වියපත්වීම වැළැක්විය හැකිනම්

අගෝස්තු 23, 2019

හැට පැන්නත් වඳුරා බිම ගමන් කිරීමක් නැත. එහෙමනම් සමහරු මහලු උනත් ඔවුන්ගේ සිත් තරුණයි. එමෙන්ම ඔවුන්ගේ සිතුම් පැතුම් බොහෝ විට තරුණය. එමෙන්ම මහලු වුවත් එම මහලු බව නොපෙනෙන අයුරින් තරුණ කෙනෙක් ලෙස ජීවත්වේ. නමුත් මෙය සත්‍ය සිද්ධියකි.

ඕනෑම පුද්ගලයකු කායිකව මහලු වූවත් මානසිකව තිරිහන් කළ හැකිනම් එය වියපත්වීම නවතාලීමට රුකුලක් වනු නොඅනුමානය.

තවද මැලේසියාව, සිංගප්පූරුව ආදි රටවල ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයේම තරුණ බව රැක ගැනීම ශාරීරික ශක්තිය රූප සම්පත්තිය රැක ගැනීම සඳහා එන්නත් මේ ආදි ඖෂධ ප්‍රතිකාර ලබාගැනීමට ලක්ෂ ගණනින් මුදල් වියදම් කළ යුතුවේ. ඇතැම් අය මේ සඳහා මුදල් වියදම් කරමින් රූප සම්පත්තිය ලබා ගනී. සත්‍ය වශයෙන්ම සත්‍යවූ ප්‍රතිකාර විදිවේ.

තවද දියවැඩියාව, අධික රුධිර පීඩනය තිබෙන කෙනෙක්ට ඉහත ඖෂධ රූප සම්පත්තිය රැක ගැනීමේ සම්භාවයද ප්‍රශ්නයකි. නමුත් ඉහත සඳහන් දියවැඩියාවෙන්, අධික රුධිර පීඩනයෙන් තොර අයෙක් අංග සම්පූර්ණ ආහාර වේලක් සහ සුදුසු ව්‍යායාම පද්ධති ඇසුරෙන් තරුණකම ඉදිරියට රැක ගැනීම පහසු වේ.

අංග සම්පූර්ණ ගුණාත්මක ආහාර වේලක් ලබාගැනීම ආයුෂ වර්ධනය කරවන ආහාර කවරේද? බොහෝ දෙනා විමසිලිමත් කරුණකි. දියවැඩියාව, හෘද රෝග සහ රුධිර පීඩනය ආදි රෝගාබාධයන්ට අත වනන මදිපාඩුවට පිළිකා කාරකයනුත් එක්කරන ලද නූතන සුඛෝපභෝගී ආහාර රසවිඳින අපිට ආහාරයේ යම් යම් පුංචි වෙනස් කිරීම් තුළින් පහසුවෙන් වියපත්වීම ප්‍රමාද කර ගත හැකිය.

එනම් අප දිනපතා ආහාරයට ගන්නා ආහාරයෙහි අඩංගු කැලරි ප්‍රමාණය අඩු කිරීම ජීවිත කාලය දීර්ඝ කර ගැනීමට රුකුලක්වන අතර මෙන්ම තරුණ බව දීර්ඝකර ගත හැකි වනු ඇත. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් (W.H.O) සොයා ගත් සංසිද්ධියකි.

ආහාර පාලනය මගින් වියපත්වීම පාලනය කළ හැකිය. එමෙන්ම අපි ආහාර පාලනය ඉතාමත්ම කල්පනාවෙන් කළ යුතුවේ. එයට ප්‍රධාන හේතුව අපි අධි කැලරි ආහාර ගැනීමෙන් වියපත්වීම ඉක්මනින් සිද්ධ වේ. නමුත් ඉතාමත් අඩු කැලරි ආහාරයට ගැනීමෙන් මන්දපෝෂණ තත්ව ඇතිවේ.

මේ නිසා අවශ්‍ය උපදෙස් පෝෂණවේදියෙකුගේ උපදෙස් අනුව දිනපතා ආහාර ගැනීමෙන් මෙසේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරති. රූපලාවණ්‍ය රැක තරුණ බව දීර්ඝ කරගත හැකිවේ. දිනපතා ගොටුකොළ කැඳ සුදුළුණු දමා උදේ පානය කිරීමෙන් පසුව කැකුළු බත් සහිත ආහාර වේලක් ගැනීම. තවද විටමින් ඒ, සී.සහ ඊ. විටමින් ප්‍රතිඔක්සිකාරක වලින් සපිරි අඩු මේද ප්‍රමාණයක් සහිත ආහාර අපගේ තරුණ බව රැක පෝෂණවේදින්ගේ විද්‍යාත්මක පර්යේෂණ නිගමනයයි.

විශේෂ කහපාට පලතුරු නැවුම් පලතුරු, වර්ග මෙන්ම දිනපතා වතුර ලීටර් 3 සිට 4 ක් පානය කිරීම බොහෝ වැදගත්වේ. ඉහත සඳහන් විටමින් පදාර්ථ අඩංගු වන්නේ ඉහත පලතුරුවලය.

තවද අප මහලු බවට පත්වන විට හම රැලි වැටේ. නමුත් මේ සමරැලි වැටීම විටමින් බී.සී අඩංගු ආහාර ගැනීමෙන් බොහෝදුරට සම රැලි වැටීම, සම එල්ලා වැටීම, මෙහි ප්‍රවණතාව අඩු කිරීමේ හැකියාව ඍඪබචථඪද ඕ ,ඛ් වලට තිබේ. මෙය කහපාට අලුත් පලතුරු වල මෙන්ම කහපාට එළවළු වල තිබේ. මෙය සමේ වියලීමද අඩු කෙරේ. අධික මේද ප්‍රමාණ අඩංගු ආහාර ගැනීමෙන් ස්ථූලතාවය පත්වන අය, මහලු වන විට සහ ඖෂධ මගින් මේදය ශරීරයෙන් ඉවත් වන විට මිනිස් සිරුර රැලිවැටේ. මෙම ගතිය අඩු කිරීමට මේදය අඩු ආහාර ගැනීමෙන් වළක්වාගත හැකිය. මේ සත්‍යයකි.

ඕනෑම කෙනෙක් අධි ස්ථූලතාවය එම වැළකීම් මගින් ආයුෂ සහ තරුණ බව රැක ගත හැකිවේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය
බර්ටි උබේසිරි නාරායන
සෙත්සිරි වෙද ගෙදර
බෙලිදෙණිය කෝට්ටේගොඩ මාතර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.