වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
දෙසැම්බර් 14, 2018
කතුරුමුරුංගා මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයක්. කතුරුමුරුංගා කොළ ඇසුරෙන් සකස් කෙරෙන ආහාරයක් සතියට අවම වශයෙන් දින 3 ක් වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්. මේ සඳහා කතුරුමුරුංගා කොළ කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි.
කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ ප්‍රෝටීන්, විටමින් “බී” ,විටමින් “සී” තන්තුමය ස්වභාවය ද යහමින් අන්තර්ගතය. මේ තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා.
සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල්වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්. සංස්කෘත භාෂාවෙන් අගස්ථී ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය, මුනිපි‍්‍රය, ස්ථූල පුෂ්ප,වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳින්වෙනවා.
කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිතා කරන බැවින් මුනිප්රිය නමින්ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා ස්ථූල පුෂ්ප ලෙසද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය නිගණ්ඩු ග්‍රන්ථවල සඳහන් වෙන්නේ හිමාල පර්වතයේ වාසය කළ අගස්ථි නම් වූ පුරාණ ඍෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ වර්ගයක් කතුරුමුරුංගාවලින් නිපදවූ බවත් ඒ අනුව එම ඍෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
වාත, පිත්ත .සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගාවලට සුවිශේෂි තැනක් හිමි වේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක් මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ, සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්වය ඉවත්ව යනු ඇත. කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර නාලවල රුධිර ගමනය යහපත් වේ.
Health Visiter
ඇසුරිනි රඹුක්කන
කීර්ති එස් කුමාර
0776351872
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ සහ දේශීය වෛද්‍ය ක්රමයේ යෙදෙන ඖෂධ භෝග රැසකට යොදා ගනු ලබන අගනා ඔසුවක් ලෙස කිරාත හැඳීන්විය හැකිය. විශේෂයෙන් උණ රෝගයේදී...
2020-11-26 18:30:00
හාතාවාරිය හැම තැනම වැවෙයි. ගම්බද බෝක්කු අයිනේ ළඳු කැලේ අතර පඳුරු අස්සේ හැම තැනම, වියළි කාලගුණය තුළ වැවෙන බව තොරතුරු වාර්තා වේ.එසේම මෙම ශාකය භාවිතය ක්...
2020-11-26 18:30:00
අප එදිනෙදා ආහාරයට ගනු ලබන එළවළු, පලතුරු, ධාන්‍ය, කුළුබඩු, පළාවර්ග මෙන්ම අල වර්ග ආදී ආහාර බොහොමයක අපේ ශරීර ශක්තිය හා ධාතු ශක්තිය වඩන පෝෂණ කොටස්...
2020-11-26 18:30:00
සිද්ධාර්ථ තෛලය, වදකහ හාතාවාරිය අල දසමුල බැබිල මුල්, තෙල් එරඬු මුල්, සතකුප්ප, සහිඳ ලුණු, අමුක්කරා අල, වැල්මදට, ජටාමාංශ, හීන් අරත්ත අල, අසමෝදගම්,...
2020-11-26 18:30:00
ශාරීරික ව්‍යුහාගත ක්‍රියා බාහිර වශයෙන්ගුගුල් ශෝථහර :ඉදිමුම් නසන* වේදනා ස්ථාපන, ව්රණ ශෝධනජන්තුඝ්න යන ක්‍රියාවලින් යුතුය. මෙනිසා සන්ධිවාත, ආමවාත,...
2020-11-19 18:30:00
සංස්කෘත භාෂාවෙන් “භාර්ංගී” යනුවෙන් හඳුන්වන ද්‍රව්‍යය ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සිරිතේක්කු නමින් හඳුන්වයි. වෙළෙඳපොළේ දක්නට ලැබෙන සිරිතේක්කු ශ්‍රී...
2020-11-19 18:30:00
අළුකෙසෙල් ගෙඩි සංයෝග කරමින් සකස් කරනු ලබන කස්තුරි මෝදකය පැසුණු අළුකෙසෙල් ගෙඩි අරළු, බුළු, නෙල්ලි, සූදුරු, කළුදුරු , කස්තුරි, නෙල්ලි, වැල්මී සතකුප්ප,...
2020-11-19 18:30:00
මුරුංගා (Moringa Oleifera) කියන්නේ අපි කවුරුත් දන්නා ගස් වර්ගයක්. ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල මුරුංගා ගහක් හෝ ගස් කීපයක් නැති ගෙවත්තක් නැති තරම්.අපිට...
2020-11-12 18:30:00
සෙම ඇරීමට කළුදුරු වදකහ අරළු සිද්ධිගුරු අසමෝදගම්, පාල්මාණික්කන් කුකුරුමුහන් ගෙඩිය පොතු පුෂ් කර මේවා සමභාගව ගෙන දොඩම් ඇඹුලින් අඹරා එයින්ම දියකර...
2020-11-12 18:30:00
වර්තමානය පිළිබදව විශ්ලේෂණය කර බැලීමේදී දැකිය හැක්කේ බෝවන රෝග වල වැඩිවීමේ ප්රවණතාවයන් පිළිබඳවයි. ලෝකයේ සෑම රටක්ම පාහේ දැකිය හැකි විශේෂත්වයක් වනුයේ බෝ...
2020-11-12 18:30:00
අප ජීවත්වන පරිසරයේ අප අවට ඇති තුරුලතා අතුරින් බොහෝමයක් ඖෂධ සඳහා ගනු ලබයි. මෙහිදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රමයේදී යොදාගනු ලබන...
2020-11-05 18:30:00
ඇත දෙවගයක් අල සහ වැල් කොහිල කියාදෙවගෙම කෑ හැකිය දලුටික රසට උයාකට මත ගතිය ඉන් නතරව සුවය සොයාමල බද්ධය කියන රෝගය පහව ගියා කටු ඇති උනත් මෙහි අලවල...
2020-11-05 18:30:00
දියවැඩියා පාලනය, කුසගින්න වර්ධනය කිරීම, පිළිකාවැලැක්වීම, අක්මාරෝග සමනය කිරීම, කොලෙස්ටරෝල් අඩු කිරීම, අර්ශස් රෝග පාලනය, ඇස් පෙනීම වර්ධනය, කාන්තාවන්ගේ...
2020-11-05 18:30:00
කැඩුම් බිඳුම් වෙදකමේදී බොහෝ ඖෂධ ද්‍රව්‍යයන් අතර ‘මුවකීරිය’ එක් ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස සැලකිය හැකිය. බොහෝ සෙයින් ‘නවහන්දිය’ ශාකයට බෙහෙවින් සමානකම්...
2020-10-29 18:30:00
දැඩි අව්රශ්මියෙන් පීඩා විඳීන වෙහෙසකර දිනක ඔබේ මතකයට නිතැතින්ම නැගෙන පලතුරක් ලෙස පැණි කොමඩු දැක්විය හැකිය. එවැනි උණුසුම් දිනක පැණි කොමඩු කෑල්ලක්...
2020-10-29 18:30:00
බොහෝ දෙනාට වයසට යාමත් සමඟ මතකය අඩු වීමටත් ,රාත්‍රියට නින්ද අඩු වීමටත් හේතුවක් වෙනවා. මෙබඳු අවස්ථාවලට සූදුරු මඟින් පිහිටක් ලැබිය හැකි යි. ඒ වගේම වයසට...
2020-10-29 18:30:00