2023.07.31 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජූලි 30, 2023
  
ඉර උදාව - පෙ.ව. 06.04 
ඉර බැසීම - ප.ව. 06.30 
 
රාහු කාලය - පෙ.ව. 07.34 සිට 09.08 දක්වා 
 
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ 
කරදර සහිත දවසකි. කණගාටු සහිතව දවස ගතවේ. නිශ්ඵල ගමන් වියදම් බහුල කරවන අතර ශුභ වැඩට බැසීමට යහපත් දවසක් නොවේ. ආහාර නොදිරවීමේ අපහසුතාවයක් ඇතිවීමට ද ඉඩ තිබේ. 
 
වෘෂභ 
හොඳ ආහාර පාන ලැබෙන දිනයක් වන අතර පී‍්‍රතිමත් ගමන් යෙදෙනු ඇත. විනෝදයට සිත ඇදී යයි. මිත්‍රයන් හා දිනයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි.
 
මිථුන 
ගෙදර දොර කටයුතුවලට වාසනාවන්ත දවසක් වේ. බලාපොරොත්තු ඉටුවනු ඇත. මහන්සියෙන් යම් වැඩක් කිරීමට සිදුවන අතර අසනීපයක් ගැන කතා කරන දිනයකි. 
 
කටක 
සිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නැතිවන අතර බලාපොරොත්තු ඉටු නොවනු ඇත. ආලය 
පිළිබඳ කටයුතුවලින් සිත්තැවුල් ඇති කරයි. කරගෙන ආ කටයුතු පිළිබඳ කරදර මතුවේ. අජීර්ණ ආබාධයකට ඉඩ ඇති අතර, රක්ත වාත ආබාධ ඇති අයට එය උත්සන්න වන දිනයකි. 
 
සිංහ 
කරදර සිත්තැවුල් ඇතිවන දිනයක් වන අතර නිතර කේන්ති යන බවක් ද පෙන්වයි. ඥාති මිත්‍රාදීන් සමඟ අමනාපකම් ඇති වීමට පවා ඉඩ ඇත. කල්පනාවෙන් හා ඉවසිල්ලෙන් ක්‍රියා කළ යුතු දිනයකි. හිතවතකුගෙන් තෑග්ගක් හිමිකරයි. 
 
කන්‍යා 
සතුරන් ඇතිවීමක් හෝ සතුරන් ඇතිවන ආකාරයට කථාවක් හෝ ඇතිවේ. මිල මුදල් නැතිකම ගැන කරදර ඇතිකරයි. නිතර දුරදිග බලා කටයුතු කරන්න. 
 
තුලා 
තමා කෙරෙහි අන් අය අතර පැවැති ගෞරවය අඩුව යන දිනයක් වන අතර, නැතහොත් තමාට අගෞරවයක් වන ලෙසට වෙන අයෙක් කතා කරයි. නිතර සිතට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදුවීමට ඉඩ ඇත.  කල්පනාකාරී ලෙස කටයුතු කළයුතු දිනයකි. 
 
වෘශ්චික 
වංචාකාරී අදහස් සිතෙහි ඇතිවන දිනයකි. නිතර ලාභ ලබන ආකාරය ගැන කල්පනා කරයි. පෞද්ගලික කටයුතු කෙරෙහි විමසිලිමත් වීම වැදගත් කරයි. ප්‍රමාද වූ කටයුත්තක් සාර්ථක කරයි. 
 
ධනු 
නොතේරුම්කමින් හෝ වැරදීමකින් පාඩුවක් හිරිහැරයක් සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. තමා අතින් යම්කිසි පාඩුවක් සිදුවීම ඉඩ ඇත. ගේ දොර ඉකටයුතු පිළිබඳ කල්පනාවෙන් පසුවීම වැදගත් වේ. 
 
මකර 
දියුණුවට කටයුතු සැලසෙන දිනයකි. සමාජ ආශ්‍රයට යොමු වන අතර අලුත් හිත මිත්‍ර පිරිසක් ආශ්‍රයට ලැබේ. කරන කියන කටයුතුවලින් සිතට පී‍්‍රතියක් ද ඇතිවේ. ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. 
 
කුම්භ
වාසනාවන්ත දවසක් වන අතර අන් අයගෙන් උදව් උපකාර ද ලැබෙනු ඇත. භූමිය පිළිබඳ  කටයුත්තක් හෝ ගෙදර බඩු බාහිරාදිය පිළිබඳ වෙනසක් හෝ කිරීමට සිතෙන දවසකි. 
 
මීන 
සිත්තැවුල් කණගාටු සහිත දිනයක් වන අතර පිනට දහමට ආශාව, ආගම් භක්තිය ඇති කරයි. ගෙදර දොර කටයුතු හරිහැටි තේරුම් නොගැනීම නිසා කරදර ඇති කරයි. විශේෂ උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.
 
ජ්‍යොතිෂවේදිනී 
ගීතිකා සමරතුංග
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.