වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
බත් කෑවත් කල්පනාවෙන්
අප්‍රේල් 29, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය බත් වුවද වර්තමානය වන විට බත් ආහාරයට ගන්නා බොහෝ දෙනකුට දියවැඩියාව, අධික තරබාරුව, රුධිරයේ කෙලෙස්ට්රෝල් ප්‍රමාණයේ ‘ටී.ජී’ ප්‍රමාණය (බපඪඨතරජඥපඪඤ- ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය) ඉහළයාම වැනි රෝග තත්ත්වයන් බහුලවම දක්නට ලැබේ.
සාමාන්‍ය පුද්ගලයෙක් තම ශරීරයට ලබා ගත යුතු ශක්ති ප්‍රමාණයෙන් සියයට හැටක පමණ ප්‍රමාණයක් පිෂ්ට ධාතුවෙන් ලබා ගත යුතු බව සඳහන් වුවද සමබල ආහාරයක් ලබා ගැනීමේ දී පිෂ්ටයෙන් ලබා ගන්නා ශක්තිය අනවශ්‍ය ලෙස ලබානොගත යුතුය. පිෂ්ටය සහිත ආහාර වැඩිපුර ගැනීම නිසා ඉහත කී රෝග වැලැඳමේ හැකියාව වැඩි බැවිණි.
එදා ගැමියන් අතර පාරම්පරික සහල් වර්ග ප්‍රධාන විය. මේවායේ පෝෂ්‍ය පදාර්ථ ගුණය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව සහල් පර්යේෂණ ආයතනය මඟින් පර්යේෂණ කර පෙන්වා දී ඇත. මේවායේ ඇති බ්ලූටමික් අම්ලයත් (සිරුරට අවශ්‍ය අම්ලයකි) ඉතා ඉහළ අගයකින් යුත් විටමින් හා ඛණිජ ලවණ ප්‍රමාණයත්, සිරුරට අවශ්‍ය කෙඳී ප්‍රමාණයත්, ඉහළ මට්ටමකින් යුතුව පවතින අතර මෙම සහල් වර්ග අනුභව කිරීම නිසා රුධිරයේ සීනි මට්ටම එකවරම ඉහළ නොයා පාලනය කර ගැනීමට හැකියාව ලැබේ. බෝනොවන රෝගවලින් වැළැකී සිටීමට සහල් මඟින් එකල විශාල මෙහෙවරක් ඉටුකර තිබේ.
පෝෂණ පදාර්ථ
සහල්වල පෝෂණය දෙස බලන විට ,පිෂ්ට ධාතුව සියයට 80ක් ද ප්‍රෝටීන් - සියයට 6ත්7ත් අතර ප්‍රමාණයක් ද කෙඳී ප්‍රමාණය සියයට 1 සිට 1.3 දක්වා ද තෙල් ප්‍රමාණය සියයට දශම 7ක් වශයෙන් ද බ්ලූටමික් අම්ලය වැඩි ප්‍රමාණයක් ද අඩංගු වේ. මීට අමතරව ඛණිජ ලවණ හා විටමින් වර්ග විශාල වශයෙන් ද අඩංගු වේ. මේවා අපි ලබා ගන්නා සහල් අනූව වෙනස් වේ. තවද සහල්වල ‘සෙලනියම්’ නම් මුල ද්‍රව්‍ය සියයට 27ක් පමණ අඩංගු වන අතර මෙම මුල ද්‍රව්‍ය පිළිකා වළක්වා ගැනීමටත් හෘද රෝග වළක්වා ගැනිමටත්, ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන් වළකා ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් බව සොයා ගෙන ඇත. ක්ෂුද්‍ර පෝෂක ගණනාවක් සහල් තුළ අඩංගු වන අතර මිනිසා ආහාරයට ගන්නා එක බත් කෝපයකින් මැංගනීස් ක්ෂුද්‍ර පෝෂක පදාර්ථය මිනිස් සිරුරට ලබා දෙයි. මෙය මිනිස් සිරුරේ ස්නායු හා ලිංගේන්ද්‍රයන්ගේ පෝෂණය හා ක්‍රියාකාරත්වය සඳහාත් සිරුරේ අති විශාල එන්සයිම ප්‍රමාණයක් නිපදවීමටත් අවශ්‍ය වේ. සහල්වල ඇති පයිටෝ කෙමිකල්ස් (නඩරබධ ජඥථඪජචතඵ) මඟින් සිරුරේ හෘද රෝග සහ කොලොස්ට්‍රෝල් ඇතිවීම වළක්වා ලීමෙහි හැකියාවක් පවතී. එලෙසම මෙහි ප්‍රති ඔක්සිකාරක ගුණය හෙවත් ඔක්සිජන් උරා ගැනීමේ හැකියාව (චදබඪ ධයඪඤචදබ)අඩංගු වේ. අනෙක් අතට බලන විට සිරුරට අවශ්‍ය ප්‍රොස්පරස් ප්‍රමාණය, යකඩ, විටමින් බී සික්ස්, බී ත්‍රී, බී වන් ආදී මිනිස් සිරුරට අවශ්‍ය විටමින් සංයෝග රැසක් පවතී. රතු සහල් පරිභෝජනය මඟින් සිරුරේ ඇතිවන පිළිකා සෑදීමේ අවධානම විශාල වශයෙන් අඩු කරගත හැකිවේ. කුරුට්ට සහිත සහල්වල ඇති තෙල් මඟින් හදවතට අහිතකර ඹ්ච්ඹ් කොලොස්ටරෝල් මට්ටම පහත දැමිය හැකි අතර හදවතට හිතකර ඩ්ච්ඹ් කොලොස්ටරෝල් මට්ටම (ඩ්ඪඨඩ ඤඥදඵඪබර තඪනධ නපධබඥඪද) වැඩිකර ගත හැක.
