ඔසු ගුණ සපිරි ගස් නිදිකුම්බා

ජනවාරි 1, 2021

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේ බොහෝ සෙයින් ප්‍රයෝජන ගෙන දෙන ශාක අතර ‘ගස් නිදිකුම්බා’පැළෑටිය ඉතාමත් විශේෂිත වේ.

ගස් නිදිකුම්බා පැළෑටිය හීං නිදිකුම්බා නාමයෙන් ද හඳුන්වන අතර, ඈත අතීතයේ සිටම විවිධ වූ ඖෂධ යෝග සඳහා යොදා ගෙන ඇති බව සඳහන් වේ.

ශී‍්‍ර ලංකාවේ පැරණි වෛද්‍ය ග්‍රන්ථ සහ වෛද්‍ය මූලාශ්‍ර ගැන සලකා බලන විට පැහැදිලි වන්නේ දඩින්නරු යනුවෙන් සඳහන් කර ඇත්තේ ගස් නිදිකුම්බා හෙවත් හීං නිදිකුම්බා පැළෑටිය බවයි. සිංහල යෝගරත්නාකරය වැනි ග්‍රන්ථ වල මෙය ඉතා හොඳීන් දක්වා ඇත. නිදිකුම්බා, විෂ කුම්භ වැනි වචන අපේ බස් වහරට එක්ව ඇත්තේ ඉතා මෑත කාලයේ දී බව මෙයින් පෙනී යයි.

ආයුර්වේද ඖෂධ යෝග යෙදීමේදී ශී‍්‍ර ලංකාවේ සහ ඉන්දියාවේ ඖෂධ ද්‍රව්‍ය වරදවා යොදාගනු ලබන අවස්ථා බොහෝ සෙයින් පවතියි. ඒ අනුව භාරත දේශයේ ඇතැම් පිළිගත් ආයුර්වේද උගතුන් ලජ්ජාලු යන නාමයට ගස් නිදිකුම්බා වලට අර්ථ දක්වා ඇත. ඒ අනුව පොත් වලටද කරුණු දක්වා ඇත. එම උපදේශ අනුගමනය කරමින් අපේ ශී‍්‍ර ලාංකික වෛද්‍ය වියතුන් ලජ්ජාලු වෙනුවට කටු නිදිකුම්බා අර්ථකර දක්වා ඇති අවස්ථා බොහෝය.

මෙම කටු නිදිකුම්බා ඹ්ඡ්ට්උර්ධ්ව්ර්‍ණඉඒඡ් කුලයට අයත් ර්ඪධථධඵ නභඤඪජචත යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බ්‍රසීලය නිජබිම කරගත් පැළෑටියකි. යුරෝපා ජාතීන් පෙරදිග රටවල් සොයා එන ගමනේදී පෙරදිග රටවලට ඔවුන් සමඟ සංක්‍රමණය වූ පැළෑටියක් වශයෙන් කටු නිදිකුම්බා දැක්විය හැකිය.

වැව් ආශි‍්‍රතව වැවෙන දිය නිදිකුම්බා හෙවත් ඹ්ඡ්ට්උර්ධ්ව්ර්‍ණඉඒඡ් කුලයට අයත් ව්ඥනබභදඪච ධතඥපචජඥච ඹ්ධභප යන උද්භිත නාමයෙන් හඳුන්වන පැළෑටිය ද අපේ දේශීය වෛද්‍යවරුන් විසින් ‘ලජ්ජාලු’ නාමයෙන් හඳුන්වන අවස්ථාද ඇත.

එහෙත් ශී‍්‍ර ලංකාවේ පැරණි වෛද්‍ය ග්‍රන්ථ සහ සාධක අනුව පැහැදිලි වනුයේ ‘ලජ්ජාලු’ නාමයෙන්ද ‘දඩින්නරු’ නාමයෙන් ද හඳුන්වනුයේ හීං නිදිකුම්බා හෙවත් ගස් නිදිකුම්බා ම බවයි.

ගස් නිදිකුම්බා වැවෙන ප්‍රදේශ:

විදේශීය වශයෙන්

ඉන්දියාවේ සියලුම උෂ්ණ ප්‍රදේශවල සිට හිමාලයෙහි අඩි 6000 දක්වා ප්‍රදේශවල ද බෙංගාලය, ජාවා, චීනය, ඇතුළු ඝර්ම කලාපීය රටවලද දක්නට ලැබේ.

