ශුභ ග්‍රහයා ලබා දෙන්නේ ශුභ පල පමණක් ද?

ජුනි 24, 2022

ග්‍රහ මඬුල්ලේ සෑම ග්‍රහයකුම උච්ච ස්වක්ෂේත්‍ර, මිත්‍ර, සම, සතුරු, නීච යන තත්ත්වයන්ට ලක්වේ. මෙයින් උච්චවීම යනු ඉතාම ශුභ තත්ත්වයකි. නීච වීම යනු යහපත් තත්ත්වයක් නොවේ. යමකුගේ උපතේදී කිසියම් ග්‍රහයකු උච්ච වී සිටිවිට එම ග්‍රහයා ගෝචරයෙන් නැවත නැවත උච්ච වීමේදීද, යම් ග්‍රහයකු උපතේදී නීච වී සිට ගෝචරයේදී නැවත නැවත නීච වී අශුභ පල පමණක් නොව ශුභ අශුභ පල දෙකම ඇති කරයි.

 

රවි, චන්ද්‍ර, ගුරු, සිකුරු නීච වීමෙන් මෙලොව දියුණුවට ශුභ තත්ත්වයක් ඇති කරයි. රාහු වැනි වේගවත් ග්‍රහයකු නීච වීමෙන් මෝඩ වැඩ කරන කැත වචන කියන අයකු බිහි වෙයි. රවි නීච වීම නිසා සැඩ හිරුරැස් ඇති නොවේ. දීප්තිමත් සිසිල් ගතියක් ඇතිවේ. පුද්ගලයා නිහතමානී කෙනෙකු වේ. තම අවශ්‍යතාවන් සඳහා ඕනෑම කෙනකුට හිස නමයි. නමුත් හිරු නීච වීම සාමාන්‍ය අයට ශුභ වුව ද, රජවරුන්ට හා උසස් නිලධාරින්ට ශුභ නොවේ. චන්ද්‍රයා උච්චවීම මෙලොව දියුණුවට ශුභ නැත.

ජන්මියා ලෝකෝත්තර පැත්තට බරවේ. සැමවිටම තමන්ට වාසිදායක ලෙසට වැඩ කරයි. උපන් තත්ත්වයට වඩා දියුණු වේ. පුර සඳුගේ උසස් සිතිවිලිවලට වඩා දුර්වල සිතිවිලි ඇතිවේ.

ගුරු නීච වීම ලෞකික ජීවිතයට ශුභ වේ. ගුරු නීච වී සිටි තැනැත්තා තුළ මහත්මා ගති නැත. අනුන් ගැන නොසිතයි. සිකුරු නීචවීම ද මෙලොව දියුණුවට ශුභ වේ. සිකුරු උච්ච වූ විට ලස්සනට සිටීමට උත්සාහ දරයි. නීච වූ විට පිරිසුදුව නොසිට අපිරිසුදු තත්ත්වයට ලක්වේ. ආලය ආදරය ගැන වැඩිපුර නොසිතයි.

 

ඡ්‍යොතිෂවේදි

විමල් දුනුසිංහ

මිනුවන්ගොඩ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.