වෙළඳපළට ගිය විට තද රතු හාල් (එඩධතඥ ඨපචඪද), තනිකර සුදු හාල් (කුරුට්ට නොමැති), තම්බන ලද හාල්,තම්බා සකසන ලද සහල් , රතු නාඩු/සුදු නාඩු (නචප ඡධඪතඤ),යනා දී වශයෙන් සහල් වර්ග රැසක් දැක ගත හැක. මේවා අතුරෙන් වඩාත්ම ගුණ දායක වන්නේ රතු නාඩු ගණයට අයත් සහල්ය. එහි පෝෂණ ගුණය ඉතා ඉහළය. පුද්ගලයකුගේ රුධිරයේ සීනි මට්ටම එකවරම ඉහළ නොයා පවත්වා ගැනීමටත් තරබාරුකම අඩුකර ගැනීමටත් ඉක්මනින් බඩගිනි ඒම වැළැක්වීමටත් අවශ්‍ය ගුණය මෙම සහල් වර්ග සතුව ඇත. තද රතු සහල් ලෙස හඳුන්වන නිවුඩ්ඩ සහිත සහල් වර්ගවල හා තම්බන ලද රතු සහල් වල ඇති කෙඳී ප්‍රමාණය, විටමින් හා ඛණිජලවන ඉතා අධිකය.
මේ අනුව බලන කල කුරුට්ට සහිත සහල් ආහාරයට එක් කර ගැනීම සැම අතින්ම ගුණ දායකය. කුරුට්ට ඉවත් කරන ලද සුදු හාල්වල ගුණාත්මක භාවය මීට සාපේක්ෂව අඩුය. එමනිසා සුදු සහල් පරිභෝජනයට ගැනීම පිළිබඳ සලකා බැලිය යුතුය. සුදු සහල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ සීනි මට්ටම වැඩිවීමට සැමවිටම හේතු වේ. කෙදි මට්ටම අඩු නිසා බඩවැලේ ක්‍රියාකාරීත්වයට ද බලපෑම් ඇතිවීමට හේතු විය හැක. සුදු සහල් පරිභෝජනයට ගැනීමෙන් දියවැඩියාව සහ තරබාරුව වැනි රෝගවලට ගොදුරු විය හැක.
යමෙකුගේ උසට, බරට, ක්‍රියාකාරීත්වයට, වැළැඳී ඇති දියවැඩියා රෝගී තත්ත්වයට ගැළපෙන සේ සකසා ගත් සමබල ආහාර වට්ටෝරුවට කුරුට්ට සහිත රතුහාල් එක්කර ගැනීමත් තම්බන ලද රතු සහල් නියමිත ප්‍රමාණයෙන් ලබා ගැනීමත් හේතුවෙන් සිරුරේ සීනි පාලනය කර ගැනීමට ඉඩ ප්රස්ථා හිමිවේ. එමඟින් දියවැඩියා රෝගීන් වයසට යනවිට ඇතිවන බඩවැල්වල ක්‍රියාකාරීත්වයන්හි වෙනස්වීම් සඳහා වඩාත් සුදුසු වන්නේ කෙඳී සහිත රතුබත් වැනි පිෂ්ට ධාතුවකි. එමගින් මල බද්ධය වළක්වා ගැනුමට මහඟු රුකුලක් මෙම කුරුට්ට සහිත රතු සහල් ආහාරයට ගැනීමෙන් ස්වභාවිකවම ලැබේ.
