ජුලි 14 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 13, 2023
  
ඉර උදාව - පෙ.ව. 06.02 
ඉර බැසීම - ප.ව. 06.31 
 
රාහු කාලය - උදේ 10.42 - 12.27
 
සුබ දිශාව - උතුර 
 
මේෂ 
දරුවකුගේ කටයුතු පිළිබඳ සොයා බැලීමක් කළ යුතු දිනයකි. වෙනදාට වඩා සිත් කලකිරීම් බහුලවන බවක් පෙන්නුම් කරයි. ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වෙනදාට වඩා දුරදිග  බලා කටයුතු කරන්න. 
 
වෘෂභ
අමතර වියදම් බහුල කරයි. විදෙස් ගතවීමක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී. නිතර ගේ දොර අලංකාරය පිළිබඳ වෙහෙසීම් ඇතිකරන බවක් පෙනේ. භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව උදාකරන දිනයකි. 
 
මිථුන 
අවිවේකී ලෙස දවස උදාවෙයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. සිතට චංචල බවක් ඇති කරන දවසකි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. 
 
කටක 
හදිසි ලැබීම්වලට හිමිකම් ඇති කරයි. හිතමිතුරන්ගෙන් තෑගි බෝග ලැබීමට පවා හේතු ඇති කරයි. නිතර නිවෙසින් පිට දවස ගත කිරීමට සිදුවන බවක් පෙනේ. තමා අතින් නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. 
 
සිංහ 
සැනසිලිදායක ලෙස දවස ගෙවයි. එදිනෙදා කටයුතු අධික වන බවක් පෙන්නුම් කරයි. යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. රාත්‍රී ගමන් බහුල කාලයක් බව පෙනේ. පවුලේ අයගෙන් දුරස්ව සිටීමට සිදුවන දිනයකි. 
 
කන්‍යා 
පවුලේ අයගෙන් ප්‍රශංසා හිමිවන දිනයකි. ණය මුදලක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු වන ලකුණු පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. ඥාති හිතවතුන්ගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි. 
 
තුලා 
උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙන බවක් පෙන්නුම් කරයි. නිතර සිතට දුකක් කණගාටුවක් ඇති කරන දිනයකි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩා විඳින බවක් පෙනේ. වෙනදාට වඩා දරුවකුගේ කටයුතු පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ. 
 
වෘශ්චික
යටපත් වෙමින් පැවැති බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. නිතර නිවෙසට යන එන අය පිළිබඳ සැළකිලිමත් වන්න. නිතර ඇති වන ක්ලාන්ත ගතිය හේතුවෙන් ප්‍රතිකාර පතන දිනයකි. තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. 
 
ධනු 
සිතේ කනස්සල්ලෙන් යුතුව කටයුතු කරන දවසකි. සහෝදර පක්ෂයෙන් උපකාරයක් හිමිකරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. වංචා ප්‍රයෝගයකට හසුවිය හැකි දිනයක් බැවින් ඇසුරු කරන අය සමඟ කල්පනාවෙන් පසුවන්න. 
 
මකර 
තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නවතා තිබූ කටයුතු කීපයක් නැවත ආරම්භ කිරීමට හැකිවන දිනයකි. වරින්වර ඇති කරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අමතර වියදම් බහුල කරන දිනයකි. 
 
කුම්භ 
නොසිතූ ගැටලුවකට මැදිවීමට සිදුවෙයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන බවක් පෙනේ. විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක දිනයකි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතු කරයි. 
 
මීන 
නැතිවීම් හා අලාභ හානි නිසා පාඩු කීපයක් විඳීමට සිදුවන දවසකි. ඇසුරු කරන අය සමඟ කල්පනාවෙන් පසුවන්න. යටපත් වූ උගුරේ වේදනාවක් නැවත මතුවිය හැකියි. වෙනදාට වඩා වැයපස අධිකවන දිනයකි. සිතේ කනස්සල්ලෙන් කටයුතු කරන බවක් පෙනේ. 
 
ධම්මිකා රාජපක්ෂ
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.