සිරුරේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍යවන කැල්සියම්

ජනවාරි 11, 2019

මිනිස් සිරුරේ පිහිටි අස්ථි පද්ධතිය මෙන්ම මුහුණේ සුන්දරත්වය ගෙන දෙන දත් දෙපළ නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම කැල්සියම් වලිනි. එමෙන්ම ශරීරය පවත්වා ගෙන යෑමේ වගකීම පැවරී ඇත්තේද කැල්සියම්වලටයි.

මේ සඳහා ශරීරයට අවශ්‍යවන කැල්සියම් ලබා දෙනු ලබන්නේ අප එදිනෙදා ගනු ලබන ආහාරවලිනි. එබැවින් ආහාර ගැනීමේදී කැල්සියම් වැඩියෙන් අඩංගු ආහාර ගැනීමට උනන්දු විය යුතුය. අස්ථි පද්ධතිය සහ දත්වලට අමතරව රුධිරයේ මාංශපේශීන් මෙන්ම මිනිස් සෛල අතර ඇති පටක තරලය තුළද මෙසේ කැල්සියම් අඩංගු වේ.

ඒ අනුව බලන විට අපගේ ශරීරයේ විශාල ප්‍රමාණයක් කැල්සියම් ඇත. ශරීර පෝෂණය පිළිබඳව කථාකිරීමේදී කැල්සියම් වල අවශ්‍යතාවය මෙතැකැයි කිව නොහැකි තරම් ය. කැල්සියම් යනු මිනිසකු ඉපදුණු දිනයේ සිට මරණයට පත්වන දිනය දක්වාම අවශ්‍යවන ක්ෂුද්‍ර පෝෂකයක් බව පෙන්වාදී ඇත. කැල්සියම් සුළු ප්‍රමාණවලින් ශරීරයට එක්වන මහඟු ඖෂධයකි. ශරීරයට අවශ්‍ය විවිධ හෝමෝන සහ එන්සයිමවලටත් ස්නායුවලටත් කැල්සියම් අවශ්‍ය වේ. ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍යවන කැල්සියම් නිසි ප්‍රමාණයෙන් තොරව අඩුවීමෙන්ද වැඩිවීමෙන්ද ගැටලු රැසක්ම ඇතිවේ. දරුවකු බිහි වීමෙන් පසු කුඩා අවධියේදී කැල්සියම්වල අවශ්‍යතාවය ප්‍රබලය. දරුවාට නිසි ලෙස කැල්සියම් නොලැබුණහොත් අස්ථි වර්ධනයට බෙහෙවින් බලපායි.

මොනරාගල ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන

බී.ඇල්. පේ‍්‍රමරත්න

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.