වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ජුලි 17 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජූලි 16, 2023
ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - පෙ.ව. 07.35 සිට ප.ව. 09.09 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
මිල මුදල් අඩුකම පිළිබඳව හිතට කරදර ඇති කරයි. සතුරු පීඩාවක් ඇතිවීමට හෝ සතුරන් ඇතිවීමට කරුණු යෙදෙන දිනයක් බැවින් කතාවේදී පරිස්සම් විය යුතු ය.
වෘෂභ
වියදම් අධික වන අතර ණය වීමට පවා කරුණු යෙදේ. අන් අයගේ කථාවන් නිසා තම සිතට දුක් සහිත ගතියක් ඇති කරයි. අවුල් වියවුල් සහිත දිනයකි.
මිථුන
අන් අයට සංග්‍රහ කිරීමට හෝ අනුන්ගෙන් තමාට සංග්‍රහයක් ලැබෙන දිනයකි. උත්සාහවන්තව කටයුතු කරයි. ශරීරයට සිතට සුළු වශයෙන් හෝ සැප පහසුවක් ඇතිවනු ඇත. ගෙදර දොර පිරිසුදුව තබා ගැනීමටද කැමැත්තක් ඇති කරයි.
කටක
තමා නොකළ වැරදිවලට නිකරුණේ චෝදනා අපහාස විඳීමට සිදුවනු ඇත. කරගෙන ආ කටයුතු කැඩීබිඳී යාමට හෝ ප්‍රමද වීමට කරුණු යෙදේ. ශරීරාබාධයකටද ඉඩ ඇත. ගනුදෙනුවලදී පරිස්සම් විය යුතුය.
සිංහ
අලුත් පිරිසක් ආශ්‍රයට ලැබෙනු දිනයකි. හිතවත් අයෙක් හෝ ඥාතියෙක් තමා සොයාගෙන එන දිනයකි. මිල මුදල් ලාභ මෙන්ම නොයෙක් ආකාරයේ කටයුතුවලින් ලාභ හිමිකරයි.
කන්‍යා
බලාපොරොත්තු ඉටුවන දිනයකි. ඥාතීන්ද තමා ගැන සතුටුවේ. මිල මුදල් ලාභ හිමිකරයි. කරගෙන එන කටයුතු වලට මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතු සාර්ථක වේ.
තුලා
ශරීරයට අධික වෙහෙසක් ඇති කරයි. පපුවේ අමාරු ගතියක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇතිවේ. පින්දහම් කටයුතු කෙරෙහි ආශාවක් භක්තියක් ඇතිවනු දිනයකි.
වෘශ්චික
නිෂ්ඵල ගමන් බිමන් මෙන්ම අධික වියදම්ද යෙදෙනු ඇත. නියම වේලාවට කෑම බීම නොගැනීම නිසා බඩ සම්බන්ධ පීඩාවන් ඇතිවිය හැකිය. සිතේ සැකයක් ඇතිව කටයුතු කරන දිනයකි.
ධනු
පී‍්‍රතිමත් ගමන් බිමන් යෙදෙන අතර අන් අයගේ ගෞරවාදරයට ලක්වනු ඇත. විනෝදයට සිත ඇදී යනු කාලයකි. සිතට සතුට ගෙන දෙන කරුණු ඇතිවේ.
මකර
ගෙදර දොර කටයුතුවල දියුණුවක් ඇතිවනු ඇත. බලාපොරොත්තු ඉටුවීම මත සිතට සතුටක් ගෙනදේ. අන් අයගේ හෝ තමාගේ අසනීපයක් වෙනුවෙන් කතා කිරීමට සිදුවනු ඇත.
කුම්භ
බලාපොරොත්තු කඩ යන දිනයකි. ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇති කරයි. කරගෙන යන කටයුතුවලට බාධා මතු කරයි. සිතේ පී‍්‍රතිය අඩුව යනු ඇත.
මීන
නිතර බියෙන් සැකෙන් කටයුතු කරන දිනයකි. නින්දට බාධා ඇති කරයි. අන් අය ගැන සිතේ සැකයක් ඇතිව කටයුතු කරනු ඇත. උදරාබාධ සෙම් අමාරු වතුරින් පීඩා ඇතිවන දිනයකි.
ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ග්‍රහ මඬුල්ලේ සෑම ග්‍රහයකුම උච්ච ස්වක්ෂේත්ර, මිත්‍ර, සම, සතුරු, නීච යන තත්ත්වයන්ට ලක්වේ. මෙයින් උච්චවීම යනු ඉතාම ශුභ තත්ත්වයකි. නීච වීම යනු යහපත්...
2022-06-23 18:30:00
වෘෂභපුරුෂයාගේ ලක්ෂණ ගැන සලකා බලද්දී මොහුගේ හිස උස්ය. දෑස් දිගටි වන අතර කොන රත්පැහැ ගැන්වී ඇත. දෑත් ශක්තිමත් වේ. පපුව පළල්ය. ජනනේන්ද්‍රිය අඟල් හතක්...
