බෙල්ල ලෙඩ වෙනකොට හැදෙන හිසේ කැක්කුම්

මැයි 31, 2024

 

පාරම්පරික දේශීය කැඩුම් බිදුම් සහ

චීන කටු වෛද්‍ය

ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

ඔළුවේ කැක්කුම හෙවත් හිසරදය ගැහැනු පිරිමි වයස් භේදයකින් තොරව එදිනෙදා ජීවිතයේ බොහෝ දෙනෙකු පීඩා විඳීන රෝගී තත්ත්වයක්. විවිධ හේතු නිසා එකිනෙකට වෙනස් විවිධ වර්ගයේ හිසරද තත්ත්වයන් පවතිනවා. මෙහිදී ඔළුව හෝ නළල ආශ්‍රිතව වේදනාව, ඇස් ආශ්‍රිත වේදනාව, හිරු එළියට සහ ආලෝකයට ඇතිවන අධි සංවේදීතාවය(Light Sensitivity) සහ ඇසිපිය ගැසීමේ අපහසුව සහ එවිට ඇතිවන වේදනාව ඔබට ඇතිවන්නට පුළුවන්.

විවිධ හේතු නිසා විවිධාකාරයෙන් ඔබව පීඩාවට පත් කරන මේ හිසරද තත්ත්වවලින් එකක් වන Cervicogenic Headache /Cervicogenic  හිසරද තත්ත්වය පිළිබඳව අපි විමසා බලමු.

ගෘහ ජීවිතයේ අධික වැඩ කටයුතු නිසා ඇතිවන ඉරියවු ආශ්‍රිත ගැටලු, ස්මාට් ජංගම දුරකථනවලට අනවශ්‍ය පරිදි ඇබ්බැහි වීම, රැකියාව නිසා ඇතිවන ඉරියවු ආශ්‍රිත ගැටලු සහ වෙනත් හේතු නිසා බෙල්ල ආශ්‍රිතව ඇතිවන වේදනාව, තද ගතිය, චලන අවහිරතාවය සහ චලන අපහසුතාවය සහ බෙල්ලෙහි සිට ඇඟිලි දක්වා ඇතිවන හිරිවැටීම් තත්ත්වයන්වලින් ඔබ පීඩා විඳීනවා වෙන්නට පුළුවන්.

මේ බෙල්ල අපහසුතාවයන් ඇතිව තිබෙන විට ඒවා උත්සන්න වීමේදී බොහෝ විට මෙතෙක් කල් නොතිබුණු පරිදි අසාමාන්‍ය හිසරද තත්ත්වයක් ඇතිවෙනවා ඔබ අත්දැක තිබෙනවා ඇති. මේ අසාමාන්‍ය හිසරද තත්ත්වයට හේතු වන්නේ බෙල්ල ආශ්‍රිත ගැටලුවලදී මාංශ පේශීවල ඇතිවන අනවශ්‍ය තද භාවයත්(Spasms ), බෙල්ලේ කොඳු ඇට පේළියේ සිදුවන වක්‍රතාවල වෙනස් වීම් නිසා හිසෙහි බර පහළට ගමන් කිරීමේදී ඇතිවන වෙනස්කම් සහ උරහිස් සන්ධිය ආශ්‍රිතව ඇතිවන ද්විතියික ඉරියවු වෙනස්වීම් වේ.

Cervicogenic

හිසරද තත්ත්වයේ ලක්ෂණ

හිසේ හෝ මුහුණේ වම් හෝ දකුණු පැත්තක පමණක් වේදනාව ඇතිවේ

බෙල්ලේ චලන සමඟ වේදනාව වැඩි වේ

හිසේ හෝ මුහුණේ එක පැත්තක ඇති වේදනාව එකම ස්ථානයක පවතින අතර වෙන තැනකට පැතිර නොයයි.

වේදනාව සමඟ නළල් ප්‍රදේශයෙන් හිසේ පිටුපසට ඇදීමේ ආකාරයේ සංවේදනයක් ඇතිවිය හැකිය.

කහින විට හෝ කිවිසුම් යන විට වේදනාව වැඩි විය හැකිය.

හිසරද තත්ත්වය ඇති වූ අවස්ථාවකදී එම වේදනාව පැය කිහිපයක් හෝ දවස පුරාම පැවතිය හැකිය.

බෙල්ලේ ඇතිවන අසාමාන්‍ය තද ගතිය

සමහර අවස්ථාවලදී වේදනාව ඇති ප්‍රදේශයේ ඇස වටාද වේදනාව පැතිරෙන අතර ,එම ඇසිපිය ඇරීම අපහසු වේ.

