අක්මාබාධ දුරලන අර්තාපල්

සැප්තැම්බර් 30, 2022

ආයුර්වේද දර්ශනයට අනුව පඨවි, අපෝ, තේජස්, වායු සහ ආකාශ යන පංචමහා භූතයන්ගෙන්ද, මධුර, අම්ල, ලවණ, කටුක, තික්ත, කෂාය යන රසයන්ගෙන්ද යුක්ත එලෙසම ශරීර වර්ධනය සහ නීරෝගීතාවය සඳහාද උපකාරී වන ශාක හෝ සත්ව ද්‍රව්‍යයන් ගෙන් නිර්මාණය වූ දෙය ආහාරය ලෙස හැදින්විය හැකිය. මෙසේ ලබා ගන්නා ආහාරය තුළින් ශාරිරීක නීරෝගිතාවද ශාරිරීක වර්ධනය නිරන්තරයෙන් ලැබෙන නිසා ආහාරයක පෝෂණීය ගුණ මෙන්ම ඖෂධීය ගුණද ඉතා ඉහළ මට්ටමක පවතින බව පැහැදිලි කරුණකි.

මෙරට ආක්‍රමණය කළ විදේශීය ජාතිකයන් විසින් අප රටට පාන් හඳුන්වාදීමට පෙර අපගේ ප්‍රධානතම ආහාරය වූයේ බත්ය. මෙයට අමතරව කුරක්කන්, මෙනේරි, තල, උදු වැනි ධාන්‍ය වර්ගද විවිධ අල වර්ගද අතිරේක ආහාර ලෙස බාවිතයට ගැනිණි.

මෙසේ අතිරේකව ආහාරයට එක්කර ගනු ලබන අල වර්ග අතර බුත්සරණ, හුලංකිරීය, වැල් අල, උඩල ආදී දේශීය අල වර්ග රාශියක් දක්නට ලැබුණි. එසේ වුවද වර්තමානයේ එදිනෙදා ආහාරයට ගනු ලබන අල වර්ග අතර ප්‍රධාන තැනක් ගන්නේ අර්තාපල්ය. බාල තරුණ මහළු සියලු දෙනාම ඉතා ප්‍රිය කරන ඉතා රසවත් ආහාරයක් ලෙස අර්තාපල් හැඳින්විය හැකිය. මෙහි ඇති පෝෂණ තත්වය නිසා අර්තාපල් පමණක් වුවද ආහාර වේලක් සඳහා ගැනීම ප්‍රමාණවත් විය හැකිය. පෙර අපරදෙදිගම ජනයා ඉතා ප්‍රිය කරන රසවත් ආහාරයක් ලෙස අල හැඳින්විය හැකිය.

අර්තාපල් වැවෙන ප්‍රදේශ විදේශීය වශයෙන් - අර්තාපල්වල ජන්මභූමිය දකුණු ඇමරිකාවේ කඳුකර ප්‍රදේශ වන පේරු සහ බොලීවියා රටවල් ලෙස සැලකේ. වර්තමානයේ සෑම දේශගුණික කලාපයකම වගාකරනු ලබන අතර බඩ ඉරිගු හැරුණු විට වැඩිම රටවල් ගණනකට වගා කරනු ලබන බෝගය වේ. නිෂ්පාදන ප්‍රමාණය අනුව ලෝකයේ 4 වන ස්ථානයට පත්ව ඇත්තේ අර්තාපල්ය.

දේශීය වශයෙන් - අර්තාපල් ඉතා සාර්ථක ලෙස උඩරට තෙත් කලාපය (නුවරඑළිය දිස්ත්‍රික්කය) අන්තර් මධ්‍ය කලාපය ( බදුල්ල) සහ පහතරට වියලි කලාපය (යාපනය,පුත්තලම) ආදියේ හොඳින් වගා කරනු ලබන අතර උඩරට තෙත් කලාපයේ සහ අන්තර් මධ්‍ය කලාපයේ යල මහ කන්න දෙකේදීමද පහතරට වියලි කළාපයේ මහ කන්නයේ පමණක්ද වගා කරයි. ලංකාවේ අර්තාපල් සාර්ථක ලෙස වගාවක් වශයෙන් ආරම්භ කරනු ලැබුවේද 1960 දශකයේ මුල් කාලයේදීය.

අර්තාපල්වල ස්වරූපය

අර්තාපල් අඩි 1 සිට 1 දක්වා උස යන පැලෑටියකි. මෙහි අල හෙවත් ආකන්ද සෑදෙනුයේ අග කොටසේය. පැලෑටියේ පහළ ඇති පත්‍රවල කක්ෂවල ඇති අංකුර වලින් රසෝම හට ගන්නා අතර මේවායේ කෙලවර මහත් වී ඵල බවට පත් වේ. මල් සාමානයයෙන් පංචාංක වේ. ද්වීලිංගික හා ක්‍රමවත්ද වේ. ගෙඩි රවුම් වන අතර

මාංසල වේ. දුඹුරු හෝ කොළ පැහැති වේ. බීජ 200 – 300 පමණ වේ. සාමාන්‍යයෙන් මාස 3 අතර අස්වැන්න ලබා දෙයි.