දිනකට ලබා ගත යුතු සහල් ප්‍රමාණය
අඩි 5ත් 6ත් අතර උස කිලෝ ග්‍රෑම් 63ත් 65ත් අතර පමණ බර පුද්ගලයකුට දිනකට ආහාර වශයෙන් ලබා ගත යුතු හාල් ප්‍රමාණය වන්නේ හාල් ග්‍රෑම් 300ක පමණ ප්රමාණයකි. මෙය පුද්ගලයාගේ එදිනෙදා ක්‍රියාවලීන් අනුවත් රෝග තත්ත්වයන් මතත් වෙනස් විය හැකි වුවත් නිරෝගී පුද්ගලයෙක් සඳහා ඉහත සඳහන් ප්‍රමාණයන් අදාළ වේ. වියළි හාල් කෝප්ප භාගයකින් කැලරි 130ක ප්‍රමාණයක් පුද්ගල සිරුරට සැපයේ.
සහල් පරිභෝජනයේ දී
සැලකිය යුතු කරුණු
සහල් හොඳීන් සේදීමෙන් සහල්වලට එන බැසිලස් ගණයේ බැක්ටීරියා වර්ග මෙන්ම පුස් වර්ග ද සමහර වෙළෙඳුන් එකතු කර ඇති රසායනික හා පාට වර්ග ද ඉවත් කිරීමට හැකියාව ලැබේ.
බත් පිසීමේදී විශේෂයෙන්ම එම සහල්වලට නිවැරැදි ප්‍රමාණයට ජලය යොදා උතුරා අවසන් වූ විට මද රස්නයේ වසා තැබීම සාමාන්‍ය පිළිවෙතයි. නමුත් අද රයිස් කුකර් විදුලි උපකරණ මඟින් බත් පිසීම සිදු කරන බැවින් සහල් ඇටය බත් බවට පත්කිරීමේ දී එය බෙරි බවට පත් නොකර ගැනීමට වඟබලා ගත යුතුය.
යම් හෙයකින් ජලය වැඩි පුරයොදා බත් බෙරි වුවහොත් එය ශරීරයේ සීනි මට්ටම වැඩි වීමට බලපෑ හැකි හේතුවක් විය හැක. නමුත් ජීරණයට පහසුවක් වේ.
බත හැදි මිටෙන් හා කෝටුවලින් කූරු ගෑමෙන් වැළකෙන්න.
කූරු ගෑමේ දී බත් ඇටය කැඩීමකට ලක්වේ. එය ද බත්වල ගුණාත්මක භාවයට හා පෝෂණයට බලපානු ලබයි.
බත් වලට ගුණාත්මක භාවයෙන් යුතු පිරිසුදු තෙල් හැන්දක් එකතු කිරීම තුළින් බත් ඇට එකට ඇලීම වළකා ගත හැක.
පාරම්පරික සහල් සහ වෙළෙඳපළේ ඇති අනෙකුත් සහල්වල මිල ගණන් බැලූවිට කිලෝවක් රුපියල් 130 සිට 350 දක්වා වූ මුදලකට සහල් වර්ග අලෙවි වේ. මෙහිදී පෝෂණවේදීන් රෝගීනට ආහාර නිර්දේශ කිරීමේ දී බොහෝ විට සිදු වන්නේ මහජනතාව අතර වැඩියෙන් භාවිතා වන මෙම සහල් වර්ග අනුව ලබා ගත යුතු ආහාරය නිර්දේශ කිරීමයි.
(උපදෙස්- පෝෂණවේදී
එන්.එම්. එස්. හෙට්ටිගෙදර)
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
෴ සබැඳි ලිපි ෴
ආයුර්වේදයට අනුව මෙය ත්‍රිදෝෂ තත්වයන් හා ප්‍රකෘති තත්ත්වයන් අනුව සලකා බලා ප්‍රතිකාර කරීමට තීරණ ගැනීම වෛද්‍යවරුන් සතු වේ. බොහෝ විට මේ සඳහා ද...
2022-11-17 18:30:00
අතීතයට වඩා වර්තමාන සමාජයේ කොන්දේ ආබාධවලින් පීඩා විඳින ජන සංඛ්‍යාව ඉහළය. එයට හේතුව නම් වර්තමාන සමාජයේ ජීවත් වන ජනතාවගෙන් වැඩි සංඛ්‍යාවක් ශරීරයේ පේෂි...
2022-11-03 18:30:00
බඩගිනි වැඩිවීමට මඳ උණුසුමින් යුත් දියර වර්ග හැකි තරම් පානයට දෙන්න. ලුණු කැඳ වතුර බැදි හාල් කැඳ, පොරි කැඳ, එළවළු සුප්, බාර්ලි තැම්බූ වතුර දීම සුදුසුය....
2022-10-27 18:30:00
ඔබ ඔබගේ දෑස ගැන නිතර සැලකිලිමත් වෙනවාදැයි ඔබට තේරෙනවාද? ඔබට ඇත්තේ නිදිබර දෑසක්ද? නිතර නිදිමත ගතියක් ඇතිවෙනවාද? එසේත් නැතිනම් තරමක විශාල දෑසක් ද...