දේශීය වශයෙන්

ශී‍්‍ර ලංකාවේ පහතරට ප්‍රදේශවල පාරවල් දෙපස සහ අතහැර දැමූ බිම්වල සුලභව දැකිය හැකි ශාකයකි. විශේෂයෙන් ශී‍්‍ර ලංකාවේ මධ්‍යම පළාත පේරාදෙණිය හන්තාන, ඌව පළාතේ බේරගංතොට, ලුණුගල සහ බස්නාහිර පළාතේද සුලබ ලෙස දැකිය හැක. තවද පේරාදෙණිය උද්භිද උද්‍යාන නාවින්න ආයුර්වේද පර්යේෂණායතනය හල්දුම්මුල්ල සහ ගිරාඳුරුකෝට්ටේ ආදී ඔසු උයන්වලද දැකිය හැක.

ගස් නිදිකුම්බා වල ස්වරූපය:

මෙය වාර්ෂික පැළෑටියක් වන අතර කෙටි ඍජු රත් පැහැ කඳකින් යුතුය.

එම කඳ සෙ.මි. 2.5 – 5 දක්වා උසින් යුතුය. මෙහි පත්‍ර සම පක්ෂ සංයුක්ත පත්‍රයි. මේවා කඳ කෙළවර ගොනු වී කිරීටයක් මෙන් විහිදී ඇත. මෙම පත්‍ර කොළ පැහැ වන අතර, එම පත්‍ර යටි පස ලා කොළ පැහැයක් ගනියි. මෙහි හටගනු ලබන මල් ක්‍රමවත් වන අතර, රන්වන් කහ පැහැයක් ගනු ලබයි. මෙහි රතු පැහැ නාරටි ඇත. මෙම ශාකයේ හටගන්නා ඵලය වටකුරු, ඕවාලාකාර කෝෂඨභේදි ස්ඵෝටිකාවකි.මෙය පිපිරුණ විට බීජ විසිරේ. මෙම බීජ බොහෝ දුරට ගැටිති හැඩවේ. මල් පිපීම වසර පුරාම සිදුවේ. මෙම නිදිකුම්බා දළු ව්‍යංජනය රසවත් ආහාරයක් වන අතර, ඖෂධීය ගුණයද අධිකය.

ගස් නිදිකුම්බා විවිධ භාෂාවලින් හඳුන්වන නාම:

පොදු සිංහල නාම

ගස් නිදිකුම්බා, හීං නිදිකුම්බා වන අතර

සංස්කෘත බසින්

ලජ්ජාලු ශම්පත්‍රා සමංගා වරාහා ක්‍රාන්තා ජල කර්නිකා, රක්ත පාදී නමස්කාරී ඛදිරකා ජයපුෂ් අඤ්ජලිකාරිකා ජාවල පුෂ්පා ආදී නාමයන් යොදයි.

හින්දි බසින්

ලක්සනා හා ලක්ෂ්මනා යනුවෙන්ද

වංග බසින්

වන නාරංශා යනුවෙන්ද

දෙමළ බසින්

දඩින්නරු, දඩඉදන්නරු යනුවෙන් ද යෙදෙයි.

උද්භිද විද්‍යාත්මක නාමය

ඕඪධනඩරබභථ පඥඪදඹචපඤබඪඪ (ඛභජඥ)ම්තධබඵඵජඩ වන අතර, කුලය ර්‍ණඔඒඹ්ධ්ච්ඒඛ්ඡ්ඒඡ් හෙවත් චාංගේරීකුලයයි.

මෙම චාංගේරි කුලයට ගස් නිදිකුම්බා (හීන් නිදිකුම්බා) වලට අමතරව බිලිං, රටබිලිං, කාමරංගා සහ ඇඹුල් ඇඹිලිය ද අයත් වේ.

 

ගස් නිදිකුම්බා වල ඖෂධීය අංග:

මෙහි සම්පූර්ණ පැළෑටියම සහ බීජ ගනු ලබයි.

ප්‍රභේද සැලකීමේදී

සුදු, රතු , සුවඳ හා වල් යනුවෙන් ප්‍රභේද 4 කි.

