බත් කෑවත් කල්පනාවෙන්

අප්‍රේල් 29, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය බත් වුවද වර්තමානය වන විට බත් ආහාරයට ගන්නා බොහෝ දෙනකුට දියවැඩියාව, අධික තරබාරුව, රුධිරයේ කෙලෙස්ට්‍රෝල් ප්‍රමාණයේ ‘ටී.ජී’ ප්‍රමාණය (බපඪඨතරජඥපඪඤ- ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය) ඉහළයාම වැනි රෝග තත්ත්වයන් බහුලවම දක්නට ලැබේ.
 
සාමාන්‍ය පුද්ගලයෙක් තම ශරීරයට ලබා ගත යුතු ශක්ති ප්‍රමාණයෙන් සියයට හැටක පමණ ප්‍රමාණයක් පිෂ්ට ධාතුවෙන් ලබා ගත යුතු බව සඳහන් වුවද සමබල ආහාරයක් ලබා ගැනීමේ දී පිෂ්ටයෙන් ලබා ගන්නා ශක්තිය අනවශ්‍ය ලෙස ලබානොගත යුතුය. පිෂ්ටය සහිත ආහාර වැඩිපුර ගැනීම නිසා ඉහත කී රෝග වැලැඳමේ හැකියාව වැඩි බැවිණි.
 එදා ගැමියන් අතර පාරම්පරික සහල්  වර්ග ප්‍රධාන විය. මේවායේ පෝෂ්‍ය පදාර්ථ ගුණය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව සහල් පර්යේෂණ ආයතනය මඟින් පර්යේෂණ කර පෙන්වා දී ඇත. මේවායේ ඇති බ්ලූටමික් අම්ලයත් (සිරුරට අවශ්‍ය අම්ලයකි) ඉතා ඉහළ අගයකින් යුත් විටමින් හා ඛණිජ ලවණ ප්‍රමාණයත්, සිරුරට අවශ්‍ය කෙඳී ප්‍රමාණයත්, ඉහළ මට්ටමකින් යුතුව පවතින අතර මෙම සහල් වර්ග අනුභව කිරීම නිසා රුධිරයේ සීනි මට්ටම එකවරම ඉහළ නොයා පාලනය කර ගැනීමට හැකියාව ලැබේ.  බෝනොවන රෝගවලින් වැළැකී සිටීමට සහල් මඟින් එකල විශාල මෙහෙවරක් ඉටුකර තිබේ.
පෝෂණ පදාර්ථ‍
සහල්වල පෝෂණය දෙස බලන විට ,පිෂ්ට ධාතුව සියයට 80ක් ද ප්‍රෝටීන් - සියයට 6ත්7ත් අතර ප්‍රමාණයක් ද‍ කෙඳී ප්‍රමාණය සියයට 1 සිට 1.3 දක්වා ද තෙල් ප්‍රමාණය සියයට දශම 7ක් වශයෙන් ද බ්ලූටමික් අම්ලය වැඩි ප්‍රමාණයක් ද අඩංගු වේ. මීට අමතරව ඛණිජ ලවණ හා විටමින් වර්ග විශාල වශයෙන් ද අඩංගු වේ. මේවා අපි ලබා ගන්නා සහල් අනූව වෙනස් වේ. තවද සහල්වල ‘සෙලනියම්’ නම් මුල ද්‍රව්‍ය සියයට 27ක් පමණ අඩංගු වන අතර මෙම මුල ද්‍රව්‍ය පිළිකා වළක්වා ගැනීමටත් හෘද රෝග වළක්වා ගැනිමටත්, ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන් වළකා ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් බව සොයා ගෙන ඇත. ක්ෂුද්‍ර පෝෂක ගණනාවක් සහල් තුළ අඩංගු වන අතර මිනිසා ආහාරයට ගන්නා එක බත් කෝපයකින් මැංගනීස් ක්ෂුද්‍ර පෝෂක පදාර්ථය මිනිස් සිරුරට ලබා දෙයි. මෙය මිනිස් සිරුරේ ස්නායු හා ලිංගේන්ද්‍රයන්ගේ පෝෂණය හා ක්‍රියාකාරත්වය සඳහාත් සිරුරේ අති විශාල එන්සයිම ප්‍රමාණයක් නිපදවීමටත් අවශ්‍ය වේ. සහල්වල ඇති පයිටෝ කෙමිකල්ස් (නඩරබධ ජඥථඪජචතඵ) මඟින් සිරුරේ හෘද රෝග සහ කොලොස්ට්‍රෝල් ඇතිවීම වළක්වා ලීමෙහි හැකියාවක් පවතී. එලෙසම මෙහි ප්‍රති ඔක්සිකාරක ගුණය හෙවත් ඔක්සිජන් උරා ගැනීමේ හැකියාව (චදබඪ ධයඪඤචදබ)අඩංගු වේ. අනෙක් අතට බලන විට සිරුරට අවශ්‍ය ප්‍රොස්පරස් ප්‍රමාණය, යකඩ, විටමින් බී සික්ස්, බී ත්‍රී, බී වන් ආදී මිනිස් සිරුරට අවශ්‍ය විටමින් සංයෝග රැසක් පවතී. රතු සහල් පරිභෝජනය මඟින් සිරුරේ ඇතිවන පිළිකා සෑදීමේ අවධානම විශාල වශයෙන් අඩු කරගත හැකිවේ. කුරුට්ට සහිත සහල්වල ඇති තෙල් මඟින් හදවතට අහිතකර ඹ්ච්ඹ් කොලොස්ටරෝල් මට්ටම පහත දැමිය හැකි අතර හදවතට හිතකර ඩ්ච්ඹ් කොලොස්ටරෝල් මට්ටම (ඩ්ඪඨඩ ඤඥදඵඪබර තඪනධ නපධබඥඪද) වැඩිකර ගත හැක.
වෙළඳපළට ගිය විට තද රතු හාල් (එඩධතඥ ඨපචඪද), තනිකර සුදු හාල් (කුරුට්ට නොමැති), තම්බන ලද හාල්,තම්බා සකසන ලද සහල් , රතු නාඩු/සුදු නාඩු (නචප ඡධඪතඤ),යනා දී වශයෙන් සහල් වර්ග රැසක් දැක ගත හැක. මේවා අතුරෙන් වඩාත්ම ගුණ දායක වන්නේ රතු නාඩු ගණයට අයත් සහල්ය. එහි පෝෂණ ගුණය ඉතා ඉහළය. පුද්ගලයකුගේ රුධිරයේ සීනි මට්ටම එකවරම ඉහළ නොයා පවත්වා ගැනීමටත් තරබාරුකම අඩුකර ගැනීමටත් ඉක්මනින් බඩගිනි ඒම වැළැක්වීමටත් අවශ්‍ය ගුණය මෙම සහල් වර්ග සතුව ඇත. තද රතු සහල් ලෙස හඳුන්වන නිවුඩ්ඩ සහිත සහල් වර්ගවල හා තම්බන ලද රතු සහල් වල ඇති කෙඳී ප්‍රමාණය, විටමින් හා ඛණිජලවන ඉතා අධිකය.
මේ අනුව බලන කල කුරුට්ට සහිත සහල් ආහාරයට එක් කර ගැනීම සැම අතින්ම ගුණ දායකය. කුරුට්ට ඉවත් කරන ලද සුදු හාල්වල ගුණාත්මක භාවය මීට සාපේක්ෂව අඩුය. එමනිසා සුදු සහල් පරිභෝජනයට ගැනීම පිළිබඳ සලකා බැලිය යුතුය. සුදු සහල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ සීනි මට්ටම වැඩිවීමට සැමවිටම හේතු වේ. කෙදි මට්ටම අඩු නිසා බඩවැලේ ක්‍රියාකාරීත්වයට ද බලපෑම් ඇතිවීමට හේතු විය හැක. සුදු සහල් පරිභෝජනයට ගැනීමෙන් දියවැඩියාව සහ තරබාරුව වැනි රෝගවලට ගොදුරු විය හැක.
යමෙකුගේ උසට, බරට, ක්‍රියාකාරීත්වයට, වැළැඳී ඇති දියවැඩියා රෝගී තත්ත්වයට ගැළපෙන සේ සකසා ගත් සමබල ආහාර වට්ටෝරුවට කුරුට්ට සහිත රතුහාල් එක්කර ගැනීමත් තම්බන ලද රතු සහල් නියමිත ප්‍රමාණයෙන් ලබා ගැනීමත් හේතුවෙන් සිරුරේ සීනි පාලනය කර ගැනීමට ඉඩ ප්‍රස්ථා හිමිවේ. එමඟින් දියවැඩියා රෝගීන් වයසට යනවිට ඇතිවන බඩවැල්වල ක්‍රියාකාරීත්වයන්හි වෙනස්වීම් සඳහා වඩාත් සුදුසු වන්නේ කෙඳී සහිත රතුබත් වැනි පිෂ්ට ධාතුවකි. එමගින් මල බද්ධය වළක්වා ගැනුමට මහඟු රුකුලක් මෙම කුරුට්ට සහිත රතු සහල් ආහාරයට ගැනීමෙන් ස්වභාවිකවම ලැබේ.
 