අර්තාපල් සඳහා විවිධ භාෂා වලින් හඳුන්වන නාමයන් සැලකීමෙදී,

පොදු සිංහල නාමය - අර්තාපල් වන අතර

අර්තාපල්වල උද්භිද විද්‍යාත්මක නාමය ඉර්‍ණඹ්ඒව්උර් ර්‍ථඋඕඅර්‍ණඉඋර් වන අතර

කුලය ඉර්‍ණඹ්ඒව්ඒඛ්ඡ්ඒඡ් හෙවත් කණඨකාරි කුලයයි. මෙම කුලයට තක්කාලි, බටු, මිරිස්, දුම්කොළ, අත්තන, තිබ්බටු, කටුවැල්බටු, කලුම්කම්මේරිය, වැල් තිබ්බටු සහ අමුක්කරා ආදිය අයත් වේ.

අර්තාපල් ප්‍රභේද සැලකීමේදි - කඳේ පැහැය අනුව කොළ දම් හා රතු වශයෙන් ප්‍රභේද 3ක් වේ. පුෂ්ප වර්ණය අනුව ප්‍රභේද 2කි.

කෘෂිවිද්‍යාත්මක ප්‍රභේද - ඩිසයිරි කොන්ඩෝර් කාඩිනල් සීතා සහ තෘෂි යන ප්‍රභේද වේ.

අර්තාපල්වල ආහාරමය වටිනාකම සැලකීමේදී - අර්තාපල් තම්බා ආහාරයට ගැනීමද, ව්‍යාංජන ලෙස ආහාරයට ගැනීමද, බැද ආහාරයට ගැනීමද කරනු ලබන අතර විවිධ ආහාර සකස් කිරීම සඳහාද යොදා ගනු ලබයි. විශේෂයෙන් කට්ලට්ස්,පැටිස්,මාළු බනිස්,වැනි ආහාර සඳහාද අර්තාපල් නැතුවම බැරි ද්‍රව්‍යයක් වන අතර පොටෑටෝ චිප්ස් වැනි රසවත් ආහාර ද වේ. මේ ආදී වශයෙන් විවිධ ආහාර යෝග රාශියකට නැතුවම බැරි ද්‍රව්‍යයක් ලෙස අර්තාපල් හැඳින්විය හැකිය.

ඖෂධීය වටිනාකම

ආයුර්වේදයට අනුව අර්තාපල් වාතය හා සෙම නසන ද්‍රව්‍යයකි. එසේම අග්නි දීප්තිය ඇති කරන අතර හදවතට හිතකරය. ස්නිග්ද හා උෂ්ණ ගුණ යුතු අතර ශරීර පෘෂ්ඨීය ඇති කරයි. ශාරීරික ඉදිමුම් නසන අතර මල කැටි කිරීම් කරයි. තවද රක්තශෝදන ගුණද අර්තාපල්වල ඇති අතර අක්මාබාධ ඇති අයට ගුණදායකය. අර්තාපල් යෙදෙන ඖෂධ යෝගද කිහිපයක් වන අතර ඒ අතුරින් කිහිපයක්,

සම සිනිදු වීමට -

1. හොඳින් තම්බන ලද අර්තාපල් පොඩිකර මුහුනේ, බෙල්ලේ හා අත්පාවල ගාන්න.

2. අර්තාපල් අල තම්බන ලද වතුරෙන් අත් පා සේදීම නිසා සමේ සිනිදු බව ඇති වේ.

3. අර්තාපල් ගෙඩියේ පිට සිවිය එකතුකර වැලමිට හා විලුබ වැනි තැන්වල ඇතිල්ලීම නිසා සම සිනිදු වේ.

ගෝනුසු විෂට -

අර්තාපල් පොඩිකර ආලේපය

ඉතා ගුණදායකය.

දැවුම් පිලිස්සුම සඳහා -

1. අර්තාපල් තම්බා පොඩි කර ගිතෙල් සමඟ අනා ආලේපය ඉතා සුදුසුය.

2. කෙසෙල් ගෙඩි අර්තාපල් සමඟ අනා ආලේපය ඉතා සුදුසුය. මේ ආදී ඖෂධ යෝග කිහිපයකම අර්තාපල් අඩංගුව යෙදේ. මේ අනුව පැහැදිලි වන්නේ “අර්තාපල්’’ යනු රසවත් ආහාරයක් මෙන්ම ගුණයෙන් පිරිපුන් ඖෂධාගාරයක් බවයි. මෙවන් ප්‍රයෝජන ගෙන දෙන රස ගුණ සපිරි අර්තාපල් ආර්ථික වශයෙන්ද බොහෝ ප්‍රයෝජන ගෙන දේ විශේෂයෙන් නුවරඑළිය, බදුල්ල වැනි ප්‍රදේශවල බොහෝ ගොවීන් ජීවිතය ගෙන යනු ලබන්නේ මෙම අර්තාපල් වගාවෙනි.

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.