සුබ නැකැතකින් වාසනාවන්ත ‍ෙගයක් ඉදිකරගන්ෙන් මෙහෙමයි

ජුනි 3, 2022

 

 

හෙළයේ එදා විසූ ජනතාව සිය දෛනික වැඩ කටයුතුවලදී නැකත් උපයෝගි කරගත්හ. නැකත් 27ක් තිබේ. ඒ ඒ නැකත්වලින් ලැබෙන ප්‍රතිඵල විවිධාකාරයි.

 

මෙම නැකැත් ගැන නිරීක්ෂණය කරන විටදී, විශේෂයෙන්ම තමා වාසය කරන නිවස ඉදිකිරීමේදී වාස්තු විද්‍යාව උපයෝගි කරගැනීමට නිවැසියන් අමතක නොකරයි. එනිසා අද අපි කතා බහ කරන්නට ගන්නේ නිවසක් ඉදිකිරීමේදී වාස්තු විද්‍යානුකූලව ඉදිකිරීම් කරන අන්දම ගැනයි. දෛවඥ කාමධේනුව සංග්‍රහය ලියන ලද හිමියන් නැකත් ගැන මෙසේ දක්වා ඇත්තේ ය. පැරණි ගැමියන් එදා නිවෙසක් ඉදිකිරීමට අවශ්‍ය වූ විට වැට මායිම හොඳින් බැඳ පොල් අල්ලි ප්‍රමාණයට තිබෙන ඉඩමේ ඇතුළුවන ඉදිකඩුල්ල වසා දැම්මේ ගොම්මන් වේලාවේ ගවයකු ඉඩමට ඇතුළු කර ඉදිකඩුල්ල හොඳින් වසා දැමීමය. ගවයා ලැඟ සිටි තැන සොයාගෙන එතැනින් කිරි පැන් ඉස පොළව ශුද්ධකර ලණු ඇද අත්තිවාරම් කපා මුල්ගල සහිත නිධන් වස්තු තැන්පත් කරන්නේ ඉතාම සුබ නැකත් අනුවය. රෙහෙණ, මුවසිරස, පුෂ, උත්‍රපල්, උත්‍රපුටුප, හත, මුල, සුවණ, රේවතී , අනුර, සිත, පුනාවස, දෙනට, සියාවස, අස්විද, මා, සා යන නැකැත් 18 නිවාස වැඩ ඇරඹීමට යෝග්‍ය වේ යැයි සඳහන් වී ඇත.

මෙම නැකැත්වලින් ගෙයි වැඩ ඇරඹූ විට අත්වන ප්‍රතිඵල යහපත් යැයි දක්වන ලදී. ඉපැරණි පත් ඉරුවල දැක්වෙන පරිදි ඒ ඒ නැකැත්වලින් සවිස්තරාත්මක තොරතුරු රැසකම පාඨකයන්ගේ දැන ගැනීමට මෙසේ සනිටුහන් කර සිටිමු.

අස්විද නැකතින් නිවසේ වැඩ ඇරඹූවිට ධන ධාන්‍ය සැප සම්පත් හිමිවේ. බෙරණ නැකත ලෙඩ රෝග, ව්‍යාධි කායික මානසික පීඩාවන්ට පත්වේ.

කැති නැකත මූල්‍යමය සම්පත් පිරිහීම් ලෙඩ රෝගවලට බලපානු ඇත. රෙහෙණ නැකත සම්පත් හීන වීම සොරසතුරු බිය ගෙන දේ. මුවසිරස නැකත සම්පත් ලැබීම් යහපත් වූවත් පසුව කරදර හිරිහැර අත්වේ.

අද නැකත නීතිමය ගැටලුවලට හා ධනය පිරිහීමට පත්වේ. පුනාවස නැකත සම්පත් ගෙන දේ. දියුණුව ලබයි. නීරෝගිවේ. පුෂ නැකත ධන ධාන්‍ය සැප සම්පත් ලැබේ. නිවස බොහෝ කල්පවතී. භූත දෝෂ ඇති නොවේ.

අස්ලිස නැකත ලෙඩ රෝග පිරිහීම ඇතිවේ. දුක් කරදර ඇතිවේ.

මා නැකත සැප සම්පත් ගෙන දේ. දීර්ඝායුෂ අත්වේ. දියුණුවට පත්වේ. පුවපල් නැකත ධන ධාන්‍ය සැප සම්පත් නිරෝගී බව ඇති වේ. ඉතාම සුබදායක වේ.

උත්‍රපල් නැකත පිරිවර සැප සම්පත් මූල්‍යමය සම්පත් ලැබේ. ඉතාම සුබයි.

හත නැකත සුබයි. ලැබීම්වලින් පිරිපුන් වේ. දියුණුව ලබයි. නීරෝගි වේ.

සිත නැකත නිවසට සම්පත් හිමිවේ. වස්තු ලාභ ගෙන දේ කලාකරුවන්ට ඉතාම යහපත්ය.

සා නැකත ඉතාම යහපත් ගව සම්පත් හිමිවේ. ධන ධාන්‍ය හිමි වේ.

විසා නැකත නීතිමය ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. සම්පත්වල අඩුවක් ගෙන දේ.

අනුර නැකත ඉතාම සුබයි. සැප සම්පත් වස්තුලාභ අත්වේ. දිගු කලක් නිවස තිබේ. දෙට නැකත ධනය ලැබේ. මිල මුදල් යහමින් අත්වේ. නීරෝගි වේ. ලාභ අත්වේ. සුබයි.

මුල නැකත ධනය ලැබුණත් අමනුෂ්‍ය දෝෂ අත් වේ. කලක් යහපත්ව තිබී පසුව අයහපත් වේ. පුවසල නැකත වස්තු ලැබේ. සතුරු පීඩා ගෙන දේ. සමහර විට කරදර පැන නගී.

උත්‍රසල නැකත වස්තු ලැබේ. සම්පත් හිමිවේ. නීරෝගිව සිටීමට හැකිවේ. සුබ දායක වේ. සුවණ නැකත පළමුව යහපත්වේ. පසුව ධනය හීන වේ. ප්‍රශ්නකාරී තත්ත්වයක් ගෙන දේ. දෙනට නැකත සුබයි. සම්පත් මිල මුදල් අත්පත් වේ. ලොතරැයි මිල මුදල් හිමිවේ.

සියාවස නැකත සම්පත් හීන වේ. ලැබීම් අතින් හීන වේ. සතුරු පීඩා ඇති වේ.

පුවපුටුප නැකත සම්පත් ලැබේ. පංච මහා සම්පත් හිමිවේ. සාර්ථක නිවසකි.

උත්‍රපුටුප නැකත වස්තු ලැබේ. හදිසි අනපේක්ෂිත සම්පත් ලැබේ. ඉතාම සුබදායකයි.

රේවතී නැකත ඉතාම සුබයි. වස්තු සම්පත් හිමිවේ. රාජ්‍ය තනතුරු අත් වේ. ජනපි‍්‍රය වේ. ඉතාම සුබදායක නිවසකි.

මෙම සුබ නැකතට සුබ හෝරාවකින් හා තත්කාල ලග්නය ද යොදාගෙන වාසනාවන්ත නිවසක් ඉදිකර ගන්න. සුබ දායක වාස්තු විද්‍යාවේ මූලාශ්‍රය පදනම යොදාගෙන නිවසක් ගොඩ නඟා ගැනීමෙන් ලෞකිකමය සැප සම්පත් හිමිවන බැව් ඉපැරැණි පත්ඉරුවල සඳහන් වී ඇත්තේ ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.