තවත් ක්‍රමයකට

ගස් නිදිකුම්බා, හීං නිදිකුම්බා, බිං නිදිකුම්බා සහ නිදිකුම්බා වශයෙන් බෙදා ඇත.

ඖෂධීය ගුණකර්ම:

මෙම ගස් නිදිකුම්බා හීං නිදිකුම්බා අතීතයේ සිටම ඖෂධ යෝග සඳහා යොදාගෙන තිබෙන බව චරක සංහිතාව සුශ්‍රැත සංහතාව භාව ප්‍රකාශය ආදී ග්‍රන්ථ පරිශීලනයෙන් පැහැදිලි වේ. චරක සංහිතාවේ සන්ධානිය ගණයට සහ පුරීෂ සංග්‍රහණිය ගණයට අයත් වන මෙම ගස් නිදිකුම්බා සුශ්‍රැත සංහිතාවේ පි‍්‍රයංගුවාදී ගණයට සහ අම්බෂ්ඨාදි ගණයට අයත් වේ.

මෙය රසයෙන්

කටුක හා තික්ත වන අතර

ගුණයෙන් ලඝු හා රුක්ෂ වේ.

වීර්යයෙන් උෂ්ණ වන අතර

විපාකයෙන් කටුක වේ.

දෝෂ අනුව සැලකීමේදී

වාතය හා සෙම නසන ගුණ යුතුයි.

ප්‍රධාන කි‍්‍රයා

සෙම නසන, ආම පාචක, රුජාහර (වේදනා නසන) උත්සාහකාරී, ව්‍රණ ශෝධක සහ වාත නාශක ගුණ යුතුයි. විශේෂයෙන් අතීසාර රෝගයේදී ඉතා හිතකාරී වන අතර, රක්ත ස්තම්භන (ලේ නතර කරන) ගුණ යුතුය. එනිසා රක්ත අර්ශස් සඳහා විශේෂ ගුණ ගෙන දෙයි. එසේම ග්‍රහණි ප්‍රවාහිකා උරංක්ෂත, රත්පිත්, කි‍්‍රෂ්ඨ, ශෝථ (ඉදිමුම්) සහ ශ්වේත ප්‍රදර ආදියටද එසේම රක්ත ප්‍රදර සඳහා ද ඉතා ගුණදායකය. එසේම පීනස, ප්‍රතිශ්‍යා විෂ මේහ, කපාල කරප්පන් මුත්‍රාශ්මරි නාගවිෂ අතිරක්ත චාපය (අධිරුධිර පීඩනය) ආදියට ද ඉතා ගුණදායක ය

ගස් නිදිකුම්බා (හීං නිදිකුම්බා) අඩංගු ඖෂධ යෝග රාශියක් බාහිරව සහ අභ්‍යන්තරව ප්‍රයෝග කරනු ලබයි. විශේෂයෙන් දේශීය චිකිත්සාවේ මෙය අඩංගු ඖෂධ යෝග රාශියකි. ඒ අතරින් ද අතීසාරය සඳහා යොදනු ලබන ඖෂධ යෝග රාශියකි. සිංහ යෝග රත්නාකරය නම් ග්‍රන්ථයේ මෙසේ දක්වා ඇත.

 

දඩින්නරුත් මල් ඉති මල් ඉරමුසු ද

ලොත් සුඹුලුත් සහ සිඳී දිය පෙරු සඳ

මී පැණි සමඟ කොට ගෙන දුනහොතින් සොඳ

බිලිඳුන් අතීසාරය නම් නසා වද

 

මෙහිදී ගස් නිදිකුම්බා (හීං නිදිකුම්බා) මලිත මල්, ඉරමුසු මල්, ලොත්පොතු කලං එක හමාර බැගින් ගෙන වතුර පත 4 ක් දමා පත බාගයට සිඳුවා පෙරා නිවා මී පැණි දමා දිනකට සතරවරක් බැගින් කීප දිනක් දීමෙන් ළදරු අතීසාරය සුවවෙයි. ලේ යන අතීසාරයට ද ඉතා ගුණදායකය. මේ සඳහා ගස් නිදිකුම්බා මුළු පැළෑටියම ගනු ලබයි.