2022-10-20 18:30:00
සිරුරේ වර්ධනයට හා ශක්තියට විවිධ සංඝටක අවශ්‍ය වේ. ඒවා සිරුරට ලැබෙන්නේ අප ගන්නා ආහාරවලිනි. එම නිසා සිරුරේ නීරෝගිතාවය උදෙසා සිරුරට ශක්තිය ගෙන දෙන ආහාර...
2022-10-13 18:30:00
වේග යනු එදිනෙදා ජීවිතයේදී කායික හා මානසික වශයෙන් ඉටු කළ යුතු විවිධ ක්‍රියාවන් වේ. ආයුර්වේදයේ නොදැරිය යුතු වේග හා දැරිය යුතු වේග යනුවෙන්...
2022-10-06 18:30:00
ආයුර්වේද දර්ශනයට අනුව පඨවි, අපෝ, තේජස්, වායු සහ ආකාශ යන පංචමහා භූතයන්ගෙන්ද, මධුර, අම්ල, ලවණ, කටුක, තික්ත, කෂාය යන රසයන්ගෙන්ද යුක්ත එලෙසම ශරීර වර්ධනය...
2022-09-29 18:30:00
වයසට යෑමත් සමඟ බෙහෙවින් වැඩිහිටියන් ගොදුරු වන බෝ නොවන රෝග නිසා ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කරන්නන් ද මහත් පීඩාවට පත්වේ. සමහර වැඩිහිටියන්ගේ හිතුවක්කාර ක්...
2022-09-22 18:30:00
කැෆේන් හා කෝලා පාන,චොක්ලට් බහුල භාවිතය දිනකට අඩු ජල ප්‍රමාණයක් භාවිතය එළවළු හා මැල්ලුම් ආහාර අවම ලෙස භුක්ති වි¼දීම වැනි තත්ත්වයන් අර්ශස් රෝගයට බලපාන...
2022-09-08 18:30:00
මේ දිනවල කිරි, බිත්තර, මස්, මාළු මිලෙන් ඉහළය. එනිසා පෝෂණීය ආහාර වේලක් සැමදෙනාටම ලබා ගැනීමට නොහැකිය. කිරි, බිත්තර, මස්,මාළු මඟින් ලැබෙන යකඩ හා...
2022-09-08 18:30:00
හිස් කබල පතුලේ සිට පිට මැද පහළට විහිදී ඇත්තේ කොඳු ඇට පෙළ ය. පර්යන්ත ස්නායු තිස්තුනක එකතුවෙන් සැදුම්ලත් සුෂුම්නාව මොළය දක්වා විහිදේ. සෑම කශේරුකා දෙකක්...
2022-09-01 18:30:00
අපේ හැම ගෙදරකම පුංචි ෆාමසි එකක් තියෙනවා. ඒක තමයි ප්‍රථමාධාර පෙට්ටිය. ඒත් එහි තිබෙන්නේ බටහිර බෙහෙත් වර්ගයි. ඉතින් නරකද මෙවන් යුගයක ගෙදර ප්‍රථමාධාර...
2022-08-11 18:30:00
කෝවිඩ් තාමත් ඉවර නෑකොරෝනා රෝගීන්ගේ වාර්තාවීමේ ඉහළයාමක්කොරෝනා වෛරසය ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන බෝවන වෛරසයක් බව පිළිගත් කරුණ වී ඇත. කොරෝනා යම් තරමකට...
2022-07-28 18:30:00
අධික සීනි සහ පැණි රස කෑම නිසා ප්‍රබල රෝගයක් වන දියවැඩියාව වැළදේ. බෝ නොවන රෝග අතරින් දියවැඩියාවට හිමිවන්නේ ප්‍රමුඛතාවයකි. අනෙකුත් රෝග මෙන් නොව ඔබේ...
2022-07-14 18:30:00
වයස අවුරුදු 70 ඉක්මවූ අයකු ශ්‍රී ලංකාවේ වැඩිහිටියෙකු සේ සැලකේ. වැඩිහිටියකු වයස්ගත අයකු වන බැවින් ඔහුගේ හෝ ඇයගේ නිරෝගිකම පරීක්ෂා කිරීම ඉතා වැදගත්...
2022-06-30 18:30:00
ඉනිගැට (ඉන්නා) මිනිස් ශරීරයෙහි දක්නට හැකි උපන් ලප විශේෂයක් බව ඍෂිවරුන් විසින් හඳුන්වා දී තිබේ. ඉපැරැණි දේහ ලක්ෂණ විද්‍යා පොත්වල මිනිස් සිරුරේ විද්...
2022-06-30 18:30:00