රෝග සුවයට මැණික් පැළැඳීම

දෙසැම්බර් 14, 2018

ඡ්‍යොතිෂමය මූලධර්මවලට අනුව විවිධ රෝගාබාධ වලදී මැණික්ගල් පැළඳීමට අදාළ මඟපෙන්වීමක්.වෛදික ඡ්‍යොතිෂයට අනුව මනුෂ්‍ය ශරීරය නිර්මාණය වී ඇත්තේ ප්‍රධාන වර්ණ 07 ක් සංයෝග වීමෙනි. එනම් දම්පාට, නිල්, කොළ කහ, තැඹිලිපාට සහ රතු යන වර්ණ මෙම මූලික වර්ණවලින් එක් වර්ණයක් හෝ කිහිපයක යම් ඌණතාවයක් ඇති වුවහොත් අවශ්‍යයෙන්ම ශරීරයේ කුමන හෝ ස්ථානයක රෝගාබාධයක් ඇතිවිය හැකිය. ඡ්‍යොතිෂය මගින් පෙන්වා දෙන්නේ එම රෝගය හඳුනාගත් පසුව ඌනතාවය සිදුවී ඇති වර්ණයද හඳුනාගත හැකි බවයි. ඉන්පසුව එම ඌණතාවයට පිළියමක් ලෙස ඊට ගැලපෙන මැණිකක් පැලඳිය හැකිය. එය ශරීරයට ස්පර්ශවන ආකාරයට පැළැඳීමෙන් අදාළ වර්ණ ඌනතාවය ක්‍රමයෙන් පහව ගොස් රෝගාබාධ සුවවන බව එම විස්තරවල වැඩිදුරටත් සඳහන් වේ. ඡ්‍යොතිෂයෙහි දැක්වෙන්නේ මෙය සැබවින්ම ශරීරයට එන්නතක් ලබාදීමට සමාන බවයි. කෙසේ වෙතත් මැණික් ගලක් පැළඳීමෙන් පමණක් රෝග සුවවීමක් අපේක්ෂා කළ නොහැකි අතර රෝගයට නියමිත ප්‍රතිකාර හෝ බෙහෙත් හේත් ලබාගත් විට එම ප්‍රතිකාර ශරීරයට මැනවින් ඇතුළු වී රෝගය ක්‍රමයෙන් සුවවීමට මැණික් වලින් ලබාදෙන විකිරණය උපකාර වන බව වැඩිදුරටත් සඳහන් වේ. රෝගයට බෙහෙත් ගැලපීම නැත්නම් බෙහෙත් ඇල්ලීම සඳහා මැණික් ගල් පැළඳීම වඩාත් උචිත බව අදාළ විස්තරවල දැක්වේ. විශේෂයෙන් ස්වභාවිකව වර්ෂ මිලියන ගණනාවක් තිස්සේ පෘථිවි අභ්‍යන්තරයේ බලපවත්වන තාපය සහ පීඩනය වැනි විපරීත කාරක බලවේග නිසා හටගන්නා මැණිග් ගල්වලින් නිකුත්වන හෝ විහිදෙන විකිරණ මගින් ශරීරයට කිසියම් දිව්‍යමය සහ ආධ්‍යාත්මික බලවේගයක් ඇතුළු කරමින් රෝග නිවාරණය කරන බව පෙන්වාදී ඇත.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා අනාදිමත් කාලයක සිටම මිනිසා මැණික්ගල් පැළඳීමට හුරුපුරුදු වී සිටි අතර එම රෝගාබාධ සඳහා උචිත මැණික්ගල් වර්ගද තෝරාගැනීමටද දැනුමක් ලබා තිබුණි. වෛදික ඡ්‍යොතිෂයේ එන විස්තරවලට අනුව මිනිසාට වැළඳෙන සන්ධි ප්‍රදාහය, ඇදුම, පණුකැවිලි, කඩුවේගන්, අංශභාගය, විවිධ උෂ්ණාධික ආබාධ ඔසප්වීම, පිළිබඳ ආබාධ, පිරිමින්ගේ ලිංගික බෙලහීනතාවය, අක්ෂිආබාධ අර්ශස්, මානසික ආබාධ වැනි රෝග සඳහා ඈත අතීතයේ සිටම මැණික්ගල් පැළඳීමට පුරුදු වී සිටි බව පෙනේ.නිදසුනක් ලෙස කොරල්ගල් පැළඳීමෙන් ළමයින් විවිධ රෝගවලින් ආරක්ෂාවන අතර පද්මරාග හඳුන්වා දී ඇත්තේ වස විස ශරීරගත වීමෙන් ඇතිවන විවිධ ආබාධවලින් මිනිසා ආරක්ෂා කර ගැනීමේ මැණික් ගල් (චදබඪඤධබඥ) විශේෂයක් වශයෙනි.

ඡ්‍යොතිර්වේදී 
ටී.එම්. කුලරත්න
0718167593

 වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.