එසේම

ගොනොරියා ( පූයාමේහයට)

හීන් නිදිකුම්බා (ගස් නිදිකුම්බා) මුල් කෂාය යොදනු ලබයි.

කැඩුම් බිඳුම් සඳහා

හීං නිදිකුම්බා (ගස් නිදිකුම්බා) ඇට අඹරා ආලේප කරනු ලබයි.

ලේ ගෙඩි පැසවා පිපිරීමට

හීන් නිදිකුම්බා (ගස් නිදිකුම්බා) බීජ චූර්ණය බටර් සමඟ අඹරා ගනු ලබයි.

හොඳීන් මුත්‍ර පිටවීමට

හීං නිදිකුම්බා (ගස් නිදිකුම්බා) කොළ ස්වරසය පිරිසිදු ජලයට දියකර පෙරා පානය කරනු ලබයි.

පීනසට

ගස් නිදිකුම්බා (හීං නිදිකුම්බා) කැපූවිට ගලන ශ්‍රාවය නස්‍ය කිරීම ඉතා ගුණදායකය.

කාස වලට -ඉහත දියරයට තිප්පිලි කුඩු දමා බීමට දීම ගුණදායකය.

පිත්ත ජ්වරයට

ගස් නිදිකුම්බා (හීං නිදිකුම්බා) සම්පූර්ණ පැළෑටියම කෂාය කර බීම ඉතා ගුණදායකය.

කුෂ්ඨ සහ කරප්පන්වලට

ගස් නිදිකුම්බා (හීං නිදිකුම්බා) සහ මුල තැම්බූ ජලයෙන් සේදීම ගුණදායකය.

අධික රුධිර පීඩනයට

හීං නිදිකුම්බා (ගස්නිදිකුම්බා) සම්පූර්ණ ශාකයම වියළා කෂාය කර බීමට දීම ඉතා ගුණදායකය.

පොලොං විෂට

හීං නිදිකුම්බා (ගස් නිදිකුම්බා) මුල් අඹරා හාල්පානුවෙන් පෙවීම ගුණදායකය.

ආයුධ වලින් කැපීම් වලට

ගස් නිදිකුම්බා අමුවෙන් ගෙන කොටා යුෂ ගෙන සකස්කළ තෙල තුවාලයේ ගෑම සුදුසුය.

සර්ප දමනයට

ගස් නිදිකුම්බා මුල් අඹරා අල්ලේ ගා හෝ එහි මුලක් අතට ගෙන හෝ සර්පයා ඇල්ලිය යුතුය.

මේ ආදී ඖෂධ යෝගයන් රාශියක් රෝගාබාධ රාශියක් සඳහා ගස් නිදිකුම්බා අඩංගු සංස්කෘත ඖෂධයෝද කිහිපයක් දක්නට ලැබේ.

එනම්

සමංගාදි තෛලය

ලජ්ජාලු ආදි රසායනය

උශිරාදි ක්වාථය

පාඨා සමංගාදි ක්වාථය

චන්දනාදි චූර්ණය

පීයුෂවල්ලී රසය

මෘත සංජීවනී සුරාව

ආදී ඖෂධ යෝග රාශියක් දක්නට ලැබේ.

මේ අතර සමංගා නාමය වැල්මදය සහ ගස් නිදිකුම්බා (හීං නිදිකුම්බා) සඳහා යෙදෙන අතර, ශී‍්‍ර ලාංකික වෛද්‍යවරුන් අවස්ථානුකූලව සමංගා නියමිත අතීසාර ග්‍රහණි සඳහා යොදෙන කෂාය වල දී ගස් නිදිකුම්බා (හීන් නිදිකුම්බා) යොදාගනු ලබයි. මේ අනුව පැහැදිලි වනුයේ ගස් නිදිකුම්බා (හීන් නිදිකුම්බා) යනු ඖෂධීය වශයෙන් අතිශයින් ප්‍රයෝජන ගෙන දෙන ශාකයක් බවයි.

අප අවට පරිසරයේ බොහෝ සෙයින් දක්නට ලැබෙන මෙම ගස් නිදිකුම්බා (හීන් නිදිකුම්බා) නිසි ලෙස ඖෂධ යෝග ලෙස යොදා ගැනීමෙන් බොහෝ රෝගාබාධයන් සමනයට හේතු වනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.