2022-06-16 18:30:00
හෙළයේ එදා විසූ ජනතාව සිය දෛනික වැඩ කටයුතුවලදී නැකත් උපයෝගි කරගත්හ. නැකත් 27ක් තිබේ. ඒ ඒ නැකත්වලින් ලැබෙන ප්‍රතිඵල විවිධාකාරයි. මෙම...
2022-06-02 18:30:00
දැරියක් යුවතියක් වන්නේ මල්වරයෙනි. ඡ්‍යොතිෂය තුළ මල්වරය කාන්තාවකගේ දෙවැනි උපත ලෙස ද සැළකෙයි. ඔබ මල්වර වූ දවස ඔබේ මතකයේ පවතී නම් මෙබඳු ගති ලක්ෂණ...
2022-05-26 18:30:00
විවාහක යුවළකගේ ඉතා සමීප ඇසුර හා කුළුපඟ බැඳීම තුළ විවාහ සතුට ඇති කරයි. එහි පැවැත්ම පෝෂණය කරයි. ආරක්ෂා කරයි. දෙදෙනාගේ සදාචාරාත්මක සම්බන්ධය මත...
2022-05-26 18:30:00
අභිරහස් පොකුරක් එළිබස්සන සෙන්පති කුජ මීනෙහි රජවේ ද? මැයි 17 අඟහරු මාරුව ගජකේෂරී යෝගය, සත්ජකලත්ර යෝගය රවි චන්ද්‍ර පාප කර්තරී යෝගය,කේදර...
2022-05-12 18:30:00
රවී, බ්‍රහස්පති, සෙනසුරු, සිකුරු ආදී ප්‍රබල ග්‍රහයින් බලවත්ව ගමන් කරන මේ මැයි මාසයේ කෘෂිකාර්මික, විවාහ, නිවස කටයුතු, අකුරු කරවීම්, ව්‍යාපාර ආදී...
2022-05-05 18:30:00
පුද්ගලයකුගේ ජීවිතයේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස විවාහය සැළකේ. උපත හා මරණය යන දෙකම අපගේ කැමැත්ත මත තීරණය නොවේ. අපට කැමති පරිදි සිදුකර ගත හැකි එකම කරුණ...
2022-05-05 18:30:00
අතීතයේ සිටම පුද්ගලයන් වෙන්කර හඳුනාගැනීම සඳහා විවිධ නම් භාවිත කෙරිණි. කෘෂිකාර්මික කටයුතු මූලික කරගත් ජීවන රටාව තුළ මිනිසාට පමණක් නොව සතුන්ට ද විවිධ වූ...
2022-04-28 18:30:00
ස්ත්‍රී කේන්ද්‍රවල පරපුරුෂගාමී සැමියාට ද්‍රෝහීවීම්, දරුවන්ට වෙනස්කම් කිරීම වැනි අශූභ ක්‍රියාවලට පොලඹවන ග්‍රහයෝග යෙදී ඇත.සමහර විට දැරියක් මල්වරවීමටත්...
2022-04-21 18:30:00
මීට දශක හත අටකට එහාට දිවෙන අතීතයේ දී මෙරට සෑම පවුලකටම දරුවෝ 5 දෙනකුට නොඅඩු සංඛ්‍යාවක් සිටියහ. නමුත් වර්තමානයේ දී ජීවන වියදම ඉහළ යෑම ජනගහනය ශීඝ්‍රයෙන්...
2022-04-21 18:30:00
නව සඳ බැලීමටඅභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අපේ‍්‍රල් මස 03 වන ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 05 වන බ්‍රහස්පතින්දා දින නව සඳ බැලීම...
2022-04-07 18:30:00
අප්‍රේල් මස 14 වැනි දා තවත් සිංහල අවුරුද්දක් උදාවෙයි. සිරිත් පරිදි හැම සිංහල ගෙදරක මැ එදින නැකැත් වේලාවට කටයුතු ඇරැඹීම කැරෙයි. ඒත් එසේ කටයුතු අරඹන...
2022-04-07 18:30:00
දරුවෙක් ඉපදුනාම මංගල්‍ය බොහොමයක් තිබෙනවා. හිස්කෙකස් කැපීම, නමක් තැබීම, රන්කිරි කටගෑම මේ සියලල්ලම අපට මංගල්‍ය වෙනවා. වර්තමානයේ නම් මේවා ඉතා...
2022-03-24 18:30:00
අප කෙනෙක් දුටුවිට අපේ සිත් ගන්නේ වශී වන්නේ ඇයි?. මෙයට හේතු ගණනාවක් තිබේ. ලොව පහළ වුණ සියලු පින් ලකුණු ඇති දුටු දුටු නෙතට රසඳුනක් වූ රූසිරින්...
2022-03-17 18:30:00
කලාතුරකින් උදාවෙන සුබ මුහුර්තයක් අපේ‍්‍රල් මාසයේ උදාවේ. එනම් 2022 අපේ‍්‍රල් මස 06 වන බදාදා දින පෙරවරු 9.10 ටය. උතුරු දිශාව බලා සියලු සුබ කටයුතු...
2022-03-10 18:30:00