ශරීරයේ ක්‍රියාකාරීත්වය

ජනවාරි 25, 2019

අප ශාරීරික සෞඛ්‍යය කෙරෙහි දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු ය. ඒ මක්නිසාද මනුෂ්‍යා මෙන්ම සත්ව ශරීරය උපන් වේලේ පටන් මරණය දක්වා වාතය ගැනීම සිදු කරයි.

මවගේ ඇකයේ එම ශරීරය වැඩීම සඳහා කිරි ආහාර ගැනීම සිදුකරයි. මෙයින් ශරීරය වැඩීම සිදුවෙයි. ආයුර්වේදයේ ශරීරයේ පැවැත්ම මෙසේ විග්‍රහ කර ඇත. ශරීරයේ ක්‍රියාකාරීත්වය නොනවත්වාම එකලෙසම පවත්වාගෙන යෑම සිදුකරන පද්ධතියන් බොහෝ ය. අප කරන්නේ මේ පද්ධතියන්ට ක්‍රියාකිරීමට උදව් කිරීමකි. ඒ වාතය ගැනීම, ආහාර ජලය ශරීරයට සපයා දීමය. මෙය කිරීමේ දී රෝග නිදානයන් ශරීරගත කරවා ගනු ලබන මනුෂ්‍ය ශරීරයේ ක්‍රියාකාරීත්වය මෙසේ ය.

අපි ශරීරයට ලබා දෙන්නාවූ දේ ස්වයංක්‍රීය ලෙස ක්‍රියා කරවයි. ශරීරය ක්‍රියා කරයි. පද්ධතීන් නම් ආහාර ජීර්ණ පද්ධතිය, ස්වසන පද්ධතිය, මල මුත්‍ර වාහිණී පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය හා තවත් පද්ධති රැසක් ඒකාබද්ධව ක්‍රියා කරගෙන යනමුත් නිර්නාල ග්‍රන්ථි පද්ධතියට හෝ වෙනත් පද්ධතියකට වෙනසක් ඇතිවුවහොත් මේ ක්‍රියා කරන සියලු පද්ධතීයන්ටම බලපෑම් ඇති කරයි. ශරීරය මේ සියලුම පද්ධතියන් ඇසුරෙන් ක්‍රියා කිරීමේ දී යම් පද්ධතියක ඇතිවන දෝෂයකට රෝගයකට එම පද්ධතියට පමණක් ප්‍රතිකාර කිරීම යෝග්‍ය නොවේ. මක් නිසාද යත් ශරීර පද්ධතිය එකට බැඳී තිබෙන නිසා ය. සර්වාංග යයි හඳුන්වා ඇත්තේ සියලුම අංග වශයෙනි. මෙසේ ක්‍රියා කරන පද්ධතියන් තුළට තුන් දොස් ඇතුළු වෙයි. වායු, පිත්ත, කඵ (සෙම්) රසධාතුන් කුසිත කර රෝග ඉපදීමට සමත් වෙයි. මේ සියලු දේ ශරීර ගත වනුයේ අප ගන්නා ආහාර පාන හා වාතයෙන් ය.

වාතය සිරුරේ නාභියට යට පෙදෙසේ ද පිත හෘද්ධය නාභිය යන දෙකොටසට මැද කොටසේ ද සෙම හෘද්දයෙන් පහළ කොටසේ ද පවතී. මේ අනුව හටගන්නා රෝගයන්ට ආයුර්වේදයේ කාය චිකිත්සා බාල චිකිත්සා, ග්‍රහ චිකිත්සා, උථධාවන්ත චිකිත්සා, ශල්‍ය චිකිත්සා, විස චිකිත්ස්සා, රසායන චිකිත්සා, වාජීකරණ චිකිත්සා ආදී අට වැදෑරුම් ප්‍රතිකාර ක්‍රමයන්ගෙන් යුක්තය. මෙම ප්‍රතිකාර අවශ්‍ය වන්නේ රෝග වූ විට පමණි. රෝගයන් ඇතිවීමට මූලික හේතු රාශියකි. පළමු සඳහන් කළ පද්ධතියන් ක්‍රියා කිරීමේ දී ආහාර ජීර්ණ පද්ධතිය හා ස්වාස පද්ධතිය ආහාරයෙන් හා වාතයෙන් ශරීරයට ලැබෙන ද්‍රව්‍යයන්ගෙන් ක්‍රියාත්මක කෙරෙයි. මෙයටත් අමතරව ශරීර තුළට විස පෙවීම හෝ ඇතුල්වීම පිටතින් සර්ප විෂ වැනි විෂ ශරීර ගත වීම හා හදිසි වැටීම් නිසා කැඩීම් තැලීම් ආදියද ගනන් නොගෙන සිට කල් යෑමේ දී ගෙඩි බවට පිළිකාබවටද පරිවර්තනය වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

අමිතිරිගල මැදගොඩ ආයුර්වේදචාරිනී, ගුණවතී එදිරිසිංහ

සමඟ සාකච්ඡා හා සටහන යටියන්තොට සමූහ

කුමාරසිංහ ගුණදාස

 


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.