මේ තත්ත්වය ඉතා උත්සන්න වූ විට ඉරුවාරද තත්ත්වයට සමාන රෝග ලක්ෂණ ඇතිවිය හැකි අතර සමහර අවස්ථාවලදී ඛ්ඥපමඪජධඨඥදඪජ හිසරද තත්ත්වය සහ ඉරුවාරද තත්ත්වය යන රෝග දෙකම එක්වර ඇති විය හැකිය. එහිදී ඇතිවන රෝග ලක්ෂණ ලෙස

උදරය ආශ්‍රිතව ඇතිවන නොසන්සුන් තත්ත්වය සහ ඔක්කාරය

වමනය වීම

උරහිස සහ අත්වල ඇතිවන වේදනාව

ආලෝකය දෙස බැලීමේ නොහැකියාව

ඉහළ ශබ්ද දරා ගැනීම නොහැකියාව

පෙනීම බොඳවීම දක්වන්නට පුළුවන.

සාමාන්‍යයෙන් මැදිවියේ හෝ ඊට ඉහළ වයසේ පසුවන පුද්ගලයන් මේ තත්ත්වයට ගොදුරු වීමේ ආවදානමක් පවතී.

ප්‍රතිකාර

මෙය අනිවාර්යයෙන්ම ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් නිසා ඉතා ඉක්මනින්ම පාරම්පරික වෛද්‍යවරයකු වෙත යොමු වීම අවශ්‍යයි. රෝග මූලය සෑම විටම බෙල්ල ප්‍රදේශයේ ආශ්‍රිතව පවතින නිසා, බෙල්ලේ පවතින ප්‍රාථමික රෝගී තත්ත්වය නිවැරදි පරීක්ෂාවකින් පසුව හඳුනාගත යුතු වනවා. බෙල්ල ප්‍රදේශය සැලකීමේදී ඇතිවන රෝග ලෙස මාංශ පේශි සහ මෘදුපටක ගැටලු(ඉනපචඪදඵ ) ඉබපචඪදඵ) බෙල්ල ආශ්‍රිත කෂේරුකාවල සිදුවන ඇදවීම්, බෙල්ල ආශ්‍රිත කෂේරුකාවේ සන්ධිවල ඇතිවන ගෙවීම්, බෙල්ල ආශ්‍රිත අස්ථි බිඳීම්, වැරදි ඉරියව් පවත්වා ගැනීම නිසා බෙල්ලට ඇතිවන ආබාධ සහ බෙල්ල ආශ්‍රිත ස්නායු පද්ධතියේ සිදුවන තෙරපුම් දක්වන්නට පුළුවන්. මෙහිදී අදාළ රෝගය නිවැරදිව විනිශ්චය කර ගැනීමෙන් පසුව ඊට අදාළ ප්‍රතිකාර ආරම්භ කළ හැකියි. මේ සඳහා පාරම්පරික තෙල් ප්‍රතිකාර, තෙල් පත්තු, මැල්ලුම් පත්තු සහ තැවීම් ප්‍රතිකාර භාවිත කිරීමට හැකිය. බෙල්ලට ඇතිවන මේ ප්‍රාථමික රෝගී තත්ත්වයන් සමඟ සමහර අවස්ථාවලදී සෙම් තත්ත්වය හේතු කොට ගෙන හිස්කබල ආශ්‍රිතව ඉඪදභඵඪබඪඵ (කෝටෙරක ප්‍රදාහය ) තත්ත්වයද ඇතිවන්නට පුළුවන්. මේ අවස්ථාවලදී හිස කුඩිච්චි හා පංච කර්ම ප්‍රතිකාර මගින් එම සෙම් තත්වයට ප්‍රතිකාර කිරීමද කළ යුතු වනවා.

ඔබ දැනටමත් ඛ්ඥපමඪජධඨඥදඪජ හිසරද තත්වයෙන් පීඩා විඳීනවා නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන තෙක් පහත උපදෙස් අනුගමනය කරන්න .

වේගයෙන් බෙල්ල නැමීම දිගහැරීම සහ කරකැවීම සිදු නොකරන්න

නිදි මැරීමෙන් වළකින්න

බෙල්ලේ වේදනාවක් තිබේනම් එම වේදනා දෙන ස්ථානයට මිනිත්තු 15- 20ක් පමණ අයිස් තැබීම සිදු කරන්න. දිනකට තුන් වරක් මෙය කිරීම වඩාත් යෝග්‍ය වනවා.

බෙල්ල නවාගෙන සිටන ඉරියව්වෙන් ස්මාට් ජංගම දුරකථන භාවිතා කිරීම නවත්වන්න

ජලය පානය කිරීම සඳහා වීදුරුවක් වෙනුවට සෑම විටම කුඩා බෝතලයක් භාවිත කරන්න

නිදාගැනීමේදී විශාල සහ උස කොට්ට භාවිත නොකරන්න.

මේ උපදෙස් අනුගමනය කිරමින් හැකි ඉක්මනින් පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම මගින් සම්පූර්ණම සුවයක් ලබා ගැනීමේ හැකියාව ඔබට පවතිනවා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.