ජුලි 16 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජූලි 15, 2023
  
ඉර උදාව - පෙ.ව. 06.02 
ඉර බැසීම - ප.ව. 06.31 
 
රාහු කාලය - ප.ව. 04.57 සිට ප.ව. 06.31 දක්වා
 
සුබ දිශාව - නැඟෙනහිර  
 
මේෂ
සිතේ නොසන්සුන් බවක්, ඇතිවේ. තම වැඩකටයුතුවලට විවිධ බාධා ගෙන දෙනු ඇත. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබේ. සහෝදරාදින් සමඟ සිත් අමනාපකම් ඇති කරයි. 
 
වෘෂභ 
මත භේදයට තුඩුදෙන කරුණු ඇති වන අතර හොඳක් කළත් හොඳක් ඇසීමට නොහැකිවේ. තමා නොකළ දෙයකට නිකරුණේ චෝදනා එල්ලවනු ඇත. 
 
මිථුන 
තම අදහස් අනුවම කටයුතු කිරීමට බලනු ඇත. පී‍්‍රතිය ගෙන දෙන ගමන් බිමන් යෙදේ. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කිරීමටත් නිදහස්ව වාසය කිරීමටත් සිත් දෙනු ඇත. 
 
කටක 
ගෞරවය පිළිගැනීම අඩුව යන අතර අන් අයගේ දෝෂාරෝපණයට ද ලක්වේ. රැවටිලි වංචාවන් වැනි දෙයට අසුවීමේ අවදානමක්ද පවතී. තමා සතු වටිනා දෙයක් නැතිවීමටද ඉඩ ඇත. 
 
සිංහ 
බලාපොරොත්තු ඉටුවන දිනයකි. මුදල් ලාභවලට හේතු ඇති කරයි. සිතේ පී‍්‍රතිය සැනසීම උපරිම අයුරින් ලැබෙනු ඇත. වැඩකටයුතු සාර්ථක වන දිනයකි. 
 
කන්‍යා 
රැකී රක්ෂා කටයුතුවලට යහපත් දිනයක් වනු ඇත. උසස්වීම් හෝ ස්ථාන මාරු පිළිබඳ බලාපොරොත්තුවක් ඇති නම් ඒවා ඉටුකර ගැනීමට හැකි මාර්ග පෑදෙනු ඇත. 
 
තුලා 
සිත නොයෙක් ඉසව් කරා යොමු වීමෙන් තම කටයුතුවලට බාධාගෙන දෙනු ඇත. ආගම දහම කෙරෙහි සිත ඇදී යන අතර එවැනි කටයුතුවල නිරතවන දිනයකි. 
 
වෘශ්චික 
උත්සහයෙන් යුතුව සෑම දෙයක්ම කරගැනීමට අවස්ථාව සැලසේ. වැඩ ප්‍රමාදවීමෙන් කටයුතුවලට බාධා ගෙන දෙනු ඇත. සෙම් අමාරු, ජලයෙන් පීඩා ගෙන දෙන බැවින් පරිස්සම් විය යුතු ය. 
 
ධනු 
දුර ගමන් බිමන් යෙදෙන දිනයකි. අන් අයගේ සහයෝගය ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ. සිතට දුක් සහිත ගතියක්ද ඇතිවනු ඇත. 
 
මකර 
උත්සාහය උනන්දුව ඇතිව කටයුතු කිරීමට පෙළඹෙන දිනයකි. ගෙදර දොර කටයුතුවලින් සිතට පී‍්‍රතියක් ඇතිවේ. සතුරු කරදර තුරන්ව යන දිනයකි. 
 
කුම්භ 
ප්‍රේම සම්බන්ධතාවලට අවහිර බාධා ගෙන දෙනු ඇත. අන් අයගේ දෝෂාරෝපණයටද ලක්වේ. මතභේද ගැටලු වැනි දෙයට මුහුණදීමට සිදුවීම මත සිතේ කනස්සලු බවක් ඇති කරයි. 
 
මීන 
ගෙදර දොර කටයුතුවලට යම් යම් බාධා ගෙනදෙනු ඇත. ස්ථාන වෙනසකට ඉඩ ඇති බවක් පෙන්නුම් කරයි. පපුවේ සෙම සහිත ගතියක්ද ඇතිවේ. 
 
ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.