ජුලි 15 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 14, 2023
  
ඉර උදාව - පෙ.ව. 06.02 
ඉර බැසීම - ප.ව. 06.31 
 
රාහු කාලය - පෙ.ව. 09.09 සිට පෙ.ව. 10.43 දක්වා
 
සුබ දිශාව -  උතුර 
 
මේෂ 
වියදම් කිරීමට කටයුතු සැළැසේ. දියුණුවට ඇති මාර්ග ප්‍රමාද කරයි. බලාපොරොත්තු කඩවීම නිසා සිතේ කනස්සලු ගතියක් ද ඇතිවේ. උත්සාහයෙන් යුතුව වැඩකළ යුතු දිනයකි. 
 
වෘෂභ 
අන් අයට ආදර කරුණාව දක්වන දිනයකි. ගෙදර දොර සැප පහසුව ඇතිව කටයුතු කරනු ඇත. පෞද්ගලික කටයුතු කෙරෙහි සිත ඇදී යයි. හිසේ සෙම ගතිය වැඩි වේ. චංචල බවක් ද ඇති කරයි. 
 
මිථුන 
තමා කෙරෙහි අන් අය අතර පැවැති ගෞරවය පිළිගැනීම අඩුව යනු ඇත. නොයෙක් වැරදීම් මුලාවීම් ඇතිවිය හැකි බැවින් පරිස්සම් විය යුතුය. හදිසි තුවාල අනතුරුවලට ලක්වීමේ අවදානමක් පවතියි. 
 
කටක 
වාසනාවන්ත දවසක් වන අතර සුළු සුළු මුදල් ලාභ ලැබෙනු ඇත. කරන කියන සෑම කටයුත්තකින්ම සිතට පී‍්‍රතිය ද සැනසීමද ලැබේ. සමාජ ආශ්‍රයට යොමුවන දිනයකි. 
 
සිංහ 
අනුන්ගෙන් ගරු සැලකිලි ලැබෙනු ඇත. පවුලේ වැඩිහිටියන් සමඟ ගනුදෙනු ඇතිවේ. ගෙදර බඩුමුට්ටු පිළිබඳ වෙනසක් කිරීමට සිතනු ඇත. උනන්දුවෙන් යුතුව කටයුතු කරයි. 
 
කන්‍යා 
අමුතු දෙයක් ගැන කැමැත්තක් ඇතිවේ. පිනට දහමට ආශාව, ආගම් භක්තිය ඇති කරයි. කුඩා දරුවන්ගෙන් කරදර සහ ඔවුන් නිසා සිත්තැවුල් ඇතිවේ. 
 
තුලා 
කරදර සහිතව කාලය ගත කිරීමට සිදුවේ. කරගෙන යන කටයුතුවලට පවා බාධා අවහිරකම් ඇතිවේ. දණ හිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුම් ඇති කරයි. 
 
වෘශ්චික 
තරඟ වාද විවාද වැනි දෙයට පි‍්‍රය කරනු ඇත. ලැබීමට යහපත් දිනයකි. විනෝදයට සිත ඇදී යයි. මිතුරු ඇසුරට පෙළඹෙන දිනයක්  බව පෙනේ. පී‍්‍රතිමත් ගමන් බිමන් යෙදෙනු ඇත. 
 
ධනු 
සුළු සුළු වස්තු ලාභ ලැබෙනු ඇත. බලාපොරොත්තු ඉටුවීම නිසා සිතට පී‍්‍රතියක් ඇතිකරයි. මහන්සියෙන් කල වැඩක් නියම ප්‍රතිඵලයක් ලැබීම මත ධෛර්යයවත්ව කටයුතු කිරීමටද පෙළඹේ. පිනට දහමට සිත යොමුවේ. 
 
මකර 
ආදර සබඳතාවලින් සිත්තැවුල් ඇති වනු ඇත. බාහිර කරදර මතුවන අතර කරගෙන යන කටයුතුවලට කරදර මතුවේ. අමුතු දේවල් සිතට එන දිනයකි. 
 
කුම්භ 
කරදර දුක් සහිතව කාලය ගතවනු ඇත. සිතේ සැකයක් ඇතිවන අතර ඥාති මිත්‍රාදීන් සමඟ මතභේද ඇති විය හැකියි. වතුරෙන්, මෙන්ම උදාරාබාධ නිසාද පීඩා ඇතිවේ. 
 
මීන 
ලැබීම් පිළිබඳව සිතේ චංචල බවක් ඇති වනු ඇත. නිතර දියුණුව පිළිබඳව සිතන දිනයකි. හිතවතකුගේ ආශ්‍රයක් හෝ ඔවුන්ගේ පැමිණීමක්ද සිදුවනු ඇත. 
 
ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.