවය ලබාදෙන උළුහාල් සෙම් පිටකරන හා සෙම්නසන ගුණයකින්ද ලේ පිරිසුදු කරන හා ඉදිමුම් නසන ගුණයකින්ද සමන්විතවේ. ඖෂධ රැසකටම ගනු ලබන...
2020-07-02 18:30:00
ශරීර දාහය නිවාදැමීමටත් විෂබීජ හරණයටත් සුදුසු පාන වර්ග කීපයක් මෙසේ ඔබගේ අවධානයට යොමු කරමු. නෙල්ලි පානය කහට, ඇඹුල් , පැණි රස, තිත්ත යන...
2020-07-02 18:30:00
බොහෝ ස්වභාවික ඩයි නිපදවීම පිණිස මේ ගස්වල පත්‍ර යොදා ගනී. මේ පත්‍ර අවරිය ශාකයේ පත්‍රයි. මෙය මුලින්ම සොයා ගත්තේ ඉන්දියාවයි. මේ නිසා අවරිය ගසට නවීන...
2020-07-02 18:30:00
මුරුංගා කරල රසවත් එළවළුවක් ලෙස කා අතරත් ජනපි‍්‍රය වූවකි. එහෙත් මුරුංගා කොළවල ඇති අගය දන්නේ සුළු පිරිසකි. විටමින් ඒ.බී. කැරොටින්, කැල්සියම් ,පොස්පරස්...
2020-07-02 18:30:00
ඖෂධ ගුණයෙන් පිරිපුන් ඉතා වටිනා අගනා ද්‍රව්‍යයක් වශයෙන් ‘කට්ඵල’ හැඳින්විය හැකි ය. ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී සෙම් රෝග ඇතුළු රෝග රාශියකට යොදන ප්...
2020-06-25 18:30:00
ආයුර්වේදීය දැනුම උපයෝගී කරගනු ලබන මිනිසා සිය පරිසරයෙන් ලබා ගන්නා ස්වභාවික අමුද්‍රව්‍යයන් උපකාරයෙන් මිනිසාට , සතුන්ට , වෘක්ෂලතාවන්ට වැළදෙන රෝගාබාධයන්...
2020-06-18 18:30:00
වෑංජන රසවත් කිරීමට හා සුවඳවත් කිරීමට යොදාගන්නා වටිනා ඖෂධයක් බව බොහෝදෙනකු නොදන්නවා විය හැකිය. හෘදයාබාධ හට ගැනීමට අවශ්‍යවන කොලෙස්ටරෝල් අඩු කිරීමට...
2020-06-11 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්රමයේ දී බොහෝ ඖෂධ යෝගයන් සඳහා බහුලව යොදා ගනු ලබන අගනා වටිනා ද්‍රව්‍යයක් ලෙස “පෙරුංකායම්” හැඳින්විය හැක....
2020-06-11 18:30:00
නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කර ගැනීමටත් රෝගී පුද්ගලයාගේ රෝගී භාවය සමනය කර ගැනීමටත් බොහෝ සෙයින් උපකාරී වන වෛද්‍ය ක්‍රමය ලෙස ආයුර්වේද වෛද්‍ය ක්...
2020-03-12 18:30:00
විෂබීජ නැත්තටම නැති කරයි. සුදුලූනු ශරීරයට ප්‍රතිශක්තිය ගෙන දෙන අතර ආයුර්වේදයේ ප්‍රතිජීවක ඔසුවකි.ආයුර්වේද වෙදකමේදී මිනිස් හදවත් දිනාගත් සුදුලූනු මෑත...
2020-03-12 18:30:00
එදිනෙදා ජීවිතයේ දී ආහාරමය වශයෙන් මෙන්ම ඖෂධීය වශයෙන්ද බොහෝ සෙයින් වැදගත් වන අගනා වටිනා ද්‍රව්‍යයක් වශයෙන් ප්‍රසාරණී පැළෑටිය හැඳීන්විය හැකිය.ලතාවක්...
2020-03-05 18:30:00
මේ ලිපිය ලිවීමට අදහස් කළේ බොහෝ වෛද්‍යවරුන්ගේ ඉල්ලීමක් වශයෙනි.එනම් ආයුර්වේද වෛද්‍ය ක්රමයේ බොහෝ රෝග රැසකට ඉතා ප්‍රයෝජනවත් වන, රෝගීතාවය හා රෝග නිවාරණ...
2020-02-27 18:30:00
අප ජීවත් වන මේ සුන්දර පරිසරය තුළ ජිරී ඇත්තේ ශාක, සත්ව සහ පාර්ථිව ද්‍රව්‍යයෝය. මේ අතුරිනුත් බහුල වශයෙන් පවතින්නේ ශාක ද්‍රව්‍යයෝය. මෙම ශාක ද්‍රව්‍යයන්...
2020-02-27 18:30:00
පෝෂ්‍ය ගුණයෙන් අනූන එළවළු ඉතාමත් රසවත් ආහාර වර්ගයකි. මෙය පහසුවෙන් ආහාරයට එක්කර ගත හැකිය. එළවළුවල පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් කුඩා හා මහා පරිමාණයෙන්...
2020-02-27 18:30:00