 දිනකට ලබා ගත යුතු සහල් ප්‍රමාණය
 
අඩි 5ත් 6ත් අතර උස කිලෝ ග්රෑම් 63ත් 65ත් අතර පමණ බර පුද්ගලයකුට දිනකට ආහාර වශයෙන් ලබා ගත යුතු හාල් ප්‍රමාණය වන්නේ හාල් ග්රෑම් 300ක පමණ ප්‍රමාණයකි. මෙය පුද්ගලයාගේ එදිනෙදා ක්‍රියාවලීන් අනුවත් රෝග තත්ත්වයන් මතත් වෙනස් විය හැකි වුවත් නිරෝගී පුද්ගලයෙක් සඳහා ඉහත සඳහන් ප්‍රමාණයන් අදාළ වේ. වියළි හාල් කෝප්ප භාගයකින් කැලරි 130ක ප්‍රමාණයක් පුද්ගල සිරුරට සැපයේ. 
සහල් පරිභෝජනයේ දී 
සැලකිය යුතු කරුණු
 
සහල් හොඳීන් සේදීමෙන් සහල්වලට එන බැසිලස් ගණයේ බැක්ටීරියා වර්ග මෙන්ම පුස් වර්ග ද සමහර වෙළෙඳුන් එකතු කර ඇති රසායනික හා පාට වර්ග ද ඉවත් කිරීමට හැකියාව ලැබේ.
බත් පිසීමේදී විශේෂයෙන්ම එම සහල්වලට නිවැරැදි ප්‍රමාණයට ජලය යොදා උතුරා අවසන් වූ විට මද රස්නයේ වසා තැබීම සාමාන්‍ය පිළිවෙතයි. නමුත් අද රයිස් කුකර් විදුලි උපකරණ මඟින් බත් පිසීම සිදු කරන බැවින් සහල් ඇටය බත් බවට පත්කිරීමේ දී එය බෙරි බවට පත් නොකර ගැනීමට වඟබලා ගත යුතුය.
යම් හෙයකින් ජලය වැඩි පුරයොදා බත් බෙරි වුවහොත් එය ශරීරයේ සීනි මට්ටම වැඩි වීමට බලපෑ හැකි හේතුවක් විය හැක. නමුත් ජීරණයට පහසුවක් වේ.
බත හැදි මිටෙන් හා කෝටුවලින් කූරු ගෑමෙන් වැළකෙන්න.
 කූරු ගෑමේ දී බත් ඇටය කැඩීමකට ලක්වේ. එය ද බත්වල ගුණාත්මක භාවයට හා පෝෂණයට බලපානු ලබයි.
බත් වලට ගුණාත්මක භාවයෙන් යුතු පිරිසුදු තෙල් හැන්දක් එකතු කිරීම තුළින් බත් ඇට එකට ඇලීම වළකා ගත හැක.
පාරම්පරික සහල් සහ වෙළෙඳප‍ළේ ඇති අනෙකුත් සහල්වල මිල ගණන් බැලූවිට කිලෝවක් රුපියල් 130 සිට 350 දක්වා වූ මුදලකට සහල් වර්ග අලෙවි වේ. මෙහිදී පෝෂණවේදීන් රෝගීනට ආහාර නිර්දේශ කිරීමේ දී බොහෝ විට සිදු වන්නේ මහජනතාව අතර වැඩියෙන් භාවිතා වන මෙම සහල් වර්ග අනුව ලබා ගත යුතු ආහාරය නිර්දේශ කිරීමයි. 
 
 
 
(උපදෙස්-  පෝෂණවේදී
එන්.එම්. එස්. හෙට්ටිගෙදර)
 
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.