මුර්ඡාව යනු කුමක්ද?

ජනවාරි 4, 2019

බොහෝ රෝගයන්ගේ උපද්‍රවයක් ලෙසද රෝගයක් ලෙසද මුර්ඡාව ඇතිවේ. අභ්‍යන්තර ගත වූ දෝෂයන් මනස ඇසුරු කර සිටින මනෝ වහ ‍ස්‍රෝතයට පිවිසීම නිසා මුර්ඡාව ඇතිවේ. මෙහිදී සිදුවන්නේ ටික වේලාවකට විෂය අවබෝධය නොලැබීමයි.

තදින් වැහැරුනාවූද ඉතා බලවත් දෝෂ කෝපය ඇති අයගේද එකිනෙකට පටහැනි ආහාර වර්ග සේවනය කරන අයගේද මල මුත්‍ර ආදි වේග ධාරණයෙන්ද දඬු, මුගුරු ආදියෙන් පහර වැදීමෙන්ද දුර්වල මනසක් ඇතිවීමද අභ්‍යන්තර ගත වු දෝෂාදිය මනස ඇසුරු කර සිටින මනෝ වහ ‍ස්‍රෝතසට පිවිසියේද එවිට මුර්ඡාවට පත්වේ.

මුර්ඡා වීම සිදුවන්නේ පිත හා තමෝ ගුණය අධික කොට සිටීමෙනි. භ්‍රමය හෙවත් කරකැවිල්ල පිත හා වාතය යන දෝෂ වලින්ද රජෝ ගුණය අධික වීමෙන්ද හටගනී. තෙමරිය තමෝ ගුණය හා වාත කඵ යන දෝෂ ප්‍රබල වීමෙන් හටගනී. නිද්‍රාව කඵ හා තමෝ ගුණය යන දෙකෙන් හටගනී.

මුර්ඡාවේ ප්‍රභේද

මුර්ඡාවේ ප්‍රභේද 06 කි

1.වාතජ මුර්ඡාව

2.පිත්තජ මුර්ඡාව

3.කඵජ මුර්ඡාව

4.රක්තජ මුර්ඡාව

5.මද්‍යජ මුර්ඡාව

6.විෂජ මූර්ඡාව

මුර්ඡාවේ පූර්ව රූප

හෘදය ප්‍රදේශයේ පීඩාව, තදින් ඈනුම් යාම, ගිලන්බව, විෂය අවබෝධය දුර්වල වීම, යන මේවා සියලු මුර්ඡාවන්ගේ පූර්ව රූප වේ.

වාතික මුර්ඡා ලක්ෂණ

වාතයෙන් වූ මුර්ඡාවේදී නිල් හා කළු පාට අහසක් දකී. රෝගියා අඳුරක් වැනි අවස්ථාවකට පිවිසෙයි.

මේ නිසා වෙව්ලීම, ඇඟපත පොඩි කරන්නාක් බඳු වේදනාව, හෘදය ප්‍රදේශයේ තදබල පීඩාව, කෘෂ බවද සිරුරේ කාන්තිය පිරිහීමද සම අරුණ වර්ණ වීමද වේ.

වෛද්‍ය ආර්.එම්. නයනි රස්නායක රස්නායක වෙද මැදුර, බෙම්මුල්ලෙ ගෙදර,

නාරම්මල

037-2248406 / 071 7